2006 දිගම්පතන ට්‍රක් බෝම්බ ප්‍රහාරය{{තොරතුරුකොටුව සිවිල්වැසියනට ප්‍රහාර
|title=2006 දිගම්පතහ ට්‍රක් බෝම්බ ප්‍රහාරය 2006 දිගම්පතහ ට්‍රක් බෝම්බ ප්‍රහාරය, (හබරණ සමූල ඝාතනය),[1] යනු එම වසරේ ඔක්තෝම්බර් 16 වන දින හබරණ සහ දඹුල්ල නගර අතර දිගම්පතන ප්‍රදේශයේදී, ශ්‍රී ලාංකික නාවික හමුදා භටයින් පිරිසක් ප්‍රවාහනය කරමින් තුබූ බස් රථ 15 කට, දෙමළ ඊළාම් විමුක්ති කොටි විසින් එල්ල කරන ලද මරාගෙන මැරෙන ට්‍රක් බෝම්බ ප්‍රහාරයකි. එම අවස්ථාවේදී ප්‍රහාරයට ලක්වූ බස් රථ තුල, ත්‍රිකුණාමලය සිට නිවාඩු ලැබ නිවෙස් බලා යමින් සිටි නාවිකයන් 200 කට වඩා වැඩි පිරිසක් (340 ක් පමණ) ගමන් ගත් බව පැවසෙයි. හානියබෝම්බ ප්‍රහාරය නිසා ඉලක්ක වූ බස් රථ වල ගමන් ගත් නාවිකයින් 1020 ත් 150 ත් අතර ප්‍රමාණයක් මිය ගිය අතර, නාවුකයන් 100 දෙනෙක් පමණ ඇතුළු තවත් 150 දෙනෙකු ප්‍රහාරය නිසා තුවාල ලැබූහ.[2] මිය ගිය සිවිල් වැසියන් අතර ශ්‍රී ලංකා හමුදාවට අනියුක්තව සේවය කල පුද්ගලයින් 8 දෙනෙකු වූ බව සඳහන්ය. මාර්ගයේ ඒ අවස්ථාවේ ගමන් ගනිමින් සිටි සාමාන්‍ය පුද්ගලයින් සහ මාර්ගය අවට වෙළෙඳාමේ නිරත වූ පුද්ගලයින් ප්‍රමාණයක්ද, ප්‍රහාරය නිසා තුවාල ලබා තිබූහ. 1996 ජනවාරි 31 දින එල්ල වූ මහ බැංකු බෝම්බ ප්‍රහාරයෙන් (90 ක් මියගොස් 1400 ක් පමණ තුවාල ලත්) පසුව, දෙමළ ඊළාම් විමුක්ති කොටි විසින් එල්ල කල ඉතා දරුණුතම මරාගෙන මැරෙන ප්‍රහාරය ලෙස, මෙම දිගම්පතන ට්‍රක් බෝම්බ ප්‍රහාරය හැඳින්වෙයි.[3] ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකා හමුදාව විසින්, එකල ත්‍රස්තවාදීන්ගේ භුමි කලාපය තුල වූ කොටි ත්‍රස්ත කඳවුරකට ගුවන් ප්‍රහාරයක් එල්ල කල බව පැවසේ.[4] අත්අඩංගුවට ගැනීම්නිළදාරීන් විසින් 2009 ජනවාරියේදී මෙම ප්‍රහාරයට සම්බන්ධ බාලචන්ද්‍රන් (Balachandran) නමැති සැකකරුවෙකු අත්අඩංගුවට ගත් අතර, ඔහු මේ ප්‍රහාරයට යොදා ගත් බෝම්බය තැනීමට ආධාර කොට තිබූ තැනැත්තෙක් බව වාර්ථා විය.[5] දෙමළ කොටි ත්‍රස්තවාදීන් විසින් මාස තුනක් පමණ සැලසුම් කොට, මෙම ප්‍රහාරය දියත් කල බවට තොරතුරු සඳහන් වෙයි.[6] මේවාද බලන්න
ආශ්‍රිත
|
Portal di Ensiklopedia Dunia