ගෝපාලස්වාමි මහේන්ද්‍රරාජා
ගෝපාලස්වාමි මහේන්ද්‍රරාජා (1956 – 28 දෙසැම්බර් 1994), නොහොත් මහත්තයා යනු දෙමළ ඊළාම් විමුක්ති කොටි ත්‍රස්ත සංවිධානයේ හිටපු නායකයෙකි. ඔහු ඉන්දියාවේ රෝ (RAW) ඔත්තු සේවය වෙත, රහස් තොරතුරු ලබාදීම සම්බන්ධව වැරදිකරුවෙකු වූ නිසා, එල්ටීටීඊ සංවිධානය අතින් ඝාතනයට ලක්විය. මුල් අවදිය1956 වසරේදී මෙරට පේදුරු තුඩුවේදී උපන් මහේන්ද්‍රරාජා, එල්ටීටීඊ ත්‍රස්ත නායක වේළුපිල්ලේ ප‍්‍රභාකරන්ගේ ඥාතියෙකු වූ බව පැවසෙයි. එල්ටීටීඊ ත්‍රස්ත සංවිධානය සමග1978 වසරේදී එල්ටීටීඊ ත්‍රස්ත සංවිධානය සමග එකතු වූ බව කියන මහේන්ද්‍රරාජා, පසුව 1987 වසරේදී එහි නියෝජ්‍ය නායකයා බවට පත්විය. 1989 වසරේදී ඔහු, මෙරට වැඩිකලක් නොපැවැති එල්ටීටීඊ සංවිධානයේ දේශපාලන පක්ෂය වූ විමුක්ති කොටීන්ගේ ජනතා පෙරමුණේද (People's Front of Liberation Tigers) නායකයා බවට පත්විය. එල්ටීටීඊ නායක ප්‍රභාකරන් 1986 වසර තෙක් ඉන්දියාවේ රැඳී සිටි සමයේ, මෙරට තුල එල්ටීටීඊ ප්‍රහාර දියත් කිරීමට මූලිකත්වය ගත් අයෙක් ලෙස මහේන්ද්‍රරාජා සැළකෙයි. 1989 අගභාගයේ ප්‍රභාකරන් නැවත ලංකාවට පැමිණෙන විට, එල්ටීටීඊ ත්‍රස්ත සංවිධානයේ දෙවන අණ දෙන්නා බවට මහේන්ද්‍රරාජා පත්ව සිටි බව පැවසෙයි. තවද 1986 වසරේදී යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙකු වූ විජේදරන් (Vijetharan) නැමැත්තෙකු, කිට්ටුගේ කල්ලිය අතින් ඝාතනය වීමත් සමග, එල්ටීටීඊ සංවිධානය හා යාපනය විශ්වවිද්‍යාලය අතර ගොඩනැගුණු ආරවුල විමසීම පිණිස, ප්‍රභාකරන් විසින් යාපනයට යවනු ලැබුවේද මහේන්ද්‍රරාජා බවට සඳහන් වෙයි. ඝාතනය වීමමහේන්ද්රරාජා ඉන්දියාවේ රෝ (RAW) ඔත්තු සේවය වෙත රහසේ තොරතුරු පිටමන් කරන්නෙක් බවට, පසු කාලීනව වේළුපිල්ලේ ප්‍රභාකරන් සහ පොට්ටු අම්මාන් විසින් හෙළිකර ගැණුනි. මේ නිසා ඔහුව සංවිධානයෙන් නෙරපා හැරීමට ප්‍රභාකරන් හට වුවමනා වූ අතර, ඒ අනූව 1992 වසරේදී ඉසිලූ තනතුරු වලින් මහේන්ද්‍රරාජාව පහ කර දැමීමට ක්‍රියා කෙරිණි. 1993 දී එල්ටීටීඊ සංවිධානය ඔහුව සිය රැඳවුම් භාරයට යටත් කෙරූ අතර, 1994 දෙසැම්බර් 28 වන දිනදී එල්ටීටීඊ ය විසින්ම ඔහුව ඝාතනය කර දමන ලදී. ආශ්රිතබාහිර සබැඳි |
Portal di Ensiklopedia Dunia