2008 පිළියන්දල බස් බෝම්බ ප්‍රහාරය
2008 පිළියන්දල බස් බෝම්බ ප්‍රහාරය යනු එම වසරේ අප්‍රියෙල් 25 වන දිනදී, පිළියන්දල මගී ප්‍රවාහන බස් රථයක් තුල, එල්ටීටීඊ ත්‍රස්තවාදීන් විසින් ක්‍රියාත්මක කරනු ලැබූ මාරාන්තික පාර්සල් බෝම්බ ප්‍රහාරයකි. ප්‍රහාරයෙන් පුද්ගලයෝ 26 දෙනෙකු මියගොස් තවත් 64 දෙනෙකු තුවාල ලැබූහ.[2] එම වසරේ අප්‍රියෙල් 6 වන දින වැලිවේරියට එල්ල කල මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් අනතුරුව, එල්ටීටීඊ ය විසින් සිවිල් වැසියන් ඉලක්ක කොට ගෙන සිදුකරන ලද, ඊලඟ මාරාන්තික ප්‍රහාරය මෙම පිළියන්දල බස් බෝම්බ ප්‍රහාරයයි.[3] රජයේ හමුදාවන් විසින් ශ්‍රී ලංකාවේ උතුරු පළාත තුල, එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ට එරෙහිව සිදු කරන මෙහෙයුම් දැඩි කර තිබූ අවස්ථාවක, මෙම ප්‍රහාරය එල්ල විණි.[4] සිදුවීමමෙදින කාර්ය බහුල වූ සවස් යාමයේ, අදාල බස් රථය තුල ඉහල රාක්කයක ඉදිරිපසට වන්නට අටවා තුබූ එල්ටීටීඊ පාර්සල් බෝම්බය පුපුරා යාමෙන්, මෙම අනතුර සිදුවිය.[5] රථය පිළියන්දල බස් නැවතුම්පළින් පිටත්වන අවස්ථාවේදීම වාගේ බෝම්බ පිපිරීම සිදුව තිබෙන අතර, පිපිරීම නිසා බස් රථයේ වහලය ඉදිරීගොස් තිබුණි. අවට තිබූ ගොඩනැගිලි කීපයකටද ප්‍රහාරයේ බලපෑම නිසා හානි වී තිබුණි.[4] පොලිස් වාර්ථා අනූව, මෙම පිපිරීම නිසා 26 දෙනෙකු මිය ගොස් (දස දෙනෙකු සිද්ධිය වූ ස්ථානයේදීම, 14 දෙනෙකු රෝහලට රැගෙන යන අවස්ථාවේදී සහ දෙදෙනෙකු රෝහල තුලදී මිය ගොස් තිබුණි.), තවත් 64 වඩා වැඩි පිරිසක් තුවාල ලැබූහ. මිය ගිය අය අතර බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක්, 10 හැවිරිදි පිරිමි දරුවෙක් සහ කාන්තාවෝ අට දෙනෙක් වූහ.[2][4] ශ්‍රී ලංකා රජයේ ප්‍රකාශක ලක්ෂ්මන් හුළුගල්ල මහතා, මෙම ප්‍රහාරය සිදු කිරීම සම්බන්ධයෙන් එල්ටීටීඊ ය හට චෝදනා සිදු කොට මෙසේ පැවසීය[4]:
ශ්‍රී ලංකා ජනපති මහින්ද රාජපක්ෂ මහතාද එම මතයම දරමින් කියා සිටියේ,[6] "එල්ටීටීඊ ය යුධබිමේදී පරාජයන්ට මුහුණ පෑම නිසා, නැවත වතාවක් අහිංසක සිවිල් ජනයා ඉලක්ක කොට ප්‍රහාර එල්ල කරන බවයි".[7] අත්අඩංගුවට ගැනීම්සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය, සත්‍යනාදන් ආනන්දන් සුදාකරන් (Sityanadan Anandan Sudhakaran) නොහොත් වසන්තන්, නැමැත්තා අත්අඩංගුවට ගනු ලැබීය.[8] මේවාද බලන්නමූලාශ්ර
බාහිර සබැඳි
|
Portal di Ensiklopedia Dunia