ශ්‍රී මහා බෝධි සමූලඝාතනය
ශ්‍රී මහා බෝධි සමූලඝාතනය යනු 1985 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ දෙමළ කොටි ත්‍රස්ථවාදීන් විසින් ක්‍රියාවට නංවන ලද අති දරුණු මිනිස් සංහාරයකි. එය දෙමළ කොටි ත්‍රස්ථවාදීන් විසින්, දෙමළ ජනතාව බහුතරයක් වෙසෙන ප්‍රදේශයකින් බැහැරව සිදු කරන ලැබූ, පළමු සහ දැවැන්තම සිංහල සිවිල් වැසියන් ඝාතනය කිරීමේ සිදුවීමද වෙයි. සිදුවීම1985 මැයි 14 වන දින බසයක් පැහැරගත් දෙමළ කොටි ත්‍රස්ථවාදීන්, ඉන් අනුරාධපුරය ප්‍රධාන බස් නැවතුමට පැමිණ, එහි සිටි සාමාන්‍ය ජනතාව වෙත විවෘත වෙඩි ප්‍රහාර එල්ල කරමින්, පුද්ගල ඝාතනයන් සහ තුවාල සිදු කිරීම් කරන ලදී.[1] ඉන් නොනැවතුණු ත්‍රස්ථවාදී පිරිස, ලෝකවාසී බෞද්ධයන්ගේ පූජනීය භූමියක් වූ ශ්‍රී මහා බෝධී විහාරයට ඇතුළු වී, එහි සිටි භික්ෂූන්, මෙහෙණින් සහ පුදබිම වන්දනාමාන කිරීමට පැමිණි කුඩා දරුවන් ඇතුළුව සිවිල් වැසියන් සමූහයක්, පූජා භූමිය තුලදීම වෙඩි තබා ඝාතනය කරන ලදී.[2] මේ ඝාතන වලින් අනතුරුව දෙමළ කොටි ත්‍රස්ථවාදී පිරිස, විල්පත්තු ජාතික වනෝද්‍යානය තුලට ඇතුළුව එහි සිටි සිංහල පුද්ගලයින් 18 නෙකුද ඝාතනය කරන ලදී. මෙම සමස්ථ ත්‍රස්ථ ප්‍රහාරයෙන්, අනුරාධපුරයේ කුඩා දරුවන් ඇතුළු සිංහල වැඩිහිටියන් 146 දෙනෙකු මරු වැළඳ ගති. ප්‍රහාරයට වගකීම, පළමුව EROS (ඊලාම් විප්ලවවාදී ශිෂ්‍ය සංවිධානය) භාරගත් නමුත් පසුව ඔවුන් එම ප්‍රකාශය ඉල්ලා අස්කරගෙන, PLOTE (ඊලාම් ජනතා නිදහස් සංවිධානය) සමග එකතුව, LTTE (දෙමළ ඊලාම් විමුක්ති කොටි) සංවිධානයට චෝදනා කළහ. PLOTE සහ TULF (දෙමළ එක්සත් විමුක්ති පෙරමුන) ප්‍රහාරය පිළිබඳ අප්‍රසාදය පළ කරන ලද අතර ප්‍රහාරයේ වගකීම කිසිවෙකු විසින් විවෘතව භාරගෙන නොමැත. කෙසේ නමුත් ශ්‍රී ලංකා බුද්ධි අංශ මගින් සිදු කළ පරීක්ෂන වලින් හෙළි වූයේ ප්‍රහාරයට අණ දෙන ලද්දේ LTTE මන්නාරම අණ දෙන නිළධාරි මාර්සිලීන් ෆියුසෙලස් (නොහොත් වික්ටර්) වන බවත්, ප්‍රහාරය ක්‍රියාත්මක කරේ ඔහු යටතේ සිටි ඇන්තනී කත්තියාර් (නොහොත් රාධා) විසින් බවයි. [3][4] ප්රතිප්රහාරහමුදා කඳවුරකට ආරක්ෂාව සොයා පැමිණි ද්‍රවිඩ වැසියන් නව දෙනෙකුට ප්‍රකෝපයට පත් හමුදා කෝප්‍රල්වරයෙකු විසින් වෙඩි තබා ඇති අතර, ඔහුගේ අණ දෙන නිළදාරියා විසින් ඔහුව ඝාතනයට ලක්විය. අනුරාධපුර සහ කොළඹ දෙමළ කඩ කිහිපයකට පහර දී ඇති අතර කොළඹ වීදි වල දෙමළ ජාතිකයන් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයා ගන්නා ලදි. ප්‍රහාරයට දින දෙකකට පසු ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් කුමුදිනි නම් යාත්‍රාවේ සිටි දෙමළ සිවිල් වැසියන් පිරිසක් (Amnesty International සංවිධානයට අනුව 23ක්; LTTE සංවිධානයට අනුව 36ක්) ඝාතනය කළ බවට චෝදනා විය. ආරක්ෂක අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලි ප්‍රකාශ කළේ ඝාතනය සිදු කළේ කවුදැයි ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවයි. මේවාද බලන්න
මූලාශ්‍ර
වැඩිදුර කියවීම්
|
Portal di Ensiklopedia Dunia