දෙමළ ජනතාව
දෙමළ ජනතාව යනු ද්‍රවිඩමය වාර්ගික කණ්ඩායමක් වන අතර ඔවුන් දෙමළ භාෂාව භාවිතා කරති. (එනමුත් සමහර බ්‍රාහ්මණ වංශිකයන්ය ඉන්දු-යුරෝපිය සම්භවයක් ඇතැයි සැලකේ). ලෝකය පුරා මිලියන 77 පමණ දෙමළ ජනතාවක් ඇත. ලොව භාෂාමය ශිෂ්ටාචාරයන් අතර තම ජාතිය බහුතරය වන දේශයක් නොමැති විශාලතම හා වඩාත්ම පෞරාණික ශිෂ්ටාචාරය ලෙස සැලකෙන අතර එබැවින්ම සිය ජාතිය බහුතරය වන දේශයන් ගොඩනැගීම පිණිස ඉතිහාසය තුලත් වර්තමානයේත් විවිධ අරගලවල යෙදේ.දෙමල ජාතිකයින් බහුතරයක් සිටින රට වනුයේ ඉන්දියාවයි. පැතිරීම
.ජනගහනය අනුව ශ්‍රී ලංකාවේ 15.36% ද,ඉන්දියාවේ 5.91% ද,මුරුසියේ 5.83% හා 5% සිංගප්පුරුවේ ද ද්‍රවිඩ ජනය අඩංගු වේ. එමෙන්ම පැරණි යටත්විජිතයන්ගෙද ද්‍රවිඩ ජනය දැක ගත හැකි අතර ද්‍රවිඩ ජනයා නිදහස සදහා කල අරගලයන් වූ දකුණු අප්‍රිකානු සත්‍යග්‍රහ හා මලයාසියානු Azad Hind ව්‍යාපාරය තුලදී ප්‍රධාන බලවේග අතර වුහ. ඉන්දියානු නිදහස් ව්‍යාපාරය තුලදී මහත්මා ගාන්ධින්ව දකුණු අප්‍රිකානු දෙමළ ජනයා බොහෝ දුරට ප්‍රබෝදමත් කරන ලදී. අවුරුදු දහස් ගානකට පෙර, නාගරීකරණය සහ වර්තමාන කේරළ හා තමිල්නාඩු ලෙස හැදින්වෙන බටහිර සහ නැගෙනහිර මුහුදුබඩ තීරයේ වාණිජ කටයුතු විශාල දේශපාලනමය ජනපද හතරක් (කේර,චෝල,පාණ්ඩය,පල්ලවස් ) හා සැලකියයුතු ප්‍රමාණයක් වූ එකිනෙකට අනෝන්‍ය ප්‍රතිවිරුද්ධ වූ කුඩා ජනපද සංවර්ධනයට මුලපුරන ලදී.
ක්‍රි.පු 3 වන සියවස හා ක්‍රි.ව 3 වන සියවස අතර ද්‍රවිඩ ජනයා සුවදේශීය සාහිත්‍යක් බිහිකිරීමට සමත් වූ අතර පසුකාලීනව එය සංගම් සාහිත්‍ය ලෙස ව්‍යවහාර කරන ලදී. ද්‍රවිඩයන් ඔවුන්ගේ රණකාමිත්වය, ආගමික බව හා වෙළද කටයුතු සම්බන්ධයෙන් ඔවුන්ගේ දේශ සීමාවන්ගෙන් ඔබ්බටද ප්‍රසිද්ධියට පත්වූවෝ වුහ. පාන්ද්‍යන් හා චෝලයන් ඉතිහාසයේ ශ්‍රීලංකාව තුල ක්‍රියාකාරී කොට්ඨාසයක් වුහ.පල්ලව වෙළෙදුන් සහ ආගමික නායකයින් දකුණු ආසියාවේ සංචාරය කල අතර කලාපීය සංස්කෘතිය ඉන්දියානුකරණයේ විශේෂ භූමිකාවක් නිරුපනය කළේය. ප්‍රාදේශීයව දියුණු කරන ලද ග්‍රන්ථ සහ පල්ලව ආදී අක්ෂරමාලා khmer, javanese, තායි ආදී බොහෝ ස්වදේශීය අක්ෂරමාලා විකාශනය කෙරෙහි බලපා ඇත. දමිළ දෘශ්‍ය කලාව ප්‍රධාන ස්ථානයන් හි ඉදිකරන ලද අලංකාර වාස්තුවිද්‍යාත්මක සිද්ධස්ථාන නිර්මාණයන් සහ ලෝකඩ හා ශෛලමය දේව ප්‍රතිමා මගින් විද්‍යමාන වේ. චෝල සමයේ ලෝකඩ නිර්මාණයන් අතරින් විශේෂිත වූ නටරාජා මුර්තිය, හින්දු ධර්මයේ සංකේතය බවට පත්ව ඇත. ද්‍රවිඩ ප්‍රසාංගික කලාව (performing art) ජනප්‍රිය හා ශාස්ත්‍රීය වශයෙන් කොටස් දෙකකි. ශාස්ත්‍රීය ආකාරය වන භරත ගම්මානයන්හි සිද්ධස්ථානයන් වලද ජනප්‍රිය ආකාරය ලෙස හදුන්වන kuthus විදි වල රග දක්වයි. ද්‍රවිඩ සිනමාව කොලිවුඩ් (kollywood) ලෙස හදුන් වන අතර එය ඉන්දිය සිනමාවේ වැදගත් අංගයකි. එසේම සංගීතයද ශාස්ත්‍රීය වශයෙන් කර්ණාටක ලෙස හා ජනප්‍රිය ලෙස විවිධ ප්‍රභේදයන්ට වෙන් කෙරේ. බොහෝ ද්‍රවිඩ ජනතාව හින්දු භක්තිකයන් වුවත්, බොහෝමයක් පරිචය කරනුයේ ජන හින්දුදහම ලෙස සලකන ගම්භාර දෙවි දේවතාවන් වන්දනාමාන කිරීමය.ද්‍රවිඩ සම්භවයක් සහිත ක්‍රිස්තියානි සහ මුස්ලිම් ජනයාද තරමක ප්‍රමාණයක් වෙසෙති. චිරාත් කාලයක් පුරා නොනැසී පැවත එන කුඩා ජෛන ආගමික ප්‍රජවක්ද ඉතිරිව ඇත. ද්‍රවිඩ ඉවුම් පිහුම් වීවිධ වූ නිර්මාංස හා මාංශමය අංගයන් ප්‍රාදේශීයව සපයා ගත හැකි කුළුබඩු වලින් රසකර ඇත. ඔවුන්ගේ ආදී ජනයා මෙන්ම සංගීතය, වාස්තු විද්‍යාව හා සුවිශේෂි මුර්ති ශිල්පය කෙරෙහි ද්‍රවිඩ ජනයා ඇල්ම දක්වනවා මෙන්ම තවමත් ඒවා පුරුදු පුහුණු කරති. ඉංග්‍රීසි ඉතිහාසය.... සහ ප්‍රචාරකයෙකු වන මයිකල් වුඩ් ද්‍රවිඩ ජනයා මිහි මත නොනැසී වෙසෙන අවසාන පෞරාණික ශිෂ්ඨාචාරය ලෙස හදුන්වයි. ද්‍රවිඩ මුඛ්‍යධාරාව නුතන ගෝලීය ව්‍යාප්තිය තුලද ඔවුන්ගේ ඇදහීම් , සංස්කෘතිය , සංගීතය සහ සාහිත්‍යයේ මුලිකාංග ප්‍රමාණවත් ලෙස ආරක්ෂා කරගැනීමට සමත් වීමයි. ඉතිහාසයඉන්දියානු දෙමල ජනතාවප්රාග්-ඓතිහාසික යුගයපිළිබිඹු වන පුරාවිද්‍යා සාධකයන්ට අනුව දමිළ ජනයාගේ මානව යටගියාව පිළිබඳ සාධක ක්‍රිපූ 1500 අතර කාලය දක්වා ඈතට දිවයයි. ඉන්දියාවේ වර්තමාන තමිල්නාඩුව, තිරුනෙල්වේලි දිස්ත්‍රික්කයේ අදිචනාල්ලුර් ප්‍රදේශවල ව්‍යාප්තව ඇති භෂ්මාවශේෂ තැන්පත් කර ඇති ශෛලමය ස්මාරකයන් තුලින් මෙම කරුණු තහවුරු වී ඇත. ක්‍රි.ව 10 සියවසින් පසු දමිළ ජනයාගේ ඉතිහාසය පිළිබඳ වූ අනේ ප්‍රකාර පුරාවෘත්ත සමාජයේ පිළිගැනීමට ලක් විය. ඉරෛයානර් අගප්පොරුල් (Iraiyanar Agapporul ) සඳහන් කරන ආකාරයට, සංගම් සාහිත්‍යයේ 10 වෙනි සහ 11 වෙනි සියවසේ විවරණයට අනුව, ඉන්දියානු අර්ධද්වීපය තුල දමිළ ජනපද ඔවුන්ගේ ස්වාභාවික දේශ සීමාවෙන් ඔබ්බට දකුණු ප්‍රදේශයේ කොට්ඨාස 49ක් පුරා ව්‍යාප්ත වන ලදි . පෞරාණික යුගය![]() ක්‍රිපූ. 3 වන සියවසේ පමණ සිට, රජ වංශිකයන් වූ චෝළ , චෞර , පන්ධ්‍යන් පැරණි දමිළ දේශයේ බලය ලබා ගැනීම සදහා නැගී සිටියෝ ය.එම සැම වංශිකයන්ට දමිළ බස භාවිතා වන ප්‍රාන්තයක් තුළ ඔවුන්ගේම රාජධානියක් පැවතුනි. පුරාතන සාහිත්‍ය හා ශිලාලේඛන වල සඳහන් පරිදි මධ්‍යම තමිල්නාඩුවේ විශාල ප්‍රදේශයක් ප්‍රාදේශීය නායකයන්ගේ එකමුතුවෙන් පාලනය කරන ලදී. මෙම ප්‍රාදේශීය නායකයන් හා රජුන් අතර සටන් සුලබ දසුනක් විය. එසේම ඔවුන් අතීත ශ්‍රිලංකාව සමගද ගැටුම් ඇතිකර ගත්හ. මෙවැනි බොහොමයක් යුද්ධයන්ගේ අරමුණ වුයේ ගැටුම්කාරී ප්‍රදේශයන් යටත් කර ගැනීම හෝ තම භූමියට ඈදා ගැනීමටත් වඩා තම ආධිපත්‍ය තහවුරුකර ගැනීම හා රට වැසියාගේ ගෞරවය දිනාගැනීමය . කෙසේ නමුත් රජුන් හා ප්‍රාදේශීය නායකයින් කලාව හා එකල පැවතුණ සුවිශේෂී සාහිත්‍ය සදහා අනුග්‍රාහකයෝ වුහ. එසේම මෙම පුරාතන යුගයේ දී සංස්කෘතික ක්‍රියාකාරකම් සුවිශේෂී කොට සලකනු ලැබූ බව දමිළ සාහිත්‍ය මගින් පෙන්නුම් කරයි. මෙම යුගයේ කෘෂිකර්මය යනු ඉතා වැදගත් අංගයක් ව තිබූ බව ක්‍රි.ව. 2වන සියවසේ මුල් භාගයේ පැවති වාරිමාර්ග ජාලාවන්ගෙන් සනාථ වේ. අභ්‍යන්තර හා බාහිර වෙළඳ කටයුතු ඉතා උසස් මට්ටමක පැවතුණු අතර රෝමය හා සුවිශේෂී සබඳතා පැවතපු බවට ද සාධක පවතී. කරුර් හා අරිකමේඩු ප්‍රදේශ වලින් විශාල ප්‍රමාණයෙන් රෝමන් කාසි හා රෝමානු වෙළෙන්දන් පැමිණි බවට සලකුණු හමුවී ඇත. රජුන් විසින් ඕගස්ටස් රෝමානු අධිරාජ්‍ය වෙත අවම වශයෙන් තානාපති මණ්ඩල දෙකක් වත් යැවුව බවට සාධක පාණ්ඩය ඇත. රතු මුහුදේ කැණීම් වල දී දමිළ අක්ෂර සහිත වළං කැබලි හමුවීම එම ප්‍රදේශයේ දමිළ වෙළදුන්ගේ ක්‍රියාකාරකම් නිරූපනය කරයි. පළමු සියවසේ විසු නිර්නාමික සංචාරකයෙකු ගේ ග්‍රීක සටහන්, Periplus Maris Erytraei , පාණ්ඩය හා චෞර රාජධානි වල තිබූ නැව් තොටුපලවල් හා ඒවායේ වානිජ්‍ය කටයුතු පිළිබඳ වැදගත් තොරතුරු රාශියක් සපයයි . එසේම periplus සටහන් අනුව ආදී දමිළ ජනයා ගම්මිරිස්, පා වට්ට, මුතු, ඇත් දළ, සිල්ක්, දියමන්ති, නිල් මැණික් සහ කැස්බෑ ලෙලි ප්‍රධාන වශයෙන් අපනයනය කරන ලදි. පුරාතන යුගයේ අවසානය ක්‍රි.ව. 4 වන සියවසේ සිදු වූ kalabhr ආක්‍රමණයත් සමග සනිටුහන් වේ. එය දමිළ සාහිත්‍යයේ හා ශිලා ලේඛනයන් හී kalappirar ලෙස සඳහන් වේ. මෙම ආක්‍රමණිකයන් උතුරු දමිළ දේශයෙන් පැමිණි ම්ලේච්ඡ හා රෞද්‍ර රජුන් බවට සඳහන් වේ. දමිළ දේශයේ මෙම අඳුරු යුගය පල්ලව රාජ වංශිකයන්ගේ පිබිදීමත් සමග නිමාවට පත් විය. එමෙන්ම පුරාතන යුගය තුලදී දමිළයන්ට මාලදිවයින තුල සංහිඳියාවක් ඇති කර ගැනීමට ද හැකි වූ බව ක්ලැරන්ස් මැලෝනි (Clarence Maloney) සඳහන් කරයි. වෙළදාම හා ආර්ථිකයගොනුව:Varaha Cave Bas relief.jpg පුරාතන දමිළ දේශයේ ආර්ථිකය මෙම ලිපිය සිංහලට පරිවර්තනය කර නොමැත. අධිරාජ්‍යවාදී සහ පශ්චාත්-අධිරාජ්‍යවාදී යුගය![]() පල්ලව රජ වංශිකයන් පිළිබඳ වාර්තා ක්‍රි.ව. 2 වන සියවස තෙක් දිව යන මුත් ක්‍රි.ව. 6 වන සියවසේ මහේශාක්‍ය රාජ වංශයක් බවට පරිවර්තනය වන තුරු ඔවුන් පිළිබඳ වාර්තා ප්‍රමුඛත්වයක් ගෙන නොමැත . පල්ලවයින් අති විශාල භූමි ප්‍රදේශයක් තම සෘජු පාලනයට යටත් කර තම රජාත්වය අධිරාජ්‍යයක් බවට පරිවර්තනය කර ගන්න ලදි. පල්ලවයින් හින්දු භක්තිකයින් වූහ. ඔවුන්ගේ එක් රාජ වංශිකයෙකු ජෛන ආගම වැළඳ ගත්තද පසුව නැවත හින්දු දහමට යොමුවන ලදි. වර්තමාන හින්දු දහමේ එන බක්ති ව්‍යාපාරය (Bakthi Movement ) ස්ථාපිත වීම මෙම සමයේ සිදු වූ අතර එය ජෛන ආගම සහ බුදු දහමේ ආභාෂය සමග ක්‍රමයෙන් නැගි සිටින්නට විය. පල්ලවයින් අලංකෘත , සුවිසල්, ශෛලමය සිද්ධස්ථාන තැනීමේ පුරෝගාමියෝ වූහ. එය ද්‍රවිඩ සිද්ධස්ථාන නිර්මාණ ශිල්පයේ පදනම විය. ඔවුන් මෙම කාලය අතරතුර ශාක්‍ය වංශිකයන් සමග ගැටුම් ඇති කර ගත්හ. ශ්‍රේෂ්ඨ ශාක්‍ය වංශික පුල කෙසි 2 රජු ශාක්‍ය අධිරාජ්‍ය පල්ලව රාජධානියේ උතුරු ප්‍රදේශය දක්වා පුළුල් කිරීමට සමත් වූ අතර මෙහි දී සිදු වූ යුද්ධයන් වල දී පල්ලවයින්ට පරාජය අත් විය. නරසිම්හවර්මන්(narasimhavarman ) නම් පල්ලව රජු ක්‍රි.ව. 642 දී බදාමි (badami ) ප්‍රදේශයේ බලය නැවත ලබා ගැනීමට සමත් වූවත් එය තාවකාලික ජයග්‍රහණයක් විය. පසුව ශාක්‍ය වංශික වික්‍රමාදිත්‍ය 2 රජු එයට පලිගැනීමක් ලෙස නැවත ආක්‍රමණයක් දියත් කොට පල්ලව රාජ්‍යයට අයත්ව තිබු තොන්දෙමන්දලම්(Tondaimandalam ) භූමි ප්‍රදේශයද , එවකට පල්ලව රජු වූ නන්දිවාරම් 2 (Nandivaram 2) හා යුද්ධ කර අනුක්‍රමයෙන් ජය ලබා කාන්චිපුරම් ප්‍රදේශයද තම රාජ්‍යයට ඈඳා ගැනීමට සමත් විය. පල්ලව රාජවංශය 9 වන සියවසේ දී රාශ්ට්‍රකුට (Rashtrakutus) අධිරාජ්‍ය විසින් බිදහෙලන ලදී. රාශ්ට්‍රකුට අධිරාජ්‍යයේ අවසන් ශ්‍රේෂ්ඨ රජු වූ ක්‍රිෂ්ණා 3 , නර්මදා ගංගාවේ සිට කාවේරි ගංගාව හා උතුරු දමිළ දේශය (Tondaimandalam ) දක්වා තම රාජ්‍ය පුළුල් කරමින් අධිරාජ්‍ය වඩා ශක්තිමත් කරන ලද අතර එහි ගෞරවය යුද්ධ සේනා සපයා දුන් ශ්‍රිලංකාවේ සිංහලේ රජුටද හිමි වේ. ![]() රාජරාජ චෝළ සහ ඔහුගේ පුත් රාජේන්ද්‍ර චෝළ යටතේ , ක්‍රි.ව. 10 වන සියවසේ දී චෝළයන් බලසම්පන්න වූ අතර දකුණු ඉන්දියාවේ බොහෝ ප්‍රදේශ හා ශ්‍රිලංකාවේ උතුරැ කොටසක් තම බලයට නතු කර ගනිමින් අධිරාජ්‍යයක් ගොඩ නැගීමට සමත් වුහ. චෝළ අධිරාජ්‍ය හා චීනයේ Song Dyanasty සහ ගිනිකොන දිග ආසියාවත් සමග ශක්තිමත් වෙළඳ සබඳතා පැවතුනි. ඔවුන් තම අධිරාජ්‍ය රට අභ්‍යන්තරයේ ගංගානම් ගංගාව තෙක් පුළුල් කල අතර බෙංගාල බොක්ක අවට වෙරළ තීරය තම පාලනයට නතු කර ගත්හ. රාජේන්ද්‍ර චෝළ තම පියාගේ නාවික බල ඇණිය සවිමත් කර ඉන්දියානු උප මහද්වීපයේ පළමු වන විශිෂ්ට ගණයේ කැපී පෙනෙන නාවික බල ඇණියක් නිර්මාණය කළේය. චෝළ නාවික හමුදාව ඉන්දුනීසියාවේ හා පිලිපීනයේ ශ්‍රී විජය අධිරාජ්‍ය පරාජය කර චීනය දක්වා වූ මුහුදු වෙළඳ මාර්ගය සුරක්ෂිත කළේය. චෝළයන් තම බලය පතුරවා තායිලන්තය හා කාම්බෝජය යන රටවලින් කප්පම් ලබාගත්තේය . නමුත් 13 වන සියවස ලංකාවේ සිංහලයන් දකුණුනින් ද බුරැමය සියම දැඩි ප්‍රහාර හේතුවෙන් චෝළ බලය හීන විය. එය පාණ්ඩය අධිරාජ්‍යයට කෙටි පුනර්ජීවයක් ලද්දා වූ කාලයක් විය. පසුව පාණ්ඩය අධිරාජ්‍ය නිරන්තර දකුණු ඉන්දියානු ඉස්ලාමීය ආක්‍රමණයන්ට ලක් වූ අතර 14 වන සියවසේ මුල් භාගයේ දී පාන්ඩයන්ගේ අගනුවර වූ මදුරාසිය, ජලලුදින් අෂාන් ඛාන් විසින් අත්පත් කර ගන්නා ලදි. පසුව එහි මදුරාසි සුල්තාන් රාජ්‍ය පිහිටුවන ලද අතර කෙටි කලක් තුල එනම් 1378 දී විජයනගර් අධිරාජ්‍ය විසින් එය අත්පත් කරගන්නා ලදි. 15 වන සියවස තුලදී දකුණු ඉන්දියාවේ බලසම්පන්න ම අධිරාජ්‍ය බවට විජයනගර් පත්වුණි. 1646 විජයනගර් අධිරාජ්‍යයේ පරිහානියත් සමග තමිල්නාඩුවේ බලය Madurai Nayak වැනි කුඩා ජනපද අත්පත් කර ගන්න ලදී. 13 වන සියවසේ චෝළ සහ පාණ්ඩය අධිරාජ්‍යයන්ගේ පාලනයෙන් මිදීමත් සමග ක්‍රමයෙන් බටහිර දමිළ භූමි ප්‍රදේශයන් අනෙකුත් දමිළ භූමි ප්‍රදේශයන්ගෙන් දේශපාලනමය වශයෙන් වෙන් විය. ඔවුන් දෙමළ බසින් ප්‍රභින්න වුත් ඔවුන්ටම විශේෂ්‍ය වූ භාෂා සහ සාහිත්‍ය සංස්කෘතියක් ගොඩනගා ගත් අතර වර්තමානයේ එය මලයාලම් භාෂාව දක්වා විකාශය වී ඇත. ශ්‍රිලාංකිය දෙමල ජනතාව![]() මධ්‍යකාලීන චෝළ යුගයට පෙර ශ්‍රී ලංකාවේ විසූ දෙමළ ජනතාවගේ හමුවීම පිළිබඳ පොදු විද්වත් එකඟතාවත් ඇත[තහවුරු කර නොමැත]. එක් න්‍යායක් අනුව ක්‍රි.ව 10 වන සියවසේ දකුණු ඉන්දියාව වෙතින් එල්ල වූ ආක්‍රමණයන්ට පෙර ශ්‍රිලංකාවේ ක්‍රමවත් දෙමළ නියෝජනයක් නොතිබූ බවත්, තවත් න්‍යායකට අනුව දෙමළ ජනයා ලංකා දිවයිනේ මුල් ආදිවාසීන් බව ට පිළිගැනීමක් ඇත[තහවුරු කර නොමැත]. නමුදු අනෙක් සංස්කෘතික විසරණ න්‍යාය අනුව දමිළ භාෂාව ඉන්දියානු අර්ධද්වීපයේ සිට අනෙකුත් මධ්‍ය ශිලා (Mesolithic)යුගයේ ජනයා අතර විහිදීම ක්‍රිස්තියානු සමයටත් සියවස් ගණනාවකට පෙර සිට සිදුවී ඇත.
නමුත් ලංකික දෙමළ ජනයාගෙන් 73% කගේ ඩිඒන්ඒ(DNA) සැකස්ම සිංහල ජනයගේ (DNA) සමග ඉතාමත් හොදින් ගැලපෙන බව දේශිය සහ විදේශිය ව සිදුකරන ලද කරන ලද පර්යේෂණ තුලින් තහවුරැ කර අැත.Genetic studies on Sri Lankan Tamils ප්‍රාග්-ඓතිහාසික යුගයස්වදේශීය වැදි ජනයා ජනවාර්ගික වශයෙන් දකුණු ඉන්දියානු ගෝත්‍රික ජනයාට නෑකම් කියති[තහවුරු කර නොමැත]. ක්‍රි.පු 5 වන හා ක්‍රි.ව 2 සියවස් අතරතුර ශ්‍රිලංකාවේ හා නූතන ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රදේශයේ ගම්මාන හා ජනාවාස ඇතිවීමේ සමානකම් පවතින බව ඉන්දියාවේ බටහිර වෙරළ බඩ Pomparippu හා ශ්‍රිලංකාවේ නැගෙනහිර වෙරළ බඩ කදිරවේලි පෞරාණික සුසාන භූමි කැණීම් මගින් පිළිබිඹු වේ. දකුණු ඉන්දියානු හා ශ්‍රී ලාංකික ආදාහන ක්‍රමවේදයන්ගේ ඇති සංස්කෘතික සමානකම් ක්‍රිපූ 10 වන සියවස තෙක් දිවෙන බව පුරාවිද්‍යාඥයන් සඳහන් කලද , ඉන්දියානු ඉතිහාසය හා පුරාවිද්‍යාව මගින් එය ක්‍රි.පූ 15 සියවස තෙක් පසුපසට ගෙන ඇත. අනුරාධපුරයේ බ්‍රාහ්මීය නොවන සලකුණු සහිත භාණ්ඩයන් හා සිදුකල විකිරණ පරීක්ෂණ මගින් ඒවා ක්‍රි.පූ 9 හා 10 වන සියවසට පමණ අයත් බව තහවුරු වී ඇත.
ඓතිහාසික යුගය![]() ක්‍රි.පු. 2 වන සියවසේ මුල් කාලීන දමිළ අක්ෂර සහිත වළං කැබලි දිවයිනේ උතුරින් වන පුනරින් (Pooneryn) ප්‍රදේශයේ කැණීම් කටයුතු වලදී සොයාගෙන ඇති අතර [තහවුරු කර නොමැත]ඒවායේ පුරාණ දමිළ දේශයේ වේලා(Velir) වංශය පිළිබඳ සටහන් අන්තර්ගත වේ. තවද දමිළ බ්‍රාහ්මීය සටහන් සහිත වළං කැබලි දිවයිනට දකුණින් වූ තිස්සමහාරාමය ආශ්‍රිත කැණීම් වලදී ද සොයාගෙන ඇත. ක්‍රි.පු. 2 වන සියවසේ මුල් කාලයේ දී රජරට රාජධානියේ අගනුවර වූ අනුරාධපුර හා දිවයිනේ අනෙකුත් ප්‍රදේශ වල දමිළ හෝ ද්‍රවිඩ යනුවෙන් හදුන්වාදෙනු ලැබූ ජනයා ජිවත් වූ බව පුරාවිද්‍යාලේඛන සාධක අනුව හෙළිදරව් වේ[තහවුරු කර නොමැත]. ඉතිහාසමය වාර්තා [තහවුරු කර නොමැත]සනාථ කරන පරිදි වර්තමාන ඉන්දියානු දේශයේ පැවතියා වූ දෙමළ රාජධානි ක්‍රි.පු. 2 වන සියවසේ පමණ සිට ලංකා දිවයින හා එහි කටයුතු සම්බන්ධව ඉතා සමීපව කටයුතු කර ඇත. ක්‍රි.පු. 145 දී සිදුවූ එළාර ආක්‍රමණය වැනි වාර්ගික දමිළ වික්‍රමිකයින් පිළිබඳ සිංහල මහාවංශයේද සදහන්ව ඇත. එමෙන්ම 7වන හා 11 වන සියවස අතරතුරදී ප්‍රාදේශීය නායකයින් හා රජුන් ඔවුන්ගේ නිත්‍යනුකුලභාවය ස්ථාපනය බලය රැකගැනීම උදෙසා දකුණු ඉන්දියාවේ සිට දමිළ සොල්දාදුවන් විශාල වශයෙන් අනුරාධපුර වෙත රැගෙන එන ලදී. ක්‍රි.ව. 8 වන සියවස වන විට ක්‍රමයෙන් දෙමළ ගම බිම් ස්ථාපිත වූ අතර පොදුවේ ඒවා දෙමළ- කැබැල්ල (Tamil-allotment) නම් විය.
මධ්‍යකාලීන යුගයක්රි.ව. 9 වන හා 10 වන සියවසේ, පාණ්ඩය සහ චෝළ ආක්‍රමණයන් උච්ච වූ අතර චෝළයන් ලංකාව අල්ලා ගැනීමට සමත් විය. ඔවුන්ගේ පාලනය ක්‍රි.ව. 11 සියවසේ මැද භාගය වන තෙක් පැවතුනි. නූතන යුගය
භූගෝලීය ව්යාප්තියඉන්දියානු දෙමළ ජනයා
ශ්‍රී ලාංකික දෙමළ ජනයාප්රධාන ලිපිය: ශ්‍රී ලාංකික දෙමළ ජනතාව
![]() ශ්‍රි ලංකාවේ පුරවැසිභාවය සහිත දෙමළ ජනතාව ශ්‍රි ලාංකික දෙමළ ජනයා වේ. ලාංකා සම්භවයක් සහිත සහ ඉන්දියානු සමභවයකි සහිත දෙමළ ලෙස ශ්‍රී ලංකාව තුල උප වර්ග දෙකකි. ලංකා සම්භවයක් සහිත දමිළ ජනයාලංකා සම්භවයක් සහිත දමිළ ජනයා යාපනය රාජධානිය බිහිවීමටත් පෙර සිටම ලක්දිව තුල පදිංචිව සිටි දෙමළ ජනයාගෙන් පැවත එන්නන් වේ. මොවුන් අති බහුතරය ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ, නැගෙනහිර පළාතේ හෝ බස්නාහිර පලතෙය අයත් කොළඹ පරිපාලන දිස්ත්‍රික්යේ ජිවත් වෙයි. ඉන්දියානු සම්භවයක් සහිත දමිළ ජනයාඉන්දියානු සම්භවයක් සහිත දෙමළ ජනයා (කදුකර දමිළ ජනයා) ක්‍රි.ව. 19 වන සියවසේ තමිල් මදුරාසි පරිපාලන ඒකකයේ සිට තේ වගාව සදහා ශ්‍රමිකයන් ලෙස ශ්‍රී ලංකාවට ගෙන්වූ දෙමළ ජනයාගෙන් පැවත එන්නන් වේ. මින් බහුතරය තවමත් මධ්‍යම කදුකරයේ ජිවත් වෙයි. බ්‍රිතාන්‍ය ලංකාව සහ බ්‍රිතාන්‍ය රාජ් භූමි දෙකම එක්සත් රාජධානිය යටතේ වූ බැවින් ලංකාව (1984දී) සහ ඉන්දියාව (1947දී) නිමින් ස්වෛරීය රාජ්‍යයන් ලෙස නිදහස ලබනතුරු මෙවුන්ගේ පුරවැසිභාවය පිලිබඳ ටැටළුවක් නොවීය. මොවුන්ගේ ඉරණම පිළිබඳව සලකාබැලීමක්න් හෝ තීරණයකින් තොරව ස්වාධීන රාජයන් බිහිවීමෙන් පසු මෙය සමාජයීය සහ දේශපාලන්ක ගැටළුවක් බවට පත්විය. 1960 දී ශ්‍රීලංකාව හා ඉන්දියාව අතර අත්සන් කරන ලද ගිවිසුමේ වගන්ති ප්‍රකාරව 40% වූ ඉන්දීය දමිළ ජනයාට ශ්‍රිලාංකීය පුරවැසිභාවය පිරිනමන ලද ශේෂ ජනයා තම මවුබිම වූ ඉන්දියාවට පමුණුවන ලදී.1990 වන විට ශ්‍රිලංකාවේ වෙසෙන බොහෝ ඉන්දියානු දමිළ ජනයාට ශ්‍රිලාංකීය පුරවැසිභාවය හිමිවුනි.
දෙමළ ඩයස්පෝරාව![]() දමිළ ජනයාගේ ගෝලීය ව්‍යාප්තිය 18 වන සියවසේ බ්‍රිතාන්‍ය යටත් විජිත රාජ්‍ය පාලනය ගිවිසුම් ප්‍රකාරව දුගී දමිළ ජනයාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට අයත් දුර බැහැර ප්‍රදේශ වලට කම්කරුවන් සේ පිටත් කිරීමත් සමග විශේෂ මුහුණුවරක් ගන්නා ලදි. මෙලෙස ඉන්දීය කම්කරුවන් මලයාසියාව, දකුණු අප්‍රිකාව, ෆීජි, මුරුසිය හා කැරිබියන් දූපත් සදහා ප්‍රධාන වශයෙන් පිටත් කර හැරිය අතර ඊට සමකාලීනව බොහෝ දමිළ ව්‍යාපාරිකයින් ද බුරුමය හා නැගෙනහිර අප්‍රිකාව ඇතුළු අනෙකුත් බ්‍රිතාන්‍ය යටත් විජිත ප්‍රදේශයන්ට සංක්‍රමණය විය.
![]() බොහෝ දමිළයන් තවමත් මෙම රාජ්‍යන් හි ජිවත් වේ. සිංගප්පූරුව , මලයාසියාව, දකුණු අප්‍රිකාව යන රට වල වෙසෙන දමිළ ප්‍රජාව ඔවුන්ගේ උරුමය වූ ආදිමය සංස්කෘතිය හා භාෂාව බොහෝ සෙයින් නොවෙනස්ව පවත්වා ගැනීමට සමත්ව ඇත. දෙමළ පාසල් වලට යන මලයාසියානු ළමුන් ගණන බොහෝ වේ. මුරුසියේ හා ...... වෙසෙන දමිළ ළමුන්ගෙන් සැලකියයුතු මට්ටමකගේ මුඛ්‍ය භාෂාව දමිළ වේ. සිංගප්පූරුවේ දමිළ සිසුන් ඔවුන්ගේ ප්‍රාථමික භාෂාව ලෙස ඉංග්‍රීසි සහ ද්ව්තියක භාෂාව ලෙස දමිළ ඉගෙන ගනී. දමිළ භාෂාව ආරක්ෂා කර ගැනීම සදහා සිංගප්පූරු රජය එය නිල භාෂාවක් ලෙස නම් කර ඇත. දකුණු අප්‍රිකාව හා ෆීජි වැනි රටවල වෙසෙන දමිළ ප්‍රජාව ඔවුන්ගේ ප්‍රාථමික භාෂාව සේ දෙමළ භාවිතා නොකරනමුත් සවිමත් වූ දෙමළ අනන්‍යතාවයක් රඳවා ගැනීමට හැකි ව ඇත. ඔවුන් බොහොමයකට දෙමළ පිළිබද අවබෝධයක් පවතින අතර බොහෝ වැඩිහිටි ජනයා දෙමළ ඔවුන්ගේ ප්‍රාථමික භාෂාව ලෙස තවම භාවිතා කරති.
සංස්කෘතියභාෂාව හා සාහිත්‍ය![]() දෙමළ ජනයා ඔවුන්ගේ භාෂාව අතර ප්‍රබල වූ සහසම්බන්ධයක් ඇත. සාහිත්‍ය තුල දී භාෂාව, දමිළ ජනයාගේ මාතෘ පදවිය සේ නිරතුරුව සලකා ගරුබුහුමන් දක්වයි. එය ඉතිහාසය පුරා හා වර්තමානයේ දෙමළ අනන්‍යතාවයේ ප්‍රධාන කේන්ද්‍රය හා සංකේතය සේ සලකනු ලැබේ. දකුණු ඉන්දියාවේ අනෙකුත් භාෂාවන්සේම දෙමළ භාෂාවද Dravidian භාෂාවක් වේ. අනෙක් Dravidian භාෂාවන් හා සසඳන කල දෙමළ භාෂාව සදහා සංස්කෘත භාෂාවේ බලපෑම ඉතා අල්ප වන අතර එය මුල් Dravidian හි මුල් අංග ලක්ෂණ ආරක්ෂා කොට ගෙන ඇත. සංස්කෘත හා ඉංග්‍රීසි වචන මුසු කොටගත් මුල් දමිළ භාෂාවෙන් නිදහස් ලෙස පරිවර්තනය වූ දමිළ භාෂාවක් වර්තමානයේ දී තමිල්නාඩු ජනයා භාවිතා කරනු ලැබේ. ඉන්දීය ජනරජය දෙමළ සාහිත්‍යයේ පෞරාණික බව නිසාම සම්භාවනීය පුරාණ භාෂාවක් ලෙස හදුන්වාදී ඇත. පෞරාණික දෙමළ සාහිත්‍යයේ පරාසය භාව ගිතයන්ගේ සිට කාව්‍ය ශාස්ත්‍රය සහ ආචාරධර්මී දර්ශන වාදය දක්වා විහිදී තිබේ. එය සමකාලීන පසු කාලීන ඉන්දියානු භාෂා සාහිත්‍යන්ගෙන් දෙමළ භාෂාව විශේෂ කොට දැක්වීමට මහෝපකාරී වී ඇත. තවද එය දකුණු ආසියානු ලෞකික සාහිත්‍යයේ පැරණිතම ස්වරූපය නිරූපනය කරයි. ආගම![]() ![]() තමිල්නාඩුවේ වෙසෙන 88 % ජනයා හින්දු භක්තිකයෝ වන අතර ක්‍රිස්තියාන හා මුස්ලිම් ජාතිකයින් පිළිවෙලින් 6 % හා 5.5 % අගයක් ගනී. බහුතරයක් වූ තමිල්නාඩු මුස්ලිම් ජනයා දෙමළ කතා කරයි.ඔවුන්ගෙන් 15 % පමණ දෙනා මවු භාෂාව ලෙස උර්දු භාවිතා කරන බවට වාර්තා වේ. දෘශ්‍ය කලාව හා නිර්මාණ ශිල්පයසංගීතයචිත්රපට හා නාට්‍ය කලාවMartial Arts
|
Portal di Ensiklopedia Dunia