ශ්‍රී ලංකාව
ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය පාලන සමයේ දී සිලෝන් ලෙස හැඳින්වු අතර වර්තමානයේ නිල වශයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය ලෙස හදුන්වයි. ශ්‍රී ලංකාව සෙරන්ඩිබ්, සිලොන්, දීප්තිමත් දිවයින, ධර්ම දිවයින, ඉන්දියන් සාගරයේ මුතු ඇටය නමින්ද හදුන්වයි. විවිධ නම් ගණනාවකින් පුරාණයේ හැඳින්වූ මෙම දූපත "නම් දහසක් ඇති දූපත" ලෙස ප්‍රචලිත ද විය. මෙය දකුණු ආසියානු දූපතකි. එය ඉන්දියානු සාගරයේ, බෙංගාල බොක්කෙහි නිරිත දෙසින් සහ අරාබි මුහුදේ ගිනිකොන දෙසින් පිහිටා ඇත; එය ඉන්දියානු උප මහද්වීපය මන්නාරම් බොක්ක සහ පෝක් සමුද්‍ර සන්ධිය මගින් වෙන් කරනු ලැබේ. ශ්‍රී ලංකාවේ පිහිටීම ප්‍රධාන මුහුදු මාර්ගවල පිහිටීම හේතුවෙන් බටහිර ආසියාව සහ අග්නිදිග ආසියාව අතර උපායමාර්ගික නාවික සම්බන්ධකයක් ලෙස එය පුරාණ කාලයේ සිටම භාවිතය ගැණුනි. ඉන්දියානු ජනරජය සහ ශ්‍රී ලංකා ජනරජය 1976 මාර්තු 23 වන දින මනාර් බොක්ක සහ බෙංගාල බොක්කෙහි සමුද්‍ර මායිම් ස්ථාපිත කරමින් ගිවිසුමක් අත්සන් කරන ලදී. ශ්‍රී ලංකාවට ආසන්න ම රටවල් ලෙස ඉන්දියාව සහ මාලදිවයින හැදින්විය හැකි ය. ශ්‍රී ලංකාවේ විශාලත්වය වර්ග කි.මී 65,610 (වර්ග සැතපුම් 25,330) වේ. එය ලොව 123 වැනි විශාලතම රට වන අතර විශාලතම දූපත් අතරින් 25 වන ස්ථානයෙ සිටියි. එහි භූමි ප්‍රදේශය පළාත් නවයකට සහ දිස්ත්‍රික්ක විසිහතරකට වෙන් කර ඇත. රට පළාත් 9 කින්, දිස්ත්‍රික්ක 25 හා ප්‍රදේශිය ලේකම් කොට්ටාශය 331 හා ග්‍රාම නිලධාරි කොට්ටාශ 14,022 කින් සමන්විත වේ. අගනුවර ශ්‍රී ජයවර්ධනපුර කොට්ටේ වන අතර විශාලතම නගරය කොළඹ වේ. කොළඹ ජාතියේ ආර්ථික, දේශපාලන කේන්ද්‍රස්ථානයයි. ශ්‍රී ලංකාව ලෝක උරුම ස්ථාන අටක්, සැතපුම් ගණනක් පුරා විහිදුනු රන්වන් වැලි සහිත වෙරළවල්, වැසි වනාන්තර සහ කඳුකර තේ වතු සහිත ඉතා සුන්දර දූපතකි. නිවර්තන වනාන්තර, වෙරළ සහ භූ දර්ශනවල ස්වභාවික සුන්දරත්වය, ජෛව විවිධත්වය මෙන්ම පොහොසත් සංස්කෘතික උරුමයන් සඳහා ප්‍රසිද්ධය, එය ලෝක ප්‍රසිද්ධ සංචාරක ගමනාන්තයක් බවට පත් කළේය. ශ්‍රී ලංකාවේ ජනගහනය මිලියන 22 කට ආසන්න වේ. එය දූපතක ජීවත් වන 11 වන විශාලතම ජනගහනයයි. ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 70% ථෙරවාද බෞද්ධයන් වේ. එනම් මිලියන 15 ක් පමණ වේ. එය ලොව 6 හෝ 5 වන විශාලතම බෞද්ධ ජනගහයක් වෙසෙන රට වේ. ශ්‍රී ලංකාවේ ජාතික ආගම ථෙරවාද බෞද්ධ වන අතර 12% හින්දු භක්තිකයන්, 9% ඉස්ලාම් භක්තිකයන්, 7% ක්‍රිස්තියානි භක්තිකයන්, 1% නිරාගමිකයන් සහ වෙනත් ආගමිකයෝ වෙති. බහුවිධ හා බහුසංස්කෘතික රාජ්‍යයක් වන ශ්‍රී ලංකාව, බොහෝ ආගම්, ජන වර්ග සහ භාෂා රැසකට නිවහන වේ. දිවයිනෙහි බහුතරය වූ සිංහල ජනතාවට අමතරව, එහි අනෙකුත් සුළු වාර්ගික කණ්ඩායම් ලෙස ශ්‍රී ලාංකික දෙමළ, ඉන්දියානු දෙමළ, මරක්කල, බර්ගර්, මැලේ, කාපිරි සහ ස්වදේශීය වැදි ජනතාව වාසය කරනු ලබයි. නිල භාෂාව සිංහල භාෂාව සහ දෙමළ භාෂාව වේ. ශ්‍රී ලංකාව යනු පොහොසත් සංස්කෘතික උරුමයක් ඇති රටකි ශ්‍රී ලංකාවේ ලිඛිත ඉතිහාසය වසර 3000ක් පමණ අතීතයට විහිදෙන අතර සහ සාක්ෂ්‍ය සහිත ප්රාග් ඓතිහාසික මානව ජනාවාසයන්ගේ ඉතිහාසය අවම වශයෙන් වසර 125,000 ක් දක්වා විහිදේ. ඉතා පොහොසත් බෞද්ධ උරුමයක් සතු ශ්‍රී ලංකාවේ ප්‍රථම ඉතිහාසමය බෞද්ධ ලේඛනගත කිරීම වන පාලි ත්‍රිපිටකය, ක්‍රි.පූ. 29 සිව්වන ධර්ම සංගායනා සමය තෙක් දිවයයි. කෝට්ටේ රාජධානියේ විශාල දේශපාලන අර්බුදකාරී කාල පරිච්ඡේදයක් තුළ පෘතුගීසීන් ශ්‍රී ලංකාවට පැමිණ දිවයිනේ සමුද්‍ර වෙළඳාම පාලනය කිරීමට උත්සාහ කළ අතර ශ්‍රී ලංකාවේ කොටසක් පසුව පෘතුගීසි සන්තකයක් බවට පත්විය. සිංහල පෘතුගීසි යුද්ධයෙන් පසු ලන්දේසීන් සහ මහනුවර රාජධානිය එම ප්‍රදේශ පාලනය කර ගත්හ. පසුව ලන්දේසි දේපල බ්‍රිතාන්‍යයන් විසින් අත්පත් කර ගත් අතර, පසුව ඔවුන් මුළු දිවයිනම තම පාලනය ව්‍යාප්ත කර, 1815 සිට 1948 දක්වා එය යටත් විජිතයක් බවට පත් කළහ. ශ්‍රී ලංකාවේ වඩාත් මෑත ඉතිහාසය වසර 26 ක සිවිල් යුද්ධයකින් විනාශ වූ අතර එය 1983 දී ආරම්භ වී 2009 දී තීරණාත්මක ලෙස අවසන් වූයේ ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාව දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය පරාජය කිරීමත් සමඟ ය. ![]() ශ්‍රී ලංකාව අර්ධ-ජනාධිපතිමය ක්‍රමය යටතේ පාලනය වන ඒකීය ජනරජයක් වේ. ශ්‍රී ලංකාව සතු විදේශ සබඳතා දිගු ඉතිහාසයකින් සමන්විතය. ශ්‍රී ලංකාව දකුණු ආසියානු කලාපීය සහයෝගීතා සංවිධානයේ (සාර්ක් සංවිධානය) ආරම්භක සාමාජිකයෙකු වන අතර, එක්සත් ජාතීන්, පොදු රාජ්‍ය මණ්ඩලය, ජී77, සහ නොබැඳි ජාතීන් යන සංවිධානවලද වත්මන් සාමාජිකයෙකු වේ. කුරුඳු, තේ, කෝපි, රබර් සහ පොල් නිෂ්පාදනය සහ අපනයනය සඳහා ප්‍රසිද්ධ ශ්‍රී ලංකාව ප්රගතිශීලී නවීන කාර්මික ආර්ථිකයක් දරයි. ශ්‍රී ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක් වන අතර මානව සංවර්ධන දර්ශකයේ 72 වැනි ස්ථානයට පත්ව ඇත. එය සංවර්ධනය අතින් ඉහළම ශ්‍රේණිගත දකුණු ආසියානු ජාතිය වන අතර දකුණු ආසියාවේ දෙවැනි ඉහළම ඒක පුද්ගල ආදායම ද ඔවුනට හිමිය; කෙසේ වෙතත්, පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් මුදල් ඒකකය කඩා වැටීම, උද්ධමනය ඉහළ යාම සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල දැඩි හිඟයක් හේතුවෙන් දේශපාලන සහ මානුෂීය අර්බුදයක් ඇති වී තිබේ. එය වීදි විරෝධතා පුපුරා යාමට ද හේතු වී ඇති අතර, ජනාධිපතිවරයාට සහ රජයට ඉවත් විය යුතු බවට පුරවැසියන් බලකිරීම හේතුවෙන් හිටපු ජනපති ගෝටාභය රාජපක්ෂ ජනාධිපති දුරයෙන් ද ඉවත් විය. වෙනත් නම්විවිධ නම් ගණනාවකින් පුරාණයේ හැඳින්වූ මෙම දූපත "නම් දහසක් ඇති දූපත" ලෙස ප්‍රචලිත ද විය. ශ්‍රී ලංකාව සෙරන්ඩිබ්, සිලොන්, දීප්තිමත් දිවයින,ධර්ම දිවයින, ඉන්දියන් සාගරයේ මුතු ඇටය, ඉන්දියාවේ කඳුළු බිඳුව යන නමින්ද, අතීතයේ දී අපරදිග විදේශිකයන් විසින් නිල වශයෙන් හෙලංකා, ලංකා, සිංහලේ යනුවෙන්ද, අරාබිවරුන් සීලාන්, සිලෝන්, සෙරන්දිබ් සහ තැප්‍රෝබේන් යන නම්වලින් ද, සිව් හෙළය,හෙළය, තම්බපන්නි, සීලදීප, රත්නදීප, හා පෙරදිග ධාන්‍යාගාරය ආදී අන්වර්ථ නාමවලින් ද සහ විරුදාවලිවලින් ද හදුන්වයි. දෑත් එක්කොට ආයුබෝවන්/ආයිබෝං කීම ශ්‍රී ලාංකික සිංහලයන් අන් අය පිළි ගැනීමට භාවිතා කරන සාම්ප්‍රදායික ක්‍රමයයි. එහි යටත් විජිත කාලය තුළ, දිවයිනට සිලෝන් යන නම ලැබුණි, එය පසුව යටත් විජිත කාලය අවසන් වන තුරුම දිගටම භාවිතා විය. සිලෝන් නමින් වර්තමානයේ හැඳින්වූයේ නැතත් වර්තමානයේ විවිධ දේශීය ව්‍යාපාර සඳහා සිලෝන් යන නාමය භාවිත කිරීම සුලභ දෙයකි. "ඉන්දියාවේ කඳුළු බිඳුව" ලෙස ශ්‍රී ලංකාව හැඳින්වීමට ශ්‍රී ලංකාවේ විශේෂ හැඩය සහ ඉන්දියාවට සමීප වීම හේතු විය. ඉතිහාසයප්රාග් ඓතිහාසික යුගයශ්‍රී ලංකාවේ හෝමෝ ඉරෙක්ටස් මිනිසුන් BP 300,000 - 500,000 තරම් ඈතක සිට ඇති බවට සාක්ෂි ඇත. ගල් යුගයගල් යුගය ආසන්න වශයෙන් වසර 125,000 කට පෙර සිට ක්‍රි.පූ. 1800 දක්වා පැවතිණි. පැලියොලිතික් යුගයඉරණමඩු හි සොයාගැනීම්වලින් පෙනී යන්නේ ශ්‍රී ලංකාවේ BP 300,000 තරම් ඈත අතීතයේ පැලියොලිතික් මිනිසුන් සිටි බවයි. ශ්‍රී ලංකා භූමියේ පැලියොලිතික් යුගයට අයත් ප්‍රධාන ප්‍රදේශ 8 ක පදිංචිකරුවන් සොයා ගත හැකි විය.
ආණ්ඩුවප්රධාන ලිපිය: ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය
ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් වන අතර එහි ආණ්ඩුව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය නම් වේ. එතෙක් සිලෝන් හෙවත් ලංකා නම් වූ රාජධානිය අහෝසි කොට 1972 මැයි 22 දින "ශ්‍රී ලංකා" සමාජවාදී ජනරජය පිහිටුවන ලදී. 1978 දී "ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය" පිහිටුවන ලදී. අගනුවරඅග නගරය "ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ" වේ. එහි වාණිජ අග නගරය වන්නේ කොළඹ නගරයයි. වර්ග ප්‍රමාණය
ශ්‍රී ලංකාවේ ජාතික සංකේත
(මෙහි වැඩිදුර අධ්‍යයනයක් සදහා ශ්‍රී ලංකාවේ ජාතික සංකේත වෙත පිවිසෙන්න.) ශ්‍රී ලංකාවේ අතීතයප්රධාන ලිපිය: ශ්‍රී ලංකාවේ අතීතය
ප්රාග් ඓතිහාසික යුගයලංකාවේ ප්රාග් ඓතිහාසික යුගය අධ්‍යයනය කිරීමේ පහසු ව සඳහා පහත පරිදි යුග වලට බෙදා අධ්‍යයනය කරනු ලැබේ.
සිදුකර ඇති පුරාවිද්‍යා පර්යේෂණ අනුව ලංකාවේ මානව යටගියාව පිළිබඳ සාධක අදින් වසර 125,000 දක්වා ඈතට දිවයයි. ලංකාවේ වයඹදිග හා ගිණිකොණදිග ප්රදේශයන්ගේ වෙරළාශ්‍රීත ප්‍රදේශවල ව්‍යාප්තව ඇති ඉරණමඩු පාංශු සංකීර්ණයට අයත් බූන්දල වැල්ලෙගංගොඩ හා පතිරාජවෙල යන ස්ථානයන්ගේ සිදුකරන ලද පුරාවිද්‍යා පර්යේෂණ අනුව මෙම කරුණු තහවුරු වී ඇත. ඓතිහාසික යුගයප්රථම නවීන අගනුවර ලෙස අනුරාධපුරය සැලකෙන අතර, රාජ්‍ය පරපුරේ අවසානය සෙංකඩගල නගරය විය. යටත් විජිත යුගයවර්ෂ 1505 දී පෘතුගීසීන් (Portuguese) ලංකාව ආක්‍රමණය කරන ලදී. පරංගින්ගේ මුලික අවශ්‍යතාව වූයේ ඔවූන්ගේ ආගම හා වෙළඳාම පැතිරවීමයි. පසුව ඕලන්ද ලන්දේසීන් (Dutch) හා ඉංග්‍රීසි (British) අධිරාජ්‍යවාදීන්ගේ ද තාඩන පීඩනවලට ලක්විය. මෙම ආකාරයෙන් වූ තාඩන පීඩනයන්ගෙන් මීදීම සදහා උඩරට ගිවිසුම නමින් 1815 දී ඉංග්‍රිසීන් සමඟ අත්සන් කරන ලද ගිවිසුම ඔවුන් විසින් ම උල්ලංඝනය එහි ජනතාව පිට යටත් විජිත මානසිකත්වයක් මවමින් 1948 දක්වා දරුණු පාලනයක් ගෙන ගියහ. මේ අතරතුර කාලයේදී ලාංකික ජනතාව 1818 දී සහ 1848 දී කැරලි දියත් කලේය. ශ්‍රී ලංකා සමාජවාදී ජනරජයප්රධාන ලිපිය: ශ්‍රී ලංකා සමාජවාදී ජනරජය
කොටි ත්රස්තවාදයඅවුරුදු 30 කට ආසන්න කාලයක් තුල රටේ බෙදීමක් ඇති කිරීමට ත්‍රස්තවාදී කණ්ඩායමක් වන දෙමළ ඊලාම් කොටි (එල්ටීටීඊ)සංවිධානය තැත් කළද, 2009 වසරේදී එම සංවිධානය රටින් මුලිනුපුටා දමා රටට සාමය ඇතිවී ඇත. ශ්‍රී ලංකාවේ පුරාවස්තු![]() ප්‍රධාන ලිපිය: ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරක ලැයිස්තුව
භූගෝලයප්රධාන ලිපිය: ශ්‍රී ලංකාවෙහි භූගෝලය
![]() ස්වභාවික ව්යසනශ්රී ලංකාව ස්වභාවික ව්‍යසන අවම රටකි. නමුත් වර්ෂාව නිසා ඇතිවන ව්‍යසන නිතර දැකිය හැක. ක්‍රි.ව. 2004 වසරේ දෙසැම්බර් 26 වනදා බලපෑ සුනාමිය ව්‍යසනය ශ්‍රී ලංකාවේ වාර්තාගත දරුණුතම ස්වභාවික ව්‍යසනය වේ. ශාක සහ සත්ත්ව සංහතියප්රධාන ලිපිය: ලංකා දූපතේ ශාක සහ සත්ත්ව සංහතිය
විවිධත්වය සහ ආවේණිකත්ය අතින් ශ්‍රී ලංකාවේ ශාක සංහතිය ඉහළ අගයක් ගනී.[5] ශ්‍රී ලංකාවේ ගණ 1,502කට අයත් සපුෂ්පක ශාක 3,210ක් ඇත්තේය. විශේෂ 916 සහ ගණ 18 ක් දිවයිනට ආවේණික වේ. මීට අමතරව දිවයිනෙහි ඇති හොර කුලයේ ශාක විශේෂ 55 න් එකක් හැර අනෙක්වා සියල්ලම ශ්‍රී ලංකාවට සීමා වේ. මෑතකදී අගය නො කරන ලද මුත් ශ්‍රී ලංකාවේ මීවන ප්‍රමාණය 350 ක් පමණ වේ. සියළු ජීවී කාණ්ඩවල විවිධත්වය, සාරවත්භාවය, සහ ආවේණිකත්ය අතින් තෙත් කලාපය වියළි කලාපයට වඩා ඉතා ඉදිරියෙන් සිටියි. තෙත් කලාපය, භූමි ප්‍රමාණයෙන් දිවයිනෙන් හතරෙන් එකක් වන නමුත් සපුෂ්පක ශාක විශේෂවලින් සියයට 88කට සහ ආවේණික සපුෂ්පක ශාක විශේෂවලින් සියයට 95 කට රැකවරණය සළසයි. ශ්‍රී ලංකාවේ ස්වභාවික වනාන්තර කොටස් අටකට කාණ්ඩ කරයි.[6] ශ්‍රී ලංකාවේ උප බෙදීම්ප්රධාන ලිපිය: ශ්‍රී ලංකාවේ උප බෙදීම්
පළාත්ප්රධාන ලිපිය: ශ්‍රී ලංකාවේ පළාත්
ශ්‍රි ලංකාව පළාත් 9කට බෙදා දේශපාලන බලය විමධ්යගතකර ඇත. ඒවා නම්:
පරිපාලන දිස්ත්රික්කප්රධාන ලිපිය: ශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක
ශ්‍රී ලංකාව පරිපාලනය දිස්ත්‍රික් 25ක් වශයෙනි. ජනතාවජනගහණය2012 ජන සංගණනය අනුව 20,359,439 සමාජයබහු සංස්කෘතිකමය රටකි. ශ්‍රී ලංකාවේ බහුතරය සිංහල ජාතිකයෝ වේ. රාජ්‍ය ආගම බුද්ධාගමය. පෙරදිග සංස්කෘතියට අනුගත සමාජයකි. ජාතීන්සිංහල, දෙමළ, මරක්කල, බර්ගර්, මැලේ, වැදි ආදී විවිධ ජාතින් ජීවත්වේ. ශ්‍රි ලංකාවෙහි ප්‍රධාන හා පාරම්පරික කර්මාන්තය ගොවිතැනය. භාෂාප්රධාන ලිපිය: ශ්‍රී ලංකාවේ භාෂා
සිංහල සහ දෙමළ රාජ්‍ය භාෂාවේ. ඉංග්‍රීසි පිළිගත් සමිබන්ධීකරණ භාෂාවයි. නිල තත්ත්වයක් නොමැති වුවද මලයාලම්, වැදි බස, මැලේ ආදී භාෂා අදාල ජාතීන් භාවිතා කරයි. ආගම්ප්රධාන ලිපිය: ශ්‍රී ලංකාවේ ආගමික විවිධත්වය
ප්‍රධාන ආගම බුදු දහම වේ.
බොජුන්ජාතික ආහාරය බත් වේ (බත් සහ ව්‍යංජන දෙක ම මෙම වචනයෙන් අදහස් කෙරේ). දේශපාලනයප්රධාන දේශපාලන පක්ෂතනි පක්ෂ
හවුල් සංධාන
අධ්යාපනයප්රධාන ලිපිය: ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය
ආර්ථිකයසමාජවාදී සහ ධනවාදී ලක්ෂණ මිශ්‍ර ආර්ථික ක්‍රමයක් පවතී. මූලිකවම කෘෂිකාර්මික රටකි. මහ බැංකු වාර්තාව අනුව 2015 වසරේදි ශ්‍රී ලංකාව සියයට 4.8 ක ආර්ථික වර්ධනයක් වාර්තා කර ඇත. කෘෂීකර්මයදේශීය පරිභෝජනය සඳහා
අපනයන බෝග
කර්මාන්තසාම්ප්රදායික කර්මාන්ත
නව කර්මාන්තස්වභාවික පරිසරය
ක්‍රීඩා![]() නිල වශයෙන් ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව වොලිබෝල් වුවද, ජනප්‍රියතම ක්‍රීඩාව ක්‍රිකට්ය. ජල ක්‍රීඩා, පාපන්දු සහ ටෙනිස් මෙන් ම රග්බි ද බොහෝ ජනප්‍රිය ක්‍රීඩාවන් වෙයි. ශ්‍රී ලංකාවේ පාසල්, උසස් අධ්‍යාපන ආයතන යනාදිය ක්‍රීඩා සහ මලල ක්‍රීඩා කණ්ඩායම් සංවිධානය කරමින්, පළාත් හා ජාතික මට්ටමින් ක්‍රීඩා තරඟ වලට සහභාගී වෙති. ඉතාම දුර්වල තත්වයක සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 1990 ගණන් වල සිට සැළකිය යුතු ජයග්‍රහණ අත්පත් කරගනිමින් ඉදිරියට පැමිණ 1996 ලෝක කුසලානයද 1996 සහ 2004 වර්ෂ වල ආසීයානු කුසලානය ද දිනා ගත්තේය. ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩා කරන ප්‍රධාන රටවල් වලින් එකක් ලෙස ඉදිරියට පැමිණි ශ්‍රී ලංකාව, 2007 ලෝක කුසලාන තරඟාවලියේ අවසාන මහා තරඟය දක්වා පැමිණියේය. එහිදි ඔව්හු ඕස්ට්‍රේලීයාවට පරාද වූහ. 1948 ලන්ඩන් ඔලිම්පික් උළෙලේ මීටර් 400 පිරිමි කඩුලු මතින් දිවීමේ තරගයෙදි ඩන්කන් වයිට් මහතා විසින් රිදී පදක්කමක් ජය ගෙන මුල්ම ඔලිම්පික් පදක්කම ශ්‍රි ලංකාවට ගෙන එනු ලැබුවා. තවද 2000 වසරේ සිඩ්නි ඔලිම්පික් කාන්තා මීටර් 200 තරගයෙදි සුසන්තිකා ජයසිංහ විසින් එක් රිදී පදක්කමක් ජය ගෙන තිබේ. සිංහල ස්පෝට්ස් ක්ලබ්, ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනය සහ රන්ගිරි දඹුලු ක්‍රීඩාංගනය මෙන්ම ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනය වැනි ක්‍රීඩාංගන රාශියක් ශ්‍රී ලංකාවේ තිබේ. 1996 ලෝක කුසලාන තරඟාවලියේදී ශ්‍රි ලංකාව ඉන්දියාව සහ පාකිස්ථානය සමග තරඟ වැදුනු අතර ආසීයානු කුසලාන තරඟාවලී කීපයකටද සහභාගී වූහ. එමෙන්ම එය 2011 දී පැවැත්වෙන ලෝක කුසලාන තරඟාවලියටද සහභාගී වෙයි. වෙරළ අසබඩ ද, නිසල ජල තටාකවල ද පැවැත්වෙන බෝට්ටු තරඟ, දිය මත ලිස්සා යාම, පිහිනීම, දියට පැනීමේ සහ කිමිදීමේ (Scuba diving) ක්‍රීඩා ආදී ජල ක්‍රීඩා ශ්‍රී ලාංකිකයන්ගේ මෙන් ම විදේශ සංචාරකයන්ගේ ද සිත් පැහැර ගනී. ආශ්රිත ලිපිමූලාශ්ර
බාහිර යොමු |
Portal di Ensiklopedia Dunia