කසක්ස්තානය
නිල වශයෙන් කසක්ස්තාන සමූහාණ්ඩුව යනුවෙන් හඳුන්වන කසක්ස්තානය යනු රුසියාවට දකුණු දෙසට වන්නට පිහිටි ලෝකයේ 9 වන විශාලතම රාජ්‍යයයි. වර්ග කි.මි. 2,727,300 වන මෙය බටහිර යුරෝපයට වඩා විශාලය.එහි අසල්වැසියන් වන්නේ උතුරින් පිහිටි රුසියාව, චීනය, කිර්ගිස්ථානය, උස්බෙකිස්ථානය සහ ටර්ක්මෙනිස්ථානය ය. මෙහි ජනගහනය ලෝකයේ 62 වන තැනට විශාල ජනගහනය වන අතර ජන ඝනත්වය වර්ග කි.මී. 1 කට 6 දෙනෙක් සිටිති. වර්තමාන කසකස්ථානයේ භූමිය, පෙර නෝමන් වරුන් විසූ ප්‍රදේශය විය. 19 වන ශතවර්ෂය වන විට කසකස්ථානය රුසියානු අධිරාජයේ කොටසක් විය. 1936 එය කසක් සොවියට් සමූහාණ්ඩුව විය. 1991 දෙසැම්බර් 16 වෙනිදා නිදහස ලැබීය. එහි ජනාධිපති ලෙස නර්සුල්තාන් නසාර්බසෙව් පත්විය. මෙහි හයිස්‍රොනබන් කර්මාන්තයේ දියුණුවක් ඇති විය. මෙය සමාජිකත්වය දරන්නේ එක්සත් ජාතින්ගේ සංවිධානය, නෝමෝ, පොදු රාජ්‍ය මණ්ඩලය හා ෂැංග්හයි සංවිධානයේ වේ. මෙහි ජාතීන් වශයෙන් 131 වන අතර කසාක් රුසියානු, යුක්රේනියන්, අස්බෙන් හා ටාටාය මෙහි ජනගහනය මිලියන 16.0 වන අතර 63% කසාක් වරුන්ය. මෙය රාජ්‍ය ආගම් නිදහස අගය කරන අතර ඉස්ලාම් මූලික ආගම වේ. රාජ්‍ය භාෂාව වන්නේ කසාක්ය. ආශ්රිතසටහන්මූලාශ්ර
භාහිර සබැඳි
General
Government
Trade |
Portal di Ensiklopedia Dunia