ඇෆ්ගනිස්තානයවෙත යළියොමුව:
ඇෆ්ගනිස්ථාන ඉස්ලාමික ජනරජය, එසේත් නැතිනම් පොදු ව්‍යවහාරයට අනුව ඇෆ්ගනිස්ථානය යනු දකුණු-මධ්‍යම ආසියාවේ පිහිටි සම්පූර්ණයෙන්ම ගොඩබිමින් වටවූ කඳුකර රාජ්‍යයකි. එය දකුණින් සහ නැගෙනහිරින් පාකිස්ථානයට ද, බටහිරින් ඉරානයට ද, උතුරින් තුර්කමෙනිස්ථානයට, උස්බෙකිස්ථානයට සහ ටජිකිස්ථානයට ද, ඊසානදිගින් චීනයට ද මායිම් වී ඇත. වත්මන් ඇෆ්ගනිස්ථාන භූමිය අතීතයේ දී සේද මාවතේ සහ මානව සංක්‍රමණයේ සන්ධිස්ථානයක් විය. ක්‍රිපූ 50,000 තරම් ඈත අතීතයේ මෙහි මිනිස් වාසය පැවති බවට සාක්ෂි පුරාවිද්‍යාඥයන් විසින් සොයාගෙන ඇත.[5] මේ ප්‍රදේශයේ නාගරික ජනාවාස ක්‍රිපූ 3000-2000 අතර කාලයක ඇරඹෙන්නට ඇතැයි සැළකේ.[6] කාලයත් සමග ජනවර්ග රාශියක් ජීවත් වී ඇති ඇෆ්ගනිස්ථානය, මධ්‍යම ආසියාව සහ මැදපෙරදිගත් ඉන්දියානු උපමහාද්වීපයත් යා කරන වැදගත් ස්ථානීය පිහිටුමක පවතියි[7]. මේ නිසාම පුරාණයේ සිටම මහා ඇලෙක්සැන්ඩර්, මෞර්ය අධිරාජ්‍යය, ජෙන්ගිස් ඛාන් වැන්නන්ගේ[5][6] හමුදා ආක්‍රමණවලට ඇෆ්ගනිස්ථානය ගොදුරු වී ඇත. ශබ්දනිෂ්පත්තිය"ඇෆ්ගන් මිනිසුන්ගේ දේශය" යන අර්ථය ඇතිව පර්සියන් බසින් සෑදී ඇත. "ඇෆ්ගන්" යන්න මිනිසුන්ගේ ගෝත්‍රය හැඳින්වීමටත් "තාන්" යන්න ප්‍රදේශය යන අරුත ඇති උපසර්ගයක් ලෙසත් යෙදී ඇත. මුල් කොටස වූ ඇෆ්ගන් යන්න අතීතයේ සිටම මෙහි මුල්ම හා විශලතම ජන කොට්ඨාශය වන පෂ්තුන් ජනයා හැඳින්වීමට යොදාගන්නකි. මෙය 3 වන සියවසේ "අබ්ගන්" ලෙසත් 6 වන සියවසේ "අවගන" ලෙසත් භාවිතා කෙරී ඇත. භූ ලක්ෂණනිරිත දිගින් හා දකුණින් තැනි සහිත ගොඩ බිමින් වට වූ කඳුකර රටකි.විවිධ අවස්ථා වල දකුණු අසියාවේ, මධ්‍යම අසියාවේ, හෝ බටහිර දිග අසියාවේ (මැද පෙරදිග ) පිහිටි බවට විස්තර කෙරේ.එය උතුරු අක්ෂාංශ 29°-39° හා නැගෙනහිර දේශාංශ 60°-75° අතර පිහිටා ඇත.උසම ස්ථානය මුහුදු මට්ටමේ සිට අඩි 24557ක් (මීටර් 7485 ) උසින් වූ නව්ෂාක් වේ. දේශගුණය ප්‍රදේශානුගතව සීඝ්‍ර ලෙස වෙනස් වේ. රටේ බොහෝ කොටස් වියලි අතර නැවුම් ජලය හිඟය.අන්තර්වාහී සිස්තානීය තටකය යනු ලෝකයේ වියලිතම ප්‍රදේශ වලින් එකකි. ඉතිහාසයආශ්රිත
Informasi yang berkaitan dengan si/ඇෆ්ගනිස්තානය |
Portal di Ensiklopedia Dunia