තුර්කිය
![]()
තුර්කි සමූහාණ්ඩුව යුරෝපියානු රටක් වන අතර එය බටහිර ආසියා ඇනටෝලියන් අර්ධද්වීපය ට්‍රේස් ගිනිකොණ යුරෝපය දක්වා විහිදේ. එහි මායිමේ රටවල් 08 ක් වන වයඹ දෙසින් බල්ගේරියාව, බටහිරින් ග්‍රීසිය,ඊසාන දෙසින් අමේනියා අසබයිජාන්,නැගෙනහිරින් බටහිර ඉරානය, ගිනිකොණ දෙසින් ඉරාකය සහ සිරියාව, දකුණු දෙසින් මධ්‍යධරණී මුහුද හා සයිප්‍රසය, බටහිර දෙසින් එයිගියන් මුහුද සහ උතුරින් කළු මුහුදට අයත් වේ. ජනගහනයෙන් බහුතරයක් ජනවාර්ගික තුර්කි හා කර්ටිස් වේ.එරට ප්‍රබලතම ආගම වන්නේ ඉස්ලාම්ය. රාජ්‍ය භාෂාව වන්නේ තුර්කිය. අගනුවර අන්කරා වේ.තුර්කිය ඔටෝමන් අධිරාජ්‍යයේ අනුප්‍රාප්තිකයෙකි. එය ප්‍රජාතන්ත්‍රවාදි ලෞකික එකමුතු ව්‍යවස්ථදායක සමූහාණ්ඩුවකි. 1923 මුස්තෆා කොමාල්ගේ නායකත්වයෙන් දේශපාලන පද්ධතිය පිහිටුවන ලදී. ඉන්පසු තුර්කිය බටහිර හා සමඟ බද්ධ වි ඇති අතර යුරෝපා කවුන්සිලය, නේටෝ, ඕ.ඊ.සී.ඩී (Organisation for Economic Co-operation and Development), ඔ.එ.ස්.සී.ඊ (Organization for Security and Co-operation in Europe) සහ ජි විස්ස කණ්ඩායම යන සමුළුවල සාමාජිකත්වය දරයි.2005 වර්ෂයේ යුරෝපානු සංගමය සමඟ සම්පූර්ණ සාමාජිකත්වය සඳහා සාකච්ඡා කර ඇත. 1963 සිට යුරෝපානු ආර්ථික කමිටුවේ සහකාර සාමාජිකයෙක් හා 1995 ආචාර සංගම් එකඟතාවයකට පැමිණියහ. මෙරට නැගෙනහිර ආසියාව,මැදපෙරදිග,තුර්කික් රාජ්‍යය මධ්‍යම ආසියාව සමඟ සංස්කෘතික, දේශපාලන ආර්ථික හා කාර්මික සබඳතාවයන් ගොඩනගා ඇත. Galleryසටහන්ආශ්රිතබාහිර සබැඳි![]() Turkey හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත. |
Portal di Ensiklopedia Dunia