ග්‍රීසිය
ග්‍රීසිය, 'හෙලස්' යන නාමයෙන් ද හඳුන්වනු ලැබේ. නිල නාමය වනුයේ 'එළිනික් ජනරජය' යන්නයි. බෝල්කන් අර්ධද්වීපයේ දකුණු කෙළවරෙහි පිහිටා ඇති ග්‍රීසිය ගිණිකොන දිග යුරෝපයේ පිහිටි රටකි. මෙරටෙහි ගොඩබිම් දේශසීමා වනුයේ උතුරට ඇල්බේනියාව, මැසඩෝනියා ජනරජය, සහ බල්ගේරියාව ද, නැගෙනහිරට තුර්කිය ද, වශයෙනි. ඒජියන් මුහුද (Aegean Sea) ග්‍රීසියේ ප්‍රධාන දේශයෙන් නැගෙනහිරට ද, ලෝනියන් මුහුද බස්නාහිරට ද, සහ මධ්‍යධරණී මුහුද දකුණු දිශාවටද පිහිටා තිබෙයි. දිගින් ලොවෙහි දසවන ස්ථානය ගන්නා වෙරළ තීරය ග්‍රීසිය සතුවේ. එහි දිග කි.මී. 14880 කි (සැතපුම් 9246 කි). මෙම වෙරළ තීරයෙහි විදහා දැක්වෙන අංගෝපාංග අතර (1,400,227 ක් පමණ ජනතාවක් වෙසෙන) දූපත් විශාල සංඛ්‍යාවක් වෙයි. අනෙකුත් දූපත් අතර, ක්‍රීට් (Crete), ඩොඩකැනිස් (Dodcanese), සයික්ලඩස් (Cyclades), යනාදි දූපත් ද වෙයි. ග්‍රීසියේ භූමි භාගයෙන් සියයට 80 ක් ම සමන්විත වනුයේ මීටර් 2917 ක (අඩි 9570.21) උසින් යුත් ඔලිම්පස් කන්දය. [තහවුරු කර නොමැත] පෞරාණික ග්‍රීසියේ සභ්‍යත්වය පිළිබඳව නූතන ග්‍රීසිය සාක්ෂි දරන්නීය. සාමාන්‍යයෙන් මෙය හඳුන්වනුයේ බටහිර සභ්‍යත්වයේ සමාරම්භ ස්ථානය ලෙසය. නිදසුනක් දක්වතොත්, ප්‍රජාතන්ත්‍රවාදයෙහි උපත සිදුවන්නේත් ග්‍රීසියෙයි. එමෙන්ම බටහිර දර්ශන විද්‍යාව, ඔලිම්පික් ක්‍රීඩා, බටහිර සාහිත්‍යය සහ ඉතිහාසය ලේඛනගත කිරීම, දේශපාලන විද්‍යාව, විද්‍යාත්මක හා ජ්‍යාමිතික වැදගත් මුලධර්ම, ඛේදවාචක හා ප්‍රහසනද ඇතුළු බටහිර දෘෂ්‍යකාව්‍යයේ උපත සිදුවන්නේද ග්‍රීසියෙයි. මේවායින් කොටසක් 17 වන යුනෙස්කෝ ලෝක උරුමයන්ට අදාළව සැකසී ඇති ලේඛනයේද පිළිබිඹු කර තිබේ. මානව සංවර්ධන දර්ශකයේ ඉතා ඉහල ස්ථානයක සිටින සංවර්ධිත රටක් වූ ග්‍රීසිය, වර්ෂ 1981 පටන්ම යුරෝපා හවුලේ එනම් වත්මන් යුරෝපා සංගමයේ සාමාජික රටක් වෙයි. එමතුද නොව එහි 'ආර්ථික හා මුල්‍ය සංගමයේ' සාමාජිකත්වය වර්ෂ 2001 සිට උසුලයි. වර්ෂ 1952 සිට නේටෝ සංවිධානයේ ද, යුරෝපා අභ්‍යාවකාශ ඒජන්සියේ 2005 සිට ද, සාමාජික රටක්ව සිටී. එසේම එක්සත් ජාතීන්ගේ සංවිධානය, ආර්ථික සහයෝගීතාවය හා සංවර්ධනය පිළිබඳ සංවිධානය (OECD), කලු මුහුදු කලාපයේ ආර්ථික සහයෝගීතා පිළිබඳ සංවිධානය ආදියෙහි ද ආරම්භක රටක් වන්නේය. ග්‍රීසියේ අගනගරය වනුයේ ඇතන්ස්ය. අනෙක් ප්‍රධාන නගර අතර තෙසලොනිකි (Thessaloniki), 'හෙරක්ලියොන්' (Heraklion), සහ 'ලැරිසා' (Larissa) යන නගර වෙයි. Demographicsනගර
ආගම
භාෂා
සංක්රමණය
අධ්යාපනයප්රධාන ලිපිය: ග්‍රීසියේ අධ්‍යාපනය
ස්පාර්ටා නගරය මුලු ග්‍රිසියේ ම අධ්‍යාපනය පෞද්ගලික අංශය මගින් මෙහෙයවන ලද. හෙලන් යුගයේ දී (Hellenistic Period) පොදු පාසල් ආරම්භ විය. තවත් පවුල් වලට පමණක් අධ්‍යාපනය සීමාවිය. පිරිමි දරැවන් පමණක් ලිවීම, කියවීම, සාහිත්‍ය ඉගෙන ගත්හ. ඔවුන් ගායනය හා වාදනය ඉගනෙගත් අතර හමුදා සේවය සදහා ද පුහුණු කරන ලදි. ඔවුන් රැකියාවක් සදහා ඉගෙන නොගත් අතර හොද පුරවැසියන් වීමට උගත්හ. ගැහැණු දරැවන් ද ලියවීම කියවීම උගත් අතර ඔවුන් ප්‍රධාන ලෙස ගෘහ කටයුතු සදහා උගත්හ. නමුත් කුඩා අවධියෙන් පසු අධ්‍යාපනය නොලැබුහ. පිරිමි දරැවන් අවු 7 දී පාසල් වෙන හෝ හමුදා බැරැක්ක වෙත යොමුකෙරැනි. වර්‍ග තුනක අධ්‍යාපනයක් එකල පැවතිනි. එනම් ගණිත ශාස්ත්‍රි,සංගීත, නැටුම්,සාහිත්‍ය,ක්‍රීඩා,ඉතිහාසය වශයෙනි. ධනවත් පවුල් වල දරැවන් නිවෙසේ සේවකයෙක් යටතේ පෞද්ගලික පාසල් වෙත යොමු කරන ලදි. පාසල් ගුරැවරැන් නිවෙස් තුළ පැවති අතර ඔවුන්ට ලිවීම, කියවීම ගණිතය, ගායනය, වාදනය ක්‍රිඩාව පුහුණු කෙරැණි. දරැවන්ගේ වයස අවුරුදු 12 වන විට මල්ලවපොර, දිවිම යගුලිය විසිකිරිම, හෙල්ලය විසිකිරිම ආදියට යොමු කෙරැණි. වසර දෙකක හමුදා පුහුණුවකින් පසු අවුරුදු 18 දී අධ්‍යාපනය නිම කෙරුණී. ස්පානය ක්‍රමයට අනුව දරුවන් සුලු පිරිසක් කුඩා අවධියෙන්ද පසු අධ්‍යාපනය කරගෙන ගියහ. තරැණයින් සිය භාරකාරයින් ආශ්‍රයෙන් දේශපාලන අදහස් ලබාගත් අතර ඔවුන්ට සහායවීමත් පොදු ජන කටයුතු වල ආභාෂය ලබාගත්හ. ධනවත් සිසුන් ප්‍රසිද්ධ ගුරැවරැන් යටතේ අධ්‍යාපනය ලැබු අතර ලයිසියම්, ඇකඩමි, යනු එකල ප්‍රකට පාසල් විය. ධනවත් ග්‍රීක්වරුන්ගේ අධ්‍යාපන ක්‍රමය පයිඩියා යනුවෙන් හැදින්විනි. සෞඛ්ය පද්ධතිය
මූලාශ්‍ර
වැඩිදුර තොරතුරු https://www.facebook.com/103529134362193/posts/128589611856145/ |
Portal di Ensiklopedia Dunia