ශ්‍රී ලංකා නාවික හමුදාව
ශ්‍රී ලංකා නාවික හමුදාව (SLN) (දෙමළ: இலங்கை கடற்படை) ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවේ නාවික හස්තය වන අතර දිවයිනේ භූගෝලීය පිහිටීම අනුව රටේ වැදගත්ම ආරක්ෂක බලකාය ලෙස වර්ගීකරණය කර ඇත. ශ්‍රී ලංකා නාවික හමුදාවේ කාර්යභාරය වන්නේ ජාතියේ ආරක්ෂාව සහ එහි අවශ්‍යතා සඳහා මුහුදේ මෙහෙයුම් සිදු කිරීම සහ ජාතික ප්‍රතිපත්තිවලට අනුකූලව මුහුදේ කඩිනම් සහ තිරසාර සටන් මෙහෙයුම් සිදු කිරීමයි.[3] ![]() ශ්‍රී ලංකා නාවික හමුදා විශේෂ යාත්‍රා බළඝණයප්රධාන ලිපිය: ශ්‍රී ලංකා විශේෂ යාත්‍රා බලඝණය
බ්‍රිතාන්‍ය විශේෂ යාත්‍රා සේවය අනුව යමින් 1993 වසරේ මෙම විශේෂ ප්‍රහාරක බලඝණය ශ්‍රීලංකා නාවික හමුදාවේ ස්ථාපනය කරන ලදි. ශ්‍රිලංකා හමුදාවට අයත් විශේෂ බලකා යටතේ වර්ගීකරණය වන මෙය කොමාන්ඩෝ රෙජිමේන්තුව (CR), විශේෂ බලකාය (SF), රෙජිමේන්තු විශේෂ බලකාය (ශ්‍රීලංකා ගුවන් හමුදාව ) යන විශේෂ බලකා බලඝණ හා එක්ව ක්‍රියා කරන එකම නාවික හමුදා විශේෂ බලකා බලඝණය වේ. විශේෂ යාත්‍රා බලඝණය , එක්සත් රාජධානියේ නාවුක විශේෂ ඒකකය වන විශේෂ යාත්‍රා සේවාව(Special Boat Service - SBS) ආදර්ශයට ගෙන නිර්මාණය කොට ඇත. මෙහි කාර්යභාරය වන්නේ නාවුක විශේෂ බලකායක් ලෙස, "මුහුද හා ජලාශ්‍රිතව සිදුවන මෙහෙයුම් , සමුදුරේදී ඇතිවන ත්‍රස්තවාදී ප්‍රහාර වලට එදිරිව සිදු කරන මෙහෙයුම් , ත්රස්තවාදීන් හා ඉලක්ක පිරික්සීම් හා හඳුනාගැනීම් , කිමිදුම් සටන්කරුවන් හා කුඩා වේග ප්‍රහාරක යාත්‍රා මගින් සිදු කරන මෙහෙයුම්" වැනි විශේෂ නාවුක මෙහෙයුම් සඳහා දායකත්වය ලබා දීමයි. විශේෂ බලකා ඒකකයක් ලෙස, එහි කාර්යභාරයන් මුහුදේ සිදුකරන ක්‍රියාන්විත සඳහා පමණක් සීමා නොවේ. බොහෝ අවස්ථා වලදී ශ්‍රීලංකා කොමාන්ඩෝ රෙජිමේන්තුව, යුධ හමුදා විශේෂ බලකාය හා එක්ව ගොඩබිම ඒකාබද්ධ සටන් සඳහා ද මෙම බලඝණය තම දායකත්වය නිතැතින්ම දක්වා ඇත. ශ්‍රීලංකා නාවික හමුදා ක්ෂණික විහිදුම් යාත්‍රා බලඝණයමෙම ඒකකය නාවික හමුදාව තුළ ස්ථාපිත කරන ලද්දේ එවකට නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ ගේ සංකල්පයක් අනුවය. කුඩා යාත්‍රා විශාල ප්‍රමාණයක් එකවර මුහුදු සටනට යොමු කරමින් මරාගෙන මැරෙන "මුහුදු කොටි" යාත්‍රා ප්‍රහාරක යාත්‍රා අවුල් කිරීම සැලැසුමේ අරමුණ විය. ඒ අනුව මෙරටේදීම අදාළ කුඩා යාත්‍රා නිර්මාණය කිරීම සිදුවිය."ඇරෝ" හා "වේව් රයිඩර්ස්" ලෙස නම් කළ එම කුඩා යාත්‍රා තුළ සටන්කාමී නැවියන් 5 ත් 8 ත් අතර පිරිසක් යොදවා එවැනි යාත්‍රා 20 ක් 30 ක් පමණ එකවර සටනට යෙද වීම හමුවේ එතෙක් කලක් "මුහුදු කොටි" සතුව තිබූ මුහුදේ අසමතුලිත බලය නාවික හමුදාව අතට ගැනීමට හැකිවිය. මෙය මෙරට නූතන සටන් ඉතිහාසයේ සිදුකර සාර්ථක ප්‍රතිපල අත් වූ ඉතාමත් අතලොස්සක් වූ උපායන් අතරින් ඉදිරියෙන්ම තිබෙන එකකි. අවසන් සටනේදී මෙම ඒකකයෙන් සිදුවූ මෙහෙවර විශාලය.ඔවුන් විශේෂ යාත්‍රා බලඝණයේ පිරිස් සමග එකතුව යෙදූ මුහුදු ආරක්ෂාව නොවන්නට එම සටන ඊට වඩා බොහෝඅ අසීරු හා හානි බහුල මිල අධික එකක් වනවාට සැක නැත.(Y.W.B). ශ්‍රී ලංකා නාවික හමුදා මැරීන් බලඝණයවිශේෂ පුහුණුවකින් හා දක්ෂතා වලින් සන්නද්ධ මැරීන්(Marine) බලඝණයක් ශ්‍රී ලංකාවේ ද ස්ථාපිත කොට තිබේ. භූ ජල තරණ ක්‍රියාන්විතයන් සඳහා, විශේෂ පුහුණුවක් ලබා ඇති මෙම මැරීන් භටයන්, දූපත් රාජ්‍යක් වන අප රටේ, ඕනෑම වෙරළ තීරයකට ගොඩ බැස, සාගරයෙන් පැමිණෙන ඕනෑම සතුරු උවදුරකට, සාර්ථක අයුරින් මුහුණ දීමේ නිපුණත්වයකින් යුක්ත වීම ඔවුන්ගේ විශේෂත්වයයි. මැරීන් බළකා භටයෙක් ලෙස හදුන්වන්නේ නාවික හමුදා පුහුණුව මෙන්ම පාබල හමුදා බළකායක පුහුණුවද එකලෙස ලැබූ විශිෂ්ඨ ලෙස මුහුදේද, ගොඩබිමේද ඔවුන්ගේ බළකාය විසින් මෙහෙයවන සටනක, ඕනෑම පරිසරයක එකලෙස සටන් කළ හැකි දක්ෂයෙක්. දිය හා ගොඩ එකලෙස සටන් මෙහෙයවන මෙම භටයන් ලොවපුරා හදුන්වන්නේ “උභයජීවී භටයන්” ලෙසයි. සාමාන්‍යයෙන් මැරීන් බළකාය රටක නාවික හමුදාවේ එක් කොටසක් ලෙස ක්‍රියාත්මක වන නමුත් ප්‍රංශයේ හා ඊශ්‍රායලයේ මැරීන් බළකා පාලනය කරන්නේ එරට යුධ හමුදාවයි. නාවික හමුදාවේ කොටසක් නොවන ඇමරිකානු මැරීන් බළකාය ස්වාධීන බළකායක් ලෙස එරට ක්‍රියාත්මක වන්නේ ඇමරිකානු නාවික දෙපාර්තුමේන්තුවට යටත්වයි. නාවික යාත්‍රා වල නැගී ගැඹුරු මුහුදේ සිට වෙරළ දක්වා සියළුම මෙහෙයුම්, සියළුම අවධානම් දරා ගනිමින් සතුරු නාවික යාත්‍රා අල්ලා ගැනීම, විනාශ කිරීම, ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීම, මුහුදෙන් ගොඩබිම වෙත ගොස් සතුරු ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීම, නගරබද, කැළෑ සටන් හා ගංගා ආශ්රිත මෙහෙයුම් පිළිබඳවද මෙම බළකාය මනා නිපුණතාවයකින් යුක්ත වේ. මැරීන් බළකායදූපත් රාජ්‍යයක් වන අප රටේ බිහිසුණු ත්‍රස්තවාදය ආරම්භ වීමත් සමඟම LTTE සංවිධානයේ අවි ආයුධ පිරවූ නැවු මුහුදු මාර්ගය ඔස්සේ උතුරට ලඟා වන්නට විය. මෙම ක්‍රියාවන් වැලැක්වීම සඳහා මුහුදේ මෙන්ම ගොඩබිමද දක්ෂ ලෙස සටන් කළ හැකි ගරිල්ලා සටන් උපක්‍රම වලින් මනා සන්නද්ධ බළකායක අවශ්‍යතාව තදින් දැනුණි. නමුත් ඒ සඳහා යොදා ගනු ලැබුවේ නාවික හමුදාවෙන් තෝරා ගත් භට පිරිසක් පමණයි. යුද්ධය නිමවීමෙන් පසුව එහි ආරම්භක පියවර ලෙසින් 2016 වසරේ මුල් භාගයේදී ‘භූ ජල තරණ‘ ක්‍රියාන්විත පිළිබඳ දින 45 ක විශේෂ පුහුණුවක් ලබා දෙමින් නාවික සෙබළුන් හා නිලධාරීන් 300 කින් සමන්විත ප්‍රථම “භූ ජල තරණ” කණ්ඩායම ආරම්භ වේ. නමුත් ඉන් අනතුරුව අනෙක් රටවලට නොදෙවෙනි හා ලෝකයේ පිළිගත් මැරීන් බළකායක් අපේ රටේ පිහිටුවීම සඳහා යෝජනා වූවත් ප්‍රබල රටවලට පමණක් නිර්මාණය වී ඇති මෙම බළකායේ පුහුණුව හා තාක්ෂණය පිළිබඳව ගැටළු පැනනැගීම නිසා එය ක්‍රියාත්මක වීම කල් යයි. ඇමරිකානු මැරීන් බළකායේ මැදිහත් වීමශ්‍රී ලංකා නාවික හමුදාවේ මැරීන් බළකාය ස්ථාපිත කිරීමේ මූලික වූ සිද්ධිය ලෙස 2016 වසරේ මාර්තු 29 වන දින ඇමරිකානු නාවික හමුදාවට අයත් “බ්ලූ රිජ්” යුධ නෞකාවේදී ශ්‍රී ලංකා නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා එක්සත් ජනපද නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර පැවති හමුව නම් කළ හැකියි. මැරීන් බළඇණිය පිහිටුවීම, එහි පුහුණු කටයුතු හා අවශ්‍ය තාක්ෂණය ලබා දීම සඳහා ඇමරිකානු මැරීන් බළකාය එහිදී සහය පළ කරයි. ඒ අනුව හිටපු නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්නගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ පළමු මැරීන් බලඝණය ස්ථාපිත කරනු ලබයි. මෙම බලඝණයට පුහුණුවීම් සදහා ඇමැරිකානු මැරීන් බලකායේ පුහුනු උපදේශකයන්ගේ මග පෙන්වීම හා සහාය ලැබේ. නාවික හමුදාවෙන් මූලික පරීක්ෂණ වලින් අනතුරුව තෝරා ගත් භටයන් 164 දෙනා හට නාවික හා පාබල මූලික පුහුණුවට අමතරව යුධ නැවක සිට බෝට්ටු, හෙලිකොප්ටර්, වායුපායාන හා දිය ගොඩ දෙකම ගමන් කල හැකි වාහන යොදා ගනිමින් වෙරළට ළගා වීමටත් මැරීන් සෙබළුන්ට අත්‍යවශ්‍ය වන කිමිදුම් යුධ උපක්‍රම, පිහිනුම් යුධ උපක්‍රම හා පැරෂුට් භාවිතය පිළිබඳව මාස ගණනක පුහුණුවත් ලබා දී තිබේ. “පුහුණුව යනු යුද්ධයයි- යුද්ධය යනු පුහුණුවයි” යන ඇමරිකානු මැරීන් ආදර්ශ පාඨය අනුකූලව අදියර කිහිපයකින් යුක්ත වූ පුහුණු සැසිවාර වලදී දුර දිගු විහිදුම් සටන් වලදී සන්නිවේදනය පවත්වා ගන්නා ආකාරයත්, සියළුම අවි පිළිබඳව උපාය මාර්ගික දැනුමත්, සතුරු ප්‍රහාර හා සතුරු අවි පිළිබඳව අත්දැකීම් ලබා ගැනීමත් ඕනෑම පරිසර තත්ත්ව යටතේ ඉලක්ක ලබා ගැනීම හා උභයජීවී හැසිරීම් පිළිබඳව ක්රමානුකූල පුහුණුවක් මෙම මැරීන් සොල්දාදුවන්ට ලබා දෙයි. මැරීන් බලඝණයේ කාර්යභාර්යයමෙම මැරීන් පාඨමාලාව නිමකළ භූ ජල තරණ ක්‍රියාන්විතයන් සදහා විශේෂ පුහුණුවක් ලබා ඇති නිලධාරීන් 6 දෙනා හා නාවිකයන් 158 දෙනා දූපත් රාජ්‍යක් වන අප රටේ ඕනෑම වෙරළ තීරයකට ගොඩබැස සාගරයෙන් පැමිණෙන ඕනෑම සතුරු උවදුරකට ක්ෂණිකව මුහුණ දීමේ නිපුණත්වයකින් යුක්ත වේ. ඊට අමතරව එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි සඳහා අවශ්‍ය දායකත්වය ලබාදීම, ශ්‍රී ලංකාව තුළ සහ කලාපය තුළ සිදුවන ස්වභාවික ව්‍යසන සහ ආපදා කළමනාකරණය, ඒ සඳහා සහන කටයුතු සැලසීම හා මානුෂීය සහන සේවා සැලසීම පිළිබඳවද භටයන් විශේෂ පුහුණුවක් ලැබී තිබේ. ප්‍රථම මැරීන් බලඝණයේ විසිර යාමමුහුදේ ගැඹුරට ගොස් සතුරාට පහර දීමේ සිට ගොඩබිම ඇතුළත ඕනෑම ගරිල්ලා සටන් ප්රහාරයන් දක්වා ක්‍රියා කිරීමට හැකියාව ඇති නාවික හමුදාව යටතේ ඇති මෙම මැරීන් බළකායේ ප්‍රථම බලඝනය විසිරි යන්නේ 2017 වසරේ පෙබරවාරි 27 වනදා මන්නාරම, මුල්ලිකුලම් ශ්‍රී ලංකා නාවික හමුදා වයඹ නාවික ප්‍රධාන මූලස්ථානයේ පැවති මැරීන් ලාංජන පැළදවීමෙන් අනතුරුවයි. එහිදී මුල්ලිකුලම් වෙරළ තීරයේ ශ්‍රී ලංකා නාවික හමුදා මැරීන් බළකාය විසින් සතුරු කඳවුරකට කඩාවැදී මෙහෙයුම් සිදු කිරීම දක්වන සංදර්ශනයක් පවා සිදු කරනු ලබනවා. ශ්‍රී ලංකා මැරීන් බළකායේ වෙබ් අඩවිය විවෘත කිරීමද සිදුවන්නේ මෙදිනයි. ප්‍රථම මැරීන් බලඝණයේ නිලධාරීන් හා නාවිකයන් 164 දෙනාගේ විසිර යාමත් සමඟ ශ්‍රී ලංකා මැරීන් බළකාය ලෝකය විසින් පිළිගත් ලාබාලම මැරීන් බළකාය ලෙස වර්තමානය වනවිට කටයුතු කරමින් සිටී.(Y.W.B). ආශ්රිත ලිපිමූලාශ්ර
|
Portal di Ensiklopedia Dunia