නාවික හමුදා දිනය

ඔවුන්ගේ නාවික හමුදාව අගැයීම සඳහා, බොහෝ ජාතීන් නාවික හමුදා දිනයක් එක්කෝ සමරා ඇත නැතිනම් සමරමින් පවතිති.

චිලි

බියා ඩෙ ලාස් ග්ලෝරියාස් නවාලේස් යනු, චිලි දේශයේ මැයි 21 දින සැමරෙන රජයේ නිවාඩු දිනයකි. ශාන්තිකර යුද්ධයේදී, 1879 මැයි 21 දිනදී ඇතිවුනු ඉකිකේ සටන මෙහිදී සිහි කෙරෙයි.

සාමාන්‍ය පාර්ලිමේන්තු සැසිය (සැප්තැම්බර්18, නිදහස් දිනය දක්වා) ඇරඹුමද මෙම දිවයේදී සිහි කෙරෙන අතර, ජනාධිපතිවරයාගේ' ජාතිය ඇමතීමේ කතාව සාම්ප්‍රදායිකව සිදු කෙරෙන දිනය වෙයි.

ප්‍රධාන ප්‍රජා ක්‍රියාකාරකම්, චිලියානු නාවික මූලස්ථානය පිහිටි සන්තියාගගෝ ඩෙ චිලි, ඉකිකේ සහ වල්පරයිසෝ හිදී පැවැත්නවයි.

ඉන්දියාව

1971 ඉන්දු-පකිස්තාන යුද්ධයේදී සිදුවූ ට්‍රයිඩන්ට් මෙහෙයුම ඇරඹීම සිහිකිරීම සඳහා, දෙසැම්බර් 4 දිනදී ඉන්දියාව නාවික හමුදා දිනය උත්සවශ්‍රීයෙන් සමරයි. විශාලතම පකිස්තානු වරාය වූ කරච්ච්ය වෙත එක්-රැයකදී එල්ල කල ප්‍රහාරයකින් ඉන්දියානු නාවික හමුදාව විසින් නැව් තුනක් ගිල්වා දැමීමට සමත්ව ඇත. ට්‍රයිඩන්ට් මෙහෙයුමේදී ප්‍රදේශය තුලදී නැව්-නාශක මිසයිල පළමු වරට භාවිතා කිරීම සිදුවිය

ඉරානය

නොවැම්බර් 28 යනු, ඉරානයේ නාවික හමුදා දිනයකි. ඉරාන ඉරාක යුද්ධයේදී ඉරාන නාවික හමුදාව විසින් ලබා ගත් ප්‍රධාන ජයග්‍රහණයක් වන, 1980 වසරෙහි මොර්වරීඩ් මෙහෙයුම මෙහිදී සැමරෙයි.

 

Prefix: a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9

Portal di Ensiklopedia Dunia