ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනය
ශ්‍රී ලංකාවේ ගාලු නගරයේ ගාලු කොටුව ආසන්නයේ ඉන්දියන් සාගරයට දෙපැත්තකින් සීමා වී මෙය පිහිටා ඇත. එහි පළමු පෙළ තරඟයක් පැවැත්වූයේ 1984 පෙබරවාරි 29 වන දිනය. පළමුවරට ටෙස්ට් ක්‍රිකට් තරඟයක් පවත්වන ලද්දේ 1998 ජුනි 03 වන දිනය. මෙම ක්‍රීඩාංගනය දඟ පන්දු යැවීම සඳහා මහත් ප්‍රසිද්ධය. ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ෂේන් වෝන් ඔහුගේ 500 වෙනි ටෙස්ට් කඩුල්ල ලබා ගැනීමේ වාර්තාව පිහිට වූයේ 2004 මාර්තු මාසයේ දී මෙම ක්‍රීඩාංගනයේ දීය. මුත්තයියා මුරලිදරන් විසින් තම 800 වන ටෙස්ට් කඩුල්ල ලබාගත්තේද මෙහිදීය. ඉන්දියානු සාගරයේ භූමිකම්පාවෙන් වූ සුනාමි තත්වය නිසා මෙම ක්‍රීඩාංගනයට හානි සිදු විය. එය නැවත යථාතත්වයට පත්කිරීම ආරම්භ කළේ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ෂේන් වෝන් සහ මෙල්බර්න් නගරවාසීන් විසින් දුන් ආධාරවලිනි. ක්‍රීඩාංගනය නැවත විවෘත කරනු ලැබූයේ තුන්වන එංගලන්ත ටෙස්ට් තරඟ සංචාරය සඳහා 2007 ඔක්තෝබර් මාසයේදීය. ![]() බාහිර සබැදි![]() ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනය හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
|
Portal di Ensiklopedia Dunia