දකුණු පළාත, ශ්‍රී ලංකාව
ගාල්ල, මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්ක වලින් සමන්විත වූ දකුණු පළාත ශ්‍රී ලංකාවේ මනරම් ප්‍රදේශයකි. ශ්‍රී ලංකාවේ අග නගරය වූ කොළඹ නගරය අයත් වන බස්නාහිර පළාත, හා සැසඳීමේදී මෙම ප්‍රදේශය අාර්ථික තත්වය ඉතාමත්ම සුළු පසුගාමීත්වයක් පමණක් පෙන්නුම් කරයි.ප්‍රධාන වශයෙන් සංචාරක කර්මාන්තය කෘෂිකර්මාන්තය සහ ධීවර කර්මාන්තය ඇතුළු විවිධ කර්මාන්ත දකුණු පළාත තුල දැකිය හැක.එමෙන්ම අධ්‍යාපනය හා සාක්ෂරතාවය අතින් ලංකාවේ ප්‍රමුඛ තැනක් ගන්නා දිස්ත්‍රික්ක ලෙස දකුණු පළාතේ ගාල්ල සහ මාතර පෙන්වා දිය හැකිය..වාර්ෂික වර්ෂාපතනය ඉහල අගයක් ගන්නා ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක තෙත් කලාපයට අයත් වේ.ගාල්ල සහ මාතර සෞම්‍ය දේශගුණයකින් හා ජෛව විවිධත්වයකින් සමන්විත වන අතර හම්බන්තොට දිස්ත්‍රික්කය පමණක් වියළි කලාපයට අයත්වේ.එමෙන්ම දකුණු පළාතේ උසස් අධ්‍යාපනය ලබන්නාවූ බහුතරයක් දෙනා කොළඹ නගරයට සම්ප්‍රාප්ත විම ඇත අතීතයේ සිටම සිදුවන්නා දෙයකි.කොළඹ දිස්ත්‍රික්කයට වඩා ආර්ථිකය අතින් යම් පසුගාමිත්වයක් පෙන්නුම් කිරිමට ප්‍රභලම හේතුවක් ලෙස කොළඹ අගනගරයේ උගතුන් හා ව්‍යවසායකයින් බහුතරයක්ම දකුණු පලාතෙන් කොළඹට සම්ප්‍රාප්තවූ අයවලුන් වීම පෙන්වා දිය හැක. ![]() දකුණු පළාත දිස්ත්‍රික්ක තුනකින් සමන්විත වේ:
වැදගත් ස්ථානයාල සහ උඩවළව ජාතික වනෝද්‍යාන, කතරගම පූජා නගරය, තිස්සමහාරාමය, කිරින්ද සහ ගාල්ල වැනි පෞරාණික නගර මෙම ප්‍රදේශයට අයත් වැදගත් ස්ථාන ලෙස දැක්විය හැක. පොදු ජනතාව පිළිබඳව කවි ලියූ දික්වැල්ලේ විසූ අන්දරේ සහ මාතර දිස්ත්‍රික්කයට අයත් දෙනිපිටියේ විසූ ගජමන් නෝනා පෘථුගීසි පාලන සමයේ සිටි සුප්‍රසිද්ධ කවීන් දෙදෙනෙකි. 2004 වර්ෂයේදී ඇතිවූ සුනාමි උවදුරින් මෙම ප්‍රදේශය දැඩි ලෙස හානියට පත් විය. මූලාශ්‍ර
|
Portal di Ensiklopedia Dunia