රණසිංහ ප්‍රේමදාස
ශ්‍රී ලංකාභිමාන්‍ය රණසිංහ ප්‍රේමදාස (1924 ජුනි 23 - 1993 මැයි 01) ශ්‍රි ලංකාවේ දෙවන විධායක ජනාධිපතිවරයාය. ඊට ප‍්‍රථම ඔහු ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිවරයා යටතේ අග්‍රාමාත්‍ය තනතුර හා පාර්ලිමේන්තුවේ සභා නායක තනතුර හෙබවීය.1988 පැවති ශ්‍රී ලංකාවේ දෙවන ජනාධිපතිවරණයෙන් 50.43% ක ඡන්ද ප්‍රතිශතයක් ලැබූ එතුමා ශ්‍රී ලංකාවේ දෙවන විධායක ජනාධිපතිවරයා ලෙස මහනුවරදී දිවුරුම් දුන්නේය.1993 මැයි මස පළමු වැනිදා බෝම්බ ප්‍රහාරයකට හසුව අභාවප්‍රාප්ත වන තෙක්ම එතුමා එම ධුරය දැරීය. මුල් අවධියසිංහල පවුලක උපත ලැබු ප්‍රේමදාස අධ්‍යාපනය ලැබුවේ කොළඹ ශාන්ත ජෝෂප් විදුහලෙනි. කුඩා කළ සිට පුවත්පත් වාර්තාකරුවකු වීමට හීන දුටු ඔහු ඒ සඳහා අඩිතාලම වශයෙන් ජවහර්ලාල් නේරුගේ ස්වයං චරිතාපදානය සිංහලයට නැඟුවේය. ඔහු දේශපාලනය කිරීමට පෙර ඉතා දුප්පත් පුද්ගලයෙක් විය. රණසිංහ ප්‍රේමදාස විවාහ වුයේ හේමා ප්‍රේමදාස සමඟය. ඔහු දරුවන් දෙදෙනකුගේ පියෙකු වූ අතර වර්තමානයේ දී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඔහුගේ පුත‍්‍රයාය. දේශපාලන දිවියරණසිංහ ප්‍රේමදාසගේ දේශපාලන දිවිය ඇරඹුණේ ඒ .ඊ. ගුණසිංහ නායකත්වය හෙබ වූ කම්කරු පක්‍ෂයට සම්බන්ධ වීමත් සමඟය. එහෙත් කම්කරු පක්‍ෂයේ අනාගතය පිළිබඳ අස්ථාවර බව පැහැදිලි වීම නිසා ප්‍රේමදාස 1950 වකවානුවේදි එක්සත් ජාතික පක්‍ෂයට එක් වූයේය. එවකට සිටි අග‍්‍රාමත්‍ය ඩඩ්ලි සේනානායකගේ කැබිනට් මණ්ඩලයේ ගුවන් විදුලි සන්නිවේදනය පිළිබඳ අමාත්‍ය ධුරයට පත් රණසිංහ ප්‍රේමදාස දකුණු ආසියාවේ පැරණිතම ගුවන් විදුලි ආයතනය වන ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාව 1967 ජනවාරි 05 වන දින අරඹනු ලැබුවේය. අඩූ ආදායම් ලාභි ජනයා වෙනුවෙන් තම සේවය කැප කළ ප්‍රේමදාස ජනසවිය, ගම් උදාව, ආදි ව්‍යාපෘති ඇතිකර එම ජනයාගේ ජීවන තත්වය නගා සිටුවීමට කටයුතු කළේය. අසරණ කලාකරුවන්ට ආධාර කිරීම සඳහා පිහිටුවා ගත් ටවර් හෝල් රඟහල පදනම ද රණසිංහ ප්‍රේමදාසගේ අදහසකි. 1989 දී ඔහු ජනාධිපති දුරයට පත්වන විට රට තුල ප්‍රදාන ප්‍රශ්න 3ක් ඉස්මතුව පැවතුනි. ඉන්දියන් සාමසාදක හමුදා 70000 ක පමන පිරිසක් රටේ උතුරු ප්‍රදේශතුල සිටීම, උතුරේ පැවති LTTE සිවිල් යුද්ධය, දකුණේ JVP කැරැල්ල ඒ 3 වේ. මේ අතරින් එකල ප්‍රධානතම ගැටලුව බවට පත්ව තිබුනේ ඉන්දියන් සාමසාදක හමුදාවයි. සාකච්චා මගින් ඔවුන්ව රටින් පිට කිරීමට නොහැකි විය. ශ්‍රී ලංකා හමුදාව යොදවා උවුන් පලවා හැරීමට උත්සාහ කලහොත් දකුණේ හා උතුරේ කැරලි මර්දනය කිරීමට නොහැකි වන බව තේරුම් ගත් රණසිංහ ප්‍රේමදාස ඒ සදහා LTTE ය යොදා ගැනීමට සිතුවේය. ඒ අනුව ඔහු LTTE ය සමගින් සාකච්චා ඇති කරගෙන ඉන්දියන් හමුදා පලවා හැරීමට LTTE වෙත ආයුධ තොග ලබා දීමට සිදු විය. LTTE ය ඉන්දියන් හමුදා පලවා හරින අතරතුර ඔහු JVP කැරැල්ල නැවැත්වීමට ඔවුන් සමග සාකච්චා සිදු වූ නමුත් ඒවා නිශ්පල වූ බැවින් ලංකා හමුදාව සමග එක්ව දැඩි ක්‍රියාමාර්ග මගින් මාස කීපයකින් JVP කැරැල්ල මර්දනය කරන ලදී. එලෙස ඔහු ජනපති වීමෙන් පසු පැවති ප්‍රධාන ගැටලු 3 න් , දෙකක්ම අවසන් කෙරුණි. නමුත් LTTE පරාද කිරීමට පෙර ඔහු බෝම්බ ප්‍රහාරයකින් මිය ගියේය. ජනපති වීමෙන් පසු ඔහු රට තුල ඔහුටම ආවේණික වූ ආර්ථික හා විදේශ ප්‍රථිපත්තියක් ගෙන ගිය අතර එය ඉතා සාර්ථක එකක් විය. රටේ දුප්පත් මිනිසා ගැන සිතූ ඔහු දුප්පතා රජ කරවීමට සමත් විය. තවමත් රටට ආදායම් ගලාඑන ඇගලුම් කම්හල්, කර්මාන්ත පුර බොහොමයක් ඔහුගේ අදහස් වලට අනුව නිර්මානය වූ ඒවාය. ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු රණසිංහ ප්‍රේමදාස අසාර්ථක වූ අවස්ථා කිපයක් වේ. එකක් නම් ශ්‍රි ලංකාවේ සිවිල් යුද්ධයයි. එමෙන්ම තම පක්‍ෂයේම සිටි විරුද්ධවාදීන් වූ ලලිත් ඇතුළත් මුදලි සහ ගාමිණි දිසානායක සමඟ ඇතිකරගත් මතබේද පක්‍ෂය දෙකඩ වීමට මෙන්ම රට තුලද අවුල් සහගත තත්වයන් මතුකිරීමට හේතු විය. මොහුගේ පාලන වකවානුව තුල සිදුවූවා යැයි කියන මාධ්‍යවේදීන් පැහැරගැනීම් හා ඝාතනය කිරීමේ සිදුවීම් හා වෙනත් දේශපාලන පක්ශ සාමාජිකයන්ට සිදු කරනු ලැබූ විවිධ අඩත්තේට්ටම් නිසා ජනතාව තුල මොහු පිලිබඳව යම් අප්‍රසාදයක් පැවතුනි. එමෙන්ම වර්තමානයේදීද කතාබහට ලක්වන "සුදුවෑන් භීතිකාව" ද රණසිංහ ප්‍රේමදාස හිටපු ජනාධිපතිවරයාගේ පාලන කාලය තුලදී නිර්මාණය වූවක් බව වැඩිදුරටත් සඳහන් කල හැකිය. ඝාතනය වීමරණසිංහ ප්‍රේමදාස මහතා ඝාතනයට ලක්වූයේ 1993 මැයි පළමු වැනිදා එල්ටීටීඊ මරාගෙන මැරෙන කොටි සමාජිකයකු අතිනි. ඔහු ඇතුළු විසිතුන් දෙනෙක් එදින දහවල් 12.45 ට පමණ එක්සත් ජාතික පක්ෂයේ කොළඹ පැවැත්වුණු මැයි රැළියේදී LTTE මරාගෙන මැරෙන බෝම්බ කරුවෙකු අතින් ඝාතනය විය මෙම පිපිරීම සිදුකළ එල්ටීටීඊ මරාගෙන මැරෙන බෝම්බකරු පසුව හඳුනාගන්නා ලද අතර ඔහුගේ නම කුලවීරසිංගම් වීරකුමාර් අලියාස් නොහොත් බාබු නම් වේ.[1] බාහිර සබැදි
|
Portal di Ensiklopedia Dunia