තොප්පිගල සටන
තොප්පිගල සටන යනු 2007 වර්ෂයේ මුල් භාගයේ දී, ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ පිහිටි තොප්පිගල ප්‍රදේශය අත්පත් කර ගැනීම සඳහා ශ්රී ලංකා යුධ හමුදාව සහ දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය අතර සිදුවූ යුධ ගැටුමකි. පසුබිමතොප්පිගල (Baron's Cap හෝ කුඩුම්බිමලය ලෙසද හැඳින්වෙන) යනු මුහුදු මට්ටමේ සිට මීටර් 534 ක් උසින් ඇති විශාල පර්වතයකි. එය ඝන වනාන්තරයකින් සහ ගල් සහිත භූමි ප්‍රදේශයකින් ද,[1] ස්වභාවික ගල් ගුහා විශාල ප්‍රමාණයකින්ද වට වී ඇත.[2] 1987 සිට 1990 දක්වා ඉන්දියානු සාම සාධක හමුදාව රටේ ක්‍රියාත්මක වූ කාලයේදී ඔවුන් තොප්පිගල ප්‍රදේශයේ සැඟවී සිටි දෙ.ඊ.වි.කෝ. භටයින් සෙවීමට මෙහෙයුම් සිදු කර ඇත. ඉන්දියානු සාම සාධක හමුදාවේ එවකට අණදෙන නිලදාරී ජෙනරාල් ඒ.ස්. කැල්කට් ගේ ප්‍රකාශයකට අනුව, ඔවුන් මෙම ප්‍රදේශය අත් පත් කරගැනීමට උත්සාහ නොකළේ එම ප්‍රදේශයේ හමුදාමය වැදගත්මක් ඔවුන්ට නොතිබූ බැවිනි.[3] 1993 දී, ශ්‍රී ලංකානු හමුදාවන් නැගෙනහිර පළාතෙන් එල්.ටී.ටී.ඊ. ය පළවා හැරීම සඳහා මෙහෙයුම් සිදු කරන ලදී. මෙම මෙහෙයුම් අතරතුර තොප්පිගල ප්‍රදේශය ආසන්නයේ හමුදා කඳවුරු ඉදි කෙරුනි.[4] 4 වන ඊළාම් යුද්ධයේ ආරම්භයත් සමග ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන් නැගෙනහිර පළාත අත්පත් කරගැනීම සඳහා සංග්‍රාමයක් අරඹන ලදී. ඒ අනුව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් 2006 සැප්තැම්බර් 3 වැනිදා සාම්පූර් සහ ඒ අවට ප්‍රදේශ ද,[5] 2007 ජනවාරි 19 වැනිදා වාකරේ ප්‍රදේශයද අත් පත් කරගන්නා ලදී.[6] ඒ අතර පොලිස් විශේෂ කාර්‍ය බලකාය "නියතයි ජය" නමින් මෙහෙයුමක් දියත් කරමින්[6][7] එල්.ටී.ටී.ඊ. කඳවුරු කිහිපයක් අත් පත් කරගත්හ.[8] 2007 අප්‍රේල් 11 වනවිට එල්.ටී.ටී.ඊ. ය තොප්පිගල ප්‍රදේශයට කොටු වී සිටි අතර, නැගෙනහිර පළාතේ ඔවුන්ගේ අවසාන කඳවුරු එහි විය.[9][10] එල්.ටී.ටී.ඊ. යේ නැගෙනහිර පළාතේ විශාලතම කඳවුරු අතරින් එකක් එය විය.[1] සූදානමසටන2007 ජූනි 22-24 අතර තොප්පිගල ප්රදේශයේ නාරකමුල්ල ප්රදේශයේ පිහිටි ඔවුන්ගේ බේරූට් සංකීර්ණයේදී එල්ටීටීඊයේ අවසාන ඉදිරි ආරක්ෂක වළල්ලේ (FDL) එල්ටීටීඊය සහ ශ්රී ලංකා හමුදාව අතර දරුණු සටන් ඇවිලී ගියේය. FDL බංකර් රේඛා 6කින් සහ කුඩා කඳවුරු 3කින් ශක්තිමත් විය. ශ්රී ලංකා හමුදාවේ කාලතුවක්කු ප්රහාර සහ යුද ටැංකි තුවක්කු ප්රහාර හේතුවෙන් එල්.ටී.ටී.ඊ.ය තම ස්ථාන අත්හැරියේ නැත. අවසානයේ ශ්රී ලංකා යුද හමුදාවේ කමාන්ඩෝ භටයන් 50ක් පමණ කොටි බංකර්වලට රිංගා ඔවුන්ගෙන් 30ක් මරා දැමූහ. එල්.ටී.ටී.ඊ සාමාජිකයින් තිදෙනෙකු සියදිවි නසා ගත්තා. මෙම සිදුවීම් මාලාව තොප්පෝගල එල්.ටී.ටී.ඊ.යට එරෙහි සටනේ රැල්ල හැරවීමට හේතු විය. 2007 ජුලි 6 වැනි දින උදෑසන තොප්පිගල ප්රදේශයේ ඇති වූ දරුණු සටනේදී එල්.ටී.ටී.ඊ. විසින් එල්ල කරන ලද දරුණු මෝටාර් ප්රහාරයකින් කර්නල් සමන්ත රණතුංග නමැති නිලධාරියා ඇතුළු ශ්රී ලංකා හමුදා සාමාජිකයන් 6 දෙනකු මිය ගිය අතර 7 දෙනෙක් තුවාල ලැබූහ. තත්ත්වය පාලනය කිරීම සඳහා ශ්රී ලංකා හමුදාව කාලතුවක්කු සහ ගුවන් බෝම්බ ප්රහාරවලින් ප්රතිප්රහාර එල්ල කළේය වසර 13 කට පසු, ශ්රී ලංකා හමුදාව 2007 ජූලි 11 වන දින උදෑසන එල්ටීටීඊයේ නැඟෙනහිර කොටින්ගේ අවසන් බලකොටුව වන තොප්පිගල (බැරන්ස් කැප්) අල්ලා ගත්තේ වසරක හමුදා ක්රියාමාර්ගයකින් පසුවය. රටේ හමුදා ඉතිහාසයට අනුව, ඉන්දියානු සාම සාධක හමුදාව (IPKF), සොල්දාදුවන් 20,000 ක් පමණ 1988 දී මෙම ප්රදේශයට පහර දුන් නමුත් ප්රදේශය අල්ලා ගැනීමට අපොහොසත් විය (එවකට එල්ටීටීඊය නායකත්වය දුන්නේ කර්නල් කරුණා විසිනි). 1994 දී SLA මෙම ප්රදේශයෙන් ඔවුන්ගේ හමුදා කඳවුරු ඉවත් කර ගන්නා ලදී ඓතිහාසික වැදගත්කම්තොප්පිගල සැගවුණ නරකමුල්ල පුදබිම ඉපෑරණි රුහුණු රට ගැන සදහන් කිරිමෙදි දිගමණ්ඩලය හෙවත් දිගාමඩුල්ල ප්‍රදේශයේ අදත් වනගතව ඇත.තවද පසුගිය යුධ සමයත් සමග බොහෝ ඓතිහාසික නටඹුන් විනාශ මුඛයට ගොස් ඇත.එමනිසා වැඩි අවධානයක් යොමු කිරිම ඉතා වැදගත් කටයුත්තකි.අපි අද කතා කරන මේ සුවිශේෂ ස්ථානයක්...... මඩකලපුව දිස්ත්‍රික්කයේ එරාවූර් පත්තුවට අයත් ඉපැරණි බෞද්ධ සිද්ධස්ථාන රැසක් තොප්පිගල ආශ්‍රිතව අදටත් දැකිය හැකිය. මෙම සිද්ධස්ථාන අතර තොප්පිගල, නෙලුගල ආදී ප්‍රධාන විහාරාරාමවලට අමතරව නරකමුල්ල ප්‍රදේශයේ සුවිසල් ගල්කුලුවලින් ගහන භූමියක පැතිරුණු දැවැන්ත සංඝාරාම සංකීර්ණයක නටබුන් හමු වේ. වාලච්චේන සිට මඩකළපුව දක්වා වූ මාර්ගයේ කිරාන් මංසන්ධියෙන් දකුණුපසට හැරී කිරාන් පසුකර තොප්පිගල දෙසට මද දුරක් ගිය විට හමුවන තාරාවිකුලම් යුධ හමුදා කඳවුර අසළින් වූ මාර්ගයේ වනය තුළට කිලෝ මීටර් කීපයක් ගමන් කළ විට අලි ඇතුන් ගහන නරකමුල්ල මහ වනයේ සැඟවුණු මෙම ඓතිහාසික ආරාම සංකීර්ණ වෙත ළඟාවිය හැක. පසුගිය යුධ සමයේ දී හුදෙකලා ප්‍රදේශයක් වූ නරකමුල්ල එල් ටී ටී ඊ ක්‍රියාකාරකම් බහුලව සිදු වූ ප්‍රදේශයකි. කටාරම් කොටන ලද බ්‍රාහ්මී අක්ෂර සහිත ගල් ලෙන් රැසකින් හෙබි මෙම සංඝාරාම සංකීර්ණයේ ප්‍රතිමා ගෘහය, බෝධිඝරය ඇතුළු විහාර අංග රැසකට අයත් නටබුන් පහළ ගල් තලාව පුරා දැකිය හැක. මෙම ස්ථානයෙන් සෙල්ලිපි කිහිපයක් ද හමු ව ඇති අතර ශෛලමය නටබුන් කොටස් චාම් කැටයමින් සරසා තිබීමෙන් හා බ්‍රාහ්මී අක්ෂර සහිත සෙල්ලිපි මගින් මෙම ගල් ලෙන් සහිත මෙම ආරාම සංකීර්ණය අනුරාධපුර මුල් යුගයට අයත් බවට අනුමාන කරයි. අතීතයේ දැවයෙන් ඉදිකරන ලද කුඩා පාලමක් ද මෙහි ඉදිකර තිබුණු බවට සාධක හමුවේ. වනය හරහා මදක් ඉහළට ගමන් කිරීමේ දී කටාරම් සහිත ගල් ලෙන් රැසක් හමුවන අතර එම ගල් ලෙන් කිහිපයක ආදි මානව සිතුවම් ලෙසට අනුමාන කළ හැකි සිතුවම් කොටස් කීපයක් ද වේ. මෙම ලෙන් සංකීර්ණයට අයත් දැවැන්තම ගල් ලෙන එදවස විහාර ගෙය ලෙසට යොදාගත් බවට සාධක අදත් හමු වේ.එහි විනාශ වි ගොස් ඇති බුද්ධ ප්‍රතිමාවහන්සේ නමක් ද දක්නට ඇත. එය මිට වසර කිහිපයකට පෙර විශාල සැතපෙන බුද්ධ ප්‍රතිමාවක් ද මෙහි වූ අතර අද දැකිය හැක්කේ ගාඩොල් ගොඩක් පමණි. මෙම ලෙනෙහි වියන් තලය සිතුවමින් අලංකාර කර තිබූ බවට සාධක අද පවා හමුවේ. මෙම ලෙන් සංකීර්ණයෙන් හමුවන දීර්ඝතම ලෙන් ලිපිය ද මෙහි දැකිය හැකි වන අතර එමගින් මෙම ලෙන පූජාකළ පුද්ගලයා හා ඔහුගේ පරපුර පිළිබඳව තොරතුරු අනාවරණය වේ.ලෙන් සංකීර්ණයට ඉහළ කඳුගැටය මත කළුගලින් නිමවන ලද අද වනවිට නිධන් හොරුන්ගේ ග්‍රහණයට ලක් ව ඇති කුඩා ස්ථූපයක්ද ඇත. සියළුම විහාරාංගයන්ගෙන් සමන්විත නැගෙනහිර පළාතේ පිහිටා තිබූ දැවැන්ත බෞද්ධ විහාර සංකීර්ණයක් වූ මෙම ස්ථානය නිසි ක්‍රමවේදයක් ඔස්සේ සංරක්ෂණයට පියවර ගැනීම අදාල පාර්ශවයන්ගේ වගකීම කි. ප්රතිඵලආශ්රිත
|
Portal di Ensiklopedia Dunia