පෙරින්පනායගම් සිවපාරන්පෙරින්පනායගම් සිවපාරන් නොහොත් නෙදියවන් යනු ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මකව තිබූ ත්‍රස්තවාදී කණ්ඩායමක් වූ දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ වත්මන් නායකයා ලෙස හඳුන්වාගන්නා පුද්ගලයා වෙයි.[1][2] මුල් අවධිය1970 අග කාලයේ මෙරටදී උපත ලත් නෙදියවන්, වයස අවුරුදු 18 දී දෙමළ ඊළාම් විමුක්ති කොටි ත්‍රස්තවාදී සංවිධානයට එක්වුණු බව පැවසෙයි. කෙටිකලකින්ම කොටි සංවිධානයේ ත්‍රස්ත නායකයා වූ වේළුපිල්ලේ ප‍්‍රභාකරන්ගේ සමීපතමයෙකු බවට පත්වූවා යැයි කියන නෙදියවන්, සිය අධ්‍යාපන කටයුතු සඳහා රුසියාවට සංක්‍රමණය වූ බවත්, නමුත් උපාධියක් හිමි නොකරගත් බවත් සඳහන් වෙයි.[3] සිය බිරිඳ ශිවගෞරි ශාන්තමෝහන්ගේ, මාමා කෙනෙකු වූ දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ මුල් සාමාජිකයෙකු ලෙස හඳුන්වන රන්ජන්ලාල් ඥානේන්ද්‍රමෝහන්ගේ මාර්ගයෙන්, දෙමළ කොටි සංවිධානයේ නායක වේළුපිල්ලේ ප‍්‍රභාකරන් ඇතුළු ඊට අයත් අනෙකුත් ත්‍රස්තවාදී කවයන් සමග, නෙදියවන් එකල සම්බන්ධතා පැවැත්වාගෙන ගිය බව සඳහන් වෙයි.[2] දෙමළ ඩයස්පෝරාව අතරේ එල්ටීටීඊ ත්‍රස්ත අරමුණු ප්‍රවර්ධනය කිරීමට පෙරිම්පනායගම් ක්‍රියාකරන අතරතුර ඔහුට නෙදියවන් ("උස මිනිහා") යන යෙදුම පටබැදුනු බව කියැවේ. කේපී සමග ගැටුමකළු වෙළෙඳපොල තුල ගණුදෙණු කිරීම හරහා මුදල් හා බලය රැස්කරගනිමින් සිටි නෙදියවන් සහ එල්ටීටීඊ ත්‍රස්ත සංවිධානයේ ප්‍රධාන ආයුධ ගණුදෙණුකරු වූ කේපී (කුමරන් පත්මනාදන්) අතර ක්‍රමයෙන් අර්බුධයක් ගොඩනැගුණු බව පැවසේ. ඒ අතරේ දෙමළ කොටි ත්‍රස්තවාදය ශ්‍රී ලංකාව තුලදී පරාජය වීමත් සමග, නෙදියවන්ගේ ප්‍රධානියා බව කියන කැස්ත්‍රෝ, එල්ටීටීඊ ඩයස්පෝරාවේ සියළුම කළමනාකරණ කටයුතු නෙදියවන් යටතට පත්කරන ලදී.[4] ශ්‍රී ලංකා සිවිල් යුද්ධයේදී ප්‍රභාකරන් මරණයට පත්වීම පිළිගැනීම ප්‍රතික්ෂේප කල නෙදියවන්, ඔහුගේ පාලනයක් සහිත දෙමළ වෙබ් අඩවි හරහා පද්මනාදන් අපකීර්තියට පත්කරවීමේ වැඩසටහනක් පවත්වාගෙන යන ලදී. ප්‍රභාකරන්ගෙන් පසු එල්ටීටීඊ ත්‍රස්ත සංවිධානයේ නායකත්වය පත්මනාදන්ට පැවරීම කෙරෙහිද, නෙදියවන් ප්‍රසිද්ධියේ විරුද්ධ වූ බව සඳහන් වෙයි.[5][6][7] 2009 වසරේ මැදදී පත්මනාදන් අත්අඩංගුවට පත් වූවේ, නෙදියවන් විසින් සිදුකල පාවාදීමකින් යැයි පැවසේ.[8][9] වරෙන්තු නිකුත් කිරීමත්රස්තවාදී ක්‍රියාවන් සිදුකිරීමට ගොස් ශ්‍රී ලංකා හමුදාවන් සමග ඇති වූ ගැටුමකදී ජීවිතක්ෂයට පත්වූ ගෝපි, අප්පන් හා තේවියන් වැනි පුද්ගලයින් හරහා, ශ්‍රී ලංකාව තුළ නැවතත් එල්.ටි.ටි.ඊ. ත්‍රස්ත සංවිධානයට පණ දීමට උත්සාහ කිරීම හේතුවෙන්, ශ්‍රී ලංකා පොලීසිය 2014 අප්‍රියෙල් මසදී, ජාත්‍යන්තර පොලීසිය හරහා නෙදියවන් වෙත රතු වරෙන්තු නිකුත් කිරීමට පියවර ගන්නා ලදී.[10] මීට පෙරද දෙමළ ඩයස්පෝරාවට මුදල් එක්රැස් කිරීමේ චෝදනා මත 2011 වසරේ ඔස්ලෝ නුවර දී නෙදියවන් අත්අඩංගුවට ගෙන තිබුණත්, ඔහු කොන්දේසී ඇප මත නිදහස්ව, ඒ සම්බන්ධයෙන් එරට පොලීසිය නැවතත් වෙත ඉදිරිපත් වී නොමැති බව සඳහන් වෙයි.[11] ආශ්‍රිත
|
Portal di Ensiklopedia Dunia