ද හින්දු
ද හින්දු යනු ඉංග්‍රීසි-භාෂාවෙන් නිකුත් කරනු ලබන දිනපතා ඉන්දියානු පුවත්පතකි. 1878 වසරේ ආරම්භ කරනු ලැබූ එය 1889 වසරේදී දිනපතා මුද්‍රණය වන පුවත්පතක් බවට පත්විය. එහි ප්‍රධාන මූලස්ථානය චෙන්නායිහී පිහිටුවා තිබේ. 2013 දෙසැම්බර් වන විට පුවත්පත් මිලියන 1.39ක සාමාන්‍ය විකුණුම් ප්‍රමාණයක් හිමිකරගනිමින් ද හින්දු පුවත්පත ඉන්දියාවේ වැඩිම සංසරණයක් සහිත පුවත්පත් අතරින් දෙවන ස්ථානයට පත්විය.[2] 2012 ඉන්දියානු පාඨක සමීක්ෂණයට අනූව, ඉන්දියාවේ තෙවැනියට වැඩිම ප්‍රමාණයක් කියවන ඉංග්‍රීසි පුවත්පත වන්නේද මෙම පුවත්පතයි. (ටයිම්ස් ඔෆ් ඉන්ඩියා හා හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත් වලට පසුව) සමීක්ෂණයට අනූව එහි පාඨක ප්‍රමාණය මිලියන 2.2 ක් සේ දැක්වෙයි.[3] ද හින්දු පුවත්පතේ විශාලතම පුවත්පත් සංසරණ පදනම දකුණු ඉන්දියාව සතුවන අතර, කේරල සහ තමිල් නාඩු ප්‍රාන්තයන්හී වැඩිම ප්‍රමාණයක් කියවන ඉංග්‍රීසි පුවත්පතද ලෙසද මෙම පුවත්පත හැඳින්වේ. සමාගම සතු සේවකයින් ප්‍රමාණය 1,600 ක් පමණ වන අතර එහි වාර්ෂික පිරිවැටුම 2010 වසරේදී ඩොලර් මිලියන 200 ක් පමණ විය.[4] . ග්‍රාහක පිරිස හා දැන්වීම් ප්‍රචාරණය, ආයතනයේ ප්‍රධාන ආදායම් මාර්ග බවට පත්ව තිබේ. 1995 වසරේදී ද හින්දු පුවත්පත, අන්තර්ජාල පුවත් කලාපයක් ඉදිරිපත් කරනු ලැබූ ප්‍රථම ඉන්දියානු පුවත්පත බවටද පත්විය.[5] 2014 ඔක්තෝම්බරය වන විට, පුවත්පත ප්‍රාන්ත අටක, ස්ථාන 18 කදී මුද්‍රණය කෙරිණ. [6] ඊට අමතරව ද හින්දු පුවත්පත වර්ථමානයේ ඉස්ලාමාබාද්, කොළඹ, ඩකා, කත්මණ්ඩු, බෙයිජිං, මොස්කව්, පැරිස්, ඩුබායි, වොෂින්ටන්, ඩී.සී., ලන්ඩන් හා අඩිස්අබාබා යන විදේශීය නගරයන්හී සිය ප්‍රාදේශීය කාර්යාල පිහිටුවා තිබේ. ඉතිහාසයද හින්දු පුවත්පත 1878 සැප්තැම්බර් 20වන දින මැඩ්‍රාස්හීදී, සතිපතා පුවත්පතක් ලෙස ආරම්භ කෙරුණි.[7] පුවත්පතේ ප්‍රථම කලාපය පිටපත් 80 ක පමණ ප්‍රමාණයකින් සමන්විත සමන්විත වූ අතර, සුබ්‍රමනියා අයියාර් එහි පළමු සංස්කාරකවරයා විය. 1883 වර්ෂයේදී පුවත්පත සතියකට තෙවතාවක් ලෙසත් 1889 දී දිනපතා සවස් පුවත්පතක් ලෙසත් මුද්‍රණය කෙරිණි. එක් පත්‍රයක මිල ඇනා 4ක් විය. අන්තර්ජාල කලාපයද හින්දු පුවත්පතේ පළමු අන්තර්ජාල කලාපය 1995 දී දියත් කරනු ලැබූ අතර වර්ෂ 14 කට පසුව 2009 අගෝස්තු 15 වන දිනදී පළමු වරට එය බීටා සංස්කරණයක් වශයෙන් හා 2010 ජුනි 24 වන දිනදී සම්පූර්ණ සජීවී වෙබ් අඩවියක් ලෙස දියත් කරන ලදී.[8] 1965 වසරේදී ද ටයිම්ස් විසින් ද හින්දු පුවත්පත ලොව හොදම පුවත්පත් 10 අතුරින් එකක් ලෙස නම් කරන ලදී. මතබේදයට ලක්වීම්ද හින්දු පුවත්පත ශ්‍රී ලංකා දමිළ ජනයාගේ අයිතිවාසිකම් සම්බන්ධ කරුණු වලදී සිංහල පක්ෂාතීත්වයක් දක්වන බවට චෝදනා එල්ල වී තිබේ.[9] එසේම ශ්‍රී ලංකා දමිළ ජනයාට එරෙහිව ඉන්දියානු සාම සාධක හමුදාව විසින් සිදුකෙරූ අපරාධ හෙළිදරවු කිරීම හේතුවෙන් තමා හින්දු පුවත්පතින් නෙරපා දැමූ බවටද ශ්‍රී ලාංකික දේශපාලන විචාරකයෙකු වූ ඩේවිඩ් ජෙයරාජ් විසින් වරෙක ද හින්දු පුවත්පතට චෝදනා එල්ල කරනු ලැබිණි.[10] කෙසේ නමුදු 2005 නොවැම්බරයේදී හින්දු පුවත්පතේ ප්‍රකාශක එන්. රාම් වෙත ශ්‍රී ලංකාව විසින් විදේශිකයෙකු වෙත පිරිනමන ඉහළම සිවිල් සම්මානය වූ "ශ්‍රී ලංකා රත්න" සම්මානය හිමි විය. මූලාශ්‍ර
|
Portal di Ensiklopedia Dunia