බීබීසී
බ්‍රිතාන්‍ය ගුවන්විදුලි සංස්ථාව (බීබීසී) (ඉංග්‍රීසි: British Broadcasting Corporation, BBC) යනු බ්‍රිතාන්‍ය මහජන සේවා විද්‍යුත් ප්‍රචාරණ සංස්ථාවකි.[2] එහි ප්‍රධාන වගකීම වන්නේ එක්සත් රාජධානියෙහි, චැනල් දිවයින්හී, සහ අයිල් ඔෆ් මෑන්හී මධ්‍යස්ථ පොදු සේවා විද්‍යුත් ප්‍රචාරණයෙහි යෙදීමයි. 23,000 පමණ සංඛ්‍යාවක කාර්ය මණ්ඩලයකට හිමිකම් කියන එය, සේවක සංඛ්‍යාව අනුව සලකන කල, ලොව විශාලතම විද්‍යුත් ප්‍රචාරකයා වෙයි. [3] [4][5] බීබීසී යේ මූලස්ථානය, ලන්ඩනයේ, බ්‍රෝඩ්කාස්ටිං හවුස්හී පිහිටා ඇති අතර එහි ප්‍රධාන නිෂ්පාදන මධ්‍යස්ථාන, බෙල්ෆාස්ට්, බර්මිංහැම්, බ්‍රිස්ටල්, කාඩිෆ්, ග්ලාස්ගෝ, ලන්ඩනය සහ සල්ෆඩ් කේස් යන ස්ථාන වල පිහිටා ඇති අතර කුඩා නිෂ්පාදන මධ්‍යස්ථාන එරා පුරා පිහිටා ඇත. බීබීසී ය අර්ධ-ස්වතන්ත්‍ර පොදු සේවා විද්‍යුත් ප්‍රචාරකයෙක් වන අතර [6] රාජකීය වරපතක් යටතේ සහ [7] ස්වදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් වෙතින් නිකුත්වූ බලපත්‍රයක් සහ පොරොන්දු පත්‍රයක් මත ක්‍රියාත්මක වෙයි.[8] එක්සත් රාජධානිය තුල එහි කෘත්‍යයන් සඳහා ප්‍රධාන වශයෙන් අරමුදල් සැපයෙන්නේ වාර්ෂික රූපවාහිනී බලපත්‍ර ගාස්තුවක් මගින් වන අතර,[9] එසැණින් රූපවාහිනී විද්‍යුත් ප්‍රචාරණ ග්‍රහණය කර ගත හැකි ඕනෑම වර්ගයක උපකරණ භාවිතා කරන බ්‍රිතාන්‍ය ගෘහස්තයන්, සමාගම් සහ සංවිධාන වෙතින් මෙය අය කෙරෙයි;[10] ගාස්තුවෙහි ප්‍රමාණය වාර්ෂිකව තීරණය කෙරෙනුයේ, පාර්ලිමේන්තුවෙහි එකඟත්වය මත බ්‍රිතාන්‍ය රජය විසිනි. [11] 1932 දෙසැම්බර් 19 දිනදී බීබීසී අධිරාජ්‍යය සේවය පිහිටුවීමේ පටන් ශ්‍රව්‍ය ගුවන්විදුලිය මගින්ද, මෑතකදී රූපවාහිනිය සහ මාර්ගත සේවා මගින්ද, සෘජු විද්‍යුත් ප්‍රචාරණය සහ යළි-සම්ප්‍රේශණ ගිවිසුම් භාවිතයෙන්, බීබීසී ලෝක සේවය විසින්, එරා වෙතින් පිටත සේවා සපයා ඇත. විශේෂිත වශයෙන් ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම් ප්‍රතිදානය සපයා ගැනුමට, ගෘහස්ත සේවාවන්ගේ සමහරක් පහසුකම් හවුලේ භාවිතා කරතත්, ලෝක සේවය සඳහා වෙනස්වූ කළමනාකාර අධ්‍යක්ෂවරයෙක් භාවිතාවූ අතර, එහි ක්‍රියාකාරී අරමුදල් ඓතිහාසික වශයෙන් සැපයුනේ ප්‍රධාන වශයෙන් බ්‍රිතාන්‍ය රජය වෙතින් ලබාදුන් සෘජු දීමනා මගිනි. මෙම දීමනාවන්හී ප්‍රමාණය, ගෘහස්ත බලපත්‍ර ගාස්තු වලින් ස්වායත්තව තීරණය කෙරුණු අතර, සාමාන්‍ය වශයෙන් විදේශ සහ පොදු රාජ්‍ය මණ්ඩල කාර්යාල අයවැය ගිණුමෙන් ප්‍රදානය කෙරිණි. එබැවින්, බීබීසී යේ ජාත්‍යන්තර සේවා අන්තර්ගතය සාම්ප්‍රදායිකව ක්‍රියාක්මක වූයේ – භාගික වශයෙන් හෝ – බ්‍රිතාන්‍ය රජය සඳහා ඵලදායී විදේශ ප්‍රතිපත්ති මෙවලමක් ලෙසිනි. මෑතදී පැවැත්වුණු බීබීසී ලෝක සේවා වැය සමාලෝචනයේදී, ගෘහස්ත බලපත්‍ර ගාස්තු තුලින් ලෝක සේවය සඳහා අරමුදල් සපයා ගැනුමෙහි සැලසුමක් ප්‍රකාශයට පත් කෙරුණි. සංස්ථාව වෙත සහතික ලෙසින් හිමි වන බලපත්‍ර ගාස්තු සහ ලෝක සේවා දීමනාවට අතිරේඛ වශයෙන්, සම්පූර්ණ හිමිකාරත්වය සහිත සහධාරි සමාගමක් වන බීබීසී වර්ල්ඩ්වයිඩ් හී වාණිජ ක්‍රියාකාරකම් තුලින් උපැයෙන ලෘභය එය වෙත ලැබෙයි. සමාගමෙහි ක්‍රියාකාරකම් අතර වැඩසටහන්- සහ සැලසුම්-විකුණුම වෙයි. සංස්ථාවෙහි තවද සම්පූර්ණ හිමිකාරත්වය සහිත සහධාරි සමාගමක් වන හා පෙරදී බීබීසී රිසෝසර්ස් සමාගම ලෙසින් හැඳින්වුණු, බීබීසී සැදිරි සහ පසු නිෂ්පාදන සමාගම විසින් සිදුකෙරෙන සමහරත් වැඩසටහන්-නිපැයීමේ සේවාවන් විකිනීමෙන් ලැබෙන අතිරේක ආදායමද බීබීසී ය විසින් උපයයි. බීබීසී යේ බොහෝ සඟරා සහ ග්‍රන්ථ ප්‍රකාශන ක්‍රියාකාරකම් 2011 දී විකුණා දමන ලදි. [12] අනෙකුත් බ්‍රිතාන්‍ය මාධ්‍යයන් විසින් බීබීසී ය සමහරවිට ඇමතෙන්නේ "ආන්ටි" (නැන්දා) හෝ "ද බීබ්" (බීබීසී යන නම ඇරඹෙන අකුරු වලින් සැදි කෙටි නමකි) යනුවෙනි. ඉතිහාසයතවද තොරතුරු: බීබීසීයෙහි කාලානුරූපය
1922 සිට 1939![]() පෞද්ගලික අයිතියක් සහිතවූ බීබීසී ය ලොව පළමු ජාතික විද්‍යුත් ප්‍රචාරණ සංවිධානය විය.[13] මූලාශ්‍ර
බාහිර සබැඳි![]() බීබීසී හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත. |
Portal di Ensiklopedia Dunia