හම්බන්තොට මැතිවරණ කොට්ඨාශය (1947–1989)හම්බන්තොට මැතිවරණ කොට්ඨාශය අගෝස්තු 1947 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ කොට්ඨාශ අතුරින් එකක් විය. මෙම මැතිවරණ කොට්ඨාශය නම් ලද්දේ දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ, හම්බන්තොට නගරය අනුව යමිනි . ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ වූ කොට්ඨාශ 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී හම්බන්තොට මැතිවරණ කොට්ඨාශය වෙනුවට හම්බන්තොට බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශය තුල ඡන්ද කොට්ඨාශයක් ලෙස හම්බන්තොට දිගටම පවතියි. 1947 පාර්ලිමේන්තු මහා මැතිවරණය23 අගෝස්තු 1947 සිට 20 සැප්තැම්බර් 1947 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු පළමුවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[2]
1952 පාර්ලිමේන්තු මහා මැතිවරණය24 මැයි 1952 සහ 30 මැයි1952 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු දෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[3]
ආශ්‍රිත
|
Portal di Ensiklopedia Dunia