උඩුප්පිඩි මැතිවරණ කොට්ඨාශයඋඩුප්පිඩි මැතිවරණ කොට්ඨාශය මාර්තු 1960 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ කොට්ඨාශ අතුරින් එකක් විය. මෙම මැතිවරණ කොට්ඨාශය නම් ලද්දේ උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කයේ, උඩුප්පිඩි නගරය අනුව යමිනි . මාර්තු 1960 දී පේදුරුතුඩුව මැතිවරණ කොට්ඨාශයෙහි බස්නාහිර ප්‍රදේශයෙහි කොටසක් කඩා වෙන් කිරීම මගින් මෛම කොට්ඨාශය තැනිණි. ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ වූ කොට්ඨාශ 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී උඩුප්පිඩි මැතිවරණ කොට්ඨාශය වෙනුවට යාපනය බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශය තුල ඡන්ද කොට්ඨාශයක් ලෙස උඩුප්පිඩි දිගටම පවතියි. 1960 (මාර්තු) පාර්ලිමේන්තු මහා මැතිවරණය19 මාර්තු 1960 දිනදී පැවැත්වුණු සතරවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[2]
1960 (ජූලි) පාර්ලිමේන්තු මහා මැතිවරණය20 ජූලි 1960 දිනදී පැවැත්වුණු පස්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[3]
1965 පාර්ලිමේන්තු මහා මැතිවරණය22 මාර්තු 1965 දිනදී පැවැත්වුණු හයවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[4]
1970 පාර්ලිමේන්තු මහා මැතිවරණය27 මැයි 1970 දිනදී පැවැත්වුණු සත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[5]
1977 පාර්ලිමේන්තු මහා මැතිවරණය21 ජූලි 1977 දිනදී පැවැත්වුණු අටවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[6]
ආශ්‍රිත
|
Portal di Ensiklopedia Dunia