2002 අයි.සී.සී. ශූරයන්ගේ කුසලානය
2002 ICC චැම්පියන්ස් කුසලානය යනු 2002 දී ශ්‍රී ලංකාවේ පැවති ක්‍රිකට් තරඟාවලියකි. එය ICC චැම්පියන්ස් කුසලානයේ තුන්වන සංස්කරණයයි - පළමු තරගාවලි දෙක ICC පිළිමළුන් පිටුදැකීමේ තරඟාවලි ලෙස හැඳින්විය. තරගාවලිය ඉන්දියාවේ පැවැත්වීමට නියමිතව තිබූ නමුත් ඉන්දියාවේ බදුවලින් නිදහස් කිරීමක් ලබා නොදීම නිසා එය ශ්‍රී ලංකාවට මාරු විය. තරගාවලියේ අවසන් පූර්ව තරග දෙකක් සහ අවසන් තරගයක් ඇතුළුව තරග 15ක් පැවැත්වීමට නියමිතව තිබුණි.[1] සියලුම තරග කොළඹදී R. ප්‍රේමදාස ක්‍රීඩාංගණය සහ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණය යන ක්‍රීඩාංගන දෙකේදී පැවැත්විණි. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) සියලුම සාමාජික රටවල කණ්ඩායම් ක්‍රිකට් තරගාවලියකට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණි පළමු අවස්ථාව එය විය. [2] කණ්ඩායම් 12ක් තරග වැදුණු අතර ටෙස්ට් ක්‍රීඩා කරන රටවල් 10ක් සහ පූර්ණ එක්දින ජාත්‍යන්තර (ODI) තත්ත්වය ඇති කෙන්යාව සහ 2001 ICC කුසලානය ජයග්‍රාහකයින් වූ නෙදර්ලන්තය සහභාගී විය. කණ්ඩායම් තුන බැගින් කාණ්ඩ හතරකට බෙදා ඇත. සෑම කණ්ඩායමක්ම තම සංචිතයේ අනෙක් කණ්ඩායම් දෙක සමඟ එක් වරක් ක්‍රීඩා කළ අතර, එක් එක් කාණ්ඩයේ පෙරමුණ ගත් කණ්ඩායම් හතර අවසන් පූර්ව වටයට පිවිසියේය.[3][4] පළමු අවසන් පූර්ව තරගයේදී ඔස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාව හමුවේ පරාජය වූ අතර ඉන්දියාව දෙවැනි අවසන් පූර්ව තරගයේදී දකුණු අප්‍රිකාව පරාජය කළේය. ඉන්දියාව සහ ශ්රී ලංකාව අතර පැවති අවසන් මහා තරගය කිසිදු ප්‍රතිඵලයක් නොලබා දෙවතාවක් වර්ෂාවට සේදී ගියේය.[5] විරේන්ද්‍ර සෙවාග් තරගාවලියේ වැඩිම ලකුණු රැස් කල ක්‍රීඩකයා වූ අතර මුත්තයියා මුරලිදරන් විසින් වැඩිම කඩුළුලාභියා විය. ත්‍යාග මුදල2002 ICC චැම්පියන්ස් කුසලානය සඳහා මුළු ත්‍යාග මුදල ඩොලර් මිලියන 100.15 ක් වූ අතර, ඊට අමතරව, තරඟාවලියට සහභාගී වීම සඳහා කණ්ඩායම් 12 ට ඩොලර් 165,000 බැගින් හිමි විය. තරඟාවලියේ ජයග්‍රාහී කණ්ඩායමට ඩොලර් 525,000 හිමි විය. කාණ්ඩ තරඟ දෙකම ජයග්‍රහණය කිරීම සඳහා ඩොලර් 100,000 ක් ද අවසන් පූර්ව තරඟය ජයග්‍රහණය කිරීම සඳහා ඩොලර් 125,000 ක් සහ අවසන් තරඟය ජයග්‍රහණය කිරීම සඳහා ඩොලර් 300,000 බැගින් එකතු කර ඇත.[6] තරඟාවලියේ ව්යුහයකණ්ඩායම් 12 (ටෙස්ට් ක්‍රීඩා කරන රටවල් 10ක් සමග කෙන්යාව සහ නෙදර්ලන්තය), කණ්ඩායම් තුන බැගින් කාණ්ඩ හතරකට බෙදා, සෑම කණ්ඩායමක්ම තරඟ දෙකක් ක්‍රීඩා කරන ලදී. ඕස්ටේ‍්‍රලියාව, බංගලිදේශය සහ නවසීලන්තය පළමු කාණ්ඩයට ඇතුළත් වූ අතර එංගලන්තය, ඉන්දියාව සහ සිම්බාබ්වේ දෙවන කාණ්ඩයට සඳහා වෙන් කරන ලදී. කෙන්යාව, දකුණු අපි‍්‍රකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් තුන්වන කාණ්ඩයට ද, නෙදර්ලන්තය, පකිස්ථානය සහ ශ්රී ලංකාව හතර වන කාණ්ඩයෙන් ද තරග වැදුණි. අවසන් පූර්ව වටයට 2 කාණ්ඩයේ ජයග්‍රාහකයන් සහ 3 කාණ්ඩයේ ජයග්‍රාහකයන් අතරද 1 කාණ්ඩයේ ජයග්‍රාහකයන් සහ 4 කාණ්ඩයේ ජයග්‍රාහකයන් අතර පැවැත්වුණි.[7] සහභාගී වන කණ්ඩායම්
මූලාශ්‍රය ලකුණු වගුවඕස්ටේ්රලියාව, ඉන්දියාව, දකුණු අපි‍්‍රකාව සහ ශ්රී ලංකාව ඔවුන්ගේ කාණ්ඩයේ තරග ජය ගනිමින් ඔවුන්ගේ කාණ්ඩවල පෙරමුණ ගෙන අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්හ.[8] ඔස්ට්‍රේලියාව පළමු අවසන් පූර්ව තරගයේදී ශ්‍රී ලංකාව සමග මුහුණ දුන් අතර දෙවැනි අවසන් පූර්ව තරගයේදී ඉන්දියාව දකුණු අප්‍රිකාව සමඟ තරග වැදුණි. ජයග්‍රහණයකට ලකුණු: 4[9]
කාණ්ඩ තරඟතරගාවලියේ පළමු තරගය 2002 සැප්තැම්බර් 12 වැනිදා ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්විණි. සනත් ජයසූරිය සිය දහතුන්වැනි එක්දින ශතකය වාර්තා කිරීමත් සමග තරගය කඩුලු 8 කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. ඔහු සිය ඉනිම අතරතුර එක්දින ලකුණු 8,000ට ළඟා විය.[10] නෙදර්ලන්තය සමග පැවති මීළඟ තරගය ලකුණු 202කින් ජය ගනිමින් ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට පිවිසියේය.[11] කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී බංග්ලාදේශය කඩුලු 9කින් පරාජය කළ ඔස්ට්‍රේලියාව පළමු කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය. කාණ්ඩයේ පළමු තරගයෙන් ඔස්ට්‍රේලියාව ලකුණු 164කින් නවසීලන්තය පරාජයට පත් කළේය. ඔවුන් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී ශ්‍රී ලංකාව සමග තරග වැදුණා.[12] සිය ආරම්භක තරගයේදී බටහිර ඉන්දීය කොදෙව්වන් පරාජය කළ දකුණු අප්‍රිකාව කෙන්යාව පරාජය කරමින් 3 වැනි කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයට පිවිසියේය.[13] ඔවුන් කෙන්යාව ලකුණු 176කින් පරාජය කළ අතර තරගයේ වීරයා හර්ෂෙල් ගිබ්ස් ලකුණු 116ක් රැස් කළේය.[14] තරඟාවලියේ සිම්බාබ්වේ සහ එංගලන්තය කාණ්ඩ තරඟ වලදී පරාජය කළ ඉන්දියාව කාණ්ඩයේ පෙරමුණ ගැනීමට සමත් විය. විරේන්ද්‍ර ෂෙවාග් එංගලන්තයට එරෙහිව ලකුණු 126ක් රැස් කළා. තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේදී ඉන්දියාව මුහුණ දුන්නේ දකුණු අප්‍රිකාව සමඟයි.[15] 1 වන කාණ්ඩය
2 වන කාණ්ඩය
3 වන කාණ්ඩය
4 වන කාණ්ඩය
පිළිමළුන් පිටුදැකීමේ තරඟඅවසන් පූර්ව වටයපළමු අවසන් පූර්ව තරගයේදී ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව දී 2002 සැප්තැම්බර් මස 25 වන දින ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත් විය. පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 261ක් රැස් කළහ. යුවරාජ් සිං, විරේන්ද්‍ර ෂෙවාග් සහ රාහුල් ඩ්‍රාවිඩ් පිළිවෙලින් ලකුණු 62, 59 සහ 49 රැස් කළහ. දකුණු අප්‍රිකානු වේග පන්දු යවන ක්‍රීඩක ෂෝන් පොලොක් ලකුණු 43කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය. ලකුණු 262 ක ඉලක්කය හඹාගිය දකුණු අප්‍රිකාව එක් කඩුල්ලක් දැවී ලකුණු 192 ක් ලබා සිටියදී ඉනිම බිඳ වැටීම ආරම්භ වූ අතර හර්ෂල් ගිබ්ස් ලකුණු 116 ක් සහ ජැක් කලිස් ඕවර 37 කදී ලකුණු 97 ක් ලබා සිටියදී දැවී ගියේය. ගිබ්ස්ට ඔහුගේ ඉනිම දිගටම කරගෙන යාමට නොහැකි වූයේ දැඩි උණුසුම නිසා ය.[16] ෂෙවාග් ලකුණු 25කට කඩුලු 3ක් දවාගත් අතර, ඔහුගේ දස්කම් වෙනුවෙන් තරගයේ වීරයා සම්මානය හිමිවිය. එම තරගය ලකුණු 10කින් ජයගත් ඉන්දියාව තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේය.[17][18] දෙවන අවසන් පූර්ව තරගය ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර 2002 සැප්තැම්බර් 27 වන දින එම පිටියේදීම පැවැත්විණි. පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව සියලු දෙනා දැවී ලකුණු 162ක් රැස් කළා. ෂේන් වෝන් ලකුණු 36ක් ලබා ගත් අතර ඇඩම් ගිල්ක්‍රිස්ට් සහ ඩේමියන් මාර්ටින් පිළිවෙලින් ලකුණු 31ක් සහ ලකුණු 28ක් ලබා ගත්හ. ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ලකුණු 26කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය. තරගයේ වීරයා සම්මානය දිනාගත් අරවින්ද ද සිල්වා ඕවර 10 කදී ලකුණු 16ක් පමණක් ලබාදී මැතිව් හේඩන්ගේ කඩුල්ල දවාගත්තේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 40 අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 163ක ඉලක්කය පසු කළා. ආරම්භක පිතිකරු මාවන් අතපත්තු ලකුණු 51ක් ලබා ගත් අතර කඩුලු රකින පිතිකරු කුමාර් සංගක්කාර සහ සනත් ජයසූරිය පිළිවෙලින් ලකුණු 48ක් සහ ලකුණු 42ක් ලබා ගත්හ. පන්දු යැවීමේදී ග්ලේන් මැක්ග්‍රාත් පන්දු වාර 10කදී ලකුණු 41කට කඩුලු 2ක් දවා ගැනීමට සමත් විය.[19][20] අවසාන තරගයමෙම 2002 චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලිය අවසන් තරගය 2002 සැප්තැම්බර් මස 29 සහ 30 කොළඹ, ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පවත්වන ලදී.[21] සැප්තැම්බර් 29 වැනිදා ශ්‍රී ලංකාව, ජයසූරිය සහ කුමාර් සංගක්කාර අර්ධ ශතක රැස්කරමින් ලකුණු 244ක් රැස්කළ අතර ඉන්දීය දඟ පන්දු යවන ක්‍රීඩක හර්බජන් සිං ඕවර 10කදී ලකුණු 27කට කඩුලු 3ක් දවාගත්තේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම පන්දුවාර 2කදී කිසිඳු නොදැවී ලකුණු 14ක් රැස්කරගෙන සිටි අතර, තරගය අධික වර්ෂාව හේතුවෙන් අතහැර දැමුණා. තරගය ප්‍රතිඵලයක් නොමැතිව අවසන් විය.[22] නව තරගය අතිරේක දිනයේදී පැවැත්වීමට තීරණය විය.[23] අතිරේක දිනයේදී නැවතත් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ලකුණු 222ක් රැස් කලේය. මහේල ජයවර්ධන සහ රසල් ආර්නෝල්ඩ් පිළිවෙළින් ලකුණු 77ක් සහ ලකුණු 56ක් ලබා ගත් අතර ඉන්දීය සහීර් ඛාන් ලකුණු 44කට කඩුලු 3ක් බිඳ හෙළීය. ඉන්දියාව ඕවර 8.4කදී ලකුණු 38ක් රැස්කළ අතර වර්ෂාව හේතුවෙන් තරගය ප්‍රතිඵලයක් නොමැතිව අත්හැර දමන ලදී.[24] ICC නීතිරීතිවලට අනුව, එදිජා තරඟයක් නිල වන්නේ දෙවනුව පන්දුවට පහර දෙන කණ්ඩායමට පන්දුවාර 25ක් යැවීමෙන් පසුව පමණි.[25] තරගාවලියේ වීරයා සම්මානයක් පිරිණැමුවේ නැත.[26]
විවේචනයජාත්යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) එකල එක්දින ජාත්‍යන්තර (එදිජා) ක්‍රිකට් ක්‍රීඩාව සඳහා වූ "තරගයක් නිල වශයෙන් පිළි ගැනීමට දෙවනුව පන්දුවට පහර දෙන කණ්ඩායමට අවම වශයෙන් ඕවර 25 ක් යැවිය යුතුය" යන නීතිය හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින් විසින් විවේචනයට ලක් කරන ලදී.[27] හිටපු ඉන්දීය කඩුලු රකින ක්‍රීඩක ෆාරෝක් ඉන්ජිනියර් මෙම නීතිය ප්‍රතික්ෂේප කළේ "කිසිදු තේරුමක් නැති" බව පවසමිනි.[28] තවත් හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක සංජේ මන්ජ්‍රේකාර් පැවසුවේ අයිසීසීය "එම රීතිය දෙස කෙලින්ම බලා එය වෙනස් කළ යුතු" බවත්, "පැහැදිලි දෙය නම් ඔවුන් නතර කළ තැනින් ඉදිරියට යාම" බවත්ය.[29] තරඟාවලියේ සංඛ්‍යා ලේඛනතරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වූයේ ඉන්දීය ආරම්භක පිතිකරු විරේන්ද්‍ර ෂෙවාග් ය. ඔහු ඉනිම හතරකින් ලකුණු 271ක් රැස් කළේ ලකුණු 90ට වැඩි සාමාන්‍යයක් වන අතර ඊට ශතකයක් සහ අර්ධ ශතකයක් ද ඇතුළත් ය. ඔහුගේ වැඩිම ලකුණු සංඛ්‍යාව වූයේ එංගලන්තයට එරෙහිව ලබාගත් ලකුණු 126යි.[30] අනතුරුව ලකුණු 254ක් රැස්කළ ශ්‍රී ලංකා නායක සනත් ජයසූරිය. මෙම තරගාවලියේදී දකුණු අප්‍රිකාවේ හර්ෂල් ගිබ්ස් ශතක දෙකක් රැස් කළේය. ඉනිම තුනකින් ලකුණු 120ක ඉහළම සාමාන්‍යය ද ඔහු සතු විය.[31] සිම්බාබ්වේ ක්‍රීඩක ඇන්ඩි ෆ්ලවර් ඉන්දියාවට එරෙහිව ලබාගත් ලකුණු 145 තරගයක වැඩිම පුද්ගලික ලකුණු සංඛ්‍යාව විය.[32][33] තරගාවලියේ සාර්ථකම පන්දු යවන්නා වූයේ ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ය. ඔහු ඉනිම තුනකදී කඩුලු දහයක් දවාගත් අතර ඔහුගේ හොඳම පන්දු යැවීම වූයේ නෙදර්ලන්තයට එරෙහිව ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ලකුණු 15කට කඩුලු 4ක් දවා ගැනීමයි. මෙම තරඟාවලියේ එකම කඩුලු පහ දවා ගත්තේ ඕස්ට්‍රේලියානු වේගපන්දු යවන ක්‍රීඩක ග්ලෙන් මැග්‍රාත් විසිනි . ඔහු නවසීලන්තයට එරෙහිව සිංහල ක්‍රීඩා සමාජ පිටියේ දී ලකුණු 37කට කඩුලු 5ක් දවා ගැනීමට සමත් විය.[34][35] සිම්බාබ්වේ ඇලිස්ටෙයා කැම්බල් තරග දෙකක් උඩ පන්දු පහක් ගෙන,[36] සහ ශ්‍රී ලංකාවේ කඩුලු රකින කුමාර් සංගක්කාර උඩ පන්දු පහක්ව හා ස්ටම්ප් දෙකක් සමග වැඩිම දවා ගැනීම් වලට දායක විය.[37] යොමු කිරීම්
ශ්රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග |
Portal di Ensiklopedia Dunia