වර්තමානයෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2017 සැප්තැම්බර සහ ඔක්තොම්බර මාස තුලදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුල සංචාරයෙහි යෙදෙන්නේ, පකිස්තාන ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ටෙස්ට් තරග දෙකක්, එක් දින ජාත්‍යන්තරයන් (එදිජා) පහක් සහ විස්සයි20 ජාත්‍යන්තරයන් (වි20ජා) තුනක් තරග වැදීම සඳහාය.[1][2] මිස්බා-උල්-හක් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව, සෆ්රාස් අහමඩ් විසින් පකිස්තාන නායකත්වය සැපයුනු පළමු ටෙස්ට් තරග කිහිපයද මෙයට අඩංගු විය.[3]
2017 අගෝස්තු මාසයෙහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල ප්‍රකාශ කලේ, ඔක්තොම්බර මාසයෙහිදී පැවැත්වෙන වි20ජා තරග තුන අතුරින් එකක් හෝ පකිස්තානයෙහි ලාහෝරයෙහිදී තරග වැදීමට ඔහු මනාප බවකි.[4][5][6] 2009 වසරෙහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙත ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ලවූයේ ලාහෝරයෙහි ගඩාෆි ක්‍රීඩාංගණය වෙත ගමන් කරමින් සිටියදීය. එතැන් පටන් පකිස්තානය වෙත සංචාරයෙහි යෙදුනු එකම ටෙස්ට් කණ්ඩායම වූයේ 2015 මැයි මාසයෙහි සංචාරයෙහි යෙදුනු සිම්බාබ්වේ කණ්ඩායම විය.[4] 2017 සැප්තැම්බර මාසය වන විට තරග කාලසටහන තහවුරු කර තිබූ අතර අවසන් වි20ජා තරගය ලාහෝරයෙහි පැවැත්වීමට නියමිත විය.[7] ලාහෝරයෙහි තරගයට සහභාගි වීමට ක්‍රිඩකයන්ට "ගිවිසුම්කර බැඳීමක්" ඇති බවක් ශ්‍රී ලංකා ක්‍රිකට් පැවසුවද, පකිස්තානය වෙත සංචාරයෙහි නොයෙදෙන ක්‍රිඩකයන් වෙත දන්ඩනයන් පැනවෙන බවක් සිතිය නොහැක.[8] වර්තමාන ශ්‍රී ලංකා කණ්ඩායමෙහි චාමර කපුගෙදර සහ සුරංග ලක්මාල් 2009 ත්‍රස්තවාදී ප්‍රහාරයෙහිදී බස් රථය තුල සිටි අතර, ඔවුන් දෙදෙනාම වි20ජා සංචිතයට තෝරා ගැනීමට ඉඩ ඇත.[8]
ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවූ පළමු දිවා/රාත්‍රී ටෙස්ට් තරගය වූ දෙවන ටෙස්ට් තරගය, දිවා/රාත්‍රී ඉසව්වක් ලෙසින් තරග වැදිණි.[9] ටෙස්ට් සහ එදිජා තරග ඉසව් සඳහා විනිසුරුවන් නම් කිරීම, 2017 සැප්තැම්බර 27 දිනදී පකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය (පීසීබී) වෙතින් සිදුවිය.[10]ශ්‍රී ලංකාව විසින් ටෙස්ට් තරගාවලිය 2–0 ලෙසින් ජයග්‍රහණය කෙරිණි . එය එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුල පකිස්තානයෙහි පළමුවන අන්ත පරාජය වූ අතර, 2002 ඔක්තොම්බරයෙහිදී ඕස්ට්‍රේලියාව වෙතින් 3–0 ලෙසින් පරාජය වීමෙන් පසුව තම රට විසින් සත්කාරකත්වය සැපයුනු තරගාවලියකදී එය විසින් ලැබූ දෙවන අන්ත පරාජය විය.[11]
සංචිත
ටෙස්ට්
|
එදිජා
|
වි20ජා
|
පකිස්තානය[12]
|
ශ්‍රී ලංකාව[13]
|
පකිස්තානය[14]
|
ශ්‍රී ලංකාව[15]
|
පකිස්තානය[16]
|
ශ්‍රී ලංකාව[17]
|
- සර්ෆරාස් අහමඩ් (නා, කරැ)
- මොහොමඩ් අබ්බාස්
- අසාර් අලි
- හසන් අලි
- මොහොමඩ් අමීර්
- මොහොමඩ් අස්ගර්
- බිලාල් අසීෆ්
- සාමි අස්ලම්
- බාබර් අසාම්
- මීර් හම්සා
- ෂාන් මසූඩ්
- වහාබ් රියාස්
- උස්මාන් සලාහුදීන්
- අසාද් ෂෆීක්
- යසීර් ෂා
- හරිස් සොහයිල්
|
- දිනේෂ් චන්දිමාල් (නා)
- ලහිරු තිරිමාන්න (උප)
- නිරෝෂන් දික්වැල්ල (කරැ)
- විශ්ව ප්‍රනාන්දු
- ලහිරු ගමගේ
- රංගන හේරත්
- දිමුත් කරුණාරත්න
- සුරංග ලක්මාල්
- කුසල් මෙන්ඩිස්
- දිල්රුවන් පෙරේරා
- නුවන් ප්‍රදීප්
- සධීර සමරවික්‍රම
- ලක්ෂාන් සඳකැන්
- කෞෂාල් සිල්වා
- රොෂේන් සිල්වා
|
- සර්ෆරාස් අහමඩ් (නා, කරැ)
- හසන් අලි
- මොහොමඩ් අමීර්
- ෆහීම් අෂ්රෆ්
- බාබර් අසාම්
- මොහොමඩ් හෆීස්
- ජුනයිඩ් ඛාන්
- ෂඩාබ් ඛාන්
- උස්මාන් ඛාන්
- ෂොයිබ් මලික්
- රුම්මන් රයිස්
- අහමඩ් ෂෙසාඩ්
- හරිස් සොහයිල්
- ඉමාඩ් වසීම්
- ෆකාර් සමාන්
- ඉමාම්-උල්-හක්
|
- උපුල් තරංග (ඇ)
- දුෂ්මන්ත චමීර
- දිනේෂ් චන්දිමාල්
- අකිල ධනංජය
- නිරෝෂන් දික්වැල්ල (කරැ)
- විශ්ව ප්‍රනාන්දු
- ලහිරු ගමගේ
- චාමර කපුගෙදර
- සුරංග ලක්මාල්
- කුසල් මෙන්ඩිස්
- තිසර පෙරේරා
නුවන් ප්‍රදීප්
- සීක්කුගේ ප්‍රසන්න
- සධීර සමරවික්‍රම
- මිලින්ද සිරිවර්ධන
- ලහිරු තිරිමාන්න
- ජෙෆ්රි වැන්ඩර්සේ
|
- සර්ෆරාස් අහමඩ් (නා, කරැ)
- හසන් අලි
- උමර් අමීන්
- මොහොමඩ් අමීර්
- ෆහීම් අෂ්රෆ්
- බාබර් අසාම්
- මොහොමඩ් හෆීස්
- ෂඩාබ් ඛාන්
- උස්මාන් ඛාන්
- ෂොයිබ් මලික්
- මොහොමඩ් නවාස්
- රුම්මන් රයිස්
- අහමඩ් ෂෙසාඩ්
- ඉමාඩ් වසීම්
- ආමර් යමින්
- ෆකාර් සමාන්
|
- තිසර පෙරේරා (නා)
- මිනෝද් භානුක
- චතුරංග ද සිල්වා
- විශ්ව ප්‍රනාන්දු
- ලහිරු ගමගේ
- ධනුෂ්ක ගුණතිලක
- ඩිල්ෂාන් මුණවීර
- සචිත් පතිරණ
- සීක්කුගේ ප්‍රසන්න
- අශාන් ප්‍රියංජන්
- සධීර සමරවික්‍රම
- විකුම් සංජය
- දසුන් ශානක
- ඉසුරු උදාන
- මහේල උඩවත්ත
- ජෙෆ්රි වැන්ඩර්සේ
|
එක්දින තරගාවලියට පෙර මොහොමඩ් අමීර් ආබාධයකට ලක්ව පාකිස්තාන සංචිතයෙන් ඉවත් වූ අතර ඔහු වෙනුවට උස්මාන් ඛාන් කණ්ඩායමට එක්විය.[18] නුවන් ප්‍රදීප් ආබාධයකට ලක්ව ශ්‍රී ලංකා එක්දින සංචිතයෙන් ඉවත් කෙරුණු අතර ඔහු වෙනුවට ළහිරු ගමගේ කණ්ඩායමට එක්කර තිබේ.[19] තෙවැනි එක්දින තරගයට පෙර සධීර සමරවික්‍රම ශ්‍රී ලංකා එක්දින සංචිතයට එක් කර ඇත.[20]
ටෙස්ට් තරග
පළමු තරගය
- කාසියෙහි වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදීමට තීරණය කලේය.
හැරිස් සොහේල් ඔහුගේ ටෙස්ට් මංගලාවතරණය ලැබීය.
සෆ්රාස් අහමඩ් පාකිස්ථාන ටෙස්ට් නායකත්වයට පත්වෙයි.
යසීර් ෂා ඔහුගේ 150වන ටෙස්ට් කඩුල්ල දවාගනී.[21]
අසාර් අලි ඔහුගේ ටෙස්ට් ලකුණු 5000 සීමාව පසු කරයි.
රංගන හේරත් ඔහුගේ 400වන ටෙස්ට් කඩුල්ල දවාගනී.
- පාකිස්තානය අබුඩාබිහිදී ටෙස්ට් තරගයක් පරාජය වූ පළමු අවස්ථාව මෙය විය.
දෙවන තරගය
- කාසියෙහි වාසිය ලැබූ ශ්‍රී ලංකාව පළමුව පිතිකරණයෙහි යෙදීම තෝරා ගති
සදීර සමරවික්‍රම සහ
ලහිරු ගමගේ විසින් ඔවුන්ගේ ටෙස්ට් මංගලාවතරණය ලැබීය.
- මෙම තරගය ශ්‍රී ලංකාව සහභාගි වූ පළමුවන දිවා/රාත්‍රී ටෙස්ට් තරගය විය. [22]
එක්දින තරග
පළමු තරගය
- කාසියෙහි වාසිය ලැබූ ශ්‍රී ලංකාව පළමුව පන්දු යැවීම තෝරා ගති
දෙවන තරගය
- කාසියේ වාසිය දිනූ පකිස්ථානය පන්දුවට පහරදීමට තීරණය කළේය.
බාබර් අසාම් එක්දින තරඟවලදී එකම රටක අඛණ්ඩව ශතක පහක් රැස් කළ පළමු පිතිකරුවා බවට පත් විය. [23]
උපුල් තරංග ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරගයකදී තම පිත්ත රැගෙන පළමු පිතිකරුවා බවට පත්විය.[24]
තෙවන තරගය
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
ඉමාම්-උල්-හක් ඔහුගේ මංගල එක්දින තරගය ආරම්භ කළේ, මංගල තරගයේදීම ශතකයක් රැස් කළ 13 වැනි පිතිකරුවා බවට පත්වෙමින්.[25]
හසන් අලි එක්දින තරගවලදී (24) ක්‍රීඩා කළ තරග අනුව කඩුලු 50ක් දවාගත් පාකිස්තානය වෙනුවෙන් වේගවත්ම පන්දු යවන්නා බවට පත්විය.[26][27]
හතරවන තරගය
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
උස්මාන් ඛාන් සහ
සදීර සමරවික්‍රම දෙදෙනාම ඔවුන්ගේ මංගල එක්දින ක්‍රිකට් ක්‍රීඩා කළහ.
පස්වන තරගය
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
උස්මාන් ඛාන් ඔහුගේ පළමු එක්දින කඩුලු පහ දවා ගැනීම.[28]
විස්සයි20 තරග
පළමු තරගය
- පකිස්තානය කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
තිසර පෙරේරා වි20ජා ශ්‍රී ලංකාවේ 9 වැනි නායකයා බවට පත් විය.[29]
සදීර සමරවික්‍රම ඔහුගේ මංගල වි20ජා තරගය ක්‍රීඩා කළේය.
දෙවන තරගය
- පකිස්තානය කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
ෆහීම් අෂ්රෆ් වි20ජා හි කඩුළු ත්‍රිත්වයක් ලබා ගත්, පකිස්තානය වෙනුවෙන් පළමු පන්දු යවන්නා බවට පත් වූ අතර සමස්තයක් වශයෙන් 6 වැනි ක්‍රීඩකයා විය.[30]
තෙවන තරගය
- තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
චතුරංග ද සිල්වා ඔහුගේ පළමු වි20ජා තරගයට පිවිසියේය.
මුලාශ්‍ර