1979 ක්‍රිකට් ලෝක කුසලානය, (නිල වශයෙන් පෘඩෙන්ෂල් කුසලානය '79 ලෙස හැඳින්වේ) ක්‍රිකට් ලෝක කුසලානයේ දෙවන සංස්කරණය විය. ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය විසින් සංවිධානය කරන ලද එය 1979 ජුනි 9 සිට 23 දක්වා එංගලන්තයේදී පැවැත්විණි.
මෙම තරඟාවලියට නැවත වරක් පෘඩෙන්ෂල් ඇෂුවරන්ස් සමාගම අනුග්‍රහය දක්වන ලද අතර තරඟාවලියට කණ්ඩායම් 8ක් සහභාගී වී සිටි අතර එකම වෙනස වූයේ තරඟාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියක් පවත්වා ශ්‍රී ලංකාව සමඟ සුදුසුකම් ලැබූ කැනඩාව සහභාගී වීම පමණි. අවසන් මහා තරගය නැවත වරක් ලෝඩ්ස්හිදී පැවැත්වීමත් සමඟ එක් එක් කාණ්ඩයෙන් කණ්ඩායම් දෙකක් සුදුසුකම් ලැබීමත් සමඟ ආකෘතිය එලෙසම පැවතුනි.
පළමු වරට අවසන් පූර්ව වටයට පිවිසි පාකිස්ථානය සමග එංගලන්තය 'ඒ' කාණ්ඩයෙන් සුදුසුකම් ලබා ගත් අතර බටහිර ඉන්දීය කොදෙව්වන් නවසීලන්තය සමග 'බී' කාණ්ඩයෙන් පෙරමුණ ගැනීමට සමත් විය. බටහිර ඉන්දීය කොදෙව් සහ එංගලන්තය පිළිවෙළින් පකිස්තානයට සහ නවසීලන්තයට එරෙහිව අවසන් පූර්ව වටය ජයග්‍රහණය කළ පසු, ඔවුන් ලෝඩ්ස් හිදී අවසන් මහා තරගයේදී මුණගැසුණු අතර ලකුණු 92ක ජයග්‍රහණයක් ලබා ගනිමින් බටහිර ඉන්දීය කොදෙව් පිල වසර හතරකට පෙර සිට තම ශූරතාව ආරක්ෂා කර ගැනීමට සමත්ත් විය. බටහිර ඉන්දීය පිතිකරු ගෝර්ඩන් ග්‍රීනිජ් තරඟ 4 කදී ලකුණු 253 ක් රැස්කරමින් තරඟාවලියේ වැඩිම ලකුණු ලාභියා ලෙස තරඟාවලිය අවසන් කළ අතර එංගලන්ත ක්‍රීඩක මයික් හෙන්ඩ්‍රික් කඩුලු දහයක් දවාගත් වැඩිම කඩුලු ලාභියා බවට පත් විය.
ආකෘතිය
තරඟාවලියේ කණ්ඩායම් අට කණ්ඩායම් හතරකින් යුත් කාණ්ඩ දෙකකට බෙදා ඇති අතර, සෑම කණ්ඩායමක්ම තම කාණ්ඩයේ අනෙක් කණ්ඩායම් සමග තනි රවුන්ඩ් රොබින් ක්‍රමයට ක්‍රීඩා කළහ. එක් එක් කාණ්ඩයෙන් පළමු කණ්ඩායම් දෙක පසුව අවසන් පූර්ව වටයට ගොස් පිළිමළුන් ඉවත් කිරීමේ තරඟාවලියකට ක්‍රීඩා කරයි.
සහභාගීත්වය
1979 ලෝක කුසලානය සහභාගී වූ රටවල් පූර්ණ සාමාජික රටවල්
1979 අයි.සී.සී කුසලානය මගින් සුදුසුකම් ලැබූ රටවල්
සුදුසුකම් ලැබීමට අපොහොසත් වූ රටවල්
1979 තරගාවලියේදී ලෝක කුසලානයක පළමු සුදුසුකම් ලැබීමේ තරග දක්නට ලැබිණි. 1979 ICC කුසලානය මැයි අග සහ ජූනි මස මුල මධ්‍යම එංගලන්තයේ විවිධ ක්‍රීඩාංගණවල පැවැත්විණි. අවසන් තරඟකරුවන් දෙදෙනා ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබූ අතර එහිදී ඔවුන් ස්වයංක්‍රීයව සුදුසුකම් ලැබූ ටෙස්ට් රටවල් හයට එක් විය.[1] ශ්‍රී ලංකාව සහ කැනඩාව අවසන් පූර්ව වටයේදී පිළිවෙලින් ඩෙන්මාර්කය සහ බර්මියුඩාව පරාජය කර සුදුසුකම් ලබා ගත්හ.[2]
ක්‍රීඩාංගණ
ලන්ඩන්
|
|
ලන්ඩන්
|
ලෝඩ්ස්
|
ඕවල්
|
ධාරිතාව: 30,000
|
ධාරිතාව: 23,500
|
|
|
බර්මින්හැම්
|
මැන්චෙස්ටර්
|
එජ්බැස්ටන් ක්‍රීඩාංගණය
|
ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩාංගණය
|
ධාරිතාව: 21,000
|
ධාරිතාව: 19,000
|
|
|
නොටින්හැම්
|
ලීඩ්ස්
|
ට්‍රෙන්ට් බ්‍රිජ්
|
හෙඩිංලි
|
ධාරිතාව: 15,350
|
ධාරිතාව: 14,000
|
|
|
කාණ්ඩ අදියර
ඒ කාණ්ඩය
- කාසියේ වාසිය දිනූ එංගලන්තය පළමුව පන්දු රැකීමට තීරණය කළේය
- කාසියේ වාසිය දිනූ කැනඩාව පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය
- කැනඩා කණ්ඩායමේ සියළු ක්‍රීඩකයන්ගේ මංගල එදිජා තරගය විය.
- කාසියේ වාසිය දිනාගත් ඔස්ට්‍රේලියාව පළමුව පන්දු රැකීමට තීරණය කළේය
ග්‍රේම් පෝටර් සහ
ජෙෆ් මොස් ගේ මංගල එදිජා තරගය
- කාසියේ වාසිය දිනූ කැනඩාව පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය
රොබට් කැලන්ඩර් ගේ මංගල එදිජා තරගය.
- කාසියේ වාසිය දිනාගත් ඔස්ට්‍රේලියාව පළමුව පන්දු රැකීමට තීරණය කළේය
චාල්ස් බක්ෂ් ගේ මංගල එදිජා තරගය
- කාසියේ වාසිය දිනූ පකිස්ථානය පළමුව පන්දු රැකීමට තීරණය කළේය
බී කාණ්ඩය
- කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේය
සුරීන්දර් ඛන්නා ගේ මංගල එදිජා තරගය
එකදු පන්දුවක් හෝ නොයවා තරගය අතහැර දමන ලදී ඕවල්, ලන්ඩන්, එංගලන්තය
|
- කාසියේ වාසියද බැලුවේ නැත.
- තරගය පැවැත්වීමට අතිරේක දින 2කද භාවිත කල මුත් අධික වර්ෂාව හේතුවෙන් තරගය අතහැර දමා ඇත.
- කාසියේ වාසිය දිනූ නවසීලන්තය පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේය
- කාසියේ වාසිය දිනූ ඉන්දියාව පළමුව පන්දු රැකීමට තීරණය කළේය
- ජුනි 16 වර්ෂාව නිසා, තරගයේ අතිරේක දිනය භාවිතා විය.
රන්ජන් ගුණතිලක සහ
රංජන් මඩුගල්ල මංගල එදිජා තරගය ක්‍රීඩා කලහ.
- ටෙස්ට් වරම් නොමැති රටක් විසින් ටෙස්ට් වරම් ලත් රටක් එදිජා තරගයකදී පරාජය කල පලමු අවස්ථාව.
- කාසියේ වාසිය දිනූ නවසීලන්තය පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේය
එවෙන් චැට්ෆීල්ඩ් ගේ මංගල එදිජා තරගය
පිළිමළුන් පිටුදැකීමේ අදියර
අවසන් පූර්ව
- කාසියේ වාසිය දිනූ පකිස්ථානය පළමුව පන්දු රැකීමට තීරණය කළේය
- කාසියේ වාසිය දිනූ නවසීලන්තය පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේය
වේන් ලාර්කින්ස් ගේ මංගල එදිජා තරගය.
අවසන් තරගය
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දු යැවීමට එංගලන්ත කණ්ඩායමේ තීරණය විය. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ මුළු ලකුණු 99 කට කඩුලු 4 ක් බිඳ වැටුනු අතර, ග්‍රීන්ඩ්ජ්, හේන්ස්, කලිචරන් සහ නායක ක්ලයිව් ලොයිඩ් යන අය දැවීගිය ක්‍රීඩකයින් විය. කෙසේ වෙතත්, විවියන් රිචර්ඩ්ස් (ලකුණු 138 ක් පන්දු 157 කින්, හතරේ පහර 11, හයේ පහර 3) සහ කොලිස් කිං (පන්දු 66 කින් ලකුණු 86 යි, හතරේ පහර 10 යි, හයේ පහර 3 යි) ඉනිම ශක්තිමත් කළා. බටහිර ඉන්දීය කොදෙව් පිල 238/5 දී කොලිස් කිං ගේ දැවීයාමත් සමග ලකුණු 139 ක සබඳතාව අවසන් විය. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කඩුලු 9 ක් දැවී ලකුණු 286 ක් රැස් කළේය.
ඉංග්‍රිසි පිතිකරුවන් හොඳ ආරම්භයක් ලබා ගත්හ. එහෙත් ආරම්භක පිතිකරුවන් වන මයික් බ්රේලි (පන්දු 130 කින් ලකුණු 64 ක්, හතරේ පහර 7 යි) සහ ජෙෆ් බෝයොකොට් (පන්දු 105 කදී ලකුණු 57 යි හතරේ පහර 3 යි) පසුව මන්දගාමී ස්වරූපයක් පෙන්නුම් කලහ. ආරම්භක පිතිකරුවන් දෙදෙනා දැවී ගිය පසු, ලකුණු වේගය ඉහළ ගොස් තිබිණි. ග්‍රැහැම් ගූච් ලකුණු 32 ක් ලබා ගත්තේය. කෙසේ වෙතත්, ගූච්ගේ දැවීයාම ලෝක කුසලාන ඉතිහාසයේ අතිශයින්ම විනාශකාරී බිඳවැටීම විය. එංගලන්තය අවසානයේ ඕවර 51 කදී සියළු දෙනා දැවී ලකුණු 194 ක් ලබා සිටියහ. විවියන් රිචර්ඩ්ස් තරගයේ වීරයා ලෙස නම් කෙරිණි.
- කාසියේ වාසිය දිනූ එංගලන්තය පළමුව පන්දු රැකීමට තීරණය කළේය
- බටහිර ඉන්දීය කොදෙව්වන් 1979 පෘඩෙන්ෂල් ලෝක කුසලානය දිනා ගත්තේය
සංඛ්‍යා දත්ත
යොමු කිරීම්
බාහිර සබැදි
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග
ශ්‍රී ලංකාව සත්කාරකත්වය දක්වන ලද ටෙස්ට්, එදිජා හා වි20ජා තරග |
ඇෆ්ගනිස්ථානය | |
---|
ඔස්ට්‍රේලියාව | |
---|
බංග්ලාදේශය | |
---|
එංගලන්තය | |
---|
ඉන්දියාව | |
---|
අයර්ලන්තය | |
---|
නවසීලන්තය | |
---|
පකිස්ථානය | |
---|
දකුණු අප්‍රිකාව | |
---|
බටහිර ඉන්දීය කොදෙව් | |
---|
සිම්බාබ්වේ | |
---|
ප්‍රතිවාදී කණ්ඩායම සත්කාරකත්වය දක්වන ලද ටෙස්ට්, එදිජා හා වි20ජා තරග |
ඇෆ්ගනිස්ථානය | |
---|
ඔස්ට්‍රේලියාව | |
---|
බංග්ලාදේශය | |
---|
එංගලන්තය | |
---|
ඉන්දියාව | |
---|
අයර්ලන්තය | |
---|
නෙදර්ලන්තය | |
---|
නවසීලන්තය | |
---|
පකිස්ථානය | |
---|
ස්කොට්ලන්තය | |
---|
දකුණු අප්‍රිකාව | |
---|
බටහිර ඉන්දීය කොදෙව් | |
---|
සිම්බාබ්වේ | |
---|
බහු කණ්ඩායම් සහභාගී වූ තරගාවලි |
බහු කණ්ඩායම් | |
---|