ශිරාණි බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝගය![]() ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් විසින් එවකට එරට අග්‍රවිනිශ්චයකාරව සිටි ශිරාණි බණ්ඩාරනායක මහත්මිය දෝෂාභියෝගයකට ලක්කරනලදී. කථානායක විසින් පත්කල තේරීම් කාරක සභාවකින් මෙම චෝදනා විභාගකොට පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත්කරන ලදී. ඉන් පසුව 2013 ජනවාරි මසදී එම දෝෂාභියෝග යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මතවූ අතර දින කීහිපයකට පසු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ඇය නිලයෙන් පහ කරන ලදි.[1][2] මූල්‍ය අක්‍රමිකතා සහ අධිකරණ නඩු කිහිපයකට ඇඟිලි ගැසීම, අභිලාශ අතර ගැටුම ඇතුළු චෝදනා රැසක් සඳහා, බණ්ඩාරනායක මහත්මිය චූදිතයා ලෙස නම් කොට තිබුණද,[3] මෙම සියළු චෝදනා ඇය ප්‍රතික්ෂේප කලාය. [4] ජනාධිපති රාජපක්ෂගේ සොහොයුරෙකු වන බැසිල් රාජපක්ෂ විසින් යෝජනා කරන ලද පනත් කෙටුම්පතකට විරුද්ධ තීන්දුවක්ද ඇතුළු, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රජයට එරෙහිව නියම කරනු ලැබූ විධිතීරණ මාලාවකින් අනතුරුව මෙම දෝෂාභියෝගය ඉදිරිපත් කෙරිණි.[5] දෝෂාභියෝගය පිළිගැනීම බණ්ඩාරනායක මහත්මිය විසින් ප්‍රතික්ෂේප කල අතර කිසිම නව අග්‍රවිනිශ්චයකාරවරයෙකු හා සමග කටයුතු කිරීමට නීතිඥ කණ්ඩායම් විසින් ප්‍රතික්ෂේප කිරීම හා සමගම, සිදුවිය හැකි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය අර්බුදයක් පිළිබඳ ලකුණු පහල වී ඇත.[6][7][8] බණ්ඩාරනායක මහත්මියගේ මතභේදකාරී දෝෂාභියෝගය පිළිබඳ විවේචනාත්මක සහ සංවේගාත්මක ප්‍රකාශ ශ්‍රී ලංකාව තුලින් හා විදේශයන් වෙතින් නිකුත්වුණි.[9] පසුබිමජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග විසින්, බණ්ඩාරනායක මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කරන ලද්දේ 1996 ඔක්තොම්බර් 30 දිනදීය.[10][11] 2011දී ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින්, අග්‍රවිනිශ්චයකාර ලෙසින් බණ්ඩාරනායක මහත්මිය පත් කලේ, 2011 මැයි 17 දිනදී විශ්‍රාම ගිය අසෝක ද සිල්වාගේ අනුප්‍රාප්තිකයා ලෙසිනි. ජනාධිපති රාජපක්ෂ ඉදිරියේ ඇය දිවුරුම් දුන්නේ 2011 මැයි 18 දිනදීය.[10][11] දිවි නැගුම පනත් කෙටුම්පතදිවි නැගුම පනත් කෙටුම්පත ශ්‍රී ලංකා ගැසට් පත්‍රයෙහි පල කරන ලද්දේ 2012 ජූලි 27 දිනදීය.[12] මෙම පනත් කෙටුම් පත විසින් ශ්‍රී ලංකාවේ සමෘද්ධි අධිකාරිය, ශ්‍රී ලංකාවේ දක්ෂිණ සංවර්ධන අධිකාරිය සහ උඩරට සංවර්ධන අධිකාරිය ඒකාබද්ධ කොට දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව පිහිටුවන ලද අතර බොහෝ ප්‍රජා සංවිධාන, බැංකු සහ බැංකු සමාජ තනන ලදි.[13] ජනාධිපති රාජපක්ෂගේ සොහොයුරු බැසිල් රාජපක්ෂ යටතේ පවතින ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව පාලනය කෙරෙමින් සංවර්ධන කටයුතු සිදු කිරීමට නියමිතව තිබුණි.[14] ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාර, බොහෝ සංවර්ධන කටයුතු සිදු කිරීම, පළාත් සභා වෙත විමධ්‍යගත කොට තිබුණි. 2012 අගෝස්තු මසදී ශ්‍රී ලාංකික රජය විසින් පාර්ලිමේන්තුව අබියස මෙම පනත් කෙටුම් පත සභා ගත කෙරිණි.[15] කෙටුම් පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බව අභියෝගයට ලක් කරමින් පෙත්සම්කරුවන් සතර දෙනෙක් විසින් පෙත්සම් තුනක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් වුණි. අධිකරණය (බණ්ඩාරනායක, ප්‍රියසත් ඩෙප් සහ ඊවා වනසුන්දර) 2012 අගෝස්තු 27 සහ 28 දිනවලදී රැස්වූයේ පෙත්සම් විභාගකිරීමටය. ජනාධිපති රාජපක්ෂගේ තවත් සොහොයුරෙකු වන කථානායක චමල් රාජපක්ෂ, විසින් 2012 සැප්තැම්බර් 18 දිනදී ශ්‍රේෂ්ඨාධිකරණයෙහි නිර්ණයනයන් පාර්ලිමේන්තුව වෙත දැනුම් දුන්නේය: පනත් කෙටුම් පත පළාත් සභා ලැයිස්තුවෙහි දක්වා ඇති කරුණු වලට අදාළ වන බැවින් නිතීගත වීමට නම් සෑම පළාත් සභාවක් වෙතම එය යොමු කොට අනුමැතිය ලබා ගත යුතු බවය. [16][17][18] පළාත් සභා නවයෙන් අටකම පාලන බලය සතු වූයේ ජනාධිපති රාජපක්ෂගේ පක්ෂය වන එක්සත් ජනතා නිදහස් සන්ධානය (එජනිස) වෙත වන අතර, 2012 සැප්තැම්බර් 25 දින සහ 2012 ඔක්තොම්බර් 3 දින අතර කාලය තුලදී මෙම පළාත් සභා අට විසින් දිවි නැගුම පනත් කෙටුම් පත අනුමත කරන ලදි. ජනාධිපති රාජපක්ෂ විසින් පත් කොට තිබූ උතුරු පළාතේ ආණ්ඩුකාර ජී. ඒ. චන්ද්‍රසිරි විසින් පනත් කෙටුම් පත අනුමත කරන ලදි. [19] පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට යලි යොමු කෙරුනු අතර පනත් කෙටුම්පතෙහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලත්වය අභියෝගයට ලක්කරමින් තවත් පෙත්සම් එකොළහක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් වුණි. චන්ද්‍රසිරි මහතා විසින් පනත් කෙටුම්පත අනුමත කිරීමේ නීතිකත්වය අභියෝගයට ලක් කරමින් 2012 ඔක්තොම්බර් 4 දිනදී විපක්ෂ මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා යොමු කල පෙත්සමද මේ අතර විය. [20] 2012 ඔක්තොම්බර් 18, 22 සහ 23 දිනවලදී අධිකරණය (බණ්ඩාරනායක, එන්. ජී. අමරතුංග සහ කේ. ශ්‍රීපවන්) රැස්වූයේ පෙත්සම් විභාග කිරීම සඳහාය. ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්ණයක 2012 ඔක්තොම්බර් 31 දිනදී ජනාධිපති වෙත දන්වා යවන ලදි. [21][22] ශ්‍රේෂ්ඨාධිකරණයේ නීර්ණයන කථානායක චමල් රාජපක්ෂ විසින් 2012 නොවැම්බර් 6 දිනදී පාර්ලිමේන්තුව වෙත දන්වා සිටින ලදි: 8(2) ඡේදය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිවූ අතර ජන මත විචාරණයකින් සම්මත කර ගත යුතුව තිබුණි; තවත් ඡේද දොළසක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වූ අතර පාර්ලිමේන්තුවෙහි විශේෂ බහුතරයකින් (තුනෙන්-දෙකක) සම්මත කර ගත යුතුව තිබුණි; පනත් කෙටුම් පත පිටසන් කිරීමට උතුරු පළාතේ ආණ්ඩුකාරවරයාට බලය නොමැති අතර එබැවින් පනත් කෙටුම් පත පාර්ලිමේන්තුවෙහි විශේෂ බහුතරයකින් සම්මත කර ගත යුතුව තිබුණි. [23][24][25] [26][27] දෝෂාභියෝගයදිවි නැගුම පනත් කෙටුම් පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ නීර්ණයන් ජනාධිපති වෙත දන්වා යැවූ දිනට පසුදින එනම් 2012 නොවැම්බර් 1 දිනදී අග්‍රවිනිශ්චයකාර බණ්ඩාරනායක මහත්මියට එරෙහි දෝෂාභියෝග යෝජනාවක් එජනිස මන්ත්‍රීවරුන් 117 දෙනෙකුගේ අත්සන් සහිතව කථානායක චමල් රාජපක්ෂ වෙත භාර දෙන ලදි. [28][29] 2012 නොවැම්බර් 6 දිනදී කථානායක චමල් රාජපක්ෂ විසින් බණ්ඩාරනායක මහත්මියට එරෙහි චෝදනා 14 හෙළි කල අතර, මූල්‍ය තොරතුරු හෙළි නොකිරීම, බලය අනිසි ලෙස භාවිතා කිරීම සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොසළකාහැරීම යන දේ එයට ඇතුළත්ව තිබුණි. [30] බණ්ඩාරනායක මහත්මිය චෝදනා ප්‍රතික්ෂේප කලාය.[31] පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවදෝෂාභියෝග චෝදනා විභාග කිරීම සඳහා රජයේ මන්ත්‍රීවරුන් සත් දෙනෙකු සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සතරදෙනෙකුගෙන් සමන්විතවූ සත් සාමාජීක පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් (PSC) පත් කෙරිණි. A[32] දෝෂාභියෝග චෝදනා පිළිබඳ විභාගය 2012 නොවැම්බර් 23, 2012 දෙසැම්බර් 4 දින සහ 2012 දෙසැම්බර් 6 දිනදී පැවැත්වුනු අතර එදින බණ්ඩාරනායක මහත්මිය විභාග කිරීම වෙතින් ඉවත්ව ගියාය. [33][34][35] 2012 දෙසැම්බර් 7 දිනදී විපක්ෂ මන්ත්‍රීවරු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවෙන් ඉවත් වූහ. [36][37] 2012 දෙසැම්බර් 8 දිනදී පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවෙහි වාර්තාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කෙරිණි. [38] පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අධිගමනය කොට තිබුණේ බණ්ඩාරනායක මහත්මියට එරෙහි චෝදනා පහෙන් තුනක් ඔප්පු වී ඇති බවත් ඇය නිලයෙන් පහ කිරීමට මෙය ප්‍රමාණවත් බවත්ය. [39][40] දේපළ ගනුදෙනුව පිළිබඳ අයෝග්‍යත්වය (පළමුවන චෝදනාව), බැංකු ගිණුම් හෙළි නොකිරීම (සතරවන චෝදනාව) සහ ඇයගේ සැමියා අදාළ වන්නාවූ අධිකරණ නඩුවක් හා බැඳි සම්බන්ධතා සම්මතය (පස්වන චෝදනාව) යන චෝදනාවලට ඇය වරදකරු බවට තීරණය කර තිබුණි. [41][42] දෙවන හා තෙවන චෝදනා වලට ඇය වරද කරු නොවන බව තීරණය වී තිබූ අතර පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් ඉතිරි චෝදනා නවය නොසලකා හරින ලදි. [43] "එය පරීක්ෂණයක් නොව එය සවික්සුමක් විය" යැයි පවසමින් විපක්ෂ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තාව ප්‍රතික්ෂේප කලහ. [44] පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වාර්තාව ඉන්පසු ජනාධිපති වෙත යවන ලදි.[45] 2013 ජනවාරි 3 දිනදී ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කලේ අග්‍රවිනිශ්චයකාරයාට එරෙහි චෝදනා පරික්ෂා කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට බලයක් නොමැති අතර එබැවින් දෝෂාභියෝගය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී බවයි.[46] පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට එරෙහිව බණ්ඩාරනායක මහත්මිය විසින් අභියාචනයක් ඉදිරිපත් කල අතර 2013 ජනවාරි 7 දිනදී අභියාචනාධිකරණය විසින් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ අධිගමනයන් නිෂ්ප්‍රභ කෙරිණි.[47][48] මින් ඉක්බිතිව, අභියාචනාධිකරණ විනිසුරුවන් දෙදෙනෙකු, එස්. ශ්‍රීස්කන්ධරාජා සහ අනිල් ගුණරත්න වෙත මරණ තර්ජන එල්ල වුණි.[49][50] දෝෂාභියෝග යෝජනාව සහ නිලයෙන් පහකිරීමශ්රේෂ්ඨාධිකරණයේ හා අභියාචනාධිකරණයේ තීන්දු නොතැකූ රජය දෝෂාභියෝගය පිළිබඳ කටයුතු ඉදිරියට ගෙන ගියේය. [51] බණ්ඩාරනායක මහත්මියට එරෙහි දෝෂාභියෝග යෝජනාව 2013 ජනවාරි 10 සහ 11 යන් දින වලදී පාර්ලිමේන්තුවේ විවාදයට ගැනිණි.[52] පාර්ලිමේන්තුව විසින් යෝජනාව සම්මත කර ගන්නා ලද අතර මන්ත්‍රීවරු 155 දෙනෙක් එයට පක්ෂවද මන්ත්‍රීවරුන් 49 දෙනෙක් එයට විරුද්ධවද ඡන්දය ප්‍රකාශ කලහ.[53] දෝෂාභියෝග යෝජනාව දෝෂසහගත සහ එනිසාම එය අනීතික එකකැයි විපක්ෂ මන්ත්‍රීවරු ප්‍රකාශ කලහ.[54] පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද දෝෂාභියෝග යෝජනාව 2013 ජනවාරි 13 දිනදී ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් අපරානුමත කිරීමෙන් බණ්ඩාරනායක මහත්මිය නිලයෙන් පහ කෙරිණි. [55][56] සමහරක් වාර්තා පරිදී ජනාධිපති රාජපක්ෂ විසින් බණ්ඩාරනායක මහත්මියට විශ්‍රාම යාමේ විකල්පය ලබා දුන්නද ඇය විසින් එය ප්‍රතික්ෂේප කර ඇත.[57][58] අපරාංගයපාර්ලිමේන්තුව විසින් දෝෂාභියෝග යෝජනාව සම්මත කර ගැනුමෙන් පසුව වුවද, බණ්ඩාරනායක මහත්මිය විසින් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ව්‍යවස්ථා විරෝධී බවට ප්‍රකාශ කෙරුණු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හුවා දක්වමින් පවසා සිටියේ ඇය නිලයෙන් බැහැරව නොයන බවයි.[59] නීතිඥ කණ්ඩායම් විසින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන්ගෙන් ඉල්ලා සිටින්නේ කිසියම් නව අග්‍රවිනිශ්චයකරුවෙකු සමග අධිකරණ කටයුතු වලට සහභාගි නොවන ලෙසටය.[60] ජනාධිපති රාජපක්ෂ විසින් බණ්ඩාරනායක මහත්මියගේ අනුප්‍රාප්තිකයා ලෙසින් හිටපු නීතිපති මොහාන් පීරිස් නම් කරන ලදි.[61][62] ඔහුගේ නාමයෝජනාව "නිරීක්ෂණ" සඳහා පාර්ලිමේන්තු සභාව වෙත ජනාධිපති විසින් යොමු කල යුතුවුවද පත්වීම සිදු කරන්නේ ජනාධිපති විසිනි.[63] පස් සාමාජික පාර්ලිමේන්තු සභාව සමන්විත වන්නේ කථානායක, අග්‍රාමාත්‍යවරයා, විපක්ෂ නායක, අග්‍රාමාත්‍යවරයා විසින් නම් කරන ලද තැනැත්තෙක් සහ විපක්ෂ නායක විසින් නම් කරන ලද තැනැත්තෙක් යන අය ගෙනි. පත්වීම සාකච්ඡා කිරීමට, පාර්ලිමේන්තු සභාව 2013 ජනවාරි 15 දිනදී රැස්වූ නමුත්, විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ ඔහු විසින් නම් කල ඩී. එම්. ස්වාමිනන්දන් සහභාගි නොවූයේ ඔවුන් සභාවේ කටයුතු වලට විරුද්ධ වුනු නිසාය.[64][65] 2013 ජනවාරි 15 දිනදී පාර්ලිමේන්තු සභාව විසින් පීරිස් මහතාගේ පත්වීමට අනුමැතිය දෙන ලදි. [66] අනුප්රාප්තිකයාඅග්රවිනිශ්චයකාරයෙකුගේ නව පත්වීමක් අනීතික වන නිසාත් එවැන්නක් ඔවුන්ගේ අයිතිවාසිකම් සහ ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරන බවට ඔවුන් තරයේ අදහස් කරන නිසාත්, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය (CPA) විසින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන ලදි. නව අග්‍රවිනිශ්චයකාරයා පත්වීමේ අනුමැතිය වලක්වාලන සහ ඔහු නිලය භාර ගැනීම හා නිලයේ රාජකාරි කිරීම වලක්වන අතුරු තහනම් නියෝග දෙකක් ඔවුහූ බලාපොරොත්තු වූහ.[67][68] ජනාධිපති රාජපක්ෂගේ තීරණය පාර්ලිමේන්තු සභාව විසින් අනුමත කරන දිනයේම ප.ව. 12:30 ට, මහත් ආරක්ෂක විධිවිධාන යටතේ මොහාන් පීරිස් දිවුරුම් දුන්නේය. පීරිස් මහතා හැඳින්වුනේ ජනාධිපති රාජපක්ෂගේ මිත්‍ර පාක්ෂිකයෙක් ලෙසිනි.[69][70] මෙම ධුරයට නම් කිරීමට පෙර, ඔහු කැබිනට් මණ්ඩලයට ජ්‍යෙෂ්ඨ නීති උපදේශක වූ අතර මානව අයිතිවාසිකම් උල්ලංඝන සහ බලයෙන් අතුරුදහන් කිරීම් පිළිබඳ චෝදනා හමුවේ රාජපක්ෂ රජය ආරක්ෂා කිරීම පිළිබඳව කැපී පෙනුණි.[67] පීරිස් මහතා එහි පැමිනීමට පෙර, මෙම තීරණයට විරුද්ධව උද්ඝෝෂණය කල නීතිඥවරුන් සහ රජයට හිතැති පාක්ෂිකයන් යන දෙපාර්ශවයම හල්ෆ්ට්ස්ඩෝර්ෆ් හී ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය පිටත රැස්වී සිටියහ.[68] ඇය තවමත් නීත්‍යානුකූල අග්‍රවිනිශ්චයකාරවරයා වන නමුත්, ප්‍රචණ්ඩත්වය යෙදවිය හැකි අවස්ථාවක ඇයගේ හා ඇයගේ පවුලේ සාමාජිකයන්ගේ ජීවිත අනතුරේ ලක්විය හැකි බැවින් ඇයගේ නිල මැදිරියෙන් හා නිල නිවාසයෙන් බැහැර වීමට තීරණය බව බණ්ඩාරනායක මහත්මිය පැවසූ අතර ඇය විසින් ප්‍රකාශ නිකුත්කිරීම පොලීසිය විසින් වලක්වාලීමට උත්සාහ දැරිණි.[69][70]
රටේ බොහෝ නීතිඥයන් විසින් නීත්‍යානුකූල අග්‍රවිනිශ්චයකාර ලෙස බණ්ඩාරනායක මහත්මිය පිළිගන්නා අතර නව පත්වීම්ලාභියා පිළිනොගන්නා ලෙස ජ්‍යෙෂ්ඨ විනිශ්චයකාරවරුන්ගේ ඉල්ලා සිටිමින් ඔවුන් ලියා දක්වා ඇත.[69][70] සියළු නඩු විභාග කල් දැමුණු අතර, ශිරාණි බණ්ඩාරනායක මහත්මිය මුලසුන ගැනීමට නියමිතව තිබුනු විභාගයන් විනිශ්චයකාර පී.ඒ. රත්නායක සහ විනිශ්චයකාර එස්.අයි. ඉමාම් විසින් සිදු කෙරිණි.[68] ප්රතිචාරයබණ්ඩාරනායක මහත්මියගේ විවාදාත්මක දෝෂාභියෝගය නිසා මිශ්‍ර ප්‍රතිචාර ලැබුණි. විවේචනය, උද්වේගය සහ පැසසුම ශ්‍රී ලංකාව තුලින් හා පිටතින් ප්‍රකාශ කෙරිණි.[71][72] ශ්‍රී ලංකාවඅධිකරණයේ ස්වාධිනත්වයට සීමා පැනවීමට හා ජනාධිපති රාජපක්ෂ වෙත බලය ඒකරාශි කර ගැනීමට ගත් උත්සාහයක් ලෙසින් දෝෂාභියෝගය දක්වමන් එය විවේචනය කිරීමට විපක්ෂ දේශපාලනඥයෝ, සමහරක් නීතිඥවරුන්, සමහරක් විනිශ්චයකාරවරුන් සහ සමහරක් සිවිල් සමාජ කණ්ඩායම් උත්සුක වූහ.[73][74] ඔවුන් තවදුරටත් කියාසිටියේ දිවි නැගුම පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වැලකීම නිසා පළිගැනුමක් ලෙස දෝෂාභියෝගය ඉදිරිපත්වූ බවයි.[75]
හිටපු නීතිපති මොහාන් පීරිස් පත්කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ 41වන අග්‍රවිනිශ්චයකාර සරත් එන්. සිල්වා සිය කලකිරීම පල කලේය. "අග්‍රවිනිශ්චයකාරයා දෝෂාභියෝගයට ලක්කොට මතභේදකාරී තත්ත්වයක් ඇතිවී තිබෙන අවස්ථාවක, ඊළඟ අගවිනිසුරු වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් අතරින් ජ්‍යෙෂ්ඨ විනිසුරුවරයෙකු පත්කලේ නම් ප්‍රශ්නය විසඳිය හැකිව තිබුණි " යැයි පවසමින් සිල්වා මහතා යෝජනා කලේ දැනට ශ්‍රේෂ්ඨාධිකරණයේ සේවය කරන විනිශ්චයකාරවරයෙකු පත් කල යුතු බවයි[76] ජාත්‍යන්තර
2012 නොවැම්බර් 15 දිනදී නිවේදනයක් නිකුත් කරමින් පොදු රාජ්‍ය මණ්ඩල මහා ලේකම් කමලෙෂ් ශර්මා, දෝෂාභියෝග ක්‍රියාවලිය පිළිබඳ සිය කණස්සල්ල පල කරමින් කියා සිටියේ අධිකරණයේ ස්වාධිනත්වය පිළිබඳ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය නියෝගයන්ට ගරු කල යුතු බවයි.[78] 2013 ජනවාරි 11 දිනදී තවත් ප්‍රකාශයක් නිකුත් තල ෂර්මා මහතා, "පවතින තත්ත්වය පිළිබඳ, සාමූහික වශයෙන් පොදුරාජ්‍ය මණ්ඩලය, ගැඹුරු කණස්සල්ල පල කරයි" යනුවෙන් කියා සිටිමින් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියේ දෝෂාභියෝගය පිළිබඳ තීරණයක් ගැනීමට පෙර මදක් නැවතී එහි ප්‍රතිවිපාක පිළිබඳ විමසිලිමත් වන ලෙසයි. [79] ආශ්‍රිත ලිපිඅධෝසටහන්දෝෂාභියෝග යෝජනාවට අත්සන් තැබූ 117 දෙනා (සියල්ල එජනිස)[80]
සලමුකො (2) - හුනයිස් ෆරූක් සහ එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා. අග්‍රවිනිශ්චයකාර බණ්ඩාරනායක මහත්මියට එරෙහි චෝදනා දහහතර[80]
1. සෙලින්කෝ සමූහ ව්‍යාපාරයට අයත් සමාගම් වන සෙලින්කෝ ශ්‍රී රාම් කැපිටල් මැනේජ්මන්ට්, ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් කම්පැනි සහ ෆිනෑන්ස් ඇන්ඩ් ගැරැන්ටි කම්පැනි ලිමිටඩ් යන සමාගම්වලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරා ඇති මූලික අයිතිවාසිකම් අයදුම්පත් අංක පිළිවෙළින් 262/2009, 191/2009 සහ 317/2009 දරන නඩු ශ්‍රේෂ්ඨාධිකරණයේ වෙනත් විනිසුරු මඬුල්ලක් විසින් විභාග කරමින් තිබියදී, එකී නඩු එම විනිසුරු මඬුල්ලෙන් ඉවත් කර, තම අධිකරණයේ වැඩිදුර විභාගය සඳහා ගෙන එම නඩු එම නඩු විභාග කිරීමේ විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු ලෙස කටයුතු කරමින් එම නඩුවල විෂය වස්තුවක් වන්නාවූ සෙලින්කෝ නිවාස සහ දේපල සමාගම නමින් හැඳින්වූ, සිටි හවුසින් ඇන්ඩ් රියල් එස්ටේට් ලිමිටඩ් සහ සෙලින්කෝ කොන්ඩොමීනියම් ලිමිටඩ් නමින් හැඳින්වූ වර්තමානයේ ට්‍රිලියම් රෙසිඩන්සීස් නමින් හඳුන්වනු ලබන ආයතනයට අයත්, කොළඹ 08, ඇල්විටිගල මාවතේ, අංක 153 දරණ ස්ථානයේ පිහිටි, ශ්‍රේෂ්ඨාධිකරණ මූලික අයිතිවාසිකම් අයදුම්පත් අංක 262/2009 දරණ නඩුවේ දේපල ලැයිස්තුවේ සඳහන් නිවාස ව්‍යාපෘතියෙන් අංක 2සී/එෆ්2/පී4 සහ වරිපනම් අංක. 153/1-2/4 දරන නිවස, ඔස්ට්‍රේලියාවේ, බටහිර ඔස්ට්‍රේලියා 6016හී, මවුන්ට් හෝතෝර්න් හී, එජිනා වීදියේ, අංක 127 දරණ ස්ථානයේ පදිංචි රේණුකා නිරංජලී බණ්ඩාරනායක සහ කපිල රන්ජන් කරුණාරත්න යන දෙදෙනා විසින් ලබා දෙන ලද ප්‍රසිද්ධ නොතාරිස් කේ. බී. අරෝෂි පෙරේරාගේ අංක 823 දරන විශේෂ ඇටර්නි බලපත්‍රය උපයෝගී කරගෙන රේණුකා නිරංජලී බණ්ඩාරනායක සහ කපිල රන්ජන් කරුණාරත්න යන දෙදෙනාගේ නමට මිලදී ගැනීමෙන්ද; 2. ඉහත දේපළ මිලදී ගැනීම සඳහා ගෙවීම් කිරීමේ දී උපයා ගත් ආකාරය හෙළි කල නොහැකි රුපියල් 19,362,500ක මුදලක් එම දේපල මිලදී ගැනීමට පෙර එම දේපල විකුණන ලද සිටි හවුසින් ඇන්ඩ් රියල් එස්ටේට් කම්පැනි ලිමිටඩ් සහ ට්‍රිලියම් රෙසිඩන්සීස් සමාගමට මුදලින් ගෙවීමෙන්ද; 3. එන්ඩීබී බැංකුවේ, කොළඹ, ධර්මපාල මාවතේ පිහිටි ශාඛාවේ 106450013024, 101000046737, 100002001360 සහ 100001014772 යන ගිණුම්වලට 2011 අප්‍රේල් 18 සිට 2012 මාර්තු to 27 දින දක්වා කාලය තුල රුපියල් මිලියන 34ක පමණ විදේශීය මුදල් තැන්පත් කිරීමෙන් පසු එම තොරතුරු අධිකරණ නිලධාරියෙකු විසින් ලබා දිය යුතු වාර්ෂික වත්කම් සහ බැරකම් ප්‍රකාශයේ සඳහන් නොකිරීමෙන්ද; 4. ඉහත කී එන්ඩීබී බැංකු ශාඛාවේ ගිණුම් අංක 106450013024, 101000046737, 100002001360, 100001014772, 100002001967, 100101001275, 100110000338, 100121001797 සහ 100124000238 දරණ ගිණුම් නවයක් ඇතුළුව විවිධ බැංකුවල බැංකු ගිණුම් විස්සකට අධික සංඛ්‍යාවක් පවත්වාගෙන යමින්, එකී තොරතුරු අධිකරණ නිලධාරියෙකු විසින් ලබා දිය යුතු වාර්ෂික වත්කම් සහ බැරකම් ප්‍රකාශයේ සඳහන් නොකිරීමෙන්ද; 5. දැනට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ පවතින වර්ෂ 1994 අංක 19 දරන අල්ලස් හෝ දූෂණ පිළිබඳ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභා පනත යටතේ අල්ලස් සහ / හෝ දූෂණ ක්‍රියාවලට අදාළ වරදවල් සම්බන්ධයෙන් නීති කෘත්‍යයන්වලට එකී ගරු (ආචාර්ය) උපතිස්ස අතපත්තු බණ්ඩාරනායක වාසල මුදියන්සේ රාළහාමිලාගේ ශිරානි අංශුමාලා බණ්ඩාරනායක මහත්මියගේ නිත්‍යානුකූල ස්වාමිපුරුෂයා වන ප්‍රදීප් ගාමිණී සුරාජ් කාරියවසම් මහතා සැකකරුවෙකු වන හෙයින්ද; ඉහත කී අල්ලස් හෝ දූෂණ නඩුව විභාග වීමට නියමිත වූ එකී අධිකරණයේ මහේස්ත්‍රාත්වරයා මාරු කිරීම, විනය පාලනය සහ ඉවත් කිරීමේ බලතල පැවරී ඇති අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපති ධූරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11ඈ(2) ව්‍යවස්ථාව අනුව එකී ගරු (ආචාර්ය) උපතිස්ස අතපත්තු බණ්ඩාරනායක වාසල මුදියන්සේ රාළහාමිලාගේ ශිරානි අංශුමාලා බණ්ඩාරනායක මහත්මිය විසින් දරනහෙයින්ද; එකී අධිකරණය විසින් පවත්වාගෙන යනු ලබන අධිකරණ වාර්තා, රෙජිස්ටර් සහ වෙනත් ලේඛන පරික්ෂා කිරීමේ බලතල අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපතිවරිය වශයෙන් ආණ්ඩ්‍රක්‍රම ව්‍යවස්ථාවේ 111ඌ(3) ව්‍යවස්ථාව යටතේ එකී ගරු (ආචාර්ය) උපතිස්ස අතපත්තු බණ්ඩාරනායක වාසල මුදියන්සේ රාළහාමිලාගේ ශිරානි අංශුමාලා බණ්ඩාරනායක මහත්මිය වෙත පැවරී ඇති හෙයින්ද; ඉහත කී ආකාරයට ගරු (ආචාර්ය) උපතිස්ස අතපත්තු බණ්ඩාරනායක වාසල මුදියන්සේ රාළහාමිලාගේ ශිරානි අංශුමාලා බණ්ඩාරනායක මහත්මියගේ නිත්‍යානුකූල ස්වාමිපුරුෂයා වන ප්‍රදීප් ගාමිණී සුරාජ් කාරියවසම් මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති අල්ලස් හෝ දූෂණ චෝදනා වලට අදාළ නීති කෘත්‍යය හේතුවෙන් අග්‍ර විනිශ්චයකාර ධූරයේ තව දුරටත් ක්‍රියා කිරීමට එකී ආකාරයට ගරු (ආචාර්ය) උපතිස්ස අතපත්තු බණ්ඩාරනායක වාසල මුදියන්සේ රාළහාමිලාගේ ශිරානි අංශුමාලා බණ්ඩාරනායක මහත්මිය නුසුදුසුස්සකු වන හෙයින්ද, අග්‍ර විනිශ්චයකාර ධූරයේ ඇය අඛණ්ඩව ක්‍රියා කිරීම හේතුවෙන් යුක්තිය පසිඳලීමේ ක්‍රියාදාමය ඉෂ්ට කිරීම සඳහා බාධාවක් වීම සහ යුක්තිය පසිඳලීම පිළිබඳ මූලික සිද්ධාන්ත එමගින් උල්ලංඝනය වන බැවින් සහ යුක්තිය ඉටුවීම පමණක් නොව යුක්තිය ඉටුවන බවට දෘශ්‍යමාන විය යුතු හෙයින්ද; 6. මුල් අවස්ථා අධිකරණ වල ජ්‍යෙෂ්ඨ නිලධරයන් අතුරෙන් අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයා පත්කළ යුතු බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111ඌ ව්‍යවස්ථාව මගින් ප්‍රතිපාදන සලසා තිබියදී ගරු (ආචාර්ය) උපතිස්ස අතපත්තු බණ්ඩාරනායක වාසල මුදියන්සේ රාළහාමිලාගේ ශිරානි අංශුමාලා බණ්ඩාරනායක මහත්මිය අග්‍ර විනිශ්චයකාරවරිය වශයෙන් අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපති ලෙස ඇගේ නිල තත්ත්වයෙන් ක්‍රියා කරමින්, මුල් අවස්ථා අධිකරණයන්හී සුදුසු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සිටියදී අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයා වශයෙන් එසේ නොවන නිලධාරියෙකු වන මංජුල තිලකරත්න මහතා පත් කිරීමෙන් අධිකරණ නිලධාරින්ගේ ජ්‍යෙෂ්ඨත්වය නොසලකා හැරීමෙන් අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපතිවරිය වශයෙන් කටයුතු කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111ඌ ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති හෙයින්ද; 7. අංක 2/2012 සහ 3/2012 දරන ශ්‍රේෂ්ඨාධිකරණ විශේෂ තීන්දු සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 (1) ව්‍යවස්ථාව යටතේ වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණ බලය යටතේ පවරන ලද පෙත්සමක පිටපතක් ඒ අවස්ථාවේදීම පාර්ලිමේන්තු කථානායකවරයාට භාරදිය යුතු බවට සඳහන්ව තිබියදී, පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයාට අධිකරණයේ ගොනු කරන ලද පෙත්සමක පිටපතක් භාරදීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති ප්‍රතිපාදන සපුරා ඇති බවට එකී ගරු (ආචාර්ය) උපතිස්ස අතපත්තු බණ්ඩාරනායක වාසල මුදියන්සේ රාළහාමිලාගේ ශිරානි අංශුමාලා බණ්ඩාරනායක මහත්මිය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ විශේෂ තීන්දුවක් ප්‍රකාශයට පත්කිරීමෙන් ආණ්ඩුකුම ව්‍යවස්ථාවේ 121 (1) ව්‍යවස්ථාව නොසලකා හැර සහ / හෝ පටහැනිව ක්‍රියාකර ඇති හෙයින්ද; 8. අංක 5/91, 6/91, 7/91 සහ 13/91 දරන ශ්‍රේෂ්ඨාධිකරණ විශේෂ තීන්දුවලදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අර්ථ නිරූපණය කර ඇති ආකාරයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාවේ සඳහන් අනිවාර්ය ක්‍රියාපටිපාටියට අනුකූලව ක්‍රියා කළ යුතු බවට තීරණය කර තිබුණ ද, ඉහත කී ගරු (ආචාර්ය) උපතිස්ස අතපත්තු බණ්ඩාරනායක වාසල මුදියන්සේ රාළහාමිලාගේ ශිරානි අංශුමාලා බණ්ඩාරනායක මහත්මිය විසින් එකී ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති හෙයින් ද; 9. ගරු (ආචාර්ය) උපතිස්ස අතපත්තු බණ්ඩාරනායක වාසල මුදියන්සේ රාළහාමිලාගේ ශිරානි අංශුමාලා බණ්ඩාරනායක මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරියක වශයෙන් පත්කරන අවස්ථාවේදී ඇයගේ පත්වීම අභියෝගයට ලක්කරමින් පවරන ලද ජනාධිපති නීතිඥ එඩ්වඩ් ප්‍රැන්සිස් විලියම් සිල්වා සහ තවත් තිදෙනෙක් එදිරිව ශිරානි බණ්ඩාරනායක (1992 ශ්‍රී ලංකා නව නීති වාර්තා 92) මූලික අයිතිවාසිකම් කඩ කිරීමේ නඩුවේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රකාශයට පත්කරන ලද බහුතර තීරණය නොසලකා ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර ධුරයට පත්වීමෙන් පසු එකී තීන්දුවට පටහැනිව කටයුතු කර ඇති හෙයින් ද; 10. ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරියක වීමට ප්‍රථම කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ කථිකාචාර්යවරියකව සිටියදී ගරු (ආචාර්ය) උපතිස්ස අතපත්තු බණ්ඩාරනායක වාසල මුදියන්සේ රාළහාමිලාගේ ශිරානි අංශුමාලා බණ්ඩාරනායක මහත්මියගේ ලිපියක් ප්‍රකාශයට පත්කර තිබූ Ground View නමැති මාධ්‍ය ප්‍රකාශන අංශය අයත් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය නමැති ආයතනය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කරන ලද ශ්‍රේෂ්ඨාධිකරණ විශේෂ තීන්දු පෙත්සම් අංක 02/2012 දරන පෙත්සම් අසා තීරණයක් ලබා දී ඇති හෙයින් ද; 11. අග්‍රවිනිශ්චයකාර ධුරය දරනු ලබන සහ එමඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපතිධුරය දරනු ලබන ගරු (ආචාර්ය) උපතිස්ස අතපත්තු බණ්ඩාරනායක වාසල මුදියන්සේ රාළහාමිලාගේ ශිරානි අංශුමාල බණ්ඩාරනායක මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර ධුරයකට පත්කිරීමේ යෝග්‍යතාව අභියෝගයට ලක්කරන ලද ජනාධිපති නීතිඥ එඩ්වඩ් ප්‍රැන්සිස් විලියම් සිල්වා සහ තවත් තිදෙනෙක් එදිරිව ශිරානි බණ්ඩාරනායක (1992 ශ්‍රී ලංකා නව නීති වාර්තා 92) නඩුවේදී එකී ගරු (ආචාර්ය) උපතිස්ස අතපත්තු බණ්ඩාරනායක වාසල මුදියන්සේ රාළහාමිලාගේ ශිරානි අංශුමාලා බණ්ඩාරනායක මහත්මියගේ පත්වීමට එරෙහිව කුරුප්පුගේ බීටා ඈන් වර්ණසූරිය ස්වර්ණාධිපති මහේස්ත්‍රාත්වරියගේ සහෝදරයා වූ නීතිඥ එල්. සී. එම්. ස්වර්ණාධිපති යන අය පෙත්සමක් ඉදිරිපත් කිරීම හේතුවෙන්, එකී ගරු (ආචාර්ය) උපතිස්ස අතපත්තු බණ්ඩාරනායක වාසල මුදියන්සේ රාළහාමිලාගේ ශිරානි අංශුමාලා බණ්ඩාරනායක මහත්මිය විසින් එකී මහේස්ත්‍රාත් කුරුප්පුගේ බීටා ඈන් වර්ණසූරිය ස්වර්ණාධිපතිට හිරිහැර සිදුකර ඇති හෙයින් ද, 12. අග්‍ර විනිශ්චයකාරධූරය දරනු ලබන සහ එමඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 ඈ (2) ව්‍යවස්ථාව ප්‍රකාරව අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපතිධුරය දරනු ලබන ගරු (ආචාර්ය) උපතිස්ස අතපත්තු බණ්ඩාරනායක වාසල මුදියන්සේ රාළහාමිලාගේ ශිරානි අංශුමාලා බණ්ඩාරනායක මහත්මිය විසින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 ඌ ව්‍යවස්ථාව ප්‍රකාරව පැවරී ඇති ඇගේ ව්‍යවස්ථානුකූල බලය අභිබවා ක්‍රියාකරමින්, මහේස්ත්‍රාත් රංගනී ගමගේ මහත්මියට තමාගේ නීත්‍යනුකූල අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීමට පෙරාතුව අධිකරණ සේවා කොමිෂන් සභාවේ අවසරය ලබාගන්නා ලෙස නියම කිරීම මඟින්, අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් මංජුල තිලකරත්න මහතා විසින් ඇයට සිදුකළ හිංසනය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් කිරීම සඳහා රංගනී ගමගේ මහේස්ත්‍රාත්වරියගේ නීතියේ පිහිට ලබා ගැනීමේ අයිතියට බාධා එල්ල කර ඇති හෙයින් ද; 13. එකී ගරු (ආචාර්ය) උපතිස්ස අතපත්තු බණ්ඩාරනායක වාසල මුදියන්සේ රාළහාමිලාගේ ශිරානි අංශුමාලා බණ්ඩාරනායක මහත්මිය විසින් අග්‍ර විනිශ්චයකාරවරිය වශයෙන් සහ ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 ඈ(2) ව්‍යවස්ථාව ප්‍රකාරව අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපති වශයෙන් ක්‍රියාකරමින්, තම බලය අනිසි ලෙස භාවිතා කරමින් මහේස්ත්‍රාත් රංගනී ගමගේ මහත්මියට පොලිස් ආරක්ෂාව ලබා ගැනීමට පෙරාතුව අධිකරණ සේවා කොමිෂන් සභාවේ අවසරය ලබාගන්නා ලෙස නියම කරමින් ඇයට පොලිස් ආරක්ෂාව ලබා ගැනීමට ඇති නීත්‍යානුකූල අයිතිය ක්‍රියාත්මක කිරීම වළක්වා ඇති හෙයින් ද; 14. තම නිත්‍යානුකූල අයිතිය ක්‍රියාත්මක කරමින් මහේස්ත්‍රාත් රංජනී ගමගේ මහත්මිය විසින් පොලිස්පතිවරයාගෙන් ආරක්ෂාව ඉල්ලා සිටීම පිළිබඳව විනය පරික්ෂණයක් නොපැවැත්විය යුත්තේ ඇයිද යන්න පිළිබඳ එකී මහේස්ත්‍රාත් රංජනී ගමගේ මහත්මියගෙන් නිදහසට කරුණු විමසමින් අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපති ලෙස ක්‍රියා කරමින් ගරු (ආචාර්ය) උපතිස්ස අතපත්තු බණ්ඩාරනායක වාසල මුදියන්සේ රාළහාමිලාගේ ශිරානි අංශුමාලා බණ්ඩාරනායක මහත්මිය විසින් අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් මගින් ලිපියක් යොමු කර ඇති හෙයින්ද; ඉහත කී ආකාරයෙන් කටයුතු කිරීම මගින්,—
පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සංයුතිය
රජයේ නියෝජිතයෝ (7) - අනුර ප්‍රියදර්ශන යාපා (මුලසුන), නිමල් සිරිපාල ද සිල්වා, ඩිලාන් පෙරේරා, නෙයොමාල් පෙරේරා, සුසිල් ප්‍රේමජයන්ත්, රාජිත සේනාරත්න සහ විමල් වීරවංශ. ආශ්‍රිත
බාහිර සබැඳි |
Portal di Ensiklopedia Dunia