ඩග්ලස් දේවානන්දා
කදිරවේලු නිදියානන්ද දේවානන්දා, නොහොත් ඩග්ලස් දේවානන්දා (ඉංග්‍රීසි: Douglas Devananda), යනු ශ්‍රී ලාංකික දමිළ දේශපාලඥයෙකු, කැබිනට් මන්ත්‍රීවරයෙකු සහ ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා වේ.[1] මුල් කාලයේ දෙමළ හමුදා සාමාජිකයෙකු ලෙස, ස්වාධීන දෙමළ ඊළමක් උදෙසා ශ්‍රී ලංකාවේ රජයට එරෙහිව සටන් කල ඔහු පසුව, රජයට හිතෙෙෂී පැරාමිලිටරි නායකයෙකු හා දේශපාලඥයෙකු බවට පත්විය. දෙමළ ඊළාම් විමුක්ති කොටි (දෙමළ කොටි) බෙදුම්වාදීන් කෙරේ පැවති ඔහුගේ දැඩි විරෝධතාව සහ වාග් විවේචන හේතුවෙන්, 10වතාවකට වැඩි අවස්ථා ගණනාවකදී එල්ටීටීයී ය විසින් ඔහු ඝාකනය කිරීමට අසාර්ථක ප්‍රයත්න සංඛ්‍යාවක් ක්‍රියාවට නංවන ලදී. දේවානන්දා ඉන්දියාව තුලදී, මිනීමැරීම, මිනීමැරීමට තැත්කිරීම, කෝලහාල ඇතිකිරීම, නීතිවිරෝධී එක්රැස්වීම් සිදුකිරීම සහ පැහැර ගැනීම් යන චෝදනා සදහා අත්‍යාවශ්‍ය පුද්ගලයෙකු සහ ප්‍රකාශයට පත්කෙරූ වරදකරුවෙකු වේ.[2][3] මේවාද බලන්නමූලාශ්ර
|
Portal di Ensiklopedia Dunia