මාලිනී ෆොන්සේකා
මාලනි සෙනෙහෙලතා ෆොන්සේකා 1947 අප්‍රියෙල් 30 කැළණිය දී උපන් සම්මානනීය ශ්‍රී ලංකා චිත්‍රපට නිලියකි, "සිංහල සිනමාවේ නිලි රැජින" යන විරුදාවලියෙන් හඳුන්වන්නේද ඇයයි.[1] දශක කීපයක් දිවෙන ඇගේ සිනමා රංගන දිවිය මුලින්ම ඇරඹෙන්නේ 1968 තිස්ස ලියනසූරියගේ පුංචි බබා චිත්‍රපටයෙනි. ඇය දක්ෂ නිලියක ලෙස හඳුනා ගැනෙන්නේ 1969 දී ජාතික නාට්‍ය උළෙලදී 'හොඳම නිලිය සම්මානය' ලබා ගැනීමෙන් අනතුරුවයි. ඉන්පසු 1980 දී හිගන කොල්ලා, 1982 දී ආරාධනා, 1983 දී යස ඉසුරු යන චිත්‍රපට වල විශිෂ්ඨ රංගනය හේතුවෙන් ඇය සරසවිය හොඳම නිළිය සම්මානය කීප විටක් දිනා ගත්තාය.[2] 2010 දී ඇය ආසියාව තුල මෙතෙක් බිහි වූ දැවැන්ත රංගන ශිල්පීන් 25 දෙනා ගෙන් අයෙක් බව ඇමරිකානු සීඑන්එන් රූපවාහිනිය විසින් නම් කරනු ලැබීය.[3] ජීවන චරිතයමුල් අවධියගිල්බට් හා සීලවතී ෆොන්සේකා යන අයට දාව තෙවන දරුවා ලෙස ඇය, කැළණිය පෑලියගොඩ දී උපත ලැබුවාය. උපතින් පසු ඔවුන්, නුගේගොඩ ජම්බුගස්මුල්ල පදිංචියට ගිය අතර 1952 දී මාලනිය ඇගේ අධ්‍යාපන කටයුතු ශාන්ත ජෝන් විද්‍යාලයෙන් ආරම්භ කලාය. නැවතත් පදිංචිය වෙනස් කරමින් ඔවුන් කැළණියේ වෙදමුල්ල ට පැමිණීම නිසා ඇය පාසල වෙනස් කරමින් කැළණිය ගුරුකුල විද්‍යාලයට ඇතුළු වූවාය, ඇය සිය අධ්‍යාපන කටයුතු හමාර කරන්නේ එම විද්‍යාලයේදී යි.[4] පුද්ගලික ජීවිතය1986 ජුනි 12 වන දින ඇය ලකී ඩයස් සමග විවාහ වූවාය. දේශපාලන දිවිය2010 අප්‍රියෙල් හීදි එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් ජාතික ලැයිස්තුව යටතේ ඇයට, පාර්ලිමේන්තු සාමාජිකත්වය ලබා දෙන ලදී . වෘත්තීය දිවියෆොනසේකා ඇගේ රංගන දිවිය පටන් ගන්නේ වේදිකාවෙනි. 1963 දී, "නොරත රත" වේදිකා නාට්‍යයේ රැඟූ ඇය 1968 දී, රග පෑඅකල් වැස්ස වෙනුවෙන් හොඳම වේදිකා නාට්‍ය නිලිය ලෙස ජාතික සම්මානයෙන් පිදුම් ලැබුවාය. ඇය වේදිකා නාට්‍ය 14 කට සිය ප්‍රධාන රංගනය එක්කලාය. ඇය සිනමා දිවියට පිවිසෙන්නේ 1968 දී තිස්ස ලියනසූරියගේ පුංචි බබා චිත්‍රපටයෙනි. ඉන්පසු එම වසරේදීම ඇයඅබුද්දස්ස කාලේ, දහසක් සිතුවිලි සහ ආදරවන්තයෝ යන චිත්‍රපට වලද රැගුවාය. ඇය රඟ පෑ සමස්ථ චිත්‍රපට සංඛ්‍යාව 140 ක් පමණ වේ, ඒ අතර විදේශීය චිත්‍රපට ද වෙයි. ඇයගේ සාර්ථකම චිත්‍රපට ලෙස ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ නිධානය , අමරනාත් ජයතිලක ගේ සිරිපාල හා රන් මැණිකා, ධර්මසේන පතිරාජ ගේ එයා දැන් ලොකු ලමයෙක් සහ බඹරු ඇවිත් යන ඒවා හඳුනා ගත හැක . ඇගේ දිවියේ විශේෂ සනිටුහනක් තබමින් ඇය 1984 දී සසර චේතනා යන චිත්‍රපටය අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය කලාය. ඇය විසින්ම 1987 දී අහිංසා සහ 1991 දී ස්ත්‍රී යන චිත්රපටද අධ්‍යක්ෂණය කෙරිණි.[5] 1978 දී ඇය දෙමළ රංගන ශිල්පී, සිවාජි ගනේෂන් සමග පයිලට් ප්‍රේම්නාත් හි රැඟුවාය. පසුකාලීනව ඇය රූපවාහිනිටද ප්රවිශ්ඨ වූවාය. ඇය රඟ පෑ මැනලද පුතේ කිරි දුන්නේ, පිටගම්කාරයෝ, කෙම්මුර, සහ අඹු දරුවෝ යන ටෙලිනාට්‍ය සඳහා ප්‍රශංසා හිමි විය. පිටගම්කාරයෝ සහ කෙම්මුර යන ටෙලි නාට්‍ය වල ප්‍රභාමත් රංගනය වෙනුවෙන් ඇයට සුමති හොඳම ටෙලි නාට්‍ය නිලිය සම්මාන හිමි විය. මාලනී, සැනසිලි සුවඳ, නිරුපාමල වැනි ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කරමින් ලාංකික ටෙලි නාට්‍යයක් අධ්‍යක්ෂණය කල පලමු කාන්තාව බවටද පත් වූවාය.[6] මෑත කාලයේ ඇය රග පෑ අවසන් චිත්‍රපටය ලෙස `ප්‍රසන්න වතානගේ ආකාස කුසුම් හැඳින්විය හැක. රිදී තිරයේ මාලනීගේ රංගන වෘත්තිය ගාමිණී ෆොන්සේකා සමග තවත් ඔපවත් විය. සම්මාන
ජාත්‍යන්තර තලයේ සම්මාන හිමි කර ගත් පලමු ශ්‍රී ලාංකික නිලිය වූවේ මාලනියයි. ඒ 1975 දී මොස්කව් ජාත්‍යන්තර චිත්‍රපට උළෙල දී ඇය ජූරියේ විශේෂ සම්මානය හිමිකර ගැනීමත් සමගයි. 1977 නව දිල්ලි චිත්‍රපට උළෙල දී ඇය තවත් සම්මානයක් හිමි කර ගත්තාය. 2014 වසරේ මාර්තු 5 වනදා සිට 9 වනදා දක්වා ප්‍රංශයේ පැවැත්වූ 16 වන දෝවිල් (Deauvill) ආසියානු සම්මාන උළෙලේදීද, වසර 50 ක් මුළුල්ලේ සිනමාවට දැක්වූ දායකත්වය අගයමින්, මාලිනියට රන් නෙළුම සම්මානය පිරිනැමිණි.[7][8] සරසවිය සම්මාන හැරුනු කොට ඇය ජනාධිපති සම්මාන, OCIC සම්මාන වලින්ද පිදුම් ලැබුවාය. ඇය රග පෑ "කෙම්මුර" ටෙලිනාට්‍යය සඳහා 2000 සුමති ටෙලි සම්මාන උළෙලදී ඇයට "හොඳම නිලිය සම්මානය" හිමි විය. මාලිනියේ නමින් 2003 අප්‍රියෙල් 30 බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාව හී පැවැති මාලිනි ෆොන්සේකා අභිනන්දන උළෙලට එවක ජනපතිනිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියද සහභාගී වෙමින් දශක 4 ක් තිස්සේ ශ්‍රී ලංකීය සිනමාව ට ඇය දැක්වූ සේවාව අගය කලාය.[9] 2008 ජනවාරියේදී U.S.A. ලොස් ඇන්ජලිස් හි වසන ශ්‍රී ලාංකිකයින් විසින් මාලනියට උපහාර පල කෙරුණු අතර ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති වූ ජාලිය වික්‍රමසූරිය ඇතුළු පිරිස විසින්ද ඇය වෙනුවෙන් විශේෂ උත්සවයක් පවත්වන ලදී .[10] ජාත්‍යන්තර තලයේ සම්මාන
ජනාධිපති සම්මාන
සිග්නීස (ඕසීඅයිසී) සම්මාන
වෙනත්
චිත්‍රපට තොරතුරු
මූලාශ්‍ර
බාහිර සබැඳි
|
Portal di Ensiklopedia Dunia