වසන්ති චතුරානි
වසන්ති චතුරානි යනු ශ්‍රී ලංකාවේ ජනප්‍රිය සහ සම්මානනීය, සිනමා හා ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියකි. ඇය රංගනයට පිවිසෙන්නේ 1978 දී සුමිත්‍රා පීරිස් මහත්මියගේ ගැහැනු ලමයි හී රඟපෑමත් සමගයි. රිදී තිරයේ ඇයගේ හොඳම රංගනය ලෙස 1980 දී විජය කුමාරතුංග සමග රඟපෑ ගඟ අද්දර චිත්‍රපටයේ 'නිර්මලා' යන චරිතය හැඳින්විය හැකිය. එහි රංගනය වෙනුවෙන් එම වසරේදී ඇය සරසවිය හොඳම නිලිය සම්මානය දිනාගත්තාය. මීට අමතරව ඇය 'ඉටි පහන්' , 'ගිරය' , 'කඩුල්ල' සහ 'ගජමන් පුවත' වැනි ටෙලි නාට්‍ය වලටද සිය රංගනය එකතු කලාය. එනිසා 1997 දී සුමති ජනප්‍රියම ටෙලි නිලිය සම්මානය සහ 1998, 2002 වසර වලදී සුමති හොඳම ටෙලි නිලිය යන සම්මානද දිනා ගැනීමට ඇයට හැකියාව ලැබුණි. ශ්‍රී ලංකා රිදී තිරයේ හා පුංචි තිරයේ, අතිශය සාර්ථක වූ රංගන ශිල්පිණියක ලෙස වසන්ති චතුරානි පිලිගැනේ.[1] මුල් අවධියවසන්ති චතුරානි ගේ, මුල් නාමය වූවේ වසන්තා ඩොරීන් පීටර්සන් යන්නයි. ඇගේ පාසල වූවේ, ගම්පහ සිරිකුරුස විද්‍යාලයයි.[2] වෘත්තීය දිවිය1978 දී සුමිත්‍රා පීරිස් මහත්මියගේ ගැහැනු ළමයි හී ප්‍රධාන භූමිකාව නිරූපනය කරමින් රංගනයට පිවිසි වසන්ති ඉන්පසු, සම්මානයට පාත්‍ර වූ ගඟ අද්දර චිත්‍රපටය ඇතුළු චිත්‍රපට කිහිපයකම රඟපෑවාය. 1979 දී විවාහයත් සමග ඇය රංගන ජීවිතයෙන් කෙටි කලකට නිහඬ වූවත් පසුව 'ආදර හසුන' චිත්‍රපටය හරහා නැවතත් ක්ෂේත්‍රයට පිවිසුනාය. 'ගැහැනු ළමයි', 'දුවට මවක මිස' සහ 'සුදු සෙවනැලි' යන ඒවා ඇය දායක වූ චිත්‍රපට අතුරින් කිහිපයකි. 2003 දී ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ වෑකන්ද වලව්ව චිත්‍රපටයේදී වසන්ති මාලිනී ෆොන්සේකා සනත් ගුණතිලක හා රවින්ද්‍ර රන්දෙණිය සමග විශිෂ්ට රංගනයක යෙදුනාය. ඇගේ අවසන් චිත්‍රපටය ලෙස, 'යහළුවෝ' චිත්‍රපටය හැඳින්වෙයි. මීට අමතරව, 'අග පිපි මල්', 'සෙදෝනා' සහ 'රඟ සොබා' වැනි ටෙලිනාට්‍ය නිෂ්පාදනය කලේද වසන්ති චතුරානි විසිනි. චිත්‍රපට
සම්මාන
වෙනත්1997 - සුමති ජනප්‍රියම ටෙලි නිලිය සම්මානය ආශ්‍රිත
බාහිර සබැදි
|
Portal di Ensiklopedia Dunia