රෙකෝඩ් නිව්ස්
රෙකෝඩ් නිව්ස් යනු බ්‍රසීලයට අයත් පැය 24 පුරාම විකාශන කටයුතු සිදු කරන රූපවාහිනී ප්‍රවෘත්ති නාලිකාවකි. එහි හිමිකාරීත්වය Rede Record සතු වෙයි. අතීතය1953 වසරේදී, බ්‍රසීලයේ දෙවන රූපවාහිනී නාලිකාව ලෙස Rede Record ආරම්භ කරන ලදී. එම ජාලයේ 54 වන සංවත්සරය දිනදී, එනම් 2007 වසරේදී බ්‍රසීලයේ පළමු නොමිලේ මුදා හරින ප්‍රවෘත්ති නාලිකාව, ලෙස රෙකෝඩ් නිව්ස් නාලිකාව අරඹන ලදී. නාලිකාවේ දියත්කිරීමේ අවස්ථාවට එරට එවක ජනපති වූ Luiz Inácio Lula da Silva සහ ජාලයේ හිමිකරු වූ Edir Macedo, යන අය සහභාගී වූහ. මතභේදයට තුඩුදීම්රෙකෝඩ් නිව්ස් දියත් කිරීමට දින දෙකකට පෙර, Organizações Globo හී උප සභාපති වූ Evandro Guimarães, බ්‍රසීලියාහී (Brasilia) රජයේ නිලදාරීන් මුණ ගැසී චොදනා කලේ São Paulo හී, Rede Record සතුව , Rede Record සහ Record News නමින්, රූපවාහිනී පලවල් දෙකක් පවතින බවයි. බ්‍රසීලියානු නීතියට අනූව, එක් නගරයක් තුල හිමිකරුවෙකුට රූපවාහිනී පලවල් එකකට වඩා පවත්වා ගැනීම නීති විරෝධී වෙයි. මේවාද බලන්නමූලාශ්රභාහිර සබැදි |
Portal di Ensiklopedia Dunia