බ්‍රසීලය
බ්‍රසීලය නිල වශයෙන් හඳුන්වනු ලබන්නේ බ්‍රසිල සමුහාණ්ඩු ජනරජය නමිනි. දකුණු ඇමෙරිකාවේ පිහිටි විශාලතම රට මෙය වන අතර ඇමෙරිකාව තුළ පෘතුගිසි භාෂාව කථාකරන එකම රටද වෙයි. වර්ගඵලය වර්ග කිලෝමීටර් මිලියන 8.5 (වර්ග සැතපුම් මිලියන 3.2)ක් වන එය ලෝකයේ භූගෝලීය වශයෙන් 5 වැනි තැනට විශාලතම රට හා 6 වන විශාලතම ජනගහණය සහිත රට වේ. ජනගහණය මිලියන 208 ඉක්මවයි. අගනගරය බ්‍රසීලියා වේ. නැගෙනහිරින් අත්ලාන්තික් සාගරයට සීමාවන බ්‍රසීලයට කි.මී 7491 (සැතැප්ම 4655) දිගකින් යුතු වෙරල තීරයක්ද අයත් වේ. එය මායිම්වන්නේ උතුරින් වෙනුසුවේලා, ගුවානා, සුරිනේම්, ප්‍රංශ ගුආනා, වයඹ දිගින් කොලොම්බියාව, බටහිරින් බොලිවියාව හා පේරු, නිරිත දිගින් ආජෙන්ටිනාව හා පැරගුවේ සහ උතුර උරුගුවායි වලටය. බ්‍රසීල මායිමට වන්නට නොයෙක් දුපත් පිහිටා ඇති අතර එම දුපත් ෆඅන්ඩෝ ඩීතනාරොන්, රොකාස් ඇටොල්, ශාන්ත දඹර හා පොල් රෝක්ස් සහ ප්‍රින්ඩෑඩ් හා මාටිට් වාස් වේ. 1500 දී පෘතුගීසි ජාතික දේශ ගවේෂක පෙඩ්රෝ අල්වාරේස් කබ්රාල් බ්‍රසීලය සොයා ගැනීමට පෙර එය විවිධ ගෝත්‍රික ජන කණ්ඩායම් වලින් ජනාවාස වී තිබුණි. 1500 සිට 1808 දක්වා එය පෘතුගීසි අධිරාජ්‍යයේ යටත් විජිතයක් විය. 1808 දී අධිරාජ්‍යයේ අගනගරය ලිස්බන් සිට රියෝ ද ජැනයිරෝ දක්වා මාරු කරන ලදී. 1815 දී 'පෘතුගාල බ්‍රසීල සහ අල්ගාවෙස් එක්සත් රාජධානිය' ඇතිකිරීම නිසා බ්‍රසීලයට යටත් විජිත තත්ත්වයේ සිට රාජධානි තත්ත්වය ලැබුණි.
මූලාශ්‍ර
|
Portal di Ensiklopedia Dunia