වෙනිසියුලාවtiny globe
වෙනිසියුලාව (ඉංග්‍රීසි: Venezuela) නිල වශයෙන් වෙනිසියුලා බොල්වියන් සමුහාණ්ඩුව වශයෙන් හඳුන්වන අතර දකුණු ඇමරිකාවේ උතුරු වෙරළේ පිහිටි නිවර්තන කලාපීය රටකි. එය මහද්වීපික ප්‍රධාන භුමියක් වන අතර කැරබියානු මුහුදු වෙරළ තීරයේ වෙනිසියුලාවට අයත් දුපත් රැසක් ඇත. 1821 නිදහස ලද වෙනිසියුලාව ස්පාඤ්ඤයේ යටත් විජිතයක් ලෙස පැවතිණි. මෙය පෙර පැවති ස්පාඤ්ඤ කොළනියකි. එය මායිම් වන්නේ නැගෙනහිරින් ගයානා, දකුණින් බ්‍රසීලය, බටහිරින් කොලොම්බියාව, වෙනුසියුලාවේ වෙරළ තීරයෙන් එපිට උතුරට වන්නට ට්‍රිනිඩෑඩ්, ටොබෑගෝ, ග්රැනඩා, ශාන්ත ලුසියා, බාබඩෝස්, කුරකාවෝ, බොනයිරේ, අරූබා, ශාන්ත වින්සන්ට් හා ග්රැනඩයින් හා ලීවඩ්ටය. වර්ග කි.මි. 916,445 ක් වන අතර ජනගහනය 26,414,816 කි. මෙහි අගනුවර වන්නේ කරකස්ය. වෙනිසියුලාවේ ජාතික ධජයේ වර්ණ වන්නේ කහ, නිල් හා රතුය. කහ පාටින් භූමිය, නිල් පාටින් මුහුද හා අහසත්, රතු වර්ණයෙන් නිදහස වෙනුවෙන් ජිවිත පුජා කල වීරයන්ද පිළිඹිඹු කරයි. වෙනිසියුලාවට දේශසීමා පිළිබඳ ගයානාව සමඟ ආරවුල් ඇත. 1895 ඉසෙතුයිබෝ ගඟ පිළිබඳ පැවැති මතභේද පුළුල් වු අතර එය මධ්‍යස්ථ කමිටුවකට (සාමාජිකයන් ලෙස එක්සත් රාජධානිය, ඇමරිකාව සහ රුසියාව) යොමු වු අතර 1899 දී වෙනිසියුලාවේ ඉල්ලීමට විරුද්ධව තීරණයකට එළඹීය. වෙනිසියුලාවේ වඩා ප්‍රචලිත වන්නේ එහි ඇති පෙට්‍රෝලියම් කර්මාන්තය, පාරිසරික විවිධත්වය සහ එහි ඇති ස්වභාවික ලක්ෂණයන්ටය. ලොව ජෛව විවිධත්වය අතින් 17 වන ස්ථානය හිමි වන්නේ වෙනිසියුලාවටයි. ලතින් ඇමරිකාව තුල ඇති බොහෝ නාගරීකරණය වු රටවල් අතරින් වෙනිසියුලාව එකකි. විශාල වශයෙන් ජනතාව උතුරු ප්‍රදේශයේ නගරවල ජිවත් වන අතර විශේෂයෙන් අගනුවර හා විශාලතම නගරය වන්නේ කරකස් ය. අනෙකුත් නගර වන්නේ මරනයිබෝ, වැලෙන්ඩයා, මරතේ, බාර්කියුසිමෙටො, මෙරිඩා, මෙරීඩා, බාසිලෝනා, පෙට්ටෝ කෲස්, සහ සියුඩෑඩ් ගයනාය. ආශ්රිතසටහන්මූලාශ්රභාහිර සබැඳි
|
Portal di Ensiklopedia Dunia