නාගරීකරණය![]() ![]() කෘෂිකාර්මික නොවන ආර්ථීක කටයුතු සදහා ඒකරාශී වු පුද්ගලයන් සමුහයක් වාසය කරන ප්‍රදේශයක් නාගරික ප්‍රදේශයක් ලෙස හැඳින්විය හැකිය. නාගරික යැයි නිර්වචනය කළ ප්‍රදේශ වල ජන සංඛ්‍යා ප්‍රතිශතය ක්‍රමයෙන් වර්ධනය වීම නාගරීකරණය ලෙස හැදින්විය හැකිය.ලොස් ඇන්ජලිස්හි මෙට්‍රොපොලිටන් පෙදෙස
01. පරිපාලන තත්වය 02. ජන සංඛ්‍යාවේ ප‍්‍රමාණය 03. පළාත් පාලන ප‍්‍රදේශ 04. නාගරික ලක්ෂණ 05. මූලික ආර්ථික කටයුතු එබැවින් නාගරීකරණය යනු කාර්යාංශ රාශියක් කේන්ද්‍ර කරගත් අවකාශීයව සංකීර්ණ මාර්ග ජාලාවකින් එකිනෙකට සම්බන්ධ වූ භූමි කොටසකි. නාගරික ප‍්‍රදේශයේ හඳුනාගැනීම සඳහා ජනසංඛ්‍යාව, නිවාස සංඛ්‍යාව, පරිපාලනමය ප‍්‍රදේශ වශයෙන් එක් නිර්වචනයක් පමණක් යොදාගැනීම සාර්ථක නොවීම හේතුවෙන් ඉන්දියාව, උස්බෙකිස්ථානය, ලිතුවේනියාව ආදී රටවල් කිහිපයක නාගරීකරණය සඳහා නිර්වචන කිහිපයක් භාවිතා කරනු ලබයි. නාගරීකරණය මැනීම සදහා ප්‍රධාන ක්‍රම සතරක් උපයෝගී කොට ගැනේ. නාගරික ප්‍රදේශයක් සාධක සතරක ශ්‍රිතයක් ලෙසද දැක්විය හැකිය. නාගරීකරණය = ජනගහනයේ ප්‍රමාණය, භුමි ප්‍රමාණය, ජන ඝණත්වය, ආර්ථීක සමාජ සංවිධාන ක්‍රමය සංක්‍රමණය පිළිබද අධ්‍යයනය කරන විට ඉන් බලපැම් ලබන වැදගත් සංරචකයකි නාගරීකරණය. ලෝක ජනගහන ව්‍යාප්තිය තීරණය කරන සාධක අතරින් වැදගත්ම සාධකයක් ලෙස නාගරීකරණය හැදින්විය හැකිය. දැනට ලොව ජීවත් වන මුළු ජනගහනයෙන් 48% පමණ නාගරීක යැයි සම්මත ප්‍රදේශ වල ජීවත් වෙති. ඵක්සත් ජාතීන්ගේ සංවිධානයේ නාගරීකරණය සම්බන්ධ නිර්වචනය අනුව නාගරික ප්‍රදේශයක තිබිය යුතු මූලික ලක්ෂන තුනකි. 1.පරිපාලනය 2.ආර්ථීක ක්‍රියාවලිය 3.පාරිසරික තත්ත්වයන්
නාගරීකරණ මිනුම්නාගරීකරණය පිළිබඳ අධ්‍යයනයේදී නාගරික මිනුම් හරහා නාගරීකරණයේ ස්වභාවය සහ තත්ත්වය හඳුනා ගත හැකිය. නාගරික මිනුම් අතර
![]() මෙහිදි නාගරීකරණය මැනීම සදහා බහුලව යොදා ගන්නා මිනුම ලෙස නාගරීකරණ ප්‍රතිශතය දැක්විය හැකිය. මෙය සාපේක්ෂ මිනුමකි. ආර්ථික ප්‍රතිලාභ![]() ගෙවී ගිය කාලයේදි ගම්බද ප්‍රදේශ නාගරීකරණයට ඉතා සීග්‍රයෙන් බඳුන්විය. ඊට ගොවිතැන් කටයතු, පොදු සේවාවන්, කුඩා පරිමාණ ව්‍යාපාර වෙනුවට ඇතිවූ නව කර්මාන්ත ක්‍රම සහ අමුද්‍රව්‍ය යොදා ගන්නාවු නව භාණ්ඩ හේතු විය. නාගරීකරණය වු ප්‍රදේශවල සමීක්ෂණ වාර්තාවලට අනුව මෙම ප්‍රදේශ උසස් තත්ත්වයේ භාණ්ඩ නිපදවීමට, සේවාවන්, ප්‍රවාහන සේවාවන් සහ තොග අවදාන මගින් වාර්තාගත ආදායම් ඉපයීමට ද සමත්විය. මෙහි අධ්‍යාපන, පරිපාලන අංශයේ දියුණුවක්ද දැකිය හැකිය. මෙසේ විවිධාකාර වු කොටස් මගින් නාගරීකරණ ධුරාවලිවය (Urban Hierachy) නිර්මාණය වේ. නාගරීකරණය සමගම බඩුමිල ඉහළ යාමක් දැකිය හැකිය. උදාහරණයක් ලෙස එරික් හොබොස්වෑම් (Eric Habswam) ගේ "The age of revolution" කෘතියෙහි සඳහන් වන පරිදි, එම යුගයේදී නාගරිකරණය ඉතා සීඝ්‍රයෙන් සිදු වුණි.එමෙන්ම වැඩ කරන ජනතා ඉතා අසීරු ජීවිතයක් ගත කළහ. යුරෝපයේ නැගෙනහිර ප්‍රදේශවල දුප්පත් ජනයා විසු බවත් ඊට සාපේක්ෂව බටහිර ප්‍රදේශ පොහොසත් වු බවත්ය. නාගරීකරණය දෙස ජනතාව සෘණාත්මක ආකල්පයකින් බැලුවත් එහි ධනාත්මක පැතිකඩ වන්නේ, රැකි රක්ෂා ලබාදීම, අධ්‍යාපනය දියුණුව, නිවාස සහ ප්‍රවාහන දියුණුව හා විවිධාකාර වු ජාතීන් ආගම් අතර මෙන්ම වෙළෙදපොල තරගකාරීත්වයද දැකිය හැකි විය.
නාගරීකරණය කෙරෙහි බලපාන මුලික සාධකනාගරීකරනය සාධක හතරක් නිසා සිදු විය හැකිය. 1.අභ්‍යන්තරව සිදු වන ග්‍රාමීය නාගරික සංක්‍රමණ 2.ස්වභාවික වර්ධනය 3.ජාත්‍යන්තර නාගරික සංක්‍රමණ 4.ග්‍රාමීය ප්‍රදේශ නාගරික ප්‍රදේශ ලෙස නැවත නිර්වචනය ලෝක නාගරික ප්රවණතාවයන්නාගරික ජනගහනයේ ප්‍රතිශතය ![]()
මුලාශ්‍රය- (එක්සත් ජාතීන්)
නාගරික වර්ධන අනුපාතිකය ![]()
මුලාශ්‍රය (එක්සත් ජාතීන් 2002) ශ්‍රි ලංකාවේ නාගරීකරණය
නාගරීකරණය සම්බන්ධ ගැටළු![]() නාගරික ක්‍රියාවලිය සමඟ බොහෝ රටවල විවිධ
වශයෙන් ගැටළුකාරී තත්වයන් පැන නැගී ඇත. ![]()
මෙම තත්වය හේතුවෙන් 1.නාගරික ප්‍රදේශ වල අඩු ආදායම් ලාභි පවුල් වැඩි වීම 2.නුපුහුණු ශ්‍රමිකයන් ප්‍රමාණය වැඩි වීම 3.රැකියා විරහිත තරුණයන් බිහි වීම වැනි දේ ඇතිවේ.
මෙහිදී පහත ගැටළු ප්‍රධාන වේ 1.මිනිස් භුමි අනුපාතය පහළ වැටීම 2.ජනගහන තදබදය හා පාරිසරික ප්‍රශ්න 3.ජනගහන වර්ධනය හා දුගීකම 4.නාගරීකරණය හා සෞබ්‍ය ප්‍රශ්න
රූප එකතුව
ආශ්‍රිත ලිපි
ඓතිහාසිකකලාපීය
මූලාශ්‍ර
වැඩිදුර අධ්‍යයනය සඳහා
බාහිර සබැඳි
![]() නාගරීකරණය හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත. ![]() විකිඋද්ධෘත සතුව පහත තේමාව සම්බන්ධයෙන් උද්ධෘත එකතුවක් ඇත:
|
Portal di Ensiklopedia Dunia