ඒබීපී නිව්ස්
ඒබීපී නිව්ස් යනු ඉන්දියාවේ සිට ක්‍රියාත්මක වන රූපවාහිනී ප්රවෘත්ති නාලිකාවකි. නාලිකාවේ හිමිකාරීත්වය ABP සමූහය (ABP Group) සතු වේ.[1] මුල් අවධියේදී මෙම නාලිකාව ස්ටාර් නිව්ස් (STAR News) ලෙස හැඳින්වූ අතර, එකල මෙහි හිමිකරුවන් වූවේ නිව්ස් කෝපරේෂන් (News Corporation) ආයතනයයි. එය ස්ටාර් ටීවී (STAR TV) සහ ෆොක්ස් ඉන්ටර්නැෂනල් චැනල්ස් (Fox International Channels) යන සමාගම්හී හවුල් ව්‍යාපාරයකි. අතීතය1998 පෙබරවාරියේදී ස්ටාර් නිව්ස් නමින් ඇරඹි මෙම නාලිකාව, එරට ප්‍රථම ද්විභාෂා (ඉංග්‍රීසි සහ හින්දි) ප්රවෘත්ති සේවයයි. 2003 වසර තෙක් මෙම නාලිකාව තුල, STAR විසින් නිෂ්පාදිත හින්දි වැඩසටහන් සහ එන්ඩීටීවී විසින් නිෂ්පාදිත ඉංග්‍රීසි වැඩසටහන් විකාශනය කල අතර, 2003 වසරේදී එන්ඩීටීවී (NDTV) සමග ඇතිකරගත් ගිවිසුම කල් ඉකුත් වීම නිසා, ස්ටාර් නිව්ස් නාලිකාව සම්පූර්ණ හින්දි පුවත් නාලිකාවක් බවට පත්විය. පසුව නාලිකාව පවත්වා ගැනීම වෙනුවෙන් STAR සහ ABP සමුහය එක්ව ආයෝජන සිදු කරන ලදී. රූපට් මර්ඩොක් ගේ පාලනයට නතු සමාගම ඉන්දියානු පුවත් ව්‍යාපාරයෙන් වෙන්ව යාම නිසා, 2012 අප්‍රියෙල් 16 වැනි දින, ABP සමූහය ප්‍රකාශ කොට සිටියේ, ඔවුන්ට ඊට ඉඩදෙමින් ඔවුන්ගෙන් වෙන්වන බවයි.[2] මෙම වෙන්වීමත් සමග, අට වසරක් මුළුල්ලේ 'Star' නාමය සමග තුබූ ABP සබඳතා අවසන් වූ අතර, වෙන්වීමෙන් පසුව, මෙම ප්රවෘත්ති නාලිකා මෙහෙයවනු ලැබූ Media Content and Communications (MCCS) ආයතනය, මෙම ප්රවෘත්ති නාලිකාවන්හී නාමයන් වෙනස් කරන බවට ප්‍රකාශ කරන ලදී. ඒ අනූව, හින්දි ප්රවෘත්ති නාලිකාව වූ ස්ටාර් නිව්ස් නාලිකාවේ නම ඒබීපී නිව්ස් ලෙසත් (ABP News), බෙංගාලි ප්රවෘත්ති නාලිකාව වූ ස්ටාර් ආනන්ද (Star Ananda) නාලිකාවේ නම ඒබීපී ආනන්ද ලෙසත් (ABP Ananda), මාරාති ප්රවෘත්ති නාලිකාව වූ ස්ටාර් මජ්හා (Star Majha) නාලිකාවේ නම ඒබීපී මජ්හා (ABP Majha) ලෙසත් වෙනස් කෙරුණි.[3][4][5]
මේවාද බලන්නමූලාශ්ර
භාහිර සබැදි |
Portal di Ensiklopedia Dunia