එන්එච්කේ වර්ල්ඩ්
එන්එච්කේ වර්ල්ඩ් (NHK World) යනු ජපානයේ පබ්ලික් බ්‍රෝඩ්කාස්ටර් සතු එන්එච්කේ [NHK] (Nippon Hōsō Kyōkai - Japan Broadcasting Corporation) ට අයත්, ජාත්‍යන්තර පුවත් සේවාවකි. බීබීසී පුවත් සේවය, DW, France 24 සහ ආර්ටී (රෂියා ටුඩේ), වැනි අනෙකුත් රටවල් වල පුවත් නාලිකා සේම, මෙම නාලිකාවද සිය සේවාව ජාත්‍යන්තර වෙළඳපල ඉලක්ක කොට ගෙන ලොව පුරා විකාශය කරයි. එන්එච්කේ වර්ල්ඩ් සතු සේවාවන් 3 කි. ඒවා නම් එන්එච්කේ වර්ල්ඩ් රේඩියෝ ජපාන්, එන්එච්කේ වර්ල්ඩ් ටීවී, සහ එන්එච්කේ වර්ල්ඩ් ප්‍රිමියම් වේ. එන්එච්කේ වර්ල්ඩ් හි බොහොමයක් වැඩසටහන් අන්තර්ජාලය ඔස්සේද නැරඹීමේ හැකියාව පවතී. ටෙලිවිෂන් ජපාන්එන්එච්කේ වර්ල්ඩ් නාලිකාව1995 දී එන්එච්කේ නාලිකාව උතුරු අමෙරිකාව සහ යුරෝපය පදනම් කර ගනිමින් පලමු වරට ජාත්‍යන්තරව සිය විකාශය මුදා හැරීම ආරම්භ කරන ලදී. 1998 අප්‍රියෙල් 1 දින, මෙම නාලිකාව එන්එච්කේ වර්ල්ඩ් නාලිකාව යන මුහුණුවර ගනිමින් සිය විකාශන කටයුතු ඉංග්‍රීසි භාෂාවෙන් සිදුකරමින් සැටලයිට් සහ රැහැන් තාක්ෂණය ඔස්සේ ලොව පුරා විකාශය කිරීම ආරම්භ කරන ලදී. 2009 පෙබරවාරියේදී දී නාලිකාව සම්පූර්ණ පුවත් නාලිකාවක් ලෙස වර්ධනය කෙරිණ. එන්එච්කේ වර්ල්ඩ් ප්රිමියම්එන්එච්කේ වර්ල්ඩ් ප්‍රිමියම් ටෙලිවිෂන් නාලිකාව විසින් ජපන් භාෂාවෙන් ප්‍රවෘත්ති, ක්‍රීඩා වැඩසටහන් සහ විනෝදාත්මක වැඩසටහන් සැටලයිට් තාක්ෂණය ඔස්සේ ලොව පුරා විහිදුවා හරියි. රේඩියෝ ජපාන්එන්එච්කේ වර්ල්ඩ් රේඩියෝ ජපාන් විසින් ආසියාවේ හා ජපානයේ ප්‍රවෘත්ති, තොරතුරු සහ විවිධ විනෝදාත්මක විස්තරයන් ඉදිරිපත් කරනු ලබයි. රේඩියෝ ජපාන් සතුව මූලික සේවාවන් 2 ක් පවතී.
අන්තර්ජාල සේවාවන්එන්එච්කේ වර්ල්ඩ් හී වැඩසටහන් අන්තර්ජාලය තුලින් ලබාගත හැකිය.
සීමිත වැඩසටහන් කීපයක් පමණක් නොමිලේ ලබාගත හැක.[1] මේවාද බලන්නමූලාශ්ර
භාහිර සබැදි
|
Portal di Ensiklopedia Dunia