මෙම ලිපියේ අන්තර්ගත වන්නේ පුරාතන ඊජිප්තුවේ පාරාවෝ ලැයිස්තුවයි. මෙමගින්, ක්‍රි.පූ. 3100ට පෙර කාලයේ මුල්කාලීන රාජවංශික යුගයේ සිට ක්‍රි.පූ. 30දී ඔගස්ටස් සීසර් විසින් ඊජිප්තුව රෝමයේ පළාතක් ලෙස ඈඳාගැනුණු ටොලමියානු රාජවංශයේ අවසානය දක්වා කාලපරිච්ඡේදය ආවරණය වේ.
මෙහි ලබා දී ඇත්තේ දිනයන් ආසන්න වශයෙන් බව සලකන්න. පහත දැක්වෙන පාරාවෝවරුන්ගේ ලැයිස්තුව පුරාතන ඊජිප්තුවේ සම්මුතික කාලානුක්‍රමය අනුව ප්‍රධාන වශයෙන්ම ඊජිප්තු පුරාවිද්‍යාව පිළිබඳ පෙට්‍රී කෞතුකාගාරය විසින් සම්පාදනය කළ විශ්වවිද්‍යාල සඳහා ඩිජිටල් ඊජිප්තුව නැමැති දත්ත සමුදාය මත පදනම්ව ගොඩනැගූවකි. නමුත් වෙනත් විකල්ප දිනයන් හා ඒවායේ ප්රාමාණිකයන් වෙනම දක්වා ඇත.
පුරාතන ඊජිප්තු රාජාවලි
පාරාවෝවරුන්ගේ නූතන ලැයිස්තු සඳහා පාදක කොටගෙන ඇත්තේ ඓතිහාසික වාර්තා ය. මේ අතර, පුරාතන ඊජිප්තු රාජාවලි ලැයිස්තු සහ මැනතෝ ගේ ඒජිප්ටියාකා වැනි ඉතිහාස වාර්තා මෙන්ම පුරාවිද්‍යාත්මක සාක්ෂි ද වේ. පුරාතන මූලාශ්‍ර සැලකීමේ දී ඊජිප්තුවේදීන් සහ පුරාවිද්‍යාඥයින් ඒවායේ ඇති විශ්වසණීයත්වය, නිරවද්‍යභාවය සහ සම්පූර්ණත්වය පිළිබඳ බෙහෙවින් සැළකිලිමත් වන්නේ ඒවායින් බොහෝමයක් අදාළ රාජ්‍ය සමයයන්ට පසුකලෙක ලියැවුණු ඒවා නිසායි.[ 2] පුරාතන රාජාවලි සම්බන්ධයෙන් ඇති තවත් ගැටුලවක් නම් ඒවා බොහෝමයක් හානි වී පැවතීමත් එකක් අනෙක සමග සැසඳීමට ඇති අපහසුවත් ය.
මේ වන විට පහත රාජාවලි හඳුනාගෙන ඇත (රාජවංශ අනුපිළිවෙලින් දක්වා ඇත):[ 3]
ඩෙන් මුද්‍රා ලාංඡන (1වන රාජවංශය); ඩෙන් ගේ සොහොන්ගැබෙන් හමුවූ සිලින්ඩරාකාර මුද්‍රාවක් සටහන්ව තිබිණි. මෙහි නාමර් සිට ඩෙන් දක්වා සියලුම 1වන රාජවංශයේ පාරාවෝවරුන්ගේ නම් ඒවායේ හොරස් නාමය න් අනුව දක්වා ඇත.
පැලර්මෝ පාෂාණය (5වන රාජවංශය); ඔලිවින්-බැසෝල්ට් ඵලකයක තිබී හමු විය. කොටස්වලට බිඳී ඇති හෙයින් වර්තමානයේ අසම්පූර්ණ අයුරින් පවතී.
ගිසා රාජාවලිය (6වන රාජවංශය); ජිප්සම් සහ දේවදාර ලී මත රතු, කොළ සහ කළු පැහැ තීන්ත වලින් ලියා ඇත. අතිශය වරණාත්මක ය.
දකුණු සකාරා පාෂාණය (6වන රාජවංශය); කළු බැසෝල්ට් ඵලකයක් මත කැටයම් කොට තිබේ. අතිශයින් වරණාත්මක ය.
කාර්නැක් රාජාවලිය (18වන රාජවංශය); හුනුගල් මත කැටයම් කර ඇත. අතිශය වරණාත්මක ය.
Iවන සෙටිගේ ඇබයිඩොස් රාජාවලිය (19වන රාජවංශය); හුනුගල් මත කැටයම් කර ඇත. සවිස්තරාත්මක ය. නමුත් පළමු අන්තර්මධ්‍ය යුගය නොසලකා හැර ඇත.
IIවන රැම්සෙස්ගේ ඇබයිඩොස් රාජාවලිය (19වන රාජවංශය); හුනුගල් මත කැටයම් කර ඇත. අතිශය වරණාත්මක ය.
සකාරා රාජාවලිය (19වන රාජවංශය), හුනුගල් මත කැටයම් කර ඇත. අතිශයින් විස්තරාත්මක ය. නමුත් නොදන්නා හේතූන් මත 1වන රාජවංශයේ බොහෝ රජවරුන් පිළිබඳ සටහන් කර නොමැත.
ටියුරින් රාජාවලිය (19වන රාජවංශය); පැපිරසයක රතු සහ කළු තීන්තයෙන් ලියා ඇත. ඉතිහාසයේ ඇති වඩාත් සම්පූර්ණ රාජාවලිය විය හැක. වර්තමානයේ හානියට පත්ව ඇත.
මැනතෝ ගේ ඒජිප්ටියාකා (ග්‍රීක යුගය); පැපිරස් මත ලියා තිබෙන්නට ඇත. මුල් ලේඛන දක්නට නැත. මෙහි අන්තර්ගත ඇතැම් රජවරුන් ප්‍රබන්ධ කොට ඇති බව පෙනේ.
පූර්වරාජවංශික යුගය
පහළ ඊජිප්තුව
පහළ ඊජිප්තුව ට භූගෝලීය වශයෙන් උතුරු නයිල් සහ නයිල් ඩෙල්ටාව ඇයත් විය. පහත ලැයිස්තුව සම්පූර්ණ නොවිය හැක:
ඉහළ ඊජිප්තුව
මෙහි ගොනුකර ඇත්තේ පසුකාලීන නැකාඩා III යුගයට අයත් ඉහළ ඊජිප්තුවේ පූර්ව රාජවංශිකත පාරාවෝවරුන්ගේ නම් ය. ඇතැම්විට රාජවංශය 00 ලෙස ද හඳුන්වයි.
මුල්කාලීන රාජවංශික යුගය
පූර්වරාජවංශික පාලකයින්: රාජවංශය 0
පහත පූර්වරාජවංශික පාරාවෝ ලැයිස්තුව සම්පූර්ණ එකක් විය හැක. මෙම රජවරුන් පළමු රාජවංශයට පෙර රාජ්‍ය පාලනය කළ හෙයින් ඇතැම්විට "රාජවංශය 0" ලෙස හඳුන්වා ඇත.
නම
රුව
සටහන්
දින
අයිරි-හොර්
නිවැරදි කාලානුක්රම පිහිටුම අපැහැදිළි ය.[ 12]
ක්‍රි.පූ. 3150 පමණ
ක්‍රොකඩයිල්
ෂෙන්ඩ්ජ්ව් ලෙස කියවිය හැක; අනන්‍යතාව සහ පැවැත්ම මතභේදාත්මක ය.[ 13]
ක්‍රි.පූ. 3150 පමණ
කා
ඇතැම්විට කා වෙනුවට සෙඛෙන් ලෙස ද කියවනු ලබයි. නිවැරදි කාලානුක්රම පිහිටුම අපැහැදිළි ය.[ 14]
ක්‍රි.පූ. 3150 පමණ
ස්කෝර්පියන් II
සෙර්කෙට් ලෙස ද කියැවිය හැක; ඇතැම්විට නාමර් ම විය හැක.[ 15]
ක්‍රි.පූ. 3150 පමණ
පළමු රාජවංශය
නම
රුව
සටහන්
රාජ්‍ය සමය
නාමර්
මෙනස් යනුවෙන් හැඳන්වුණේ මොහුම යැයි විශ්වාස කෙරේ. ඉහළ ඊජිප්තුව සහ පහළ ඊජිප්තුව ඒකාබද්ධ කර ඇත.
ක්‍රි.පූ. 3100 පමණ
හොර්-අහා
ග්‍රීක ස්වරූපය: අතෝටිස් ; මොහුගේ අසාමාන්‍ය සෙරෙඛ් නාමය හේතුවෙන් ප්‍රකට විය.
ක්‍රි.පූ. 3050 පමණ
ඩ්ජෙර්
ග්‍රීක ස්වරූපය: උවෙනෙෆස් (ඔහුගේ රන් නාමය වන ඉන-නෙබ්ව් අනුව); ඔහුගේ නම සහ පදවි නාමයන් සුප්‍රකට පැලර්මෝ පාෂාණයේ දක්නට ලැබේ. ඔහුගේ සොහොන්ගැබ පසුව ඔසිරිස් ගේ ජනප්රවාදගත සොහොන්ගැබ ලෙස ප්‍රකට වන්නට ඇතැයි විශ්වාස කෙරේ.
වර්ෂ 54[ 16]
ඩ්ජෙට්
ග්‍රීක ස්වරූපය: උසාෆේයිස් .
වර්ෂ 10[ 17]
ඩෙන්
ග්‍රීක ස්වරූපය: කේන්කෙනෙස් (ඔහුගේ උපන් නාමය වූ කෙන්කෙන් හි රැම්සෙසීය වාග් විලාසය අනුව ගොඩනැගුණකි[ 18] ). ඊජිප්තුවේ ද්විත්ව කිරුළ පැළඳ සිටිනු නිරූපිත ප්‍රථම පාරාවෝවරයායි. එසේම සම්පූර්ණ නිස්ව්ට් බිටි -නාමය හිමි පළමු පාරාවෝවරයා ද වේ.
වර්ෂ 42[ 17]
අනෙඩ්ජිබ්
ග්‍රීක ස්වරූපය: මියෙබිඩොස් . ඔහුගේ අසුභ නෙබ්වි -නාමය හේතුවෙන් ප්‍රකට ය.[ 19]
වර්ෂ 10
සෙමෙර්ඛෙට්
ග්‍රීක ස්වරූපය: සෙමෙම්ප්සෙස් . සම්පූර්ණයෙන් වර්ධිත නෙබ්ටි නාමය ක් හිමි පළමු පාරාවෝවරයායි. ඔහුගේ සම්පූර්ණ රාජ්‍ය සමය කයිරෝ පාෂාණයේ සටහන්ව ඇත.
වර්ෂ 8½[ 17]
කා'ආ
ග්‍රීක ස්වරූපය: බියෙනෙචෙස් . දිගු කාලයක් රාජ්‍ය පාලනය ගෙනගිය රජෙකි. අතිරේක සොහොන්ගැබ් සහිත අවසන් සොහොන්ගැබ ඔහුට අයත් ය.
වර්ෂ 34
ස්නෙෆෙර්කා
ඉතා කෙටි රාජ්‍ය සමයකි. නිවැරදි කාලානුක්රම පිහිටුම නොදනී.
ක්‍රි.පූ. 2900 පමණ
හොරස් බර්ඩ්
ඉතා කෙටි රාජ්‍ය සමයකි. නිවැරදි කාලානුක්රම පිහිටුම නොදනී.
ක්‍රි.පූ. 2900 පමණ
දෙවන රාජවංශය
නම
රුව
සටහන්
දින
හොටෙප්සෙඛෙම්වි [ 20]
මැනතෝ ඔහුගේ නාමය බොයිතොස් ලෙස දක්වා ඇති අතර, ඔහුගේ පාලනය සමයේ භූමිකම්පා වකින් විශාල ජීවිත ප්‍රමාණයක් අහිමි වූ බව පවසයි.
වර්ෂ 15
නෙබ්රා [ 21]
ග්‍රීක ස්වරූපය: කෙයෙචොස් (කාකාව් යන රැම්සෙසීය කාර්ටුෂ නාමය අනුව යෙදුණකි). සිය රාජකීය නාමයේ සූර්ය-සංකේතය භාවිතය කළ පළමු පාලකයායි. ඇතැම්විට වෙනෙග් රජු යනුවෙන් පැවසෙන්නේ ද මොහුම විය හැක.
වර්ෂ 14
නයිනෙට්ජෙර් [ 22]
ග්‍රීක ස්වරූපය: බිනෝත්රිස් . සිය අනුප්රාප්තිකයන් අතර ඊජිප්තුව බෙදා දෙන්නට ඇත. කාන්තාවන්ට පාරාවෝවරුන් මෙන් පාලනය ගෙනයන්නට ඉඩදුන්නේ යැයි පැවසේ.
වර්ෂ 43–45
වෙනෙග්-නෙබ්ටි [ 23]
ග්‍රීක ස්වරූපය: ඕගොට්ලස්/ට්ලාස් . ස්වාධීන පාලකයකු හෝ පෙරිබ්සෙන්, සෙඛෙමිබ්-පෙරෙන්මාට් හෝ රැනෙබ් අයන අයගෙන් කෙනෙක් විය හැක.
සෙනෙඩ්ජ් [ 24]
ග්‍රීක ස්වරූපය: සෙතෙනස් . ඇතැම්විට පෙරිබ්සෙන් යනු මොහුම විය හැක. කෙසේනමුත්, මෙය දැඩිව මතභේදයට හේතු වී ඇත.[ 25]
සෙත්-පෙරිබ්සෙන්
ඔහුගේ සෙත්-නාමය නිසා ප්‍රකට විය. ඊජිප්තුවේ සූර්ය වන්දනාව ප්‍රචලිත කළ ඔහු, නිලධාරීන්, නොමර්ච්වරුන් සහ වංශාධිපතීන්ගේ බලය අඩුකළේ ය. ඇතැම් විද්වතුන් විශ්වාස කරන්නේ මොහු බෙදුණු ඊජිප්තුවක් පාලනය කළ බවයි.[ 26]
සෙඛෙමිබ්-පෙරෙන්මාට්
සෙත්-පෙරබ්සෙන් නැමැත්තා ද මොහු විය හැකි යැයි යෝජනා වී ඇත.[ 27]
නෙෆර්කාරා I
ග්‍රීක ස්වරූපය: නෙෆර්චෙරෙස් . රැම්සෙසීය රාජාවලියෙන් පමණක් හමුවේ. පුරාවිද්‍යාත්මකව සනාථ වී නැත.
නෙෆර්කාසොකාර්
ග්‍රීක ස්වරූපය: සෙසෝච්රිස් . රැම්සෙසීය රාජාවලියෙන් පමණක් හමුවේ. පුරාවිද්යාත්කව සනාථ වී නැත. පැරණි රාජධානියේ පුරාවෘත්තවල මෙම රජු ඊජිප්තුව දිගු නියඟයකින් බේරාගත් බව පැවසේ.[ 28]
හුඩ්ජෙෆා I
රැම්සෙසීය රාජාවලියෙන් පමණක් හමුවේ ඔහුගේ "නාමය" සැබැවින්ම රැම්සෙසීය රාජ්‍ය සමයේ ද ඔහුගේ මුල් නාමය සොයාගත නොහැකි වූ බවට යෙදුමකි.
ඛාසෙඛෙම්(වි) [ 29] [ 30]
ග්‍රීක ස්වරූපය: චෙනෙරෙස් . අරගලකාරී සමයයකට පසුව ඊජිප්තුව එක්සත් කරන්නට ඇත. ඔහුගේ සෙරෙඛ් නාමය හොරස් සහ සෙට් ගේ නම් ඇතුළත් විශේෂිත නාමයකි.
පැරණි රාජධානිය
තෙවන රාජවංශය
නම
රුව
සටහන්
දින
ඩ්ජෝසර් [ 31] [ 32]
ග්‍රීක ස්වරූපය: ටොසොර්ත්රොස් . ඊජිප්තුවේ පළමු පිරමිඩය ඉදිකරවන ලදී. මෙය ඔහුගේ ප්‍රධාන වාස්තු විද්‍යාඥයා සහ ලේකම්වරයා වූ ඉම්හොටෙප් ගේ නිර්මාණයකි.
වර්ෂ 19 හෝ 28ක් ක්‍රි.පූ. 2670 පමණ
සෙඛෙම්ඛෙට් [ 33]
ග්‍රීක ස්වරූපය: ටයිරෙයිස් (සෙඛෙම්ඛෙට්ගේ රැම්සෙසීය කාර්ටුෂ නාමය වූ ටෙටි අනුව යෙදුණකි). ඔහුගේ පඩි පිරමිඩයේ සුසානභූමියෙන් වසර 2ක් පමණ වියැති දරුවකුගේ ශේෂයන් හමු විය.[ 34]
ක්‍රි.පූ. 2649 - 2643
සැනැඛ්ට්
ග්‍රීක ස්වරූපය: නෙචෙරොෆස් . නෙබ්කා ලෙස හඳුන්වන්නේ ද මොහුම විය හැක. නමුත් එය විද්වතුන්ගේ මතභේදයට හේතු වී ඇත.
ක්‍රි.පූ. 2650 පමණ
ඛාබා
නිමනොකළ පඩි පිරමිඩයක් ඉදිකරන්නට ඇත. ඇතැම්විට මොහු, හුනි විය හැකි බව ද පැවසේ.
ක්‍රි.පූ. 2643 - 2637
හුනි [ 35]
ග්‍රීක ස්වරූපය: ඒචස් . ඇතැම්විට කාහෙඩ්ජෙට් හෝ ඛාබා යන දෙදෙනාගෙන් අයකු විය හැක. නිමනොකළ පඩි පිරමිඩයක් සහ ඊජිප්තුව පුරා වන්දනා පිරමිඩ කිහිපයක් ඉදිකොට ඇති බව පෙනේ. බොහෝකලක සිට මීඩම්හි පිරමිඩය හුනි විසින් ඉදිකළේ යැයි විශ්වාස කෙරිණි. නමුත් හුනි වෙනුවට ස්නොෆ්රු රජුව වර්ණනා කොට ඇති නව රාජධානියේ කුරුටුලිපි අනුව එය අසත්‍ය බව පෙනේ.
ක්‍රි.පූ. 2637 - 2613
සිව්වන රාජවංශය
නම
රුව
සටහන්
දින
ස්නෙෆරු
ග්‍රීක ස්වරූපය: සෝරිස් . දිගු කාලයක් (වර්ෂ 48ක්) රාජ්‍ය පාලනය කොට තිබේ. මේ කාලය තුළ ඔහු විසින් මීඩම් පිරමිඩය , බෙන්ට් පිරමිඩය සහ රතු පිරමිඩය ඉදිකරන්නට ඇතැයි විශ්වාස කෙරේ. ඇතැම් විද්වතුන් විශ්වාස කරන්නේ ඔහුගේ දේහය රතු පිරමිඩය තුළ භූමදානය කෙරුණු බවයි. දිගු කලක් මීඩම් පිරමිඩය ස්නොෆ්රුගේ ඉදිකිරීමක් නොව හුනි රජුගේ බව පිළිගැනිණි. පුරාතන ඊජිප්තු ලේඛනවල ස්නොෆ්රු භක්තිමත්, ආචාරශීලී පාලකයකු ලෙස දක්වා ඇත.[ 36]
ක්‍රි.පූ. 2613 - 2589 BC
ඛුෆු
ග්‍රීක ස්වරූපය: චියොප්ස් සහ සුෆිස් . ගිසාහි මහා පිරමීඩය ඉදිකරන ලදී. පුරාතන ග්‍රීක කතුවරුන් විසින් ඛුෆු කෲර ප්රජාපීඩක රජකු ලෙස හඳුන්වා තිබුණත්, පුරාතන ඊජිප්තු මූලාශ්රවල ඔහු ආචාරශීලී ධාර්මික රජකු බැව් දක්වා ඇත. සුප්‍රකට වෙස්ට්කාර් පැපිරසයේ ප්‍රධාන චරිතය ඔහු ය. මෙහි ඔහු ඩෙඩි නැමැති මන්ත්රකරුවකුටගේ උපදෙස් පතන අතර, ඩෙඩි විසින් අනාගතවාක්‍යය ක් ප්‍රකාශ කොට මායාමය විස්කම් සිදුකරයි. පළමු ආමුද්රණ පැපිරසය ඛුෆුගේ සමයට අයත් ය. මේ නිසා ග්‍රීක කතුවරුන් විශ්වාස කළේ දෙවිවරුන්ට ප්‍රශංසා කිරීම පිණිස ඛුෆු ග්රන්ථ රචනා කළ බවයි.
ක්‍රි.පූ. 2589 - 2566
ඩ්ජෙඩෙෆ්රේ
ග්‍රීක ස්වරූපය: රාටොයිසිස් . ඇතැම් විද්වතුන් විශ්වාස කරන්නේ ඔහු සිය මියගිය පියාණන් අනුස්මරණය කිරීම පිණිස ගිසාහි මහා ස්ෆින්ක්සය ඉදිකළ බවයි. ඔහු විසින් අබු රවාෂ්හි පිරමිඩයක් ගොඩනගා තිබේ. කෙසේනමුත්, රෝමානුවන් විසින් එය ඉදිකළ අමුද්‍රව්‍ය යළි භාවිතයට ගැනීම නිසා එය එතරම් කල් නොපවතින්නට ඇතැයි විශ්වාස කෙරේ.
ක්‍රි.පූ. 2566 – 2558
ඛෆ්රේ
ග්‍රීක ස්වරූපය: චෙෆ්රෙන් සහ සුෆිස් II . ඔහුගේ පිරමිඩය ගිසාහි දෙවන විශාලතම පිරමිඩය වේ. ඇතැම් විද්වතුන් පවසන්නේ ඩ්ජෙඩෙෆ්රා ඉදිරිපිට ඇති මහා ස්ෆින්ක්සය ඔහුගේ නිර්මාණයක් බවයි. පුරාතන ග්‍රීක කතුවරුන් ඛෆ්රා ද ඛුෆු මෙන්ම කෲර පාලකයකු වූ බව දක්වා ඇත.
ක්‍රි.පූ. 2558 - 2532
බාකා/බොවෙෆ්රේ
ග්‍රීක ස්වරූපය: බිඛෙරිස් . ඇතැම්විට සාවියෙට් එල්'ආර්යන්හි නිම නොකළ උතුරු පිරමිඩය ඔහුගේ විය හැක.
මෙන්කෝරේ
ග්‍රීක ස්වරූපය: මෙන්චේරෙස් . ගිසාහි ඇති තෙවන සහ කුඩාම පිරමිඩය ඔහුගේ ය. පුරාවෘත්ත අනුව ඔහුගේ එකම දියණිය රෝගයකින් මියගිය බවත්, මෙන්කෝරා ඇයව ගවදෙනක හැඩැති රන් මිනීපෙට්ටියක භූමදාන කළ බවත් පැවසේ.
ක්‍රි.පූ. 2532 - 2503
ෂෙප්සෙස්කෆ්
ග්‍රීක ස්වරූපය: සෙබෙර්චේරෙස් . මස්ටාබට් එල්-ෆාරා'යුන් හි හිමිකරු ය.
ක්‍රි.පූ. 2503 - 2498 BC
තම්ෆ්තිස්
–
මැනතෝ අනුව මොහු 4වන රාජවංශයේ අවසන් පාලකයා වේ. මොහු පිළිබඳ පුරාවිද්‍යාත්මකව සනාථ වී නොමැති අතර, ප්‍රබන්ධ චරිතයක් විය හැක.
—
පස්වන රාජවංශය
පස්වන රාජවංශය විසින් ක්‍රි.පූ. 2498 සිට 2345 දක්වා පාලනය ගෙන යන ලදී.
නම
රුව
සටහන්
දින
උසර්කාෆ්
සකාරාහි පිරමිඩයක භූමදානය කෙරිණි. අබුසිර්හි පළමු සූර්ය දේවස්ථානය ඉදිකළේ ය.
ක්‍රි.පූ. 2498 - 2491
සහුරේ
රාජකීය සුසානභූමිය අබුසිර් වෙත ගෙනගිය අතර, එහි ඔහුගේ පිරමිඩය ඉදිකළේ ය.
ක්‍රි.පූ. 2490 - 2477
නෙෆරිර්කරේ කකායි
සහුරේගේ පුත්‍රයායි. උපන් නාමය රැනෙෆර් ය.
ක්‍රි.පූ. 2477 - 2467
නෙෆරෙෆ්රේ
නෙෆරිර්කරේගේ පුත්‍රයායි.
ක්‍රි.පූ. 2460 - 2458
ෂෙප්සෙස්කරේ
නෙෆරෙෆ්රේට පසුව බොහෝවිට මාස කිහිපයක් පමණක් රජ කරන්නට ඇත. සහුරේගේ පුත්‍රයකු විය හැක.[ 37]
මාස කිහිපයක්
න්යුසෙරේ ඉනි
නෙෆරෙෆ්රේගේ සොහොයුරෙකි. අබුසිර් සුසානභූමිය විශාලකොට තැනවී ය.
ක්‍රි.පූ. 2445 - 2422
මෙන්කෝහොර් කාඉයු
සූර්ය දෙවොලක් ඉදිකළ අවසන් පාරාවෝවරයා ය.
ක්‍රි.පූ. 2422 - 2414
ඩ්ජෙඩ්කරේ ඉසෙසි
ඊජිප්තු පරිපාලනයේ සාධනීය ප්‍රතිසංස්කරණ සිදුකළේ ය. ඔහුගේ රාජවංශයේ වැඩිම කාලයක් පාලනය ගෙනගියේ ඔහු ය. සිහසුන වර්ෂ 35කට වඩා හොබවන්නට ඇත.
ක්‍රි.පූ. 2414 - 2375
උනාස්
උනාස්ගේ පිරමිඩයේ පිරමිඩ පාඨ වල පැරණිතම උදාහරණයක් දක්නට ලැබේ.
ක්‍රි.පූ. 2375 - 2345
සයවන රාජවංශය
සයවන රාජවංශය විසින් ක්‍රි.පූ. 2345 සිට 2181 දක්වා පාලනය ගෙනගොස් තිබේ.
නම
රුව
සටහන්
දින
ටෙටි
මැනතෝ අනුව ඔහුව මරාදැමිණි.
ක්‍රි.පූ. 2345–2333
උසර්කරේ
වර්ෂ 1 සිට 5 දක්වා කාලයක් රාජ්‍ය පාලනය කොට තිබේ. ඇතැම්විට ටෙටි ඝාතනය වූ අවස්ථාවේ සිහසුන පැහැරගන්නට ඇත.
ක්‍රි.පූ. 2333–2332
මෙරිරේ පෙපි I
—
ක්‍රි.පූ. 2332–2283
මෙරෙන්රේ නෙම්ටියෙම්සෆ් I
—
ක්‍රි.පූ. 2283–2278
නෙෆර්කරේ පෙපි II
මිනිස් ඉතිහාසයේ වැඩිම කාලයක් සිහසුන හෙබවූ පාලකයා විය හැක. එය වර්ෂ 94ක් ලෙස දැක්වේ. ඇතැමුන් පවසන්නේ ඔහු රාජ්‍ය පාලනය කළේ වර්ෂ 64ක් "පමණක්" බවයි.
ක්‍රි.පූ.2278–2184 BC
නෙෆර්කා
පුරාතන ඊජිප්තුව පිළිබඳ ඔක්ස්ෆර්ඩ් විශ්වකෝෂයේ පමණක් සඳහන් වේ. IIවන පෙපි රාජ්‍ය සමයේ සිට ඇත; බොහෝවිට ඔහුගේ පුත්‍රයකු හෝ සම-අනුරාජයකු වන්නට ඇත.
ක්‍රි.පූ. 2200–2199
මෙරෙන්රේ නෙම්ටියෙම්සෆ් II [ 38]
කෙටිකාලයක් ජීවත් වූ පාරාවෝවරයෙකි. බොහෝවිට IIවන පෙපිගේ වියපත් පුතකු වන්නට ඇත.
වර්ෂ 1ක් සහ මාස 1ක් ; ක්‍රි.පූ. 2184 පමණ
නෙයිටිකෙර්ටි සිප්ටාහ්
නෙට්ජෙර්කරේ ලෙස හඳුනාගෙන ඇත. මෙම පුරුෂ රජු හේතුවෙන් හෙරඩෝටස් සහ මැනතෝ විසින් පැවසූ ජනප්රවාදගත නිටෝක්‍රිස් රැජින පිළිබඳ කථාව බිහිවන්නට ඇත.[ 39] ඇතැම් අවස්ථාවල සංයුක්ත 7වන/8වන රාජවංශවල පළමු රජු ලෙස විස්තර කෙරේ.
කෙටි රාජ්‍ය සමය: ක්‍රි.පූ. 2184–2181 පමණ
පළමු අන්තර්මධ්‍ය යුගය
පළමු අන්තර්මධ්‍ය යුගය (ක්‍රි.පූ. 2181–2060) යනුවෙන් හැඳින්වෙන්නේ පැරණි රාජධානියේ අවසානය සහ මධ්‍ය රාජධානියේ ඇරඹීම අතර කාලයේ පැවති අවුල්වලින් ගහණ වූ ව්‍යාකූල සමයකි.
IIවන පෙපි රජුගේ මරණින් පසු පැරණි රාජධානිය ශීඝ්‍රයෙන් බිඳවැටිණි. ඔහු විසින් වර්ෂ 64කට වඩා (බොහෝවිට 94ක් දක්වා) රාජ්‍ය පාලනය මෙහෙයවූයේ මානව ඉතිහාසයේ වැඩිම කාලයක් රාජ්‍ය පාලනය මෙහෙයවූ රජු ලෙස ය. ඔහුගේ රාජ්‍ය සමයේ අවසන් කාලය ඔහුගේ වියපත්භාවය හේතුවෙන් අසමර්ථකම් පෙන්නුම් කළ යුගයක් විය. රාජධානි දෙකෙහි ඒකාබද්ධභාවය ගිලිහෙමින් පැවති අතර, සාගත හේතුවෙන් ප්‍රාදේශීය නායකයින් කැරැලි ඇතිකරන්නට විය.
6වන රාජවංශයේ අනුප්රාප්තිකයින් ලෙස පෙනී සිටි 7වන සහ 8වන රාජවංශවල රජවරුන් මෙම්ෆිස්හි යම් බලයක් රඳවා ගැනීමට උත්සාහ දැරුව ද, එයට බෙහෙවින් ඉවහල් වූයේ බලවත් නොමාර්ච්වරුන් ය. වසර 20 සිට 45 දක්වා කාලයකට පසු, හෙරක්ලියොපොලිස් මැග්නා ප්‍රදේශය මුල් කරගනිමින් බිහිවූ නව පාරාවෝ පෙළපතක් මගින් ඔවුනට බලයෙන් පහකෙරිණි. මෙම සිදුවීමෙන් මඳ කාලයකට පසු, තීබ්ස් කේන්ද්‍රකරගත් ප්‍රතිවාදී පෙළපතක් සිය නාමික උතුරු අධිපතීන්ට විරුද්ධව කැරැල්ලක් මෙහෙයවා ඉහළ ඊජිප්තුව එක්සත් කරන ලදී. ක්‍රි.පූ. 2055 අවට කාලයේ, IIIවන ඉන්ටෙෆ් පාරාවෝවරයාගේ පුත්‍රයා මෙන්ම අනුප්‍රාප්තිකයා ද වූ IIවන මෙන්ටුහොටෙප් විසින් හෙරක්ලියොපොලියානු පාරාවෝවරුන් පරාජය කොට භූමි ද්විත්වය යළි එක්සත් කරන ලදී. මෙලෙසින් මධ්‍ය රාජධානිය ඇරඹිණි.
හත්වන සහ අටවන රාජවංශ (සංයුක්ත)
හත්වන සහ අටවන රාජවංශ විසින් ආසන්න වශයෙන් වර්ෂ 20–45ක් පමණ පාලනය ගෙනගොස් තිබේ. මේ අතර බෙදුණු ඊජිප්තුවක් තුළ මෙම්ෆිස් සිට රාජ්‍ය පාලනය කළ කෙටිකාලීන රජවරුන් ගණනාවක් අයත් වේ. මෙහිදී වැඩවසම් ක්‍රමය හේතුවෙන් ඔවුනට හිමිවූයේ සීමිත බලයකි. පහත දැක්වෙන ලැයිස්තුව සඳහා පාදක කරගෙන ඇත්තේ Iවන සෙටි රාජ්‍ය සමයට අයත් ඇබයිඩොස් රාජාවලිය යි. එය ජූර්ගන් වොන් බෙකරැත් ගේ Handbuch der ägyptischen Königsnamen ග්රන්ථයෙන්උපුටා ගැනිණි.[ 40] එසේම රැම්සෙසීය යුගය ට අයත් තවත් රාජ නාමාවලියක් වන ටියුරින් රාජ නාමාවලියේ කිම් රයිහොල්ට් ගේ නූතනම ප්‍රතිනිර්මාණය ද ආශ්‍රය කරගෙන ඇත.[ 41]
නවවන රාජවංශය
නවවන රාජවංශය [ 45] විසින් ක්‍රි.පූ. 2160 සිට 2130 දක්වා පාලනය මෙහෙයවා තිබේ. නවවන සහ දසවන රාජවංශවල රජවරුන් 18 දෙනකුගේ නම් ටියුරින් රාජාවලියේ දැක්වේ. මේ අතුරින්, නම් දොළහක් දක්නට නොමැති අතර, හතරක් ඇත්තේ අර්ධ වශයෙනි.[ 45]
දසවන රාජවංශය
දසවන රාජවංශය යනු ක්‍රි.පූ. 2130 සිට 2040 දක්වා පාලනය ගෙනගිය, පහළ ඊජිප්තුවේ බලය අත්කරගත් ස්වදේශික කණ්ඩායමකි.
එකොළොස්වන රාජවංශය
එකොළොස්වන රාජවංශය යනු ක්‍රි.පූ. 2134 සිට 1991 දක්වා පාලනය ගෙනගිය ඉහළ ඊජිප්තුව කේන්ද්‍ර කරගත් ස්වදේශික කණ්ඩායමකි. 11වන රාජවංශය සම්භවය වූයේ 8වන, 9වන හෝ 10වන රාජවංශයේ රජවරුනට සේවය කළ තීබානු නොම්ර්ච්වරුන්ගෙනි.
නම
රුව
සටහන්
දින
වැඩිමහල් ඉන්ටෙෆ් ඉරි-පැට්
නම් නොදන්නා රජකුට සේවය කළ තීබානු නොමාර්ච්වරයෙකි. පසුව 11වන රාජවංශය පිහිටුවූයේ යැයි සැලකේ.
—
Iවන මෙන්ටුහොටෙප් ගෙන් ඇරඹි වැඩිමහල් ඉන්ටෙෆ් ගේ අනුප්රාප්තිකයින් සිය උතුරු අධිපතීන්ගෙන් ස්වාධීනව කටයුතු කොට අවසානයේ IIවන මෙන්ටුහොටෙප් යටතේ ඊජිප්තුව ආක්‍රමණය කරන ලදී.
නම
රුව
සටහන්
දින
මෙන්ටුහොටෙප් I ටෙපි-ආ
නාමිකව තීබානු මොනාර්ච්වරයකු වුවත්, ස්වාධීනව පාලනය ගෙනගොස් ඇති බව පෙනේ.
ක්‍රි.පූ. ?–2134
සෙහෙර්ටාවි ඉන්ටෙෆ් I
හොරස් නාමයක් ප්‍රකාශිත මෙම රාජවංශයේ පළමු සාමාජිකයායි.
ක්‍රි.පූ. 2134–2117
වාහැන්ඛ් ඉන්ටෙෆ් II
ඇබයිඩොස් ආක්‍රමණය කළේ ය.
ක්‍රි.පූ. 2117–2069
නැඛ්ට්නෙබ්ටෙප්නෙෆර් ඉන්ටෙෆ් III
අස්යුට් ආක්‍රමණය කළේ ය. තවත් උතුරට ආක්‍රමණ මෙහෙයවන්නට ඇත.[ 46]
ක්‍රි.පූ. 2069–2060
මධ්‍ය රාජධානිය
මධ්‍ය රාජධානිය (ක්‍රි.පූ. 2060–1802) යනු පළමු අන්තර්මධ්‍ය යුගයේ අවසානයේ සිට දෙවන අන්තර්මධ්‍ය යුගය ආරම්භය දක්වා කාලසීමාවයි. දොළොස්වන රාජවංශය ට අමතරව ඇතැම් විද්වතුන් විසින් මෙම යුගයට එකොළොස්වන , දහතුන්වන සහ දාහතරවන රාජවංශය ද ඇතුළත් කොට ඇත. මධ්‍ය රාජධානි සමයේ වැදගත් සිදුවීමක් ලෙස රාජධානියෙන් බාහිර වෙළඳාම දියුණු වීම සැලකිය හැක. මෙම වෙළඳාම විවෘත වීම ක්‍රමිකව මධ්‍ය රාජධානියේ බිඳවැටීමට හේතු විය. එයට හේතුව හික්සොස් වරුන් විසින් ඊජිප්තුව යටත කරගැනීමයි.
එකොළොස්වන රාජවංශයේ ඉතිරි කොටස
එකොළොස්වන රාජවංශයේ දෙවන අර්ධය ඊජිප්තුවේ මධ්‍ය රාජධානියට අයත් යැයි සැලකේ.
පහළ නූබියාවෙන් පමණක් සාක්ෂි හමුවන අපැහැදිළි රජවරුන්
නම
රුව
සටහන්
දින
සෙගෙර්සෙනි [ 50]
පසුකාලීන රාජාවලිවල දක්නට නොලැබෙන අප්‍රකට රජ කෙනෙකි. සොහොන්ගැබ හඳුනාගෙන නැත. පහළ නූබියාවෙන් පමණක් සාක්ෂි හමුවේ. බොහෝවිට පසුකාලීන එකොළොස්වන රාජවංශයේ හෝ මුල්කාලීන දොළොස්වන රාජවංශයේ රාජ්‍ය පැහැරගත් රජකු විය හැක.
කාකරේ ඉනි [ 50]
පසුකාලීන රාජාවලිවල දක්නට නොලැබෙන අප්‍රකට රජ කෙනෙකි. සොහොන්ගැබ හඳුනාගෙන නැත. පහළ නූබියාවෙන් පමණක් සාක්ෂි හමුවේ. බොහෝවිට පසුකාලීන එකොළොස්වන රාජවංශයේ හෝ මුල්කාලීන දොළොස්වන රාජවංශයේ රාජ්‍ය පැහැරගත් රජකු විය හැක.
ඉයිබ්ඛෙන්ට්රේ [ 50]
පසුකාලීන රාජාවලිවල දක්නට නොලැබෙන අප්‍රකට රජ කෙනෙකි. සොහොන්ගැබ හඳුනාගෙන නැත. පහළ නූබියාවෙන් පමණක් සාක්ෂි හමුවේ. බොහෝවිට පසුකාලීන එකොළොස්වන රාජවංශයේ හෝ මුල්කාලීන දොළොස්වන රාජවංශයේ රාජ්‍ය පැහැරගත් රජකු විය හැක.
දොළොස්වන රාජවංශය
දොළොස්වන රාජවංශය විසින් ක්‍රි.පූ. 1991 සිට 1802 දක්වා පාලනය ගෙනයන ලදී.
දෙවන අන්තර්මධ්‍ය යුගය
දෙවන අන්තර්මධ්‍ය යුගය (ක්‍රි.පූ. 1802–1550) යනුවෙන් හැඳින්වෙන්නේ මධ්‍ය රාජධානියේ අවසානය සහ නව රාජධානියේ ආරම්භය අතර කාලසීමාවේ පැවති අවුල් වියවුල් ගහන ව්‍යාකූල යුගයයි. මෙය වඩාත්ම ප්‍රකට වූයේ හික්සොස් වරුන් විසින් පහළොස්වන රාජවංශය ලෙස ඊජිප්තුවේ රාජ්‍ය පාලනය ගෙනගිය සමය නිසායි.
දහතුන්වන රාජවංශය දොළොස්වන රාජවංශය ට සාපේක්ෂව බෙහෙවින් දුර්වල රාජවංශයක් විය. ඔවුනට ඊජිප්තුවේ භූමි ද්විත්වය එක්ව පාලනය කළ නොහැකි විය. රාජවංශයේ ආරම්භක යුගයේ ක්‍රි.පූ. 1805 පමණ හෝ ක්‍රි.පූ. 1710 අතර මැද කාලයක නැගෙනහිර ඩෙල්ටාවේ වගුරු පෙදෙසක පිහිටි ෂොයිස් හි ප්‍රාදේශික පාලන පවුලක් විසින් මධ්‍යගත පාලනයෙන් මිදී කනානීය දාහතරවන රාජවංශය පිහිටුවන ලදී.
හික්සොස්වරුන් පළමුවරට IVවන සොබෙක්හොටෙප් සමයේ නැගී එන්නට විය. ක්‍රි.පූ. 1720 අවට 14වන රාජවංශයේ රාජධානිය ආක්‍රමණය කළ ඔවුනට අවාරිස් (නූතන ටෙල් එල්-ඩබ්'ආ /ඛටා'නා) නගරය අල්ලා ගැනීමට හැකි විය. අනතුරුව, ක්‍රි.පූ. 1650 පමණ අවට කාලයේ පහළොස්වන රාජවංශයේ ආරම්භකයා වූ සැලිටිස් ගේ නායකත්වයෙන් යුත් හිටයිට් හමුදා මෙම්ෆිස් ආක්‍රමණය කොට 13වන රාජවංශයේ නිමාව සනිටුහන් කළේ ය. 13වන රාජවංශයේ බිඳ වැටීමෙන් ඇතිවූ බල රික්තය හේතුවෙන් 16වන රාජවංශය තීබ්ස් හි නැගී එන්නට විය. නමුත් මඳ කලකට පසු හික්සොස්වරුන් විසින් එය ද යටත් කරගන්නා ලදී.
අනතුරුව හික්සොස්වරුන් ඉහළ ඊජිප්තුවෙන් පසුබැසීමත් සමග තීබ්ස්හි ස්වදේශික ඊජිප්තු පාලන නිවසක් දාහත්වන රාජවංශය පිහිටුවන ලදී. මෙම රාජවංශයේ සෙකෙනෙන්රේ ටාඕ, කාමෝස් හා අවසානයේ අහ්මෝස් යන පාරාවෝවරුන් විසින් ක්‍රමිකව හික්සොස්වරුන්ව නැවත ආසියාව වෙත පලවා හරින ලදී. අහ්මෝස් රජු නව රාජධානියේ ආරම්භක පාරාවෝ ලෙස සැලකේ.
දහතුන්වන රාජවංශය
දහතුන්වන රාජවංශය (ටියුරින් රාජාවලිය අනුව) ක්‍රි.පූ. 1802 සිට 1649 අවට කාලය දක්වා රාජ්‍ය පාලනය මෙහෙයවා තිබේ. මැනතෝ අනුව එය වර්ෂ 153ක් හෝ 154ක් පැවතිණි. මෙම වගුව 13වන රාජවංශයේ හඳුනාගත් රජවරුන් සමග සැසඳිය හැක.
පහත දැක්වෙන රජවරුන්ට හිමි ස්ථානය නොදනී:
දාහතරවන රාජවංශය
දාහතරවන රාජවංශය යනු නැගෙනහිර ඩෙල්ටාවේ ආවරිස් වෙතින් පැමිණි ස්වදේශික ජන කොට්ටාසයකි.[ 63] ඔවුන් විසින් ක්‍රි.පූ. 1805 හෝ 1710 පමණ සිට ක්‍රි.පූ. 1650 දක්වා රාජ්‍ය පාලනය මෙහෙයවා තිබේ. මෙම රාජවංශයේ බොහෝ රජවරුන්ගේ බටහිර සෙමිටික් නාමයන් දක්නට ලැබෙන හෙයින් ඔවුනට කනානීය සම්භවයක් ඇතැයි සිතිය හැක.
නම
රුව
සටහන්
දින
යක්බිම් සෙඛාඑන්රේ
කාලානුක්රම පිහිටුම අවිනිශ්චිත ය. මෙහි දක්වා ඇත්තේ රයිහොල්ට් විසින් ඉදිරිපත් කළ දිනයයි.[ 63]
ක්‍රි.පූ. 1805–1780
යා'අම්මු නුබ්වොසෙරේ
කාලානුක්රම පිහිටුම අවිනිශ්චිත ය. මෙහි දක්වා ඇත්තේ රයිහොල්ට් විසින් දක්වා ඇති දිනයයි.[ 63]
ක්‍රි.පූ. 1780–1770
කාරෙහ් ඛාවොසෙරේ [ 63]
කාලානුක්රම පිහිටුම අවිනිශ්චිත ය. මෙහි දක්වා ඇත්තේ රයිහොල්ට් විසින් දක්වා ඇති දිනයයි.[ 63]
ක්‍රි.පූ. 1770–1760
'අම්මු ආහොටෙප්රේ [ 63]
කාලානුක්රම පිහිටුම අවිනිශ්චිත ය. මෙහි දක්වා ඇත්තේ රයිහොල්ට් විසින් දක්වා ඇති දිනයයි.[ 63]
ක්‍රි.පූ. 1760–1745
ෂෙෂි [ 64]
කාලානුක්රම පිහිටුම, රාජ්‍ය සමය සහ පාලනය පැතිරි ස්වරූපය අවිනිශ්චිත ය. මෙහි දක්වා ඇත්තේ රයිහොල්ට් අනුව ය.[ 63] නැතහොත් ඔහු මුල්කාලීන හික්සොස් රජකු, 15වන රාජවංශයේ දෙවන භාගයේ විසූ හික්සොස් පාලකයකු හෝ හික්සොස්වරුන්ගේ යටත් රජකු විය හැක.
ක්‍රි.පූ. 1745–1705
නෙහෙසි
කෙටි රාජ්‍ය සමයයකි. ඇතැම්විට ෂෙෂිගේ පුත්‍රයකු විය හැක.[ 63]
ක්‍රි.පූ. 1705 පමණ
ඛාඛෙරෙව්රේ
-
?
නෙබෙෆාව්රේ
-
ක්‍රි.පූ. 1704 පමණ
සෙහෙබ්රේ
වසාඩ් හෝ ෂෙනෙහ් විය හැකි යැයි යෝජනා වී ඇත.[ 60]
-
මෙර්ඩ්ජෙෆරේ
වසාඩ් හෝ ෂෙනෙහ් විය හැකි යැයි යෝජනා වී ඇත.[ 60]
ක්‍රි.පූ. 1699
සෙවැඩ්ජ්කරේ III
-
?
නෙබ්ඩ්ජෙෆරේ
-
ක්‍රි.පූ. 1694 පමණ
වෙබෙන්රේ
-
?
—
-
?
ඩ්ජෙෆරේ?
-
?
වෙබෙන්රේ
ක්‍රි.පූ. 1690 පමණ
නෙබ්සෙන්රේ [ 63]
ඔහුගේ පුද්ගල නාමය දරන බුජමක් හමුවී ඇත.
අවම වශයෙන් මාස 5ක වත් රාජ්‍ය සමයයක් තිබෙන්නට ඇත. ක්‍රි.පූ. 1690 සහ 1649 අතර කාලයක සිටින්නට ඇත.
සෙඛෙපෙරෙන්රේ [ 63]
තනි ස්කැරබ් මුද්‍රවකින් සාක්ෂි හුමවේ.
මාස 2කි; ක්‍රි.පූ. 1690 සහ 1649 අතර කාලයක සිටින්නට ඇත.
අනාටි ඩ්ජෙඩ්කරේ [ 63]
ටියුරින් රාජාවලියෙන් පමණක් හුමවේ.
බෙබ්නුම් [ 63]
ටියුරින් රාජාවලියෙන් පමණක් හමුවේ.
'අපෙපි [ 63]
ස්කැරබ්-මුද්‍රා 5ක් අනුව රජකුගේ පුත්‍රයකු බැව් පෙනේ.
පහත පාරාවෝවරුන්ගේ පිහිටුම සහ අනන්‍යතාව අවිනිශ්චිත ය:
ටියුරින් රාජාවලිය මගින් අමතර නම් සපයා තිබුණ ද, ඒවා ඉහත වගුවට ඇතුළු කර නොමැති බව සලකන්න.
පහළොස්වන රාජවංශය
පහළොස්වන රාජවංශය බිහිවූයේ සශ්‍රීක චන්ද්‍රවංකයේ සිට පැමිණි හික්සොස් ජනයා අතුරිනි. ඔවුහු ක්‍රි.පූ. 1674 සිට 1535 දක්වා නයිල් කලාපයේ වැඩි ප්‍රදේශයක කෙටි කාලයක් රාජ්‍ය පාලනය ගෙනගියහ.
නම
රුව
සටහන්
දින
සෙම්කෙන්
කාලානුක්රම පිහිටුන අවිනිශ්චිත ය.
ක්‍රි.පූ. 1649 – ?
'අපෙර්-'අනට්
කාලානුක්රම පිහිටුම නොදනී.
සකිර්-හාර්
-
?
ඛ්යාන්
හික්සොස් බලයේ උච්චස්ථානයයි. සිය රාජ්‍ය සමයේ අවසානය තෙක්ම තීබ්සය ආක්‍රමණය කළේ ය.
වර්ෂ 30–40
අපෙපි
-
වර්ෂ 40ක් හෝ ඊට වැඩි කාලයක්
ඛාමුඩි
-
ක්‍රි.පූ. 1555–1544
ඇබයිඩොස් රාජවංශය
දෙවන අන්තර්මධ්‍ය යුගයට ඇතැම්විට ක්‍රි.පූ. 1650 සිට 1600 දක්වා පැවති ස්වාධීන ඇබයිඩොස්හි රාජ්‍ය පාලනය ගෙනගිය රාජවංශයක් ද ඇතුළත් කෙරේ.[ 65] [ 66] [ 67] ඇබයිඩොස් රාජධානියේ විසූ බවට කෙටිකාලීන රජවරුන් සිව්දෙනකුගේ නම් හමුවේ. එම නම් (ඔවුන්ගේ නොදන්නා) කාලානුක්රම අනුපිළිවෙල නොසලකා පහත ඉදිරිපත් කොට ඇත:
දහසයවන රාජවංශය
දහසයවන රාජවංශය යනු ක්‍රි.පූ. 1650දී මෙම්ෆිසය මූලික කරගත් 13වන රාජවංශයේ බිඳවැටීමෙන් පසු නැගී ආ ස්වදේශික තීබානු රාජවංශයකි. අවසානයේ දී ක්‍රි.පූ. 1580 පමණ හික්සොස්වරුන්ගේ 15වන රාජවංශය විසින් එය ආක්‍රමණය කරන ලදී. 16වන රාජවංශයට සිය පාලනයට නතු කරගත හැකිවූයේ ඉහළ ඊජිප්තුව පමණි.
16වන රාජවංශයට ඇතැම්විට ස්නෙෆරන්ඛ්රේ පෙපි III [ 72] සහ නෙබ්මාට්රේ යන පාරාවෝවරුන් ද අයත් විය හැක. ඔවුන්ගේ කාලානුක්රම පිහිටුම් අවිනිශ්චිත ය.[ 69] [ 70]
දාහත්වන රාජවංශය
ඉහළ ඊජිප්තුව කේන්ද්‍ර කරගත් දාහත්වන රාජවංශය ක්‍රි.පූ. 1650 සිට 1550 දක්වා පාලනය ගෙනගියේ ය:
මුල්කාලීන 17වන රාජවංශයට ඇතැම්විට කාලානුක්රම පිහිටුම අවිනිශ්චිත නෙබ්මාට්රේ පාරාවෝවරයා ද අයත් විය හැක.[ 60]
නව රාජධානිය
නව රාජධානිය (ක්‍රි.පූ. 1550–1077) යනු ඊජිප්තුවේ දහඅටවන , දහනවවන , සහ විසිවන රාජවංශ ඇතුළත් යුගයයි. මෙය ක්‍රි.පූ. 16වන සිට 11වන සියවස දක්වා කාලය එනම්, ඊජිප්තුවේ දෙවන අන්තර්මධ්‍ය යුගය සහ තෙවන අන්තර්මධ්‍ය යුගය අතර කාලසීමාව අයත් වේ.
සිය යුධ හැකියාව බැහැරට ව්‍යාප්ත කරමින් නව රාජධානිය ඊජිප්තුවේ දැවැන්තම භූමි ව්‍යාප්තිය පෙන්නුම් කළ අවධිය විය. එය දකුණින් නුබියාව තෙක් ව්‍යාප්ත වූ අතර, මෑත පෙරදිග විශාල භූමි පදේශ අයත් විය. වර්තමාන සිරියාව ට අයත් භූමි ප්‍රදේශය තමන් සතු කරගැනීම පිණිස ඊජිප්තු හමුදා හිටයිට් හමුදා සමග සටන්වැදීම ද මෙකල සිදු විය.
නව රාජධානියේ සුපකට පාරාවෝවරුන් දෙදෙනකු ලෙස අක්නාටන් සහ IIවන රැම්සෙස් යන පාරාවෝවරුන් දැක්විය හැක. IVවන අමෙන්හොටෙප් යනුවෙන් ද හැඳින්වුණු අක්නාටන්ගේ ආටන් දේවන වන්දනාව ඒකදේවවාදය ට මුල්ම නිදසුනක් ලෙස සැලකිය හැක. IIවන රැම්සෙස් රජු දහඅටවන රාජවංශ සමයේ ඊජිප්තුව සතුව පැවති නූතන ඊශ්‍රායලය/පලස්තීනය , ලෙබනනය සහ සිරියාව සතු භුමිය යළි ලබාගැනීමට උත්සාහ දැරී ය. ඔහුගේ ආක්රමණවල දී කාඩේෂ්හි සටනේ දී ඊජිප්තු හමුදා IIවන මුවාටල්ලි නැමැති හිටයිට් රජුට එරෙහිව සටනෙහි යෙදුණහ.
දහඅටවන රාජවංශය
දහඅටවන රාජවංශය විසින් ක්‍රි.පූ. 1550 සිට 1292 පමණ දක්වා රාජ්‍ය පාලනය සිදුකොට තිබේ:
දහනවවන රාජවංශය
දහනවවන රාජවංශය විසින් ක්‍රි.පූ. 1292 සිට 1186 දක්වා රාජ්‍ය පාලනය කොට තිබේ. ශ්‍රේෂ්ඨතම පාරාවෝවරුන් අතුරින් අයකු වූ මහා IIවන රැම්සෙස් ද මේ රාජවංශයට අයත් ය:
විසිවන රාජවංශය
විසිවන රාජවංශය විසින් ක්‍රි.පූ. 1190 සිට 1077 දක්වා පාලනය ගෙනයන ලදී:
තෙවන අන්තර්මධ්‍ය යුගය
තෙවන අන්තර්මධ්‍ය යුගය (ක්‍රි.පූ. 1077–732) මගින් ඊජිප්තු අධිරාජ්‍යය බිඳ වැටීමෙන් පසු නව රාජධානියේ අවසානය සනිටුහන් කරයි. මෙකල ලිබියානු සම්භවයක් ඇති රාජවංශ ගණනාවක් රාජ්‍යත්වයට පත්වූ හෙයින් මෙය ලිබියානු යුගය ලෙස ද හඳුන්වයි.
විසි-එක්වන රාජවංශය
විසිඑක්වන රාජවංශය යනු ටැනිස් මූලික කරගත් සාපේක්ෂව දුර්වල රාජවංශයකි. සෛද්ධාන්තිකව ඔවුන් සම්පූර්ණ ඊජිප්තුවේ පාලකයන් වුවත්, ප්‍රායෝගිකව ඔවුන්ගේ බලපෑම සීමා වූයේ පහළ ඊජිප්තුවට පමණි. ඔවුහු ක්‍රි.පූ. 1069 සිට 943 දක්වා රාජ්‍ය පාලනය ගෙනගියහ.
අමුන්ගේ තීබානු ප්‍රධාන පූජකවරුන්
නිල වශයෙන් පාරාවෝවරුන් නොවූව ද, තීබ්ස්හි අමුන්ගේ ප්‍රධාන පූජකවරුන් විසිඑක්වන සහ විසිදෙවන රාජවංශ සමයේ ඉහළ ඊජිප්තුවේ සැබෑම පාලකයෝ වූහ. මොවුනට සිය නාමයන් කාර්ටුෂය න්හි සටහන් කිරීමේත්, රාජකීය සොහොන්ගැබ්වල භූමදානය වීමේත් වරප්‍රසාදය තිබිණි.
විසිදෙවන රාජවංශය
විසිදෙවන රාජවංශයේ පාරාවෝවරුන් ක්‍රි.පූ. 943 සිට 728 දක්වා අවට කාලයේ පාලනය මෙහෙයවූ ලිබියානුවෝ වූහ:
විසිතුන්වන රාජවංශය
විසිතුන්වන රාජවංශය යනු හෙරක්ලිපොලිස් සහ තීබ්ස් මූලික කරගත් ලිබියානු සම්භවයක් ඇති ස්වදේශික කොට්ඨාසයකි. මොවුහු ක්‍රි.පූ. 837 සිට 735 පමණ දක්වා පාලනය මෙහෙයවූහ:
රුඩාමුන්ගෙන් පසු තීබ්සයේ ප්‍රාදේශීය පාලකයකු බලයට පත් විය:
නම
රුව
සටහන්
දින
මෙන්ඛෙපෙරේ ඉනි
තීබ්ස්හි පමණක් රාජ්‍ය පාලනය ගෙනගියේ ය.
ක්‍රි.පූ. 762-?
විසිහතරවන රාජවංශය
විසිහතරවන රාජවංශය යනු බටහිර ඩෙල්ටාවේ (සායිස් ) විසූ සතුරු රාජවංශයකි. කෙටිකාලීන රාජවංශයක් වූ මෙය ක්‍රි.පූ. 732 සිට 720 දක්වා පාලනය ගෙනගිය අතර, එහි සිටියේ පාරාවෝවරුන් දෙදෙනකු පමණි.
විසිපස්වන රාජවංශය
පියේ නැමැති රජකු යටතේ පහළ ඊජිප්තුව ආක්‍රමණය කළ නූබියානුවෝ ඊජිප්තුවේ සිහසුන අත්කරගත්හ. පියේගේ රාජ්‍ය සමයේ මුල්කාලයේ ඔවුන් තීබ්ස් සහ ඉහළ ඊජිප්තුව ද පාලනය කොට ඇත. පහළ ඊජිප්තුවේ පියේගේ ආක්‍රමණය මගින් ක්‍රි.පූ. 656 තෙක් පාලනය ගෙනගිය විසිපස්වන රාජවංශය ස්ථාපනය කෙරිණි.
අවසානයේ මොවුන්ව නූබියාව වෙත පලවා හරින ලදී. එහ ඔවුහු නැපාටා හි (ක්‍රි.පූ. 656–590) සහ පසුව මෙරෝයි (ක්‍රි.පූ. 590 – ක්‍රි.ව. 4වන සියවස) රාජධානි පිහිටුවාගත්හ.
පසුකාලීන යුගය
පසුකාලීන යුගය කි.පූ. 664 සිට 332 අවට කාලය තෙක් දිවෙයි. මෙයට ස්වදේශික ඊජිප්තුවරුන්ගේ මෙන්ම පර්සියානු පාලන අවධි ද අයත් ය.
විසිහයවන රාජවංශය
විසිහයවන රාජවංශය විසින් ක්‍රි.පූ. 664 සිට 525 පමණ දක්ාව පාලනය මෙහෙයවන ලදී.[ 83]
Iවන නෙචෝගේ පුත්‍රයා මෙන්ම අනුප්‍රාප්තිකයා ද වූ Iවන ප්සාම්ටික් විසින් ඊජිප්තුව යළි එක්සත් කළ අතර, ඔහු විසිහයවන රාජවංශයේ ආරම්භකයා ලෙස සැලකේ.
විසිහත්වන රාජවංශය (පළමු පර්සියානු යුගය)
ක්‍රි.පූ. 525දී පර්සියානු අධිරාජ්‍යය විසින් ඊජිප්තුව ආක්‍රමණය කර ක්‍රි.පූ. 404 තෙක් එය ඈඳා තබාගන්නා ලදී. ඇකිමේනීය ෂාහන්ෂාවරුන් ව ද මෙකල පාරාවෝවරුන් ලෙස සැලකුණු අතර, "විසිහත්වන" රාජවංශය ඔවුන්ගෙන් සමන්විත විය:
විසිඅටවන රාජවංශය
විසිඅටවන රාජවංශය පැවතියේ වර්ෂ 6ක් පමණි. ක්‍රි.පූ. 404 සිට 398 දක්වා එහි එක් පාරාවෝවරයකු රාජ්‍ය පාලනය කොට ඇත:
නම
රුව
සටහන්
දින
ඇමිර්ටේයස්
විසිහයවන රාජවංශයේ සයිට් පාරාවෝවරුන්ගෙන් පැවතෙන්නෙකි. පර්සියානුවන්ට එරෙහිව සාර්ථක කරැල්ලක් මෙහෙයවී ය.
ක්‍රි.පූ. 404–398
විසිනවවන රාජවංශය
විසිනවවන රාජවංශය විසින් ක්‍රි.පූ. 398 සිට 380 දක්වා රාජ්‍ය පාලනය මෙහෙයවන ලදී:
නම
රුව
සටහන්
දින
බේන්රේ නෙෆාරුඩ් I
නෙෆරයිටිස් ලෙස ද හැඳින්වේ. විවෘත සටනක දී ඇමර්ටේයස්ව පරාජය කොට මරාදැමී ය.
ක්‍රි.පූ. 398–393
ප්සාමුතිස්
-
ක්‍රි.පූ. 393
ඛෙනෙම්මාට්රේ හාකොර් (අචෝරිස්)
සිය පූර්වප්‍රාප්තික ප්සාමුතීස්ව සිහසුනෙන් නෙරපී ය. IIවන නෙෆාරුඩ්ගේ පියා ය.
ක්‍රි.පූ. 393–380
නෙෆාරුඩ් II
මාස 4ක් රාජ්‍ය පාලනය කිරීමෙන් පසුව සිහසුනෙන් නෙරපා Iවන නෙක්ටැනෙබෝ විසින් මරාදැමූ බව පෙනේ. හාකොර්ගේ පුත්‍රයායි.
ක්‍රි.පූ. 380
තිස්වන රාජවංශය
තිස්වන රාජවංශය විසින් ක්‍රි.පූ. 380 සිට ඊජිප්තුව නැවත වරක් ක්‍රි.පූ. 343දී පර්සියානු ග්‍රහණයට නතුවන තෙක් පාලනය ගෙන යන ලදී:
තිස්එක්වන රාජවංශය (දෙවන පර්සියානු යුගය)
ඊජිප්තුව නැවත වරක් ඇකිමේනීය පර්සියානුවන්ගේ පාලනයට යටත් විය. මැනතෝ ගේ වාර්තා අනුව, ක්‍රි.පූ. 343 සිට 332 දක්වා පාලනය මෙහෙයවූ පර්සියානු පාලකයින් තිස්එක්වන රාජවංශය යටතට ඇයත් යැයි සැලකේ:
නම
රුව
සටහන්
දින
ආර්ටසර්ක්සීස් III
දෙවන වරට ඊජිප්තුව පර්සියානු පාලනයට නතු කරගත්තේ ය.
ක්‍රි.පූ. 343–338
ආර්ටසර්ක්සීස් IV ආර්සස්
පහළ ඊජිප්තුවේ පමණක් පාලනය මෙහෙයවා තිබේ.
ක්‍රි.පූ. 338–336
ඛබාබාෂ්
නූබියාවේ ආක්‍රමණ මෙහෙයවූ කැරලිකාර පාරාවෝවරයෙකි.
ක්‍රි.පූ. 338–335
ඩේරියස් III
ක්‍රි.පූ. 335දී ඉහළ ඊජිප්තුව යළි පර්සියානු පාලනයට නතු කරගත්තේ ය.
ක්‍රි.පූ. 336–332
හෙලනිස්තික යුගය
ආගේඩ් රාජවංශය
මහා ඇලෙක්සැන්ඩර් යටතේ මැසිඩෝනියානුවෝ සිය පර්සියානු සහ ඊජිප්තු ආක්‍රමණය මගින් හෙලනිස්තික යුගය ව්‍යාප්ත කළහ. ආගේඩ්වරුන් විසින් ක්‍රි.පූ. 332 සිට 309 දක්වා රාජ්‍ය පාලනය මෙහෙයවා ඇත:
ටොලමියානු රාජවංශය
දෙවන හෙලනිස්තික රාජවංශය වූ ටොලමිවරුන් විසින් ක්‍රි.පූ. 305 සිට ක්‍රි.පූ. 30 දී ඊජිප්තුව රෝමයේ පළාතක් බවට පත්වන තෙක් රාජ්‍ය පාලනය මෙහෙයවන ලදී. (දින දෙකක අතිච්ඡාදනයක් පැවතීමෙන් පැවසෙන්නේ හවුල් පාලනයක් පැවති බවයි) මෙම රාජවංශයේ සුප්‍රකටම සාමාජිකයා VIIවන ක්ලියෝපැට්රා රැජිනයි. ඇය වර්තමානයේ සරලව ක්ලියෝපැට්රා ලෙස හඳුන්වයි. ඇය ජූලියස් සීසර් ගේ බිසවක වූ අතර, සීසර්ගේ මරණින් පසු මාක් ඇන්ටනි ගේ භාර්යාව බවට පත්වූවා ය. ඇයට ඔවුන් දෙදෙනාටම දාව උපන් දරුවන් ද විය. ඊජිප්තුව සහ රෝමය අතර රාජවංශික සහ දේශපාලනික වශයෙන් ඒකාබද්ධභාවයක් ඇතිකිරීමට ක්ලියෝපැට්රා උත්සාහ දැරුවා ය. නමුත් සීසර්ගේ ඝාතනය සහ මාක් ඇන්ටනිගේ පරාජය හේතුවෙන් ඇගේ සැලසුම් අසාර්ථක විය. ඊජිප්තුවේ ටොලමියානු රාජවංශයේ අවසන් පාලකයා වූ සිසේරියන් (ටොලමි XV ෆිලොපේටර් ෆිලොමේටර් සීසර්) විසින් ඔහුගේ මව වූ VIIවන ක්ලියෝපැට්රා සමග ක්‍රි.පූ. 47 සැප්තැම්බර් 2දින සිට හවුල් පාලනයක් ගෙනගොස් තිබේ. VIIවන ක්ලියෝපැට්රාගේ වැඩිමහල්ම පුත්‍රයා වූ ඔහු, බොහෝවිට ජූලියස් සීසර් ගේ එකම පුත්‍රයා විය හැකි යැයි පැවසේ. ක්ලියෝපැට්රාගේ මරණින් පසු, ක්‍රි.පූ. 30 අගෝස්තු 12 දින ඔහු නාමිකව ස්වාධීන පාරාවෝ බවට පත් විය. පසුව රෝම අධිරාජ ඔගස්ටස් බවට පත්වූ ඔක්ටේවියන්ගේ නියෝග අනුව සිසේරිය්නව මරාදැමුණු බවට විශ්වාස කෙරේ. නමුත් ඒ පිළිබඳ ඓතිහාසික සාක්ෂි අපැහැදිළි ය.
නම
රුව
සටහන්
දින
සෙටෙපෙන්රේ-මෙරිඅමුන් ටොලමි I සෝටර්
ක්‍රි.පූ. 285දී සිහසුන අත්හැරී ය. ක්‍රි.පූ. 283දී මියගියේ ය.
ක්‍රි.පූ. 305–285
බෙරෙනිස් I
Iවන ටොලමිගේ භාර්යාවයි.
?– ක්‍රි.පූ. 285
වෙසෙර්කරේ-මෙරිඅමුන් ටොලමි II ෆිලඩෙල්ෆොස්
-
ක්‍රි.පූ. 288–246
ආර්සිනෝයි I
IIවන ටොලමිගේ භාර්යාවයි.
ක්‍රි.පූ. 284/281– 274 පමණ
ආර්සිනෝයි II
IIවන ටොලමිගේ භාර්යාවකි.
ක්‍රි.පූ. 277–270
ටොලමි III යුවර්ජිටිස් I
-
ක්‍රි.පූ. 246–222
බෙරෙනිස් II
IIIවන ටොලමිගේ භාර්යාවයි.
ක්‍රි.පූ. 244/243–222
ටොලමි IV ෆිලොපේටර්
-
ක්‍රි.පූ. 222–204
ආර්සිනෝයි III
IVවන ටොලමිගේ භාර්යාවයි.
ක්‍රි.පූ. 220–204
හුග්රොනැෆොර්
දකුණේ විප්ලවවාදී පාරාවෝවරයෙකි.
ක්‍රි.පූ. 205–199
අන්ඛ්මැකිස්
දකුණේ විප්ලවවාදී පාරාවෝවරයෙකි.
ක්‍රි.පූ. 199–185
ටොලමි V එපිෆේනස්
ක්‍රි.පූ. 207–186 අතර කාලයේ ඉහළ ඊජිප්තුවේ කැරලි ඇති විය.
ක්‍රි.පූ. 204–180
ක්ලියෝපැට්රා I
Vවන ටොලමිගේ භාර්යාවයි. කුඩා කාලයේ VIවන ටොලමිගේ සම-අනුරාජයා ලෙස කටයුතු කළා ය.
කි.පූ. 193–176
ටොලමි VI ෆිලොමේටර්
ක්‍රි.පූ. 145දී මියගියේ ය.
ක්‍රි.පූ. 180–164
ක්ලියෝපැට්රා II
VIවන ටොලමිගේ භාර්යාවයි.
ක්‍රි.පූ. 175–164
ටොලමි VIII යුවර්ජිටිස් II
ක්‍රි.පූ. 170දී ඇලෙක්සැන්ඩ්‍රියාවේ රජු ලෙස ප්‍රකාශ කෙරිණි. ක්‍රි.පූ. 169 සිට 164 දක්වා ටොලමි VI ෆිලොමේටර් සහ IIවන ක්ලියෝපැට්රා සමග හවුල් පාලනයක් ගෙනගියේ ය. ක්‍රි.පූ. 116දී මියගියේ ය.
ක්‍රි.පූ. 171–163
ටොලමි VI ෆිලොමේටර්
ක්‍රි.පූ. 164-163 දක්වා කාලයේ VIIIවන ටොලමි යටතේ පැවති ඊජිප්තුව ක්‍රි.පූ. 163දී යළි VIවන ටොලමිට හිමි විය.
ක්‍රි.පූ. 163–145
ක්ලියෝපැට්රා II
VIIIවන ටොලමි හා විවාහ විය; ක්‍රි.පූ. 131දී ඔහුට විරුද්ධව කැරැල්ලක් මෙහෙයවා ඊජිප්තුවේ තනි රාජ්‍ය පාලකයා බවට පත් විය.
ක්‍රි.පූ. 163–127
ටොලමි VII නියොස් ෆිලොපේටර්
ඔහුගේ පියා විසින් සම-අනුරාජයකු ලෙස පත්කරන ලදී. පසුව ඔහුගේ මව වූ IIවන ක්ලියෝපැට්රාගේ භාරකාරීත්වය යටතේ රාජ්‍ය පාලනය සිදුකළේ ය.
ක්‍රි.පූ. 145–144
ටොලමි VIII යුවර්ජිටිස් II
ප්‍රතිෂ්ඨාපිත
ක්‍රි.පූ. 145–131
ක්ලියෝපැට්රා III
VIIIවන ටොලමිගේ දෙවන භාර්යාවයි.
ක්‍රි.පූ. 142–131
ටොලමි මෙම්ෆයිටිස්
IIවන ක්ලියෝපැට්රා විසින් රජු ලෙස ප්‍රකාශ කරන ලදී; මඳ කලකින්ම VIIIවන ටොලමි විසින් ඔහුව මරාදමන ලදී.
ක්‍රි.පූ. 131
ටොලමි VIII යුවර්ජිටිස් II
ප්‍රතිෂ්ඨාපිත
ක්‍රි.පූ. 127–116
ක්ලියෝපැට්රා III
VIIIවන ටොලමි සමග ප්‍රතිෂ්ඨාපනය කෙරිණි; පසුව IXවන ටොලමි සහ Xවන ටොලමිගේ සම-අනුරාජයා වූවා ය.
ක්‍රි.පූ. 127–107
ක්ලියෝපැට්රා II
VIIIවන ටොලමි සමග සමාදාන වූවා ය; ක්‍රි.පූ. 116 තෙක් IIIවන ක්ලියෝපැට්රා සහ ටොලමි සමග හවුල් පාලනයක් ගෙනගියා ය.
ක්‍රි.පූ. 124–116
ටොලමි IX සෝටර් II
ක්‍රි.පූ. 80දී මියගියේ ය.
ක්‍රි.පූ. 116–110
ක්ලියෝපැට්රා IV
කෙටිකාලීනව IXවන ටොලමි හා විවාහ විය. පසුව IIIවන ක්ලියෝපැට්රා විසින් ඇයව නෙරපා හරින ලදී.
ක්‍රි.පූ. 116–115
ටොලමි X ඇලෙක්සැන්ඩර් I
ක්‍රි.පූ. 88දී මියගියේ ය.
ක්‍රි.පූ. 110–109
බෙරෙනිස් III
XIවන ටොලමි සමග විවාහ වීමට බලකෙරිණි; පසුව ඔහුගේ නියෝගය අනුව ඉන් දින 19කට පසු මරාදැමිණි.
ක්‍රි.පූ. 81–80
ටොලමි XI ඇලෙක්සැන්ඩර් II
ටොලමි X ඇලෙක්සැන්ඩර්ගේ බාල පුත්‍රයායි. සලා විසින් පත්කරන ලදී; දින 80ක් රාජ්‍ය පාලනය කිරීමෙන් පසු, ජනයා එක්වී ඔහුව මරාදැමූයේ ඔහු විසින් IIIවන බෙරෙනිස් රැජිනිය ඝාතනය කිරීම හේතුවෙනි.
ක්‍රි.පූ. 80
ටොලමි XII නියොස් ඩියොනීසස් (ඕලීට්ස්)
IXවන ටොලමිගේ පුත්‍රයායි; ක්‍රි.පූ. 51දී මියගියේ ය.
ක්‍රි.පූ. 80–58
ක්ලියෝපැට්රා V ට්‍රිෆේනා
XIIවන ටොලමිගේ භාර්යාවයි. IVවන බෙරෙනිස්ගේ මෑණියන් ය.
ක්‍රි.පූ. 79–68
ක්ලියෝපැට්රා VI
XIIවන ටොලමිගේ දියණියකි.
ක්‍රි.පූ. 58–57
බෙරෙනිස් IV
XIIවන ටොලමිගේ දියණියකි; සෙලියුකස් කිබියෝසැක්ටිස් සමග විවාහ වීමට බලකෙරිණි. නමුත් ඔහුගේ ගෙල සිරකොට මරාදැමූ ඇය ක්‍රි.පූ. VIවන ක්ලියෝපැට්රා සමග හවුල් පාලනයක් ගෙනගියා ය.
ක්‍රි.පූ. 58–55
ටොලමි XII නියොස් ඩියොනීසස්
ප්‍රතිෂ්ඨාපිත; සිය මරණයට පෙර දියණිය වූ VIIවන ක්ලියෝපැට්රා සමග කෙටි කලක් හවුල් පාලනයක් ගෙනගියේ ය.
ක්‍රි.පූ. 55–51
ක්ලියෝපැට්රා VII
සිය පියා වූ XIIවන ටොලමි, සොහොයුරා වූ XIIIවන ටොලමි, සිය සොහොයුරකු මෙන්ම සැමියා ද වූ XIVවන ටොලමි සමගත්, පුත්‍රයා වූ XVවන ටොලමි සමගත් හවුල් පාලනයක් ගෙනගියා ය; සරලව ක්ලියෝපැට්රා ලෙස ප්‍රකට ය.
ක්‍රි.පූ. 51–30
ටොලමි XIII
VIIවන ක්ලියෝපැට්රාගේ සොයුරා ය.
ක්‍රි.පූ. 51–47
ආර්සිනෝයි IV
VIIවන ක්ලියෝපැට්රාට විපක්ෂව
ක්‍රි.පූ. 48–47
ටොලමි XIV
VIIවන ක්ලියෝපැට්රා සහ XIIIවන ටොලමිගේ බාල සොහොයුරායි.
ක්‍රි.පූ. 47–44
ටොලමි XV
VIIවන ක්ලියෝපැට්රාගේ ළදරු පුත්‍රයායි; ක්ලියෝපැට්රා විසින් සිය සම-අනුරාජයා ලෙස ඔහුව පත්කරන විට ඔහුගේ වයස අවුරුදු 3කි. රෝමය විසින් යටත් කරගත් කාලයේ පුරාතන ඊජිප්තුවේ විසූ අවසාන පාරාවෝවරයා ලෙස සැලකේ.
ක්‍රි.පූ. 44–30
රෝමය
VIIවන ක්ලියෝපැට්රා රෝම ආඥාදායක ජූලියස් සීසර් සහ රෝම සෙන්පති මාක් ඇන්ටනි සමග සම්බන්ධතා පැවැත්වූවා ය. නමුත් ඇගේ සියදිවි හානි කරගැනීමෙන් පසු (මාක් ඇන්ටනිව පසුව ඔගස්ටස් අධිරාජයා බවට පත් ඔක්ටේවියන් විසින් පරාජය කිරීමෙන් පසු) ක්‍රි.පූ. 30දී ඊජිප්තුව රෝමයේ පළාතක් බවට පත් විය. ඊජිප්තුව තුළ දී, ඉන් පසුකාලීන රෝම අධිරාජවරුන් පාරාවෝ පදවිය භාවිත කොට ඇති බව පෙනේ. එක්තරා ඊජිප්තු රාජාවලියක රෝම අධිරාජවරුන් පාරාවෝවරුන් ලෙස දක්වා ඇති අතර, එයට ඩෙෂියස් ද ඇතුළත් වේ. බලන්න රෝම අධිරාජවරුන් ලැයිස්තුව .
මේවාත් බලන්න
ග්‍රන්ථාවලිය
ජේ. එච්. බ්‍රෙස්ටඩ්, History of Egypt from the Earliest Time to the Persian Conquest , 1909
ජේ. කර්නි, 'Egypt from the Death of Ramesses III to the End of the Twenty-First Dynasty' in The Middle East and the Aegean Region c.1380-1000 BC, කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය, ISBN 0-521-08691-4
ක්ලේටන්, පීටර් ඒ. (1995). Chronicle of the Pharaohs: The Reign-by-Reign Record of the Rulers and Dynasties of Ancient Egypt . The Chronicles Series (නැවත මුද්‍රණය ed.). ලන්ඩන්: තේම්ස් ඇන්ඩ් හඩ්සන්. ISBN 978-0-500-05074-3 .
ඩොඩ්සන්, ඒඩන් සහ හිල්ටන්, ඩියෑන්. The Complete Royal Families of Ancient Egypt . තේම්ස් ඇන්ඩ් හඩ්සන්. 2004. ISBN 0-500-05128-3
ශ්‍රීමත් ඇල්න ගාඩිනර් Egyptian Grammar: Being an Introduction to the Study of Hieroglyphs , තෙවන සංස්කරණය, ප්රතිශෝධිතයි. ලන්ඩන්: ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය, 1964. උපග්‍රන්ථය A, පිටු. 71–76.
නිකොලස් ග්‍රිමල්, A History of Ancient Egypt, (බ්ලැක්වෙල් බුක්ස්: 1992)
මර්නේන්, විලියම් ජේ.; Ancient Egyptian Coregencies, Studies in Ancient Oriental Civilization. No. 40. චිකාගෝ විශ්වවිද්‍යාලීය පෙරදිග ආයතනය, 1977
මයිකල් රයිස්, Who's Who in Ancient Egypt , රූට්ලෙජ් 1999
රයිහොල්ට්, කිම් සහ ස්ටීවන් බාර්ඩ්රම්; 2000. "The Late Old Kingdom in the Turin King-list and the Identity of Nitocris." Zeitschrift für ägyptische Sprache und Altertumskunde 127
ෂෝව්, ඉයන්; The Oxford History of Ancient Egypt. , ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය, 2000.
ෂෝව්, ගැරී. The Pharaoh, Life at Court and on Campaign , තේම්ස් ඇන්ඩ් හඩ්සන්, 2012.
ටෝබි ඒ. එච්. විල්කින්සන්, Early Dynastic Egypt , රූට්ලෙජ් 1999, ISBN 0-415-18633-1
වර්නර්, මිරොස්ලාව් , The Pyramids - Their Archaeology and History , ඇට්ලැන්ටික් බුක්ස්, 2001, ISBN 1-84354-171-8
Egypt, History & Civilisation ආචාර්ය ආර්. වෙන්ටුරා විසිනි. ප්රකාශනය ඔසිරිස්, තැ.පෙ. 107 කයිරෝ.
බාහිර සබැඳි
මූලාශ්‍ර
^ a b ක්ලේටන් 1995 , පි. 217. "වාචිකව පැරණි අදහස් සහ ආගම, විවධ මට්ටම්වලින් යුතුවූ පාරාවෝ යුගය ක්‍රි.පූ. 343දී අවසන් ස්වදේශික පාරාවෝ වූ IIවන නෙක්ටැනෙබෝගෙන් පසු අභාවයට පත් විය."
^ ටෝබි ඒ. එච්. විල්කින්සන්: රෝයල් ඇනල්ස් ඔෆ් ඒන්ෂන්ට් ඊජිප්ට් . රූට්ලෙජ්, ලන්ඩන් 2012, ISBN 113660247X , පි. 50.
^ ටෝබි ඒ. එච්. විල්කින්සන්: රෝයල් ඇනල්ස් ඔෆ් ඒන්ෂන්ට් ඊජිප්ට් . රූට්ලෙජ්, ලන්ඩන් 2012, ISBN 113660247X , පි. 61.
^ තෝමස් ෂ්නයිඩර්: Lexikon der Pharaonen . ඇල්බට්‍රොස්, ඩූසල්ඩෝර්ෆ් 2002, ISBN 3-491-96053-3 , පි. 259.
^ තෝමස් ෂ්නයිඩර්: Lexikon der Pharaonen . ඇල්බට්‍රොස්, ඩූසල්ඩෝර්ෆ් 2002, ISBN 3-491-96053-3 , පි. 139.
^ තෝමස් ෂ්නයිඩර්: Lexikon der Pharaonen . ඇල්බට්‍රොස්, ඩූසල්ඩෝර්ෆ් 2002, ISBN 3-491-96053-3 , පි. 199.
^ තෝමස් ෂ්නයිඩර්: Lexikon der Pharaonen . ඇලබට්රොස්, ඩූසල්ඩෝර්ෆ් 2002, ISBN 3-491-96053-3 , පි. 138.
^ තෝමස් ෂ්නයිඩර්: Lexikon der Pharaonen . ඇල්බට්‍රොස්, ඩූසල්ඩෝර්ෆ් 2002, ISBN 3-491-96053-3 , පි. 181.
^ තොමස් ෂ්නයිඩර්: Lexikon der Pharaonen . ඇල්බට්‍රොස්, ඩූසල්ඩෝර්ෆ් 2002, ISBN 3-491-96053-3 , පි. 311.
^ a b තෝමස් ෂ්නයිඩර්: Lexikon der Pharaonen . ඇල්බට්‍රොස්, ඩූසල්ඩෝර්ෆ් 2002, ISBN 3-491-96053-3 , පි. 137.
^ ලුඩ්විග් ඩේවිඩ් මොරෙන්ස්: Bild-Buchstaben und symbolische Zeichen. Die Herausbildung der Schrift der hohen Kultur Altägyptens (= Orbis Biblicus et Orientalis 205). ෆ්‍රිබෝර්ග් 2004, ISBN 3-7278-1486-1 , පි. 91.
^ පී ටැලට්, ඩී. ලෙයිස්නේ: Iry-Hor et Narmer au Sud-Sinaï (Ouadi 'Ameyra), un complément à la chronologie des expéditios minière égyptiene. තුළ: Bulletin de L'Institute Français D'Archéologie Orientale (BIFAO) 112. Ausgabe 2012, S. 381-395.
^ ගන්තර් ඩ්‍රෙයර්: Horus Krokodil, ein Gegenkönig der Dynastie 0. තුළ: රෙනී ෆ්‍රීඩ්මන් සහ බාබරා ඇඩම්ස් (Hrsg.): ද ෆලොවර්ස් ඔෆ් හොරස්, ස්ටඩීස් ඩෙඩිකේටඩ් ටු මයිකල් ඇලන් හොෆ්මන්, 1949–1990 (= ඊජිප්තු අධ්‍යයන සංවිධාන ප්රකාශනය , වෙළු. 2). ඔක්ස්බෝ ප්‍රකාශන, බ්ලූමිංටන් (IN) 1992, ISBN 0946897441 , පි. 259-263.
^ ජර්ගන් වොන් බෙකරැත්: Handbuch der ägyptischen Königsnamen (= Münchner ägyptologische Studien වෙළු. 49) වොන් සැබර්න්, මේන්ස් 1999, ISBN 3-8053-2591-6 , පි. 36-37.
^ ටෝබි විල්කින්සන්: අර්ලි ඩයිනාස්ටික් ඊජිප්ට්: ස්ට්රැට්ජි, සොසයිටි ඇන්ඩ් සිකියුරිටි . රූට්ලෙජ්, ලන්ඩන් 1999, ISBN 0-415-18633-1 , පිටු. 38, 56 සහ 57.
^ වුල්ෆ්ගැං හෙල්ක්: Untersuchungen zur Thinitenzeit (= Ägyptologische Abhandlungen (ÄA) , වෙළු. 45). හැරසෝවිට්ස්, වියස්බේඩ්න් 1987, ISBN 3-447-02677-4 , පි. 124.
^ a b c වුල්ෆ්ගැං හෙල්ක් : Untersuchungen zur Thinitenzeit (Agyptologische Abhandlungen) , ISBN 3447026774 , ඕ. හැරැසොවිට්ස් (1987), පි. 124
^ විලියම් මැතිව් ෆ්ලින්ඩර්ස් ප්‍රෙටී: ද රෝයල් ටූම්බ්ස් ඔෆ් ද අර්ලියස්ට් ඩයිනාස්ටීස් . කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය, නිව් යෝක් 2013 (නැවත මුද්‍රණය 1901), ISBN 1108066127 , පි. 49.
^ නිකොලස්-ක්‍රිස්ටෝෆ් ග්‍රිමල්: අ හිස්ට්‍රි ඔෆ් ඒන්ෂන්ට් ඊජිප්ට් . බ්ලැක්වෙල්, ඔක්ස්ෆර්ඩ් එරා/ කේම්බ්‍රිජ් එජ 1992, ISBN 978-0-631-19396-8 , පි. 53.
^ විල්කින්සන් (1999) පිටු. 83–84
^ ඩියෙට්රිච් විල්ඩන්ග්: Die Rolle ägyptischer Könige im Bewußtsein ihrer Nachwelt. Teil I. Posthume Quellen über die Könige der ersten vier Dynastien. තුළ: Münchener Ägyptologische Studien , වෙළු. 17. ඩ්යුෂර් කුන්ස්ට්වර්ලැග්, මියුනිච්/බර්ලින් 1969, පි. 31-33.
^ විල්කින්සන් (1999) පි. 79
^ විල්කින්සන් (1999) පිටු. 87–88
^ පැස්කල් වර්නස්, ජීන් යොයොටේ, ද බුක් ඔෆ් ද ෆේරෝස් , කෝර්නෙල් විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය 2003, පි. 27
^ ජූර්ගන් වොන් බෙකරැත්: Handbuch der ägyptischen Königsnamen . Deutscher Kunstverlag, මියුන්චෙන්/බර්ලින් 1984, ISBN 3-422-00832-2 , පිටුව 171.
^ ටෝබි ඒ. එච්. විල්කින්සන්: අර්ලි ඩයිනාස්ටික් ඊජිප්ට් . රූට්ලෙජ්, ලන්ඩන්/නිව් යෝක් 2002, ISBN 1134664206 , පි. 75-76.
^ ජර්ගන් වොන් බෙකරැත්: Handbuch der ägyptischen Königsnamen. 2. verbesserte und erweiterte Auflage . වොන් සැබර්න්, මේන්ස් 1999, S. 44–45.
^ තෝමස් ෂ්නයිඩර්: Lexikon der Pharaonen. ඇල්බ්රටොස්, ඩූසල්ඩෝර්ෆ් 2002, ISBN 3-491-96053-3 , පිටුව 175.
^ කිං ඛාසෙඛෙම්
^ කිං ඛාසෙඛෙම්වි
^ ටෝබි විල්කින්සන්, අර්ලි ඩයිනාස්ටික් පීරියඩ්, රූට්ලෙජ්, 1999, පිටු.83 සහ 95
^ ටෝබි විල්කින්සන්, රෝයල් ඇනල්ස් ඔෆ් ඒන්ෂන්ට් ඊජිප්ට්; පිටු. 79 සහ 258
^ ක්ලේටන් (1994) පි.32
^ මාක් ලෙහ්නර්: Geheimnis der Pyramiden . Econ, Düsseldorf 1997, ISBN 3-572-01039-X , S. 94–96.
^ ක්ලේටන් (1994) පි.42
^ තෝමස් ෂ්නයිඩර්: Lexikon der Pharaonen . ඇල්බට්‍රොස්, ඩූසල්ඩෝර්ෆ් 2002, ISBN 3-491-96053-3 , S. 278–279.
^ මිරොස්ලව් වර්නර් (2000): හූ වෝස් ෂෙප්සෙස්කරා, ඇන්ඩ් වෙන් ඩිඩ් හී රීන්? , තුළ: මිරොස්ලව් බාර්ටා, ජරොමිර් ක්රෙජ්කි (සංස්කාරකවරු): අබුසිර් ඇන්ඩ් සකාරා ඉන් ද ඉයර් 2000 , චෙච් ජනරජයේ විද්‍යා ඇකඩමිය, ප්‍රාචීන විද්‍යා ආයතනය, ප්රාග්, ISBN 80-85425-39-4 , පි.. 581 - 602, මාර්ගස්ථව ලබාගත හැක .
^ ඩොඩ්සන් සහ හිල්ටන් (2004); පි. 73
^ රයිහොල්ට් සහ බාර්ඩ්රම් (2000) පිටු.87–100.
^ ජූර්ගන් වොන් බෙකරැත් : Handbuch der ägyptischen Königsnamen , Münchner ägyptologische Studien, Heft 49, මේන්ස් : පී. වොන් සැබර්න්, 1999, ISBN 3-8053-2591-6 , මාර්ගස්ථව ලබාගත හැක සංරක්ෂණය කළ පිටපත 2015-12-22 at the Wayback Machine
^ කිම් රයිහොල්ට් : "ද ලේට් ඕල්ඩ් කිංඩම් ඉන් ද ටියුරින් කිං-ලිස්ට් ඇන්ඩ් ද අයිඩෙන්ටිටි ඔෆ් නිටෝක්‍රිස්", Zeitschrift für ägyptische, 127, 2000, පි. 99
^ ගුස්ටාව් ජෙකියර්, මාස්ලාහට් අල්-ආතාර් (1993): Les pyramides des reines Neit et Apouit (ප්‍රංශ බසින්), කයිරෝ: Institut français d’archéologie orientale, OCLC 195690029, බලන්න පුවරුව 5.
^ පර්සි නිව්බෙරි (1943): ක්වීන් නිටෝක්‍රිස් ඔෆ් ද සික්ස්ත් ඩයිනාස්ටි , තුළ: ඊජිප්තු පුරාවිද්‍යා ජර්නලය, වෙළු. 29, පිටු. 51 - 54
^ ගේ කැලෙනඩර්: ක්වීන් නෙයිට්-ඉක්රෙටි/නිටෝක්‍රිස් , තුළ: මිරොස්ලාව් බාර්ටා, ෆිලිප් කොපන්ස්, ජැරොමික් ක්රෙක්ජි (සංස්කාරකවරු): අබුසිර් ඇන්ඩ් සකාරා ඉන් ද ඉයර් 2010/1 , ප්රාග්: ඊජිප්තුවේදය පිළිබඳ චෙච් ආයතනය, කලා පීඨය, චාල්ස් විශ්වවිද්‍යාලය, 2011, ISBN 978-8-07-308384-7 , බලන්න පිටු. 249-250
^ a b ටියුරින් කිංලිස්ට්, කොලම්න්ස් IV,18 ටු V,10 , ඒන්ෂන්ට් ඊජිප්ට් ඩොට් ඕර්ග් . සම්ප්‍රවේෂණය 10 පෙබරවාරි 2010.
^ මාගරට් බන්සන්: එන්සයික්ලොපීඩියා ඔෆ් ඒන්ෂන්ට් ඊජිප්ට් , ඉන්ෆොබේස් පබ්ලිෂිං, 2009, ISBN 978-1438109978 , මාර්ගස්ථව ලබාගත හැක; බලන්න පි. 181
^ ලබිබ් හබාචි : කිං නෙබ්හෙටෙපෙට්රේ මෙන්තුහොටෙප්: හිස් මොන්‍යුමන්ට්ස්, ප්ලේස් ඉන් හිස්ට්‍රි, ඩෙයිෆිකේෂන් ඇන්ඩ් අන්යූෂුවල් රීප්රසන්ටේෂන්ස් ඉන් ෆෝම්ස් ඔෆ් ගෝඩ්ස් , තුළ: Annales du Service des Antiquités de l'Égypte 19 (1963), පිටු. 16–52
^ වුල්ෆ්රැම් ග්‍රැජෙට්ස්කි (2006) පිටු. 23–25
^ වුල්ෆ්රැම් ග්‍රැජෙට්ස්කි (2006) පිටු. 25–26
^ a b c වොල්ෆ්රැම් ග්‍රැජෙට්ස්කි (2006) පිටු. 27–28
^ අමනෙම්හාට් I
^ වොල්ෆ්රැම් ග්‍රැජෙට්ස්කි (2006) පිටු. 28–35
^ මර්නේන් (1977) පි. 2
^ මර්නේන් (1977) පි. 7
^ මර්නේන් (1977) පි. 9
^ ජෝසෆ් වේග්නර්, ද නේචර් ඇන්ඩ් ක්රෝනොලොජි ඔෆ් ද සෙන්වොස්රෙට් III–අමනෙම්හට් III රෙග්නල් සක්සෙෂන්: සම් කන්සිඩරේෂන්ස් බේස්ඩ් ඔන් නිව් එවිඩන්ස් ෆ්‍රොම් ද මෝචරි ටෙම්පල් ඔෆ් සෙන්වොස්රෙට් III ඇට් ඇබයිඩොස් , JNES 55, වෙළු. 4, (1996), පිටු. 251
^ වොල්ෆ්‍රම් ග්‍රැජෙට්ස්කි (2006) පිටු. 56–61
^ "අමනෙම්හාට් IV මාඛෙරුරේ (1807/06-1798/97 BCE)" . ඩිජිටල් ඊජිප්ට් ෆෝ යුනිවර්සිටීස් .
^ ග්‍රැජෙට්ස්කි (2006) පිටු. 61-63
^ a b c d e f g h i j k l m n o p q r s t u v w x y z aa ab ac ad ae af ag ah ai aj ak al am an ao කේ. එස්. බී. රයිහොල්ට්; ද පොලිටිකල් සිචුවේෂන් ඉන් ඊජිප්ට් ඩියුරිං ද සකන්ඩ් ඉන්ටර්මීඩියේට් පීරියඩ්, c.1800-1550 BC , කාර්ස්ටන් න්යුබර් ආයතනයේ ප්‍රකාශන, වෙළු. 20. කෝපන්හේගන්: ටස්කියුලේනම් කෞතුකාගාර මුද්‍රණාලය, 1997
^ a b තෝමස් ෂ්නයිඩර්: Lexikon der Pharaonen , ඇල්බට්‍රොස්, ඩූසල්ඩෝර්ෆ් 2002, ISBN 3-491-96053-3
^ තෝමස් ෂ්නයිඩර්: Lexikon der Pharaonen , ඇල්බට්‍රොස්, 2002
^ a b c d e f g h i j k l m n කේ. එස්. බී. රයිහොල්ට් : ද පොලිටිකල් සිචුවේෂන් ඉන් ඊජිප්ට් ඩියුරිං ද සකන්ඩ් ඉන්ටර්මීඩියේට් පීරියඩ් , c.1800-1550 BC, කාර්ස්ටන් නියේබර් ආයතිනක ප්‍රකාශන, වෙළු. 20. කෝපන්හේගන්: ටස්කියුලේනම් කෞතුකාගාර මුද්‍රණාලය, 1997
^ a b කිංස් ඔෆ් ද 2න්ඩ් ඉන්ටර්මීඩියේට් ඵීරියඩ්
^ ඩෙට්ලෙෆ් ෆ්රෑන්ක් : Zur Chronologie des Mittleren Reiches. Teil II: Die sogenannte Zweite Zwischenzeit Altägyptens , තුළ: ඔරියන්ටලියා 57 (1988), පි. 259
^ රයිහෝල්ට්, කේ. එස්. බී. (1997). ද පොලිටිකල් ස්චුවේෂන් ඉන් ඊජිප්ට් ඩියුරිං ද සකන්ඩ් ඉන්ටර්මීඩියේට් පීරියඩ්, C. 1800-1550 B.C . ටස්කියුලේනම් කෞතුකාගාරය මුද්‍රණාලය. p. 164. ISBN 8772894210 .
^ "ජයන්ට් සාකොෆේගස් ලීඩ්ස් පෙන් මියුසියම් ටීම් ඉන් ඊජිප්ට් ටු ද ටූම්බ් ඔෆ් අ ප්‍රීවියස්ලි අන්නවුන් ෆේරෝ" . පෙන් කෞතුකාගාරය . ජනවාරි 2014. සම්ප්‍රවේශය 16 ජනවාරි 2014 .
^ a b මාර්සෙල් මාරී: අ ස්කල්ප්චර් වර්ක්ෂොප් ඇට් ඇබයිඩොස් ෆ්‍රොම් ද ලේට් සික්ස්ටීන්ත් ඕ අර්ලි සෙවන්ටීන්ත් ඩයිනාස්ටි , තුළ: මාර්සල් මාරී (සංස්කාරක): ද සකන්ඩ් ඉන්ටර්මීඩියේට් පීරියඩ් (තර්ටීන්ත්-සෙවන්ටීන්ත් ඩයිනාස්ටීස්), කරන්ට් රිසර්ච්, ෆියුචර් ප්‍රොස්පෙක්ට්ස් , ල්‍යුවන්, පැරිස්, වෝල්පෝල්, MA. 2010 ISBN 978-90-429-2228-0 . පි. 247, 268
^ a b ජූර්ගන් වොන් බෙකරැත්: Untersuchungen zur politischen Geschichte der Zweiten Zwischenzeit in Ägypten , ග්ලූක්ස්ටැඩ්ට්, 1964
^ a b c d ජූර්ගන වොන් බෙකරැත්: Chronologie des pharaonischen Ägyptens , Münchner Ägyptologische Studien 46. Mainz am Rhein, 1997
^ ජූර්ගන් වොන් බෙකරැත්: Handbuch der ägyptischen Königsnamen , Münchner ägyptologische Studien 49, මේන්ස් 1999.
^ වුල්ෆ්ගැං හෙල්ක්, එබර්හාර්ඩ් ඔටෝ, Wolfhart Westendorf, Stele - Zypresse: වෙළුම 6 Lexikon der Ägyptologieහි, Otto Harrassowitz Verlag, 1986, පිටුව 1383
^ ක්‍රිස්ටෝෆර් බ්‍රොන්ක් රැම්සේ ඇතුළු පිරිස, රේඩියෝකාබන්-බේස්ඩ් ක්රෝනොලොජි ෆෝ ඩයිනාස්ටික් ඊජිප්ට් , සයන්ස් 18 ජූනි 2010: වෙළු. 328. අං. 5985, පිටු. 1554-1557.
^ "රැම්සෙස් I මෙන්පෙහ්ටිරේ" . ඩිජිටල් ඊජිප්ට් . ලන්ඩන් යුනිවර්සිටි කොලීජිය. 2001. සම්ප්‍රවේශය 2007-09-29 .
^ "කිං මෙරෙන්ප්ටාහ්" . ඩිජිටල් ඊජිප්ට් . ලන්ඩන් යුනිවර්සිටි කොලීජිය. 2001. සම්ප්‍රවේශය 2007-09-29 .
^ "සෙටි II" . ඩිජිටල් ඊජිප්ට් . ලන්ඩන් යුනිවර්සිටි කොලීජිය. 2001. සම්ප්‍රවේශය 2007-10-27 .
^ "සිප්ටාහ් සෙඛාඑන්රේ/අඛෙන්රේ" . ඩිජිටල් ඊජිප්ට් . ලන්ඩන් යුනිවර්සිටි කොලීජිය. 2001. සම්ප්‍රවේශය 2007-10-27 .
^ ග්‍රිමල් (1992); පි. 291
^ "රැම්සෙස් XI සෙන්මාට්රේ-සෙට්පෙන්ප්ටාහ්" . සම්ප්‍රවේශය 2007-10-28 .
^ කර්නි; පි. 645
^ ආර්. ක්‍රවුස් සහ ඩී. ඒ. වෝබර්ටන් , "ක්රෝනොලොජිකල් ටේබල් ෆෝ ද ඩයිනාස්ටික් පීරියඩ්"; එරික් හෝර්නන්ග් , රෝල්ෆ් ක්‍රවුස් සහ ඩේවිඩ් වෝබර්ටන් (සංස්කාරකවරුන්), ඒන්ෂන්ට් ඊජිප්ටියන් ක්රෝනොලොජි (හෑන්ඩ්බුක් ඔෆ් ඔරියන්ටල් ස්ටඩීස්) තුළ, බ්‍රිල්, 2006. පි. 494
^ ඩර්න'එල් කාහ්න්, "ද ඉන්ස්ක්රිප්ෂන් ඔෆ් සාර්ගොන් II ඇට් ටෑං-ඉ වාර් ඇන්ඩ් ද ක්රෝනොලොජි ඍෆ් ඩයිනාස්ටි 25," ඔරියන්ටලියා 70 (2001), පිටු. 1-18
^ "ලේට් පීරියඩ් කිංස්" . සම්ප්‍රවේශය 2007-10-27 .
^ a b මොහු ඇකිමේනීයවරුන්ට කිසිදු සම්බන්ධයක් ඇති අයකු නොවූව ද, කාලානුක්රම හේතූන් මත මෙම රාජවංශයට ඇතුළත් කොට ඇත.
^ "නැඛ්ට්හොර්මෙබිට්" . ඩිජිටල් ඊජිප්ට් ෆෝ යුනිවර්සිටීස්. සම්ප්‍රවේශය මාර්තු 1, 2011 .
යුගය
රාජවංශය
පාරාවෝවරු (පිරිමි කාන්තා ) නිශ්චිත නැත
පසුකාලීන (ක්‍රි.පූ. 664–332)
හෙලනිස්තික(ක්‍රි.පූ. 332–30)