මුට්නොෆ්‍රෙට්
![]() මුට්නොෆ්‍රෙට් (“මුට් අලංකෘත ය”) හෙවත් මුට්නෙෆෙරෙට් හෝ මුට්නෙෆර්ට් ලෙස හැඳින්වෙන්නේ ඊජිප්තුවේ දහඅටවන රාජවංශයේ විසූ රැජිනකි. ඇය Iවන තුත්මෝස් පාරාවෝවරයාගේ උපබිසවක වූවා ය. රජුගේ අගබිසව වූයේ අහ්මෝස් රැජිනයි. මුට්නොෆ්‍රෙට් IIවන තුත්මෝස් පාරාවෝවරයාගේ මෑණියන් ද වූවා ය.[1] ඇය විසින් රජුගේ දියණිය සහ රජුගේ සොයුරිය යන පදවි උසුලා ඇති බැවින්, ඇය Iවන අහ්මෝස් පාරාවෝවරයාගේ දියනියක සහ Iවන අමෙන්හොටෙප්ගේ සොයුරියක වන්නට ඇති බව පෙනේ.[2] බොහෝවිට ඇය Iවන තුත්මෝස්ගේ අනෙක් පුතුන් වූ අමෙන්මෝස්, වැඩ්ජ්මෝස් සහ රාමෝස් යන අයගේ ද මව විය හැක.[3] ඇගේ රුව ඇගේ මුණුපුරා වූ IIIවන තුත්මෝස් විසින් ඉදිකළ ඩේර් එල්-බහ්රි දේවස්ථානයේ, රැම්සෙසියමෙන් හමුවූ ශිලා ස්තම්භයක, ඇගේ පුත්‍රයාගේ දැවැන්ත ප්‍රතිමාවක සහ වැඩ්ජ්මෝස්ගේ දෙවොලෙන් හමුවූ IIවන තුත්මෝස් විසින් පුදකළ ඇගේ ප්‍රතිමාවක දක්නට ලැබේ.[4] මෙමගින් යෝජනා වී ඇත්තේ මුට්නොෆ්‍රෙට් ඇගේ පුත්‍රයාගේ රාජ්‍ය සමයේ ද ජීවත්ව සිට ඇති බවයි.[5] මූලාශ්‍ර
බාහිර සබැඳි
|
Portal di Ensiklopedia Dunia