තුත්මෝස් II
තුත්මෝස් II (ඇතැම්විට IIවන තුත්මොසිස්, තොත්මෙස් හෝ ටුත්මොසිස් ලෙස ද හඳුන්වයි. අරුත තොත් නිසා උපන්, ඔහුගේ රාජ්‍යසමය තුළ ඩ්ජ්හුටිමෝස් ලෙස උච්චාරණය කොට ඇත) යනු ඊජිප්තුවේ දහඅටවන රාජවංශයේ සිව්වන පාරාවෝවරයා යි. ඔහු සිය රාජ්‍ය සමය තුළ දී, කුඩා ස්මාරක කිහිපයක් ඉදිකළ අතර, සුළු යුධ ව්‍යාපාර දෙකක්වත් ආරම්භ කරන්නට ඇත. ඔහුට සිය රාජ්‍ය සමය තුළ කළ හැකි වූයේ කාර්යයන් ස්වල්පයක් පමණි. ඔහුගේ බිසව වූ හට්ෂෙප්සුට් ඔහුට බෙහෙවින් උපකාර වන්නට ඇත. ඔහුගේ රාජ්‍ය සමය ලෙස සාමාන්‍යයෙන් ක්‍රි.පූ. 1493 සිට 1479 දක්වා කාලය සැලකේ. IIවන තුත්මෝස්ගේ දේහය ඩේර් එල්-බහ්රිහි හට්ෂෙප්සුට් මතකාගාර දේවස්ථානයට ඉහළින් පිහිටි ස්ථානයකින් සොයාගන්නා ලද අතර, එය දැනට කයිරෝහි ඊජිප්තු කෞතුකාගාරයේ තබා ඇත. පවුලIIවන තුත්මෝස් යනු Iවන තුත්මෝස් රජුගේ සුළු බිසවක් වූ මුට්නොෆ්‍රෙට්ගේ පුත්‍රයා ය. ඔහු Iවන තුත්මෝස්ගේ නිලයෙන් අඩු පුත්‍රයකු වූ බැවින්, රාජ්‍යත්වය ආරක්ෂා කර ගැනීමට ඔහුව පූර්ණ රාජකීය රුධිරය සහිත ඔහුගේ අර්ධ-සොයුරිය වූ හට්ෂෙප්සුට්හට විවාහ කරදෙන ලදී. ඔහු විසින් නුබියාවේ සහ නැගෙනහිර මධ්‍යධරණි පෙදෙසේ කැරලි සාර්ථකව මර්දනය කිරීම සහ සංචාරක බෙඩුයින්වරුන්ව පරාජය කිරීම සිදුකළ ද, එය IIවන තුත්මෝස්ගේ අණපරිදි ඔහුගේ සෙන්පතිවරුන් විසින් මෙහෙයවන ලද ඒවා ලෙස සැලකේ. IIවන තුත්මෝස් සිහසුනට පත්වුවද, ඔහු එතරම් ප්‍රමුඛ චරිතයක් නොවූ බව පැවසේ. IIවන තුත්මෝස්ට දාව හට්ෂෙප්සුට්ට නෙෆරුරේ නම් දියණියක විය. ඔහුගේ මරණයට පෙර සුළුබිසවක් වූ ඉසෙට් විසින් බිහිකළ පුත්‍රයායි, ප්‍රකට IIIවන තුත්මෝස් නමින් රාජ්‍යත්වය පත් වූයේ. ඇතැම් පුරාවිද්‍යාඥයන් විශ්වාස කරන්නේ IIවන තුත්මෝස්ගේ සිහසුන පිටුපස සිටි බලවේගය හට්ෂෙප්සුට් බවයි. එයට හේතුව පසුකලෙක ඇගේ රාජ්‍ය සමයේ ක්‍රියාත්මක වූ අභ්‍යන්තර සහ විදේශ ප්‍රතිපත්ති මෙකලට සමානත්වයක් දැක්වීමත්, සිය පියා විසින් තමන් සිහසුනට පත්කිරීමට අපේක්ෂා කළ බවට හට්ෂෙප්සුට් විසින් කළ ප්‍රකාශයත් ය. කාර්නැක්හි පිවිසුම් ද්වාරයේ IIවන තුත්මෝස්ගේ සමයේ නිමවූ කැටයම් අතර හට්ෂෙප්සුට් ඇගේ සැමියා සමග සිටින අයුරු මෙන්ම, තනිව සිටින අයුරු ද දැක්වෙන කැටයම් ඇත.[1] සිය සැමියා මියයාමෙන් පසු සැමියාගේ ලාබාල උරුමකරු වූ IIIවන තුත්මෝස්ගේ සමයේ ඇය පාරාවෝ ලෙස සිංහාසනාරූඪ වී ඇත. මේ බව “රැජිනගේ නියෝජිතයින් විසින් පිවිසුම් ද්වාරයේ වූ ඇගේ ඇතැම් කාර්ටුෂවලින් ළාබාල රජුගේ නාමය ඉවත් කොට තිබීමෙන්” පෙනී යයි.[2] මැනතෝගේ විස්තරය තුළ IIවන තුත්මෝස්, "චෙබ්රොන්" (මෙය ඔහුගේ පෙරනාමය වූ ආඛෙපෙරෙන්රේ යන්නෙන් නිර්මාණය වූවකි) ලෙස හඳුන්වා ඇති අතර, ඔහුට වර්ෂ 13ක රාජ්‍ය සමයක් ලබා දී ඇත. නමුත් මෙම චරිතය බොහෝ විද්වතුන් අතර මතභේදාත්මක ය. ඇතැම් විද්වතුන් ඔහුගේ රාජ්‍ය සමය වර්ෂ 3ක් බව ප්‍රකාශ කරන්නේ ඔහුගේ උච්චතම දිනය සඳහන් සටහන වර්ෂය 1 II අඛෙට් දිනය 8 ශිලාවෙහි සඳහන් බැවිනි.[3] දින සහ රාජ්‍ය සමයේ දිගමැනතෝගේ විස්තරය ඊජිප්තුවේදීන් අතර විවාදයට භාජනය වී ඇත්තේ ඔහුගේ රාජ්‍ය සමය පිළිබඳ පවතින වාර්තා අල්ප නිසායි. පැරණි විද්වතුන් ඔහුගේ රාජ්‍ය සමය අවුරුදු 13ක් ලෙස විශ්වාස කළ ද, නව විද්වතුන් විශ්වාස කරන්නේ එය අවුරුදු 3-4ක් වැනි කෙටි කාලයක් බවයි. එසේම IIවන තුත්මෝස් සමයේ නිර්මාණය වූ ස්කැරබ් කුරුමිණි රූ සහ ස්මාරක සංඛ්‍යාව ද අල්ප ය. Iවන අමෙන්හොටෙප් රජ සමයේ සිදු වූ බව පැවසෙන සොතිස් තාරකාව හිරු සමග උදාවීම ආශ්‍රයෙන් ඇස්තමේන්තුගත කළ විට IIවන තුත්මෝස්ගේ රාජ්‍ය සමය ලෙස ක්‍රි.පූ. 1493 සිට 1479 ලැබේ.[4] මෙම උදාවීම ප්‍රකාශ කරන ලද ස්ථානය නිශ්චිත නැති බැවින් තුත්මෝස් සඳහා ක්‍රි.පූ. 1513 – 1499 කාලය ද යෝජනා වී ඇත.[5] එසේම ඔහුට පෙර රාජ්‍ය කළ Iවන තුත්මෝස් රජුගේ රාජ්‍ය සමයේ දිග නිශ්චිතව නිර්ණය කොට නැති වීම ද මෙයට හේතු වී ඇත. එසේවුවත්, විද්වතුන් සාමාන්‍යයෙන් පිළිගන්නේ ඔහු ක්‍රි.පූ. 1493 හෝ 1492 සිට 1479 දක්වා රාජ්‍ය පාලනය සිදු කරන්නට ඇති බවයි.[6][7] කෙටි රාජ්‍ය සමය පිළිබඳ තර්කය![]() IIවන තුත්මෝස්ගේ සමය ආරම්භ වන විටත් වියපත්ව සිටි ගෘහනිර්මාණ ශිල්පියකු වන ඉනෙනි මේ පාලකයාගේ සම්පූර්ණ රාජ්‍ය සමයේ මෙන්ම හට්ෂෙප්සුට්ගේ සමයේ ද සේවය කොට ඇත.[8] මීට අමතරව, නව රාජධානි නිලධාරීන්ගේ සොහොන්ගැබ්වල ස්වයංචරිතාපදාන තුළ IIවන තුත්මෝස් පිළිබඳ වාර්තා අල්ප ය. කිසියම් රජකුගේ රාජ්‍ය සමය නිර්ණයට දින නිර්ණිත ලේඛන නොමැති විට, ඔහු ඉදිකළ ස්මාරක ආශ්‍රයෙන් දිනනිර්ණය සිදුකරනු ලැබේ. නමුත් මේ රජු පිළිබඳ එසේ නිර්ණය කිරීම අපහසු වන්නේ ඔහුගේ ස්මාරක බොහෝමයක් හට්ෂෙප්සුට් විසින් ඇගේ භාවිතයට යොදා ගැනීම හේතුවෙන්, IIIවන තුත්මෝස් රජු විසින් සෙසු ස්මාරකවල කිසිදු වගවිභාගයකින් තොරව IIවන තුත්මෝස්ගේ නාමය යළි සටහන් කොට ඇති නිසායි.[9] කෙසේනමුත්, සෙම්නා, කුම්මා, සහ එලිෆන්ටයින් යන ප්‍රදේශවල මේ රජු විසින් ඉදිකළ දේවස්ථාන හැරෙන්නට, IIවන තුත්මෝස් ඉදිකළ එකම විශාල ස්මාරකය වන්නේ කාර්නැක්හි සිව්වන අටලුවේ අංගනය ඉදිරියෙන් පිහිටා තිබූ හුනුගලින් තැනූ ද්වාර මාලකයයි. නමුත් මෙම ස්මාරකය පවා IIවන තුත්මෝස් සමයේ ඉදිකර අවසන් කිරීමට නොහැකි වූ බැවින් ඔහුගේ පුත් IIIවන තුත්මෝස් විසින් නිමකර ඇත. මෙය ද IIවන තුත්මෝස්ගේ කෙටි රාජ්‍ය සමය පිළිබඳ සාක්ෂියකි.[10] පසුව IIIවන අමෙන්හොටෙප් රජු විසින් මෙම ද්වාරයේ කොටස් ගලවා එහි ගල් කුට්ටි තෙවන අටලුව තැනීමට යොදාගන්නා ලදී.[2] 1987දී, ලුක් ගැබෝල්ඩි විසින් Iවන තුත්මෝස්, IIවන තුත්මෝස් සහ හට්ෂෙප්සුට්ගේ සමයේ ඉතිරිව පවතින ස්කැරබ් (ගොම කුරුමිණි) රූප සංඛ්‍යාව සංඛ්‍යානාත්මකව විශ්ලේෂණය කරන ලදී.[11] වෙනත් ස්මාරක සිය භාවිතයට යොදාගනු ලැබුව ද, ස්කැරබ් රූ ඉතා කුඩා බැවින් ඒවායේ නම් වෙනස් කිරීම ප්‍රායෝගික නොවිණි. මේ නිසා මෙම ක්‍රමය මෙම යුගය පිළිබඳ අධ්‍යයනයට ඉතා සුදුසු විය. හට්ෂෙප්සුට්ගේ රාජ්‍ය සමය වර්ෂ 21කුත් මාස 9කුත් පවතින්නට ඇතැයි විශ්වාස කෙරේ. ගැබෝල්ඩි අවධාරණය කළේ ඔහුගේ අධ්‍යයනය තුළ Iවන තුත්මෝස් සහ හට්ෂෙප්සුට් හා සසඳන විට IIවන තුත්මෝස්ට අදාළ වූයේ ස්කැරබ් රූ ඉතා සුළු සංඛ්‍යාවක් බවයි. උදාහරණයක් ලෙස ෆ්ලින්ඩර්ස් පෙට්‍රීගේ මුල්කාලීන ස්කැරබ් මුද්‍රා අධ්‍යයන අනුව Iවන තුත්මෝස්ට මුද්‍රා 86කුත්, IIවන තුත්මෝස් වෙනුවෙන් 19කුත් සහ හට්ෂෙප්සුට් වෙනුවෙන් මුද්‍රා 149කුත් හමු වී ඇත. වඩාත් නූතන අධ්‍යයන අනුව ජේගර් විසින් ඇස්තමේන්තු කර ඇති ස්කැරබ් මුද්‍රා සංඛ්‍යා නම් Iවන තුත්මෝස් සඳහා 241කුත්, හට්ෂෙප්සුට් වෙනුවෙන් 463කුත් සහ IIවන තුත්මෝස් වෙනුවෙන් මුද්‍රා 65ක් පමණකුත් ය.[12] මේ අනුව IIවන තුත්මෝස් යටතේ නිර්මාණය වී ඇති ස්කැරබ් රූ සංඛ්‍යාව ඉතා කුඩා බැවින් රජුගේ රාජ්‍ය සමය ද කෙටි එකක් බව පැවසිය හැක. මේ පදනම අනුව, ගැබෝල්ඩි ඇස්තමේන්තුගත කර ඇති පරිදි Iවන සහ IIවන තුත්මෝස්ගේ රාජ්‍ය සමයයන් පිළිවෙලින් ආසන්නව වර්ෂ 11ක් සහ වර්ෂ 3ක් වේ. එමෙන්ම IIවන තුත්මෝස්ගේ රාජ්‍ය සමයේ දිග ඊජිප්තුවේදීන් අතර නොයෙකුත් වාදවිවාදයන්ට තුඩු දී ඇති අතර, ඔහුගේ සමයට අයත් වාර්තා ද හමුවන්නේ ස්වල්පයකි. දිගු රාජ්‍ය සමය පිළිබඳ තර්කයසම්ප්රදායිකව තුත්මෝස්ගේ රාජ්‍ය සමය ලෙස තවමත් භාවිත වන්නේ වර්ෂ 13ක් හෝ 14කි. නමුත් ඉනෙනිගේ ස්වයංචරිතාපදානය අනුව, තුත්මෝස් ඉතා කෙටි කාලයක් රාජ්‍ය පාලනය කළ බව වටහාගත හැකි වුවද, එහි IIවන තුත්මෝස් හඳුන්වා ඇත්තේ "කැදැල්ලේ සිටින උකුස්සා" ලෙසයි. ඒ අනුව ඇතැම්විට සිහසුනට පත් වන විට ඔහු ළමා වියේ සිටි බව හැඟී යයි.[8] නමුත් ඔහු දරුවන් දෙදෙනකුට--නෙෆරුරේ සහ IIIවන තුත්මෝස්—පියා වන තෙක් ජීවත් වූ බැවින්, ඔහු අවුරුදු 13ක් වැනි දිගු කාලයක් රාජ්‍ය කරන්නට ඇතැයි මත පල වී ඇත. ජර්මානු ඊජිප්තුවේදියකු වන ජේ. වොන් බෙකරැත් මෙම තර්කය IIවන තුත්මෝස්ගේ 13 වර්ෂ රාජ්‍ය සමය සඳහා ආධාර කොට දක්වයි.[13] ඇලන් ගාඩිනර් සඳහන් කරන්නේ, 1900දී ජෝර්ජස් ඩෙයාර්සි විසින් හඳුනාගන්නා ලද[14] තුත්මෝස්ගේ 18වන වර්ෂයට යෝජිත ස්මාරකයේ නිශ්චිත පිහිටීම අනාවරණය කොටගෙන නැති බවයි.[15] අදවන විට පිළිගැනෙන්නේ මෙම ශිලාලේඛනය හට්ෂෙප්සුට්හට අයත් එකක් බවයි. වොන් බෙකරැත් නිරීක්ෂණය කොට ඇත්තේ වර්ෂය 18 දිනය ඊජිප්තු නිලධාරියකුගේ ශිලාලේඛනයක කැඩීගිය කොටසක සඳහන් බැවින්, එය බොහෝවිට හට්ෂෙප්සුට්ගේ පෙරනාමය වන මාට්කරේ යන්නට අදාළ වන බවයි.[16] මේ පිළිබඳසැකයට බඳුන් වූ තවත් කරුණක් නම් හට්ෂෙප්සුට් ඇගේ 16වන වර්ෂයේ දී සෙඩ් සංවත්සරය සැමරීමයි. වොන් බෙකරැත් විශ්වාස කරන්නේ මෙය ඇගේ පියා වූ Iවන තුත්මෝස්ගේ මරණින් වසර 30කට පසු සිදුවූවක් බවයි. එවිට හට්ෂෙප්සුට් සහ Iවන තුත්මෝස්ගේ රාජ්‍ය සමයයන් අතර ඇතිවන වර්ෂ 13 – 14ක හිදැස IIවන තුත්මෝස්ගේ රාජසමය ලෙස සැලකිය හැකි වේ.[17] වොන් බෙකරැත් මීට අමතරව අවධාරණය කරන්නේ ශේෂ වී ඇති වස්තූන්ගේ සංඛ්‍යාව අනුව IIවන තුත්මෝස්ගේ රාජ්‍යසමයේ දිග නිර්ණයට ඊජිප්තුවේදීන් සතුව නිශ්චිත නිර්ණායක නොමැති බවයි.[18] කැතරින් රෝරිජ් යෝජනා කොට ඇත්තේ හට්ෂෙප්සුට් විසින් ඉදිකළේ යැයි පැවසෙන රජුන්ගේ නිම්නයේ KV20 සොහොන්ගැබ, IIවන තුත්මෝස්ගේ නියම සොහොන්ගැබ බවයි.[19] මෙය සත්‍යයක් නම්, මෙය IIවන තුත්මෝස්ගේ දැවැන්තම ගොඩනැගිලි ව්‍යාපෘතිය වන අතර, මෙය ඉදිකිරීමට වර්ෂ කිහිපයක්ම ගත වූ නිසා රජුගේ දීර්ඝ රාජ්‍ය සමය තහවුරු වේ. ලුක් ගැබොල්ඩි අනුව, ප්‍රංශ පුරාවිද්‍යාඥයන් පිරිසක් විසින් කාර්නැක්හි මෑතක දී සිදුකළ ගවේෂණයක දී, 4වන අටලුවට ඉදිරිපසින් IIවන තුත්මෝස්ගේ අටලුවක සහ සමෘද්ධිමත් උත්සව අංගණයක සාධක හමු වී ඇත.[20] මේ අතර, ප්‍රංශ ඊජිප්තුවේදීන් පිරිසක් විසින් කාර්නැක්හි IIවන තුත්මෝස් විසින් ඉදිකළ දෙවොලක ගල්කුට්ටි සහ යාත්‍රා (barque) සිද්ධස්ථානයක් අනාවරණය කොටගෙන තිබේ.[21] මේ අනුව, අවසානයේ, සිග්මන්ට් වයිසොකි යෝජනා කොට ඇත්තේ ඩේර් එල්-බහ්රිහි හට්ෂෙප්සුට්ගේ අවමංගල දේවස්ථානය මුලින් IIවන තුත්මෝස් විසින් ඔහුගේ මතකාගාර දෙවොල ලෙස ආරම්භ කරන්නට ඇති බවයි. පසුව IIIවන තුත්මෝස් විසින් මෙහි ඇතැම් ස්ථානවල ඇති හට්ෂෙප්සුට්ගේ රූ වෙනුවට IIවන තුත්මෝස්ගේ රූප ඇතුළත් කොට ඇත. එම ස්ථාන IIවන තුත්මෝස් විසින් ඉදිකළ ස්ථාන විය හැකි ය.[22] එසේම IIවන තුත්මෝස් විසින් සෙම්නාහි ඛ්නුම් දෙවොල අලංකාර කොට ඇත.[23] මෙම නව පුරාවිද්‍යාත්මක සාක්ෂි පිළිබඳ යළි සලකා බැලීමේ දී රජුගේ කෙටි රාජ්‍ය සමයට අදාළ ඇතැම් තර්කයන් වලංගු නොවන බව වටහා ගත හැක. විශේෂයෙන්ම IIවන තුත්මෝස්ගේ යැයි සැලකිය හැකි සොහොන්ගැබක් හමු නොවීම සහ අවමංගල දේවස්ථානයක් නොමැති වීම හා ප්‍රධාන ව්‍යාපෘති කිසිවක් සිදුකොට නොතිබීම යන සාධක මෙහි දී උදාහරණ ලෙස දැක්විය හැක.[24] IIවන තුත්මෝස්ගේ කාර්නැක් ගොඩනැගිලි ව්‍යාපෘති මගින් ද, ඔහුගේ රාජ්‍ය සමය වර්ෂ 3ට වඩා 13කට ආසන්න කාලයක් පැවති බව හඟවයි. යුධ ව්යාපාරතුත්මෝස්ගේ රාජාභිෂේකයත් සමග, කුෂ් රාජ්‍යය කැරලි ගැසූ අතර, මෙය බොහෝ විට ඊජිප්තුවේ පාලකයා වෙනස් වීමත් සමග පුරුද්දක් වශයෙන් සිදු වූ දෙයකි. Iවන තුත්මෝස් විසින් නූබියානු රාජ්‍යය සම්පූර්ණයෙන්ම යටත් කොට ගෙන තිබිණි.[25] නමුත් ඛෙන්තෙනොෆර් වෙතින් කැරලි ඇති විය. මේ හේතුවෙන් ඊජිප්තු ජනපදවාසීන්ට Iවන තුත්මෝස් ඉදිකළ බලකොටුව තෙක් පසුබැසීමට සිදු විය.[26] මේ කාලයේ සිය තරුණවියේ පසු වූ IIවන තුත්මෝස් නුබියාව වෙත හමුදාවක් පිටත් කොට යැවූ නමුත්, ඔහු විසින් එය මෙහෙයවූයේ නැත. ඔහුගේ පියාගේ සෙන්පතීන්ගේ සහාය ඇතිව මෙම කැරැල්ල පහසුවෙන් මැඬපැවැත්වීමට ඔහුට හැකි විය.[27] මෙම යුධ ව්‍යාපාරය පිළිබඳ වාර්තාවක් ජොසෆස් නම් ඉතිහාසඥයා විසින් ඉතියෝපික යුද්ධය ලෙස දක්වා ඇත. මීට අමතරව තුත්මෝස් විසින් සිනායිහි ෂාසු බෙඩුයින්වරුනට එරෙහිව ද යුධ ව්‍යාපාරයක් දියත් කළ බව අහ්මෝස් පෙන්-නෙඛ්බෙට් විසින් සඳහන් කොට ඇත.[15] මෙම යුධ ව්‍යාපාරය කුඩා ආක්‍රමණයක් ලෙස පැවසුණ ද, කර්ට් සෙති විසින් සඳහන් කොට ඇති පරිදි, ඔහුට හමු වූ ලේඛන කොටසක උතුරු රෙටෙනු, හෝ සිරියාව දක්වා සිදු වූ යුධ ව්‍යාපාරයක් පිළිබඳ සඳහන් වේ. මේ අනුව ඔවුන් නිය් නැමැති ස්ථානය දක්වා දුරට ආක්‍රමණය මෙහෙයවා ඇත. යුප්‍රටිස් තරණය කොට නැවත පැමිණීමේ දී Iවන තුත්මෝස් අලින් දඩයම් කළේ ද නිය් නැමැති පෙදෙසේදී ය.[28] මේ අනුව පැහැදිළි වන්නේ ෂාසු ආක්‍රමණය, සිරියාව වෙත සිදුකළ ආක්‍රමණයේ දී වූ එක් සටනක් පමණක් බවයි.[28] මමිය![]() IIවන තුත්මෝස්ගේ මමිය සොයාගන්නා ලද්දේ 1881දී අනාවරණය කරගත් ඩේර් එල්-බහ්රි රහස් කුටියක් තුළිනි. ඔහුගේ මමිය වෙනත් 18වන සහ 19වන රාජවංශයේ පාලකයින්ගේ මමී අතර තැන්පත් කොට තිබිණි. මෙම සෙසු මමී අතර Iවන අහ්මෝස්, Iවන අමෙන්හොටෙප්, Iවන තුත්මෝස්, IIIවන තුත්මෝස්, Iවන රැම්සෙස්, Iවන සෙටි, IIවන රැම්සෙස්, සහ IXවන රැම්සෙස් යන රජවරුන්ගේ සිරුරු ද විය. 1886 ජූලි 1දින ගැස්ටන් මැස්පරෝ විසින් මෙම මමියේ වෙළුම් ලිහා බලන ලදී. මෙම මමිය ඔහුගේ පියා වන Iවන තුත්මෝස්ගේ යැයි සැලකෙන මමියට රූපීයව සමානත්වයක්, විශේෂයෙන්ම මමියේ මුහුණ සහ හිසේ හැඩය අතින් සමානත්වයක් දක්වයි. IIවන තුත්මෝස්ගේ දේහයට පුරාතන සොහොන් සොරුන්ගෙන් දැඩි ලෙස හානි සිදු විය. උරහිස් සන්ධියේ දී එහි වම් බාහුව බිඳී ඇති අතර, වැලමිට සන්ධියේ දී යටි බාහුව වෙන් වී ඇත. එසේම වැලමිටට පහළින් දකුණු බාහුව කපා වෙන්කොට ඇත. ඔහුගේ පූර්ව උදර බිත්තියට සහ පපුවේ වැඩි පෙදෙසක් පොරවක් වැනි ආයුධයකින් හානි සිදුකොට ඇත. මීට අමතරව, ඔහුගේ දකුණු පාදය ඔහුගේ දේහයෙන් වෙන්කොට ඇත.[29] මෙම හානි මරණයෙන් පසුව සිදු වූ ඒවායි. නමුත් IIවන තුත්මෝස්ගේ ජීවිතය සැපවත් එකක් නොවූ බව ගැස්ටන් මැස්පරෝ මෙලෙස සඳහන් කරයි:
නික්මගිය පාරාවෝ ලෙසබයිබලයේ පැරණි තෙස්තමේන්තුවේ සඳහන් නික්මගිය පාරාවෝ නාමය සඳහා ඉදිරිපත්ව ඇති නම් අතුරින් IIවන තුත්මෝස් නාමය ජනප්‍රිය එකකි. ඇල්ෆ්‍රඩ් එඩර්ෂයිම් සිය "පැරණි තෙස්තමේන්තු බයිබල් ඉතිහාසය"[31] නම් ග්‍රන්ථය තුළ පවසන්නේ IIවන තුත්මෝස් මෙම චරිතය සඳහා වඩාත්ම ගැළපෙන පුද්ගලයා බවයි. එයට හේතුව ඔහුගේ රාජ්‍ය සමය කෙටි, සමෘද්ධිමත් සමයක් නමුත් අනුප්‍රාප්තියට පුත්‍රයකු නොමැතිව මියයාමත් ය. ඔහුගේ වැන්දඹුව වූ හට්ෂෙප්සුට් පළමුව උපරාජයා (IIIවන තුත්මෝස් වෙනුවෙන්) බවටත්, අනතුරුව පාරාවෝ බවටත් පත් වූවා ය. එඩර්ෂයිම් පවසන්නේ එකල ඊජිප්තුව සහ හිටයිට් අධිරාජ්‍යය පුරා ව්‍යාප්ත වූ වසංගතයක් නිසා ඇති වූ තුවාල දක්නට ලැබෙන එකම පාරාවෝ මමිය IIවන තුත්මෝස්ගේ මමිය බවයි. මේවාත් බලන්නමූලාශ්ර
බාහිර සබැඳි
|
Portal di Ensiklopedia Dunia