සොබෙක්නෙෆරු
සොබෙක්නෙෆරු (ඇතැම්විට "නෙෆරුසොබෙක්" ලෙස ද ලියනු ලබයි) යනු ඊජිප්තු කාන්තාවක් වූ අතර, ඇය සිය සිය සොහොයුරා වූ IVවන අමනෙම්හාට්ගෙන් පසු පාරාවෝ ලෙස රාජ්‍යය පාලනය කළා ය. ඇය 12වන රාජවංශයේ අවසන් පාලකයා වූ අතර, ඇය ක්‍රි.පූ. 1806 සිට 1802 දක්වා වර්ෂ 4ක් පමණ ඊජිප්තුව පාලනය කළා ය.[1] ඇගේ නමේ අරුත "සොබෙක්ගේ රූමතිය" යන්නයි. පවුලඇය IIIවන අමනෙම්හාට් පාරාවෝවරයාගේ දියණිය වූවා ය. මැනෙතෝ පවසන්නේ ඇය IVවන අමනෙම්හාට්ගේ සොයුරිය ද වූ බවයි. නමුත් මෙම ප්‍රකාශය තහවුරු වී නැත. සොබෙක්නෙෆරුට නෙෆ්රුප්ටා යනුවෙන් වැඩිමහල් සොයුරියක සිට ඇති අතර, ඇය සමහරවිට අනුප්‍රාප්තිකයා වන්නට ඇත. නෙෆ්රුප්ටාගේ නාමය කාර්ටුෂ් මුදුවක සටහන් කොට ඇති අතර, ඇයට හවාරාහි ඇගේම පිරමීඩයක් තිබී ඇත. කෙසේනමුත්, අඩු වයසින්ම නෙෆ්රුප්ටා මියගොස් ඇත.[2] රාජ්‍ය සමයකාන්තා පාරාවෝවරයකු ලෙස සාක්ෂි සහිතව සනාථ කරගත් පළමු තැනැත්තිය සොබෙක්නෙෆරු ය. නමුත් හයවන රාජවංශයේ නිටෝක්‍රිස් නැමැත්තිය ද රාජ්‍ය පාලනය කොට ඇතැයි පැවසේ. කෙසේනමුත් පළමු රාජවංශයේ තවත් කාන්තාවන් පස‍්දෙනකු රාජ්‍ය පාලනය කොට ඇතැයි විශ්වාස කෙරේ. IVවන අමනෙම්හාට් මියගියේ සිහසුනට පිරිමි උරුමකරුවකු රහිත ව ය. ඒ නිසා IIIවන අමනෙම්හාට්ගේ දියණිය සොබෙක්නෙෆරු සිහසුනට පත්වන්නට ඇත. ටියුරින් කැනොන් අනුව, ඇය ක්‍රි.පූ. 19වන සියවස අගභාගයේ අවුරුදු 3කුත්, මාස 10කුත්, දින 24කුත්[3] රාජ්‍යය පාලනය කර ඇත. සිහසුනට උරුමකරුවකු නොමැතිව ඇය මියගිය අතර, ඇගේ මරණයත් සමග ඊජිප්තුවේ විශිෂ්ට දොලොස්වන රාජවංශයේ අවසානය සහ මධ්‍ය රාජධානියේ ස්වර්ණමය යුගයේ අවසානය සනිටුහන් විය. ඇගේ මරණින් පසු දුර්වල දහතුන්වන රාජවංශය බලයට පත් විය. ස්මාරක සහ සොහොන්ගැබ![]() ![]() ඇයගේ ස්මාරක කිහිපයක්ම හමු වී ඇති අතර, ඇගේ බොහෝ ප්‍රතිමා (හිස රහිත) සංඛ්‍යාවක් හමු වී ඇත. මේ අතරින් ගීසර්හි රජුගේ රාජකීය දියණියගේ ප්‍රතිමාවේ පාදමේ ඇගේ නම සටහන්ව ඇත.[5] ඇගේ හිස සහිත එක් ප්‍රතිමාවක් හඳුනාගෙන ඇත. දෙවන ලෝක යුද්ධයේ දී, අතුරුදන් වූ බර්ලින්හි ඊජිප්තු කෞතුකාගාරයේ (Inv. අංක. 14476) තිබූ ප්‍රතිමාව ඇයගේ යැයි සැලකිය හැක. අද වන විට එම ප්‍රතිමාව දැකගත හැක්කේ ඡායාරූප සහ බදාම අනුරූවලින් පමණකි. එය කෞතුකාගාරයට ලැබුණේ 1899දී ය. එහි හිස සෙම්නාවලින් හමු වූ රාජකීය ප්‍රතිමාවේ කඳට ගැළපෙයි. එහි කඳකොටස රාජකීයයකුගේ බවට තහවුරු වන්නේ එහි සිහසුනේ පසෙකින් රාජකීය සංකේතයක් වන රටවල් දෙකෙහි ඒකාබද්ධ කිරීම සලකුණ දැකගත හැකි නිසායි.[6] ඇය විසින් හවාරාහි IIIවන අමනෙම්හාට්ගේ සොහොන් සංකීර්ණයට (හෙරඩෝටස් විසින් වංකගිරියක් ලෙස හඳුන්වයි) නවඅංග එකතු කළ බව පැවසේ. එසේම ඇය හෙරක්ලියොපොලිස් මැග්නාහි ගොඩනැගිලි ද ඉදිකළා ය. ඇගේ නාමය සහ රාජකීය තනතුර දැක්වෙන වටිනා මුදුවක් බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ තබා ඇත.[7] කුමාහි නුබියානු බලකොටුවක නයිල් පුවරුලිපියක දැක්වෙන්නේ ඇගේ 3වන රාජ්‍ය වර්ෂයේ දී මීටර 1.83ක උසකින් යුත් නයිල් ජලගැල්මක් ඇති වූ බවයි.[8] නැගෙනහිර කාන්තාරයෙන් හමු වූ වෙනත් ශිලාලේඛනයක දැක්වෙන්නේ වර්ෂය 4, පෙරෙට් සෘතුවේ දෙවන මාසය යනුවෙනි.[9] ඇගේ ස්මාරක නිර්මාණ ඇය සහ IVවන අමනෙම්හාට්ට වඩා IIIවන අමනෙම්හාට් සමග සම්බන්ධව දක්වා ඇත. එමගින් ඇය IIIවන අමනෙම්හාට්ගේ රාජකීය දියණිය සහ IVවන අමනෙම්හාට්ගේ සුළු සොහොයුරියක බවට ඇති මතය පැහැදිළි වේ.[5] ඩෙන්මාක ජාතික ඊජිප්තුවේදියකු වූ කිම් රයිහොල්ට් පවසන්නේ, ඇගේ රාජ්‍ය සමයේ සමකාලීන ප්‍රභව අනුව පැහැදිළි වන්නේ ඇය කිසිදින "රැජින" හෝ "රජුගේ සොයුරිය" යන නාමයන් භාවිත නොකළ බවත්--'රජුගේ දියණිය'--යන නාමය පමණක් භාවිත කිරීම හේතුවෙන් එය මේ උපකල්පනයට පක්ෂව අදහස් පලවන බවත් ය.[5] ඇගේ සොහොන නිවැරදිව හඳුනාගෙන නොමැත. ඇයව සමහරවිට IVවන අමනෙම්හාට්ගේ යැයි විශ්වාස කෙරෙන පිරමිඩ සංකීර්ණයට වහාම උතුරින් පිහිටි එයට ව්‍යූහයෙන් සමාන ශිලාලේඛන නොමැති මස්ඝුනාහි පිරමිඩ සංකීර්ණයේ භූමදාන කරන්නට ඇත. හැරගෙහ් නැමැති ස්ථානයෙන් හමු වූ පැපිරස් ලේඛනයක සෙඛෙම්-නෙෆරු නම් ස්ථානයක් පිළිබඳ සඳහන් වේ. මෙය ඇතැම්විට ඇගේ පිරමිඩයෙහි නම වන්නට ඇත. මේවාත් බලන්නමූලාශ්ර
පුස්තක නාමාවලිය
|
Portal di Ensiklopedia Dunia