පුත්තලම
පුත්තලම (English: පුත්තලම; Tamil: புத்தளம்) යනු ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ පුත්තලම දිස්ත්‍රික්කයේ ඇති විශාලතම නගරයයි. මෙම නගරය පුත්තලම නගර සභාව මගින් පාලනය වේ. කොළඹ සිට කිලෝමීටර 130 (සැතපුම් 81) ක දුරකින් පිහිටි මෙම නගරය වෙනත් නගර සදහා ප්‍රධාන මාර්ගවල සන්ධිස්ථානයක් වේ. සුළං ශක්තියෙන් විදුලිය නිපදවීම, ලුණු, පොල් හා ධීවර යන අංශ සදහා මෙම නගරය ප්‍රසිද්ධ ය. ඉතිහාසයවසර 2200කට ඉහත දී විජය කුමරු ගේ විජයාගමනය සිදුවූ තම්බපණ්ණී ප්‍රදේශය පුත්තලම හෝ ඒ ආශ්‍රිතව බව ඉතිහාස මූලාශ්‍රවල සදහන් ය. උප්පුත්තලම් හෙවත් ලුණු භූමිය යනුවෙන් මෙහි විසූ ජනයා මෙම ප්‍රදේශය හැදින්වූ අතර එය කාලයාගේ අවෑමෙන් කටවහරට රිසිසේ පුත්තලම යනුවෙන් වෙනස් විය. අතීතයේ අරාබි වෙළදුන් ගෙන්වූ බූරුවන් දැනටත් මෙම නගරයේ හා මන්නාරමේ බහුලව වාසය කරති. පෘතුගීසීන් විසින් වහල් සේවය සඳහා අප‍්‍රිකානු රටවලින් මෙරටට ගෙන්වන ලද කාපිරි ජාතිකයින්ගේ ජනාවාස මෙහි මුහුදුබඩ ප්‍රදේශ ආශ්‍රිතව ඇතිවිය. ඔවුන්ගෙන් පැවතෙන්නන් පසුකලෙක පෘතුගීසී ක්‍රියොල් භාෂාව කථාකරන ලදි. එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයෙන් පලවා හරින ලද සරණාගත මුස්ලිම් ජනතාව පුත්තලම නගරයට පැමිණ පසුව එම නගරය කේන්ද්‍ර කරගෙන මේ දක්වා ජීවත්වෙති. කාලගුණයලෝක කාලගුණ කලාප වාර්ගීකරණයට අනුව පුත්තලමේ ස්වාභාවික සැවානා කාලගුණයක් පවති. කෙටි වියලි කාල දෙකක් ජූනි - සැප්තැම්බර් හා ජනවාරි - මාර්තු මාසවලද, වැසි කාලය ලෙස ඔක්තෝබර් - දෙසැම්බර් මාසවලද පවති.
ජනගහනයපුත්තලම නගරයේ ජනගහනය 45,401ක් වේ. ඉන් 95%ක් මුස්ලිම් වන අතර නගරයෙන් පිටත සුළු වශයෙන් දෙමළ, ක්‍රිස්තියානි හා බෞද්ධ ජනතාව වාසය කරති. ගමනාගමනයඋතුරු මුහුදුබඩ මාර්ගය පුත්තලමෙන් අවසන් වේ. ප්‍රධාන මාර්ග තුනක් වන A3 (කොළඹ සිට මීගමුව හරහා) මාර්ගයත් A10 (කටුගස්තොට සිට කුරුණෑගල හරහා) මාර්ගයත් A12 (ත්‍රිකුණාමලය සිට අනුරාධපුරය හරහා) මාර්ගයත් පුත්තලමින් අවසන් වේ. නගරයේ සිට ක්‍රියාත්මක වන බස්රථ වයඹ පළාතේ අනෙක් නගරවලට බහුලව ගමන්ගන්නා අතර දුර ගමන් ලෙස කොළඹ, මහනුවර, අනුරාධපුර යන නගරවලට පමණක් ගමන්කෙරේ. ආර්ථිකයශ්‍රී ලංකාවේ පොල් ත්‍රිකෝණයට අයත් මෙම නගරය ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම පොල් නිෂ්පාදන මධ්‍යස්ථානය ලෙසද දෙවන විශාලතම ලුණු නිෂ්පාදන මධ්‍යස්ථානය ලෙසද පත්වී ඇත. ශ්‍රී ලංකාවේ විශාලතම සිමෙන්ති කර්මාන්තශාලාව වන ඉන්සී සිමෙන්ති කර්මාන්තශාලාවද මෙහි පිහිටා ඇත. මීට අමතරව කෘෂිකර්මාන්තය හා ඉස්සන් වගාවද බහුල ව පවති. පුත්තලම නගරය ශ්‍රී ලංකාවේ කකුළු වගාබිම් හා අභිජනන මධ්‍යස්ථනයක් ලෙස සිංගප්පූරුවේ ඇති ආයතනයකට නිෂ්පාදන ලබාදේ. අධ්යාපනයපුත්තලම නගරයේ ඇති පාසල් පුත්තලම අධ්‍යාපන කලාපය යටතේ පුත්තලම දකුණ අධ්‍යාපන කොට්ඨාසයට හා පුත්තලම උතුර අධ්‍යාපන කොට්ඨාසයට අයත් වේ. මීට අමතරව විවෘත විශ්ව විද්‍යාලයක්ද පිහිටා ඇත.
සංචාරක ආකර්ෂණ
ක්රීඩාපුත්තලම ප්‍රදේශයේ දැනට පාපන්දු, අත්පන්දු (වොලිබෝල්) හා ක්‍රිකට් යන ක්‍රීඩාවන් ජනයා අතර ප්‍රසිද්ධය. ක්‍රීඩා සංස්කෘතිය ඉහළින්ම අගයන මෙහි ක්‍රීඩා සමාජ හා ආයතන බහුලව පවති.
|
Portal di Ensiklopedia Dunia