කැස්බෑව
කැස්බෑව යනු නගරයක් වේ. එය මාර්ග අංක 120 හොරණ කොළඹ මාර්ගයේ පිහිටා ඇත.
කෙස් බෑ තැන “කෙස් බෑ” කැස්බෑව‘ වූ බවත්, පිළි ඇඳි හල “පිළියන්දල” වූ බවත් ජනප්රවාදයේ පැවසෙයි. එමෙන් ම මේ කැස්බෑව පිළිබඳ තවත් අදහසක් ද ඇත. පරාක්‍රමබාහු මහරජතුමා ජල ක්‍රීඩා කිරීම සඳහාත්, ස්නානය කිරීම සඳහාත් පැමිණි ‘පිණිදියාගාර’ නමින් හැඳින් වූ පොකුණින් නෑමට පෙර කෙස් කපා සුදානම් වූ බවත් කෙස් - බෑ තැන, කැස්බෑව නමින් හැඳින් වූ බවත්. විශ්වාස කරත්. මේ සඳහා විශ්වාසය තහවුුරු කිරීම පිණිස අදත් පිණිදියාගාරය නමින් හඳුන්වන දිය බුබුලක් මාම්පේ ගමේ දකින්නට ඇති බව පෙන්වයි. විදේශිකයින් වරක් මෙම පොකුණ වැසීම සඳහා ගොරක කොට දමා ඇතුන් ලවා පාගවා ඇත. එහෙත් අද ද මේ දක්වාම එහි ජලය නොසිඳී පවතියි. පැරැන්නෝ මෙසේ විශ්වාස කරත්. කෙසේ වෙතත් මෙම කෙස් - බෑ - තැන ‘කැස්බෑව‘ වූවයි යන අරුතට විරුද්ධ ව සංවාදයක් ද නැත. එහෙත් සිංහල විශ්ව කෝෂයේ 7 වැනි කාණ්ඩයේ පළමු කලාපය කැස්බෑව යන්න විස්තර කර ඇත්තේ මීට ඉඳුරාම වෙනස් අදහසක් දනවන අන්දමට ය. කොළඹ දිස්ත්‍රික්කයේ සල්පිටි කෝරළයේ පල්ලෙ පත්තුවට අයත් කැස්බෑව කුඩා නගරයකි. කොළඹ - හොරණ මහා මාර්ගයේ 13 වැනි සැතපුම් කණුව අසල පිහිටා ඇති වැව වර්ග සැතැපුමක් පමණ විශාල වන බවත් මෙම වැවේ කැස්බෑවුන් ජීවත් වූ නිසාත්, මෙම වැව කැසබුවෙකු ගේ හැඩය ගත් නිසාත්, ජනප්‍රවාදවල මෙම වැව කැස්බෑව වැව වූ බවත්, එනිසාම මෙම ප්‍රදේශයට කැස්බෑව යන නම ව්‍යවහාර කළ බවත් සඳහන් වේ.
|
Portal di Ensiklopedia Dunia