කොළොන්නාව
භූගෝලීය පිහිටීමකොළොන්නාව යනු කොළඹ දිස්ත්රික්කයේකොළඹ නගර සභා මායිමේ පිහිටි ඡන්ද කොට්ඨාසයකි. දෙමටගොඩ, රාජගිරිය, ඔරුගොඩවත්ත, කැළණිය යනාදී නගර වටකොට පිහිටි මෙහි මීතොටමුල්ල, සාලමුල්ල, ගොතටුව, වැල්ලම්පිටිය, කොටිකාවත්ත, අංගොඩ යනාදී නගර හා ගම් ද පිහිටා ඇත. පිටකොටුවේ සිට පැමිණෙන්නේ නම් මාර්ග අංක 152 ගොතටුව නව නගරය බස් රියේ කොළොන්නාවට පැමිණීමට වඩා පහසු වුව ද ඔරුගොඩවත්තේ සිට පරණ අවිස්සාවේල්ල පාර දිව යන්නේ ද කොළොන්නාව ආසනය හරහා බැවින් කොලොන්නාව නගරයට කෙසේ වෙතත් අඩු තරමේ වැල්ලම්පිටිය නගරයට වත් හංවැල්ල හරහා පරණ පාරේ දිවෙන ඕනෑම බසයක පැමිණිය හැකිය. ආගමික ස්ථාන හා වෙනත් ආයතනරජයේ කර්මාන්තශාලාව මෙන්ම තෙල් සංස්ථා ගබඩා සංකීර්ණය ද එසේම විදුලිබල මණ්ඩලයට අයත් ස්ටැන්ලි බලාගාරය ද පිහිටා ඇත්තේ කොළොන්නාවේ ය. එසේම කොළොන්නාව රජ මහා විහාරය ඇතුළු විහාරස්ථාන ගණනාවක් ද කොළොන්නාව ආසනය තුළ පිහිටා තිබේ අංගොඩ හා මුල්ලෙරියාව නගරවල පිහිටි මානසික රෝහල් ද පිහිටා ඇති කොළොන්නාව අයත් වනුයේ වැල්ලම්පිටිය පොලිස් වසමටයි. පාසල්කොළොන්නාව නගරයේ පාසල් කිහිපයක් ම පිහිටා තිබේ. ටෙරන්ස් ඇන්. ද සිල්වා විද්‍යාලය ත් කොළොන්නාව ශාන්ත ජෝශප් විද්‍යාලයත්, කොළොන්නාව බාලිකා විද්‍යාලය ත් වැල්ලම්පිටිය විද්‍යාවර්ධන විද්‍යාලය හා මිශ්‍ර පාසලක් වන කොළොන්නාව ඕල්කට් විද්‍යාලය ත් ඒ අතර ප්‍රධාන තැනක් ගනී. කොළොන්නාව ඡන්ද කොට්ඨාසය තුල ඇති පාසල් අතර සේදවත්ත සිද්ධාර්ථ විද්‍යාලය, කුඩා බුත්ගමුව රාජසිංහ විද්‍යාලය, අංගොඩ රාහුල විද්‍යාලය, කොටිකාවත්ත සෝමා දේවී බාලිකා විද්‍යාලය, ගොතටුව මහා විද්‍යාලය හා සේදවත්ත එස් මහින්ද විද්‍යාලය යන ඒවා නම් කළ හැකිය. ආශ්රිත ලිපි |
Portal di Ensiklopedia Dunia