මහරගම
මහරගම යනු කොළඹ දිස්ත්‍රික්කයට අයත් නගරයකි. එය කිරුලපන සිට දිවෙන A4 හයිලෙවල් මාර්ගයේ කොළඹ සිට 15 කි.මී. දුරකින් ද නුගේගොඩ හා කොට්ටාව අතර පිහිටි නගරයක් වන අතර පිළිකා රෝහල පිහිටා ඇත්තේ ද මෙම නගරයේ ය. වර්තමානයේ මහරගම නගරය පාළනය වන්නේ මහරගම නගර සභාවෙනි. 1958 පෙබරවාරි මස 15 වෙනි දින කෝට්ටේ ගල්කිස්ස ගම් සභාවේ දියුණූ කළ ප්‍රදේශයක් ලෙස ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත්කර මහරගම සුළු නගර සභාව ස්ථාපනය කර ඇත. මුලින් කොට්ඨාශ ගණන 6 ක් වූ අතර මාම්‍පේ කැස්බෑවට අයත් ගොඩිගමුව පන්නිපිටිය ප්‍රදේශ එකතු කිරීමෙන් 1965 වර්ෂයේ පමණ කොට්ඨාශ අටකින් යුත් සුළු නගර සභාවක් බවට පත්කර ඇත. මහරගම පමුණුව පුදේශය රෙදිපිළි පිලිබඳව ලංකාවේ ඉහලම වානිජ නගරය වේ. මෙහි ව්‍යාපාරික කටයුතු ඇරඹෙන්නේ පාන්දර 4.00ට පමනය. මේ වේලාවේ දී සාමාන්‍ය ජනයාගේ අවශ්‍යතා සඳහා ව්‍යපාරිකයන් විශාල පිරිසක් ද ගැනුම්කරුවන් විශාල පිරිසක් ද දැකගත හැකිය. පෙ.ව 9.00 වන විට මෙම ව්‍යාපාරිකයන් ඉවත්ව යන අතර මධ්‍යම පාන්තිකයන් සඳහා ව්‍යාපාර ඇරඹෙයි. නගරයේ සිට වෙනත් ප්‍රධාන නගර වෙත ධාවනය වන බස්රථ ගණනාවකි. කොට්ටාව මාතර අධිවේගී මාර්ගයේ ගාල්ල සහ මාතර නගර වෙත සෑම මිනිත්තු කිහිපයකට වරක් බස්රථ ධාවනය කෙරේ. පිලිකා රෝහලට පැමිනෙන්නන් සඳහා මහනුවර ඇඹිලිපිටිය සූරිය වැව නාවලපිටිය,හැටන් ආදී ප්‍රදේශකරා බස් රථ ධාවනය වේ. කැලණිවැලි දුම්රිය මාර්ගය දිවෙන්නේද මහරගම නගරය මධ්‍යයෙනි. නාවින්න, මහරගම, පන්නිපිටිය, කොට්ටාව, මාලපල්ල ආදී දුම්රිය ස්ථාන මහරගම නගරසභා බල ප්‍රදේශයේ පිහිටා ඇත. නගරයේ සහ ආසන්නයේ පිහිටි වැදගත් ස්ථාන කිහිපයක්
නගරයේ සහ නගරයේ අවට පිහිටි ප්‍රධාන පාසල්
නගරයට අවට පිහිටි වෙනත් වැදගත් ස්ථාන
මහරගම හරහා හයිලෙවල් මාර්ගයේ කොළඹ දක්වා ධාවනය වන බස් රථ සේවා138 - කොට්ටාව / හෝමාගම, 138/2 - මත්තේගොඩ, 138/3 - රුක්මල්ගම, 138/4 - අතුරුගිරිය, 122 - අවිස්සාවේල්ල / රත්නපුරය, 125 - පාදුක්ක - ඉංගිරිය මහරගම දක්වා ධාවනය වන බස් සේවා138 - කොළඹ, පිටකොටුව, 112 - කොටහේන, 119 - දෙහිවල, 119 - නුගේගොඩ, 993 - මාලඹේ, 122/1 - අවිස්සාවේල්ල (SLTB), 124 - ඉහල බෝපේ, 128/1 - මූනමලේවත්ත, 125/1 - ඉංගිරිය / පාදුක්ක, 129 - මොරගහහේන (SLTB), 192 - මොරටුව, 280 - හොරණ, 341 - පිළියන්දල, 341/1 - කටුවාවල, 341/2 - බෝකුන්දර /වෑවල, 345 - කටුවාවල, 990 - විද්‍යාල හංදිය (දඹහේන / වීරමාවත), 990/1 - දඹහේන, 212 - ශ්‍රී ජයවර්ධනපුර රෝහල (නවරෝහල), 991 - ශ්‍රී ජයවර්ධනපුර රෝහල (නවරෝහල), 994 - හෝකන්දර (පොල්වත්ත හරහා), 996 - කටුකුරුන්ද මහරගම හරහා කොළඹ සිට ධාවනය වන දුරගමන් බස් සේවා99 - බදුල්ල / වැලිමඩ / පස්සර, 122 - රත්නපුර / ඇඹිලිපිටිය / සුරියවැව / හම්බන්තොටමහරගම දක්වා ධාවනය වන දුර ගමන් බස් සේවා69 - මහනුවර, 99 - පඹහින්න |
Portal di Ensiklopedia Dunia