ඩොල්ෆින්![]() ගොඩබිම වාසය කරන සතුන් මෙන්ම මිනිසාට වඩාත්ම සමීප සතුන් මහ මුහුදේද වාසය කරති. ඒ අතරින් ඉතා කෙටි කාලයකදී මිනිසාට වඩාත් සමීපව මිනිසා අනුකරණය කළ පුදුමාකර සත්වයෙක් සිටී. ඒ ඩොල්ෆින් මත්ස්‍යයාය. ශ්‍රී ලංකාවට අයත් මුහුදේද ඩොල්ෆින් බහුලව දක්නට ලැබේ. මොවුන් බුද්ධියෙන් ඉහල සත්ත්‍ව කොට්ඨාශය ලෙස සැළකෙයි . මුහුදු ක්ෂීරපායියෙකු වන ඩොල්ෆින් විද්‍යාත්මක වර්ගීකරණය කිරීමේදී සිටේසියානු ගෝත්‍රයට අයත්වේ. ඩොල්පින් ඉතා ඉක්මනින් මිනිසා සමග මිත්‍ර වේ. පුහුණුකරු වැලඳ ගෙන ආදරය දැක්වීමටද මොවුන් ඉතා කැමතිය. මිනිස් ඇසුර ප්‍රිය කරන ඩොල්පින් මිනිස් කටහඬට ලොකු ඇල්මක්ද දක්වති. ඩොල්පින් සතෙකු සුරතල් කිරීමට කැමති අයට ඔවුන් අතපත ගා සුරතල් කිරීමටත් උන්ට කෑම බීම දීමටත් හැකි ස්ථානයක් බටහිර ඔස්ට්‍රේලියාවේ මන්කිමියා වෙරළේ පිහිටා ඇත. මෙම ස්ථානය අද ඔස්ට්‍රේලියානුවනුගේ මෙන්ම විදේශීය සංචාරකයන්ගේද සිත් ඇදගන්නා ස්ථානයක් බවට පත්වී ඇත. ඩොල්ෆින් නම සෑදුනේ කෙසේද?ඩොල්ෆින් යන නම පුරාණ ග්‍රීක “ඩෙල්ෆිස්” යන වචනයෙන් සම්භවය වී ඇත. ග්‍රීක භාෂාවෙන් “ඩෙල්ෆිස්” යන්නෙහි තේරුම වනුයේ ගර්භාෂය යන්නයි. එමනිසා මෙම මත්ස්‍යයාගේ නමෙහි අර්ථය ලෙස ‘ගර්භාෂයක් සහිත මත්ස්‍යයා’ යන්න දැක්විය හැකිය. ඩොල්ෆින් දක්නට ලැබෙන ස්ථානලොව පුරාම මෙම ඩොල්ෆින් සතුන් වාසය කරති. අප රට වටකර ඇති ඉන්දියන් සයුරේ ඩොල්ෆින් මසුන් බහුලව දක්නට ලැබේ. ප්‍රධාන වශයෙන් ජීවත් වන්නේ මහද්වීපික තටක වල නොගැඹුරු මුහුදු ප්‍රදේශයේය. ඩොල්ෆින් මත්ස්‍යයාගේ ළමා කාලයක්ෂීරපායි ගණයට අයත් වන ඩොල්ෆින් දත් සහිත තල්මසුන් ගණයට අයත් කුඩා තල්මසෙකු ලෙස වර්ග කෙරේ. උපතේදී ඩොල්ෆින්ට දත් නැත. එහෙත් සති කීපයකින් දෙඇන්දේම දත් හතලිස් හතර බැගින් එන්නට පටන් ගනී. මාස 18ක් පමණ වනතුරු සිය මවගේ කිරි බීමටද ඩොල්ෆින් මත්ස්‍යයා හුරුවී සිටී. වැඩුනු ඩොල්ෆින් මත්ස්යයාවර්ධනයවැඩුනු ඩොල්ෆින් මත්ස්‍යයෙකු දිගින් අඩි 8 සිට 12 දක්වාද බරින් රාත්තල් 300-400 අතර ප්‍රමාණයක්ද වෙයි. එසේම ඩොල්ෆින්ගේ කිරි එළකිරි වලට වඩා හය ගුණයකින් පමණ ශක්තිය වඩවන අතර මේද වැඩි ප්‍රමාණයක්ද සහිත වේ. ආහාරමාංශ භක්ෂක මත්ස්‍යයෙකි. ඩොල්ෆින් ආහාර වශයෙන් ගන්නේ බෙල්ලන් හා කුඩා මාළුවන්ය. නමුත් උගේ ප්‍රියජනකම ආහාරය වන්නේ පියාමැස්සන්ය. හැසිරීම් රටාවසමූහ වශයෙන් ජීවත්වීම ප්‍රීතියක් සේ සලකන මොවුන් එක රංචුවක් වුවහොත් අඩු තරමින් එතැන දහසක් පමණ සිටිතැයි කිවහැක. නිතරම මුහුදු ගමන් වල යෙදෙන මගීන් හට මුහුදේ පිහිනමින් ක්‍රීඩා කරමින් සිටින ඩොල්ෆින් මත්ස්‍යයන් සුලබ ලෙස දක්නට ලැබේ. නින්දමිනිසෙකුගේ ගතිගුණ ප්‍රියකරනු ලැබූවද ඩොල්ෆින් නිදාගැනීමට ගත කරන්නේ තත්පර තිහකටත් වඩා අඩු කාලයකි. ගොඩබිම වසන අනෙක් ක්ෂීරපායීන් මෙන් නොව ඩොල්ෆින්ට හුස්ම ගැනීමට ජලය මතුපිටට ඒමට සිදුවීම එයට හේතුවයි. මිනිත්තු පහක නින්ද ඩොල්ෆින්ට ඉතා දිගු නින්දකි. නින්දේ ප්‍රථම අදියරේදී ඩොල්ෆින් නිදා ගනුයේ මොළයේ එක් අර්ධයකිනි. එනම් එක් ඇසක් පමණක් වසා ගෙනය. අනෙක් අර්ධය සහ ඇස පරිසරයේ සිදුවන වෙනස්කම් සහ සතුරන් පිලිබඳව විමසිල්ලෙන් පසුවේ. නින්දේ දෙවන අදියරේදී සුපුරුදු පරිදි ඇස් දෙකම වසා ගෙන නින්දට යති. ඩොල්ෆින් සතු විශේෂ ලක්ෂණඅසාමාන්ය හැඟීම් සමුදායක් ඇති සත්වයෙක් ලෙස ප්‍රචලිතය. සංවේදන හැකියාවන්
මිනිසුන්ගේ ජීවිත බේරාගැනීමට සමතෙක් වේඅසාමාන්ය හැඟීම් පිළිබඳව සත්ත්වයන් අතරෙන් ඉහළටම එන මේ ඩොල්ෆින් මාළුවා මිනිසුන්ගේ ජීවිත බේරාගත් අවස්ථා කිහිපයක් ඉතිහාසයට පවා එක්වී ඇත. ඒ අතරින් දෙවන ලෝක යුද්ධයේදී මුහුදු බත්වූ නාවිකයින් පිරිසක් බේරා ගනිමින් පාරුව වෙරළ තෙක් තල්ලුකර දැමීමේ සිද්ධිය ප්‍රසිද්ධය. එසේම 1943දී දිනක් ප්ලොරීඩාවේ පාළු වෙරළක පිහිනීමට ගිය කාන්තාවක් වෙරළින් ඈතට පිහිනා යන විට සිහිසුන් වූවාය. මුහුදේ ගිලෙන්නට වූ ඇයට කවුරුන් හෝ තමා දියයටින් වෙරළට තල්ලු කළ බව යන්තම් මතකය. විශාල ඩොල්ෆින් මාළු වෙකු ඇයව වෙරළට තල්ලු කරගෙන ආ බවත් ඔවුන් වටා ඔවුන්ගේ ආරක්ෂාවට තවත් ඩොල්ෆින් මාළු රැසක් පැමිණි බවත් එය දුටු පුද්ගලයෙකු පවසා ඇත. මිනිස් කටහඬ අනුකරණය කිරීමේ ජගතෙකිමිනිසාගේ කතාබමට සවන්දී එය අනුකරණය කිරීමට ඩොල්ෆින් මාළුවා ජගතෙකි. මේ අපූරු සත්ත්ව විශේෂය ගැන විමසිලිමත් වූ විද්‍යාඥයින් විශාල ජලාශ ඉදිකර ඩොල්ෆිනයන් ඇතිකලහ. ඔවුන්ගේ ගතිපැවතුම්, සිරිත් විරිත් හා අදහස් හුවමාරුව ගැන විමසිලිමත් වූහ. උදාවන මතු දිනයක නියත වශයෙන්ම ඩොල්ෆින් මාළුවන් සමඟ හරි හරියට කතා කල හැකි බවට සත්ත්ව විද්‍යාඥයෝ අනාවැකි පල කරති. මිනිසාට සමානවූ ගතිගුණ දරයිඩොල්ෆින් මාළුවාගේ ගතිගුණ මිනිසාගේ ගතිගුණ වලට බොහෝසෙයින් සමානකම් දක්වයි. මිනිසුන් මෙන්ම තම පැටවුන් ආදරයෙන් රැක බලා ගන්නා උන් තුවාල වූ සහ මහළුවූ ඩොල්ෆින් මසුන්ද රැක බලා ගනී. ඩොල්ෆින් මාළුවාගේ මොළය ඉතා හොඳින් වැඩී ඇති අතර එය මිනිස් මොළයට සමාන බවත් ස්විස් ජාතික විද්‍යාඥයෙකු වූ පිලේලි පවසයි. විශිෂ්ට ජපන් විද්‍යාඥයෙකු වන දොස්තර මයාසුකී නකඩසිමා පවසන අන්දමට සියලුම සත්ත්වයන්අතරින් ඩොල්ෆින් මත්ස්‍යයා ඉතාමත්ම ඥානාන්විත දක්ෂතම සත්ත්වයා වන අතර මිනිසාට ඉතාමත් පහසුවෙන් සම්බන්ධකම් ඇතිකර ගත හැකි සත්ත්වයාද වේ. අවදානමට ලක්ව ඇති සත්ත්වයෙකිමිනිසාගෙන් ඇතිවී ඇති අවදානම
විලෝපිකයන්ගෙන් ඇතිවී ඇති අවදානම
ඩොල්ෆින් ගේ විද්‍යාත්මක වර්ගීකරණයරාජධානිය: Animalia වංශය: Chordata වර්ගය: Mammalia ගෝත්‍රය: Cetacea Aminalia රාජධානියේ ලක්ෂණඃ
මිනිසා සහ ඩොල්ෆින් අතර සම්බන්ධයඩොල්ෆින් මාළුවා ගැන විවිධ අය නොයෙක් දේ ලියා ඇත. ක්ලිනර් බර්ග් යන රුසියන් මහාචාර්යවරයා සහ තවත් රුසියන් සත්ත්ව විද්‍යා ආචාර්ය වරුන් දෙදෙනෙකු වූ V.බෙල්කොවිච් සහ A. සැබ්කෝව් යන අය විසින් ´සමුද්‍රයේ ගුප්ත සතා´ යනුවෙන් ඩොල්පින් පිළිබඳව ඉතාවැදගත් කරුණු ඇතුලත් ග්‍රන්ථයක් මීට වසර කිහිපයකට පෙර පලකරන ලදී. මිනිසා සහ මෙම අපූරු සත්ත්වයා අතර ඇති සම්බන්ධය පිළිබඳව නොයෙකුත් සිදුවීම් මෙහි සඳහන් වේ. නිදසුනක් ලෙස 19 වන සියවසේ අග භාගයේදී නවසීලන්තයේ නාවික අනතුරු වලින් ගහන කුක් බොක්කෙහි නැව් ගමනාගමනයට උපකාර කරමින් අනතුරු වලින් වැලකී ගමන් කිරීමට නැව්වලට මග පෙන්වූ පෙලෝ රාස් ජැක් නම් මාළුවා දැක්විය හැක. මෙම මාළුවා වසර දශක කිහිපයක්ම මිනිසාට සේවය කළේය. ![]() Dolphin හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත. ![]() ඩොල්ෆින් , යන්න නිදහස් ශබ්දකෝෂය වන වික්ෂනරිය දී සොයා බලන්න. |
Portal di Ensiklopedia Dunia