තංගල්ල බලකොටුව
තංගල්ල බලකොටුව යනු, ශ්‍රී ලංකාවෙහි තංගල්ල යන වෙරළබඩ නගරයෙහි පිහිටි කුඩා ලන්දේසි බලකොටුවකි. දිවයිනෙහි දකුණු දිග වෙරළෙහි වැදගත් නැංගුරම් පොළක් ලෙසින් ලන්දේසීහූ තංගල්ල භාවිතා කලහ. ලන්දේසීන් විසින් තැනුනු බලකොටු අතරින් තංගල්ල බලකොටුව වෙනස් වන්නේ මෙම බලකොටුවෙහි සුවිශාල ප්‍රාකාර නොමැති වීමෙනි. 12 මී (39 අඩි) උසැති ප්‍රධාන ප්‍රාකාර සතර විසින්, රොම්බසයකට සමාන පරිශ්‍රයක් වට කරයි. 19වන සියවස මැද භාගයෙහිදී බ්‍රිතාන්‍යයන් විසින් මෙම බලකොටුව සැලකියයුතු පමණකින් වෙනස් කලේ එය බන්ධනාගාරයක් බවට පෙරලන විටදීය. බ්‍රිතාන්‍යයන් විසින්ද තංගල්ල නැංගුරම් පොළක් ලෙසින් භාවිතා කෙරෙණි. මෙම බලකොටුව බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් බන්ධනාගාරයක් ලෙසින් භාවිතා කරන ලදී.[1][2] දැන් එය නාවික හමුදා කදවුර තුල පිහිටා ඇති අතර බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පාලනය නොකෙරේ.[තහවුරු කර නොමැත] ආශ්‍රිත
මෙයද බලන්නතවදුරටත් කියවීම්
|
Portal di Ensiklopedia Dunia