මීගමුව බලකොටුව
මීගමුව බලකොටුව (ඉංග්‍රීසි: Negombo Fort) යනු කොළඹට 30 km (19 mi) පමණ උතුරු දෙසින් පිහිටි, මීගමුවේ වූ පෘතුගීසීන් විසින් කොළඹ ආරක්ෂාව උදෙසා ඉදිකරන ලද කුඩා එනමුදු වැදගත් වූ බලකොටුවකි. ![]() කොළඹ, යාපනය සහ ගාල්ල පිහිටි බලකොටු වලින් අනතුරුව, උපායශීලීව වැදගත් ඊළග බලකොටුව ලෙස අතීතයේදී මීගමුව බලකොටුව පවතින්නට ඇතැයි සැළකේ.[1] මුළින්ම ඉදිකරනු ලැබූ පෘතුගීසි බලකොටුව දුර්වල ව්‍යුහයකින් යුක්ත වූ අතර එය ෆිලිප් ලුකාස් විසින් අණලද ලන්දේසි හමුදා විසින් 1640 පෙබරවාරියේදී යටත් කර ගැණුනි.[1] කෙසේනමුදු එම වර්ෂයේම දෙසැම්බරයේදී, උත්සාහයන් කිහිපයකින් අනතුරුව පෘතුගීසීන් විසින් බලකොටුව නැවත අල්ලා ගන්නා ලදී. පසුව නැවත් වරක් ෆ්‍රැන්කුයිස් කැරන් යටතේ අණලද ලන්දේසී හමුදා විසින් බලකොටුව 1644 වර්ෂයේ ජනවාරියේදී අල්ලා ගන්නා තුරු, බලකොටුව ශක්තිමත් කොට ආරක්ෂා කර තබා ගැනුමට පෘතුගීසීන් සමත් විය.[1] ලන්දේසින් විසින් බලකොටුව වටලෑමේදී භාවිත කල කාලතුවක්කු ප්‍රහාර හේතුවෙන් බලකොටුවෙහි මුල් ඉදිකල අට්ටාල විනාශවීමට ලක්විය. පසුව 1672දී ලන්දේසීන් බලකොටුව යලිගොඩනැංවීමේදී සාමාන්‍ය හතරැස් ස්වරූපයෙන් බැහැරව පංචාස්‍ර හැඩයෙන් යුතුව බලකොටුව නිමවන ලදී. බලකොටුව පංචාස්‍ර හැඩයෙන් යුක්ත වූවත් එය ප්‍රාකාර බැමි හතරකින් පමණක් සමන්විත වූ අතර එහි පස්වන බැම්මක් නොවීය.[2] මූලාශ්‍ර
|
Portal di Ensiklopedia Dunia