කොලොන්නාවවෙත යළියොමුව: ඛණ්ඩාංක: 6°55′N 79°54′E / 6.917°N 79.900°E
භූගෝලීය පිහිටීමකොලොන්නාව යනු කොළඹ දිස්ත්රික්කයේකොළඹ නගර සභා මායිමේ පිහිටි ඡන්ද කොට්ඨාසයකි. දෙමටගොඩ, රාජගිරිය, ඔරුගොඩවත්ත, කැළණිය යනාදී නගර වටකොට පිහිටි මෙහි මීතොටමුල්ල, සාලමුල්ල, ගොතටුව, වැල්ලම්පිටිය, කොටිකාවත්ත, අංගොඩ යනාදී නගර හා ගම් ද පිහිටා ඇත. පිටකොටුවේ සිට පැමිණෙන්නේ නම් මාර්ග අංක 152 ගොතටුව නව නගරය බස් රියේ කොලොන්නාවට පැමිණීම වඩා පහසු වුව ද ඔරුගොඩවත්තේ සිට පරණ අවිස්සාවේල්ල පාර දිව යන්නේ ද කොලොන්නාව ආසනය හරහා බැවින් කොලොන්නාව නගරයට කෙසේ වෙතත් අඩු තරමේ වැල්ලම්පිටිය නගරයට වත් හංවැල්ල හරහා පරණ පාරේ දිවෙන ඕනෑම බසයක පැමිණිය හැකිය. ආගමික ස්ථාන හා වෙනත් ආයතනරජයේ කර්මාන්තශාලාව මෙන්ම තෙල් සංස්ථා ගබඩා සංකීර්ණය ද එසේම විදුලිබල මණ්ඩලයට අයත් ස්ටැන්ලි බලාගාරය ද පිහිටා ඇත්තේ කොලොන්නාවේ ය. එසේම කොලොන්නාව රජ මහා විහාරය ඇතුළු විහාරස්ථාන ගණනාවක් ද කොලොන්නාව ආසනය තුළ පිහිටා තිබේ. කලින් අයි. ඩී. එච්. නමින් හැඳින්වුනු නගරය දැන් ගොතටුව නව නගරය යි. කලින් එසේ හැඳින්වුනේ එහි රජයේ බෝවන රෝගීන් සඳහා වූ රෝහල පිහිටි නිසා ය. අංගොඩ හා මුල්ලෙරියාව නගරවල පිහිටි මානසික රෝහල් ද පිහිටා ඇති කොලොන්නාව අයත් වනුයේ වැල්ලම්පිටිය පොලිස් වසමටයි. පාසල්කොලොන්නාව නගරයේ පාසල් කිහිපයක් ම පිහිටා තිබේ. ටෙරන්ස් ඇන්. ද සිල්වා විද්‍යාලය ත් කොලොන්නාව බාලිකා විද්‍යාලය ත් වැල්ලම්පිටිය විද්‍යාවර්ධන විද්‍යාලය හා මිශ්‍ර පාසලක් වනකොලොන්නාව ඕල්කට් විද්‍යාලය ත් ඒ අතර ප්‍රධාන තැනක් ගනී. කොලොන්නාව ඡන්ද කොට්ඨාසය තුල ඇති පාසල් අතර සේදවත්ත සිද්ධාර්ථ විද්‍යාලය, කුඩා බුත්ගමුව රාජසිංහ විද්‍යාලය, අංගොඩ රාහුල විද්‍යාලය, කොටිකාවත්ත සෝමා දේවී බාලිකා විද්‍යාලය, ගොතටුව මහා විද්‍යාලය හා සේදවත්ත එස් මහින්ද විද්‍යාලය යන ඒවා නම් කළ හැකිය. ආශ්රිත ලිපිInformasi yang berkaitan dengan si/කොලොන්නාව |
Portal di Ensiklopedia Dunia