ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකා දුම්රිය සේවය[3] පවත්වාගෙන යනු ලබන දුම්රිය දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා ආණ්ඩුවේ දෙපාර්තමේන්තුවකි (ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව)[4][5][6][7].[8] 1858 දී ආරම්භ කරන ලද මෙය වර්තමානයේ ප්‍රවාහන අමාත්‍යංශය යටතේ පවතී. ශ්‍රී ලංකාවේ දුම්රිය සේවය වාණිජ අගනුවර වන කොළඹ පිහිටි මරදාන සිට අගනුවරින් ඈත පිහිටි ප්‍රදේශත් අතර ප්‍රධාන මාර්ග පහක් ඔස්සේ දුම්රිය සේවාවන් පවත්වාගෙන යනු ලබයි.
අතීතයආරම්භය![]() ශ්‍රී ලංකාවට දුම් රිය ප්‍රවාහනය බ්‍රිතාන්‍ය ජාතිකයින් විසින් හඳුන්වාදෙන ලද්දේ 1864 දිය. දුම් රිය මග සැදීමට ප්‍රධානතම හේතු සාධකය වී ඇත්තේ උඩරට සිට තේ, කෝපි අගනුවරට ප්‍රවාහනය කිරීමේදි ඇති වූ ගැටලුවයි. මුල්ම පියවර ලෙස කොළඹ සිට අඹේපුස්ස දක්වා වූ කිලෝමීටර් 54ක් වූ මාර්ගය ඉදි කරන ලදි. අතීතයේ ගැමියන් දුම් රිය යකඩ යකා ලෙස හඳුන්වා තිබේ. පිලිවෙලින් 1867, 1874, 1885, 1894 සහ 1924 දි ප්‍රධාන දුම් රිය මාර්ගය නුවර, නාවලපිටිය, නානු ඔය, බණ්ඩාරවෙල සහ බදුල්ල දක්වා දීර්ඝ කරන ලදි. මීට අමතරව මාතලේ මාර්ගය 1880 දිත්, මුහුදුබඩ මාර්ගය 1895 දිත්, උතුරු මාර්ගය 1905 දිත්, මන්නාරම් තොට දක්වා වූ මාර්ගය 1914 දී , කැලණි වැලි මාර්ගය 1919 දිත්, සහ පුත්තලම් මාර්ගය 1926 දීත් නිම කරන ලදි. ස්වර්ණමය යුගයබ්රිතාන්යන් විසින් ආරම්භ කරන ලද මෙම සේවාවේ ස්වර්ණමය යුගය ලෙස සැලකෙන්නේ 1955–1970 අතර කාලයයි. මෙකල දුම් රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරි වරයා ලෙස කටයුතු කර ඇත්තේ බී.ඩී.රම්පාල මහතා ය. මෙතුමා ගේ නායකත්වයෙන් දුම් රිය දෙපාර්තමේන්තුවේ අභිවෘධිය සඳහා විශාල වැඩ කොටසක් සිදුවී ඇත. මෙතුමාගේ අවධියේ වූ සේවාවන් අතර සීඝ්‍රගාමි දුම් රියන් ආරම්භ කිරීම, ඩීසල් එන්ජින් ගෙන්වීම, දුම් රියන් සඳහා සිංහල නාමයන් යෙදීම, දුම් රිය ස්ථාන වැඩි දියුණු කිරීම ආදිය දැක්විය හැකිය. Best train ride of srilankaවිසිවන සියවසයෙහි අග භාගයෙහි පටන් දුම් රිය සේවයේ විවිධ හැල හැප්පීම් සිදුවී ඇත. මෙකල රටේ ආර්ථිකය වැඩි වශයෙන් කර්මාන්ත සංවර්ධනය කෙරෙහි වැඩි අවධානයක් දැක්වීම නිසා වැවිලි කර්මාන්තය කෙරෙහි තිබූ අවධානය අඩුවී ඇත. ඒත් සමගම මහා මාර්ග පද්ධතියේ වැඩි දියුණුවත් සමගම දුම් රිය ප්‍රවාහනය සඳහා තිබුණු උනන්දුව ද අඩුවී තිබේ. මෙම නිසා දුම් රිය දෙපාර්තමේන්තුව අධික ලෙස පාඩු ලබන ආයතනයක් බවට පත් විය. මීට අමතරව ත්‍රස්තවාදි ක්‍රියා හේතුවෙන්, දුම් රිය එන්ජින් විනාශ වීම, දුම් රිය ගමන් වාර නැවැත්වීමට සිදුවීම, ඇතැම් දුම් රිය මාර්ග සම්පූර්ණයෙන්ම විනාශ වීම ආදියද දුම් රිය දෙපාර්තමේන්තුවේ කඩාවැටීමට බල පා ඇත නව සැලසුම්![]() 2010 වසරේදි දුම් රිය සේවය නගා සිටුවීම සඳහා දස අවුරුදු සැලැස්මක් රජය විසින් දියත් කරන ලදි. මෙහි එක් පියවරක් වූයේ එන්ජින් යොදා ධාවනය කරනු ලබන දුම් රියන් සඳහා පවර් සෙට් ලෙස හඳුන්වනු ලබන ඩීසල් මල්ටිපල් යුනිට් නම් දුම් රිය වර්ගයේ දුම් රිය යොදා ගැනීමයි. 2010-2012 කාලයේදි මුහුදුබඩ දුම් රිය මග නවීකරණය කොට වැඩි වේගයෙන් දුම් රිය ධාවනය කිරීමට පහසුකම් සලසන ලදි. මීට අමතරව විනාශ වූ උතුරු දුම් රිය මග නැවත සෑදිමත්, මුහුදුබඩ මාර්ගය කතරගම දක්වා දීර්ඝ කිරීමේ වැඩ කටයුතු මේ දිනවල සිදුවේ. සේවාවන්දුම් රිය සේවය විසින් නගරාන්තර දුම් රිය, සීඝ්‍රගාමි දුම් රිය, මන්දගාමි දුම් රිය සහ බඩු සහ තෙල් ප්‍රවාහනය කරන දුම් රියන් ධාවනය කරනු ලබයි. පන්ති කිහිපයකින් යුතු මගී මැදිරි තිබේ. ![]()
කොළඹ සිට අවිස්සාවේල්ල, රඹුක්කන, මහව, හලාවත ආදි ප්‍රදේශ වෙත ධාවනය වන මන්දගාමි දුම් රියන් සඳහා කාර්යාල සහ පාසල් වේලාවේදි වැඩි ඉල්ලුමක් තිබේ. කාර්යක්ෂමතාවය වැඩි කිරීමට තෝරාගත් මාර්ග කිහිපයක විදුලි දුම් රිය ධාවනය කිරීමට යෝජනා වී තිබේ. දුම්රිය වර්ග
දුම්රිය මාර්ග සහ ප්‍රධාන දුම්රිය සේවාදුම්රිය මාර්ග පද්ධතිය ප්‍රධාන මාර්ග 9කින් සහ මෙහෙයුම් මධ්‍යස්ථාන 3කින් සමන්විත වේ. ඇතැම් දුම්රිය සඳහා විශේෂ නාමයන් ද යොදා ඇත.
![]()
දුම්රිය එන්ජින් සහ ප්‍රවාහන මැදිරිප්රධාන ලිපිය: ශ්‍රී ලංකාවේ දුම්රිය එන්ජින්
ප්‍රධාන වශයෙන් දුම්රිය සඳහා යොදාගැනෙන්නේ ඩීසල් එන්ජින් සහ බලවේග කට්ටල දුම්රිය වේ. මීට අමතරව විශේෂ අවස්ථාවලදි වාෂ්ප එන්ජින් යොදා ගැනේ. මගී මැදිරි සඳහා යොදාගැනෙන්නේ රුමේනියාවේ සහ චීනයේ නිශ්පාදිත මැදිරි ය. ගැටළුආර්ථිකරටේ බොහෝ රාජ්‍ය ව්‍යාපාර මෙන්ම දුම් රිය සේවයත් අධික වශයෙන් අලාභ ලබන ආයතනයක් බවට පත්වී ඇත. 1943 සිට මේ වන තුරු ශුද්ධ ලාභයක් උපයා ගැනීමට නොහැකි වී ඇත. මෙහෙයුම් වියදම් වැඩිවීම මීට බෙහෙවින් බලපා ඇත. බොහෝ විට භාවිත වෙන්නේ ඉතාමත් පැරණි උපකරණ/ගොඩනැගිලි/එන්ජින් ආදිය නිසා මේවාට වැයවෙන වියදම අධිකය. තවත් එක් හේතුවක් වී ඇත්තේ ගාස්තු ක්‍රමය ය. සීමාසහිත යටිතල පහසුකම්දුම් රිය සේවය වැඩි වශයෙන්ම වික්ටෝරියානු යුගයේ පැරණි තාක්ශණික උපකරණ භාවිත කරන නිසා මේවා නඩත්තුවේදි වැය වන වියදම අධිකය. මීට අමතරව දුම් රිය මැදිරි ආදිය ප්‍රමාණවත් ලෙස නොතිබෙන නිසා සුළුතරයක් නිතරම භාවිතයට ගැනීමෙන් ඇතිවන ගැටළු ද තිබේ. මෙම ගැටළු මගහරවාගැනීමට නව උපාංග ඇණවුම් කර තිබේ. අනතුරු![]()
මේවාද බලන්නබාහිර සබැඳි
මූලාශ්‍ර
|
Portal di Ensiklopedia Dunia