ශ්‍රී ලංකාවේ නම්කොට ඇති මගී ප්‍රවාහන දුම්රිය ලැයිස්තුව

ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරය හරහා ගමන් ගන්නා උඩරට මැණිකේ දුම්රිය

මෙම ලිපිය තුල ශ්‍රී ලංකාවේ නම්කොට ඇති මගී ප්‍රවාහන දුම්රිය ලැයිස්තුවක් අන්තර්ගත වේ.

ශ්‍රී ලංකා දුම්රිය සේවය

ක්‍රි.ව. 1950 දශකයේ මැද වනවිට බී.ඩී. රම්පාල මහතාගේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකාවේ මහා පරිමාණ මගී ප්‍රවාහන සේවය ආරම්භ විය.

දෛනික සේවා

දුම්රිය නාමය අංක ගමනාගමනය
1 උඩරට මැණිකේ No. 1015 & 1016 කොළඹ සිට මහනුවර හරහා බදුල්ල දක්වා
2 පොඩි මැණිකේ No. 1005 & 1006
3 ටිකිරි මැණිකේ No. 1023 & 1024 කොළඹ සිට හැටන් දක්වා
4 සෙංකඩගල මැණිකේ No. 1035 & 1036 කොළඹ සිට මහනුවර දක්වා
5 යාල් දේවි No. 4077 & 4078 ගල්කිස්ස සිට කන්කසන්තුරේ දක්වා (යාපනය හරහා)
6 උත්තර දේවි No. 4017 & 4018 කොළඹ සිට කන්කසන්තුරේ දක්වා (නගරාන්තර)
7 උදය දේවි No. 6011 & 6012 කොළඹ සිට මඩකලපුව දක්වා
8 රජරට රැජිණ No. 8085, 8086, 4085, & 4086 වවුනියාව සිට මාතර දක්වා (කොළඹ හරහා)
9 රුහුණු කුමාරි No. 8058 & 8059 මරදාන සිට මාතර දක්වා
10 මුතු කුමාරි No. 3427 & No. 3803 පානදුර සිට හලාවත දක්වා
11 සමුද්‍ර දේවි No. 8760 & 8327 කොළඹ සිට ගාල්ල දක්වා
12 ගාලු කුමාරි No. 8056 & 8057 මරදාන සිට බෙලිඅත්ත දක්වා (කොළඹ හරහා)
13 සාගරිකා No. 8096 & 8097 මරදාන - කොළඹ හරහා මාතර
14 ශ්‍රී දේවි No. 4003 & 4004 කොළඹ සිට කන්කසන්තුරේ දක්වා
15 මීනගයා No. 6079 කොළඹ සිට මඩකලපුව දක්වා (නගරාන්තර)
16 දැයට කිරුළ No. 4017 & 4018 කොළඹ සිට කන්කසන්තුරේ දක්වා

(2011 දී හඳුන්වාදෙනු ලැබූ මෙම දුම්රිය පසුව 2015දී "උත්තර දේවී" කාණ්ඩයට ඇතුළත් කරන ලදි)

17 දෙනුවර මැණිකේ No. 1001 & 1002 කොළඹ සිට බදුල්ල දක්වා
18 පුලස්ති කොළඹ සිට පොළොන්නරුව දක්වා
19 දක්ෂිණ නගරාන්තර මරදාන සිට බෙලිඅත්ත දක්වා
20 කැලණිවැලි මරදාන සිට අවිස්සාවේල්ල දක්වා

දැනට නතරකොට ඇති සේවා

  1. බෝට්මේල් එක්ස්ප්‍රස්
  2. හිජ්රා - කොළඹ සිට මඩකලපුව හා ත්‍රිකුණාමලය දක්වා

විශේෂ සේවා

  1. අනුරාධපුර සිට මිහින්තලේ දක්වා - පොසොන් උත්සවයට සමගාමී ව
  2. බ්‍රැඩ්ලි එක්ස්ප්‍රස්

වෙනත්

  1. එයාපෝට් එක්ස්ප්‍රස් - කොළඹ මහලේකම් කාර්යාල දුම්රිය ස්ථානයේ සිට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ දක්වා Hitachi Class S5 DMU4 දුම්රියකින් ගමන් කෙරේ.
  2. වය්ස්රෝයි විශේෂ - කොළඹ සිට මහනුවර; බදුල්ල හෝ ගාල්ල දක්වා සංචාරක ගමනාන්ත වෙත දිවෙන වාෂ්ප දුම්රියකි.

 

Prefix: a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9

Portal di Ensiklopedia Dunia