මහ පොළොව
මහ පොළොව හෙවත් පෘථිවිය සූර්යයාගේ සිට පිළිවෙලින් 3 වැනි ග්‍රහලෝකයයි. එය සෞරග්‍රහ මණ්ඩලයේ ඇති ග්‍රහලෝක 8 න් ඝණත්වයෙන් වැඩිම සහ 5 වැනි විශාලම ග්‍රහලොවයි. එමෙන්ම එය සෞරග්‍රහ මණ්ඩලයේ ඇති භූමියක් සහිත ග්‍රහලෝක අතුරින් විශාලතම ග්‍රහලොවයි. සමහර අවස්ථා වලදී එය ලෝකය , නිල් ග්‍රහලොව , හෝ එහි ලතින් නාමය වන "ටෙරා" යන නම් වලින් හඳුන්වයි. පෘථිවි පෘෂ්ඨය![]() පොළවේ භූමි ප්‍රදේශය තැනින් තැන මහත් වෙනස්කම්වලින් යුතුවේ. පොළව මතුපිට 70.8% ජලයෙන් යටවී ඇති අතර වඩාත් මහද්වීපික ගල්පර පිහිටා ඇත්තේ මුහුදු මට්ටමට පහලින්ය. ලෝපුරා ජලයෙන් යටවූ ප්‍රදේශවල සාගරය මැද විහිදුන කඳුවැටි පන්ති, මුහුද යට ඇති ගිනිකඳු, සාගර අඟල්, මුහුදු යට කඳු අතර ඇති විශාල වළවල්, තැනිතලා සහ ආගාධ ඇතුළු අංගයන්ගෙන් යුක්තය. ජලයෙන් යට නොවී ඇති ඉතිරි 29.2% වූ ප්‍රදේශය කඳු, කාන්තාර, තැනිතලා සහ වෙනත් දැයින් යුක්තය.
![]() ගින්නෙන් සෑදුනු පර්‍වත, කළුගල් සහ ඇන්ඩිසයිට් වැනි ඝනතාවයෙන් අඩු ද්‍රව්‍ය මහද්වීපික තැටිවල අඩංගු වේ. සුලබත්‍වයෙන් අඩු 'බසාල්ට්' ඝන ගිනිකඳු ගල් පර්‍වතයකි. මඩ එක්කාසුවී එකට තද වීමෙන් 'සෙඩිමෙන්ටිරි' පර්‍වත සෑදී ඇත. මහද්වීපික පිටිතල වලින් 75% ම සෙඩිමෙන්ටිරි පර්‍වත වලින් ආවරණය වී ඇති නමුදු ඒවා භූ පටලයෙන් 5% පමණ සෑදේ. පොළවෙහි හමු වී ඇති තුන්වැනි පර්‍වත ද්‍රව්‍ය මෙටාමෝෆික් පර්‍වතය. අධික පීඩනය හා අධික උෂ්ණය යන දෙකම හේතුකරගෙන සැකසුණු ගල් වර්‍ගයකින් මෙම පර්වත නිර්මාණය වී ඇත. පෘථිවියේ මතුපිට වඩා බහුල ඇති සිලිකොට් ඛනිජ වල තිරිමාණ, පෙල්ස්පාර්,ඇම්fපිබෝල්, මයිකා(තලාතු මිනිරන්), පයිරෝසින් සහ ඔලිවීන්(මැග්නීසියම් හා යකඩ අඩංගු ඛනිජ විශේෂයක්)ය. පොදු කාබනේට් ඛනිජ ඇතුලත් වන්නේ කැලසයිට් (හුණු ගල්වල තිබේ) ඇගෙනයිට් සහ ඩොලමයිට්වලය.
![]() පෘථිවි පිටිතලයේ ගොඩබිම් නැග්ම මළ මුහුදේ මීටර් 418 සිට මවුන්ට් එවරස්ට් මුදුන තෙක් වර්ෂ 2005 දී ඇස්තමේන්තු ගත උපරිම උස මිටර් 8848 කි. මුහුදු මට්ටමින් උස අඩුම උස වනුයේ මීටර් 686 කි. පෘථිවියේ අභ්යන්තරයමහ පොළොව මතුපිට සිට මැදට කිලෝමීටර් හය දහසකට වැඩි දුරක් දක්වා තියෙන්නේ පාෂාණ. ඒ කියන්නේ දළවශයෙන්, ඉන්දියාවේ නව දිල්ලි නුවර ඉඳන් පැරීසියට තියෙන දුරට සමාන දුරක්. ඇතුළටම වෙන්න පෘථිවියේ අභ්‍යන්තර හරයේදී මේ ලෝහ බහුල පාෂාණ ඉහළින් එන ඉතා අධික පීඩනය හෙවත් තෙරපුම හේතුවෙන් ඝන යකඩ ලෙස කැටි ගැසී තිබෙනවා දැක ගන්න පුළුවන්. අභ්‍යන්තරයට යා ගන්න හැකියාවක් තියෙනවා නම් දිගින් මීටර සිය ගණනක් වෙන තනි තනි යකඩ ස්ඵටික එහි දැක ගන්නත් හැකිවේවි. අභ්‍යන්තර හරයේ සිට පිටතට එද්දී පීඩනය අඩු බව දැනුණත්, උෂ්ණත්වය නම් තවමත් සූර්යයාගේ මතුපිට උෂ්ණත්වයට වඩා වැඩියි. ඝන යකඩ දැන් ද්‍රව (දියර) යකඩ ලෙස ගලායමින් පවතිනවා. පෘථිවියේ බාහිර හරය ලෙස හඳුන්වන මෙම කැළැඹුණු යකඩ සාගරයේ භ්රමණය නිසා තමයි පෘථිවියේ චුම්භක කේෂ්ත්රය උත්පාදනයවෙන්නේත්, ඒ වගේම පෘථවියේ මතුපිට කොටස්වල චලනය සිදුවෙන්නේත්. කහ මදය අර්ධ වශයෙන් ඝනවූ තම්බාපු බිත්තරයක් සිතට නගාගන්න. කලින් සඳහන් කළ ද්‍රවමය බාහිර හරය ඒ දියාරු කහ මද කොටස වාගෙයි. ඒ චිත්ත රූපය සිත තබාගෙන සලකා බලද්දී, තම්බාපු බිත්තරයේ සුදු පැහැ කොටසින් සංකේතවත් වෙන්නේ බාහිර හරය වට කොටගත් මහත දෙහෙත, සැහැල්ලූ පාෂාණමය කොටසයි. මෙ තමයි පෘථිවියේ ප්රාවරණය. ගැඹුරින් පිහිටි මෙහි උෂ්ණත්වය ප‍්‍රවාරණ පාෂාණය පහසුවෙන් උණුවීමට තරම් ප්රමාණවත්. එහෙත් අධිකතර පීඩනය නිසා එය ඝනව, අඩුතරමින් උණුසුම් ක්ලේ හෙවත් ඇඹුම් මැටි (ප්ලැස්ටිසන්) තරමේ ඝන මට්ටමකින් තබා ගන්නට සමත්වෙනවා. ප්රාවරණයට පිටතින් ඇත්තේ සංසන්දනාත්මකව තුනී ස්තරයක් වන පෘථිවියේ කබොලයි. මේ කට්ට හෙවත් කබොලෙහි ඝනකම කිලෝමීටර කිහිපයක් පමණයි. එහි ඝනකම අඩුම සාගර පත්ලේදී. වැඩිම කඳුවලදීයි. මහද්වීප පිහිටි ප්රදේශ මහද්වීප කබොල ලෙසත් සාගර පිහිටි ප්රදේශ සාගරික කබොල ලෙසත් හඳුන්වනවා. තම්බාපු බිත්තර උදාහරණය නැවත ගත්තොත් මෙය සමාන වෙන්නේ බිත්තර කටුවටයි. කෙසේ හෝ මේ කබොල්ලේදී තමයි අවසානයේ පෘථිවියේ උෂ්ණත්වය සෙන්ටිගේරඞ් අංශක සියයටත් (100°C>)වඩා අඩු මට්ටමකට පහත වැටෙන්නේ. පෘථිවිය අභ්‍යන්තරයෙන් එන අධිකතර උෂ්ණ ප‍්‍රවාහය සිසිල් කබොලෙහි ගැටී සීතලවී අපසු අභ්‍යන්තරයට ගමන් කරනවා. සංවහනය ලෙස හඳුන්වන මෙම ක‍්‍රියාවලිය නිරතුරුව සිදුවීම නිසා කබොල කැබැලි වෙනවෙලයි තියෙන්නේ. මේවාට කියන්නේ භූ තැටි කියලයි. මහද්වීපික තැටි හා සාගරික තැටි යනුවෙන් භූ තැටි දෙකොට්ඨාශයක් දැක්වෙනවා. මේ භූ තැටි කැඩී පළුදුවන තැන්වලින් පෘථිවි අභ්‍යන්තරයේ පීඩනය මුදා හැරෙන නිසා, කබොල එක්කම පහතින් තිබෙන ප‍්‍රවාරණයේ ක්ලේ ස්වරූපයේ ද්‍රව්‍ය (බිත්තර සුදුමදය) ක්ෂණිකව උණුවී කබොල පළුදුවූ තැනින් නිකුත්වී උඩට ඇදෙනවා. එය පොළොව මතුපිටින් පුපුරා විදාරණයවෙන්නේ (පිටවන්නේ) යමහල් (ගිනි කඳු) ලාවා (ලෝ දිය) හැටියටයි. ගිනි කඳු වඩාත් පහසුවෙන් පැළී පුපුරන්නේ සාගර පතුලෙන්. පෘථිවි කබොලේ වඩාත්ම තුනීයට ඇත්තේ සාගර පතුල වීම ඊට හේතුවයි. මේ පළුදු සිසිල් වීමෙන් අලූත් කබොල බිහිවෙනවා. බරෙන් වැඩි මහද්වීපික තැටියක් හා සාගරික තැටියක් එකට ගැටුණු විට, සාගරික තැටියට උඩින් මහද්වීපික තැටිය ගමන් කිරීම නිසා තැටි දෙක අතර දාරය ගිලා බසිනවා.එසේ ගිලා බසින තැන් වල ආගාධ හටගන්නවා. භූකාරක තැටි![]() භූකාරක තැටි වාදයට අනුව පෘථිවියේ පිටතම කොටස තැනී ඇත්තේ ස්ථර දෙකකිනි. ශිලාගෝලය තැනී ඇත්තේ කබොල්ලෙන් සහ ඝනීභවනය වු ප්රාවරණයෙහි ඉහළ කොටසෙනි. ශීලාගෝලයට පහළින් ඇති අධෝගෝලය සෑදී ඇත්තේ ඉහළ ප්රාවරණයේ ඇතුල් කොටසිනි. අධෝගෝලය සුපිරි තාපන ද්‍රව්‍යයක් මෙන් අර්ධ ද්‍රවීය ප්ලාස්ටික් වැනි තත්වයක පවතී. ශීලාගෝලය අධෝ ගෝලය මත පාවෙමින් පවතින අතර එය භූකාරක තල වශයෙන් කොටස් වලට බෙදේ. මෙම තල දැඩි වන අතර එකිනෙකට සාපේක්ෂව විවිධ කාල සීමාවන්වලදී තුන් ආකාරයකින් චලනය වේ. ඒවා නම් අභීසාරී, අපසාරී හා පරිණාමන වේ. අවසානයට සඳහන් කළ ආකාරයට තල එකිනෙක හා චලනය වීමෙන් තිරස් විභේදන දෝෂය නැමැති තත්වය ඇතිවේ. භුමිකම්පා, ගිනිකඳු ක්‍රියාකාරිත්වය, කඳු සෑදීම හා සාගර අඟල් ඇතිවීම මෙම තල සීමා ඔස්සේ සිදු විය හැක. ප්‍රධාන තල වන්නේ,
පෘථිවි වායුගෝලය![]()
![]() පීඩනය හා ඝනත්වයමුහුදු මට්ටමේ සාමාන්‍ය වායුගෝලීය පීඩනය කිලෝ පැස්කල් 101.3 (14.7px ) වේ. මුළු වායුගෝලීය ස්කන්ධය කි.ග්‍රෑ. 5.136 x 108 පමණි. පීඩනය මනිනු ලබන ස්ථානයට ඉහළින් වාතයේ මුළු බර වායු භාර ප්‍රමාණයේ සෘජු ප්‍රතිඵලයකි. මෙයින් අදහස් කෙරෙන්නේ වායු පීඩනය, පිහිටීම හා වේලාව අනුව වෙනස් වන බවයි. මක්නිසාද යත් පොළොවට ඉහලින් ඇති වාතයේ බර ප්‍රමාණය, පිහිටීම හා රත්වීම සමඟ වෙනස්වේ. උස සමඟ වායුගෝලීය පීඩනයද අඩු වේ. එනම් 5.6 km (අඩි 18000) දී, 50% පමණ වායු ප්‍රමාණය අඩුම කි.මී. 5.6 ඇතුළතය.පොළොව මට්ටමෙන් ඉහළට යන,සෑම කි.මී. 5.6 ක දී ම වායුගෝලීය පීඩනය ආසන්න වශයෙන් හරි අඩකින් අඩුවේ.කෙසේ වෙතත් වායුගෝලීය තීරුවේ උෂ්ණත්වය දිගටම වෙනස් වීම නිසාත්, විශාල උස් ප්‍රමාණයක දී ගුරුත්වාකර්ෂණය අඩු වීමට පටන් ගැනීමත්, තනි සමිකරණයක් වායු පීඩනයේ සියලු තැන් නොසෑදෙන නිසාත් ය .(ඉහත දී ඇති සමීකරණයේ අඩු වී යන තට්ටු 7 ක් සෑදේ) එක්ස්සොස්ෆියර් හිදී වූවද වායුගෝලය දැනටත් පවතී. (දැකිය හැකි පරිදි උදා : වශයෙන් සැටලයිට්වල වායුව ඇඳ ගැනීමේ ප්‍රතිඵලයක් වශයෙන් දැකිය හැකිය)
· විශාල වායුගෝලයේ 90% කි.මි. 16 උසට වඩා පහත් ය. වානිජමය අහස් යානාවලට පොදු උස. කි.මි . 10 ක් පමණ වේ. · විශාලත්වයෙන් 99.9999% වන උස කි.මි. 100 අඩුය. එම නිසා වායුගෝලයේ වැඩි හරියක්ම 99.9997% කි.මි. 100 අඩුය. ඝනත්වය මෙයට වඩා වැඩි ප්‍රදේශයක් වුවද අරුණාලෝකය හා වායුගෝලීය ශක්තිය තිබේ.
පෘථිවියේ විකිරණ සමතුලිතතාවපෘථිවියේ විකිරණ සමතුලිතතාව යනු පොළවට ළගා වන හා පොළවෙන් බැහැර වන තාප කිරණ වල සමතුලිතභාවයයි.
Qs = G - R = D + H - R හෝ ප්‍රභානුපාතය (Albedo) = G (1-a)
පෘථිවි තලයත් වායුගෝලයත් තාප කිරණ මුදා හරි. මේ නිසා සුර්ය කිරණ සමග උපපරිපතනය (Overlap) සිදු වේ. මේවා දිගු තරංග වේ (q1) Q1 = AE = AO - AG
ඉහත දැක්වෙන සමිකරණ දෙක යොදා මුළු ශක්තීන් ප්‍රමාණය මැනිය හැකිය. Qt = Qs - Q1 = G - R- AE
පිටත සාධක වන්නේ හිරු කිරණයි. හිරුගේ සාමාන්‍ය විකිරණ නිෂ්පාදනය සඳහා 25% වැය වී ඇති බව සොයාගෙන ඇත. අභ්‍යන්තර හා පිටත සාධක තුළ සහ සම්බන්ධතාවයක් තිබේ. හිරු කිරණ වැඩි වු විට සාමාන්‍ය උෂ්ණත්වය ඉහළ ගොස් ජලය දරා ගැනීමේ හැකියාව වැඩි වේ. මේ මඟින් වලාකුළු ඇති වේ. මේ නිසා ප්‍රභානුපාතය වැඩිවේ.මෙය සංකීර්ණ වන්නේ ඉහත ශාඛා නිසාය.මේ නිසා මේ සංකල්පය ඉතා වැදගත් වේ. |
Portal di Ensiklopedia Dunia