ඩෙයිමෝස්
ඩෙයිමෝස් හෝ ඩීමෝස් (ඉංග්‍රීසි: Deimos), අඟහරු ග්‍රහයා ගේ උප ග්‍රහයෙකි. සුවිශේෂ ලක්ෂණඅඟහරු ග්‍රහයාගේ අනෙක් චන්ද්‍රයා වන ෆෝබෝස් මෙන්ම ඩෙයිමෝස් සතුවද C හෝ D ආකාර ග්‍රහක වල දක්නට ලැබෙන වර්ණාවලි, ඇල්බීඩෝ සහ ඝනත්ව ඇත. ඩෙයිමෝස්ගේ ප්‍රමාණයේ වෙනත් බොහෝ වස්තු මෙන්ම ඩෙයිමෝස් ද ගෝලාකාර නොවන අතර එහි පරිමාණයන් වන්නේ 15 x 12 x 10 km අඟහරුගේ සමක තලයේ දී වෘත්තයකාර කක්ෂයට ආසන්න කක්ෂයක් එය සතුව පවතී. ඩෙයිමෝස් යනු බ්‍රහස්පති ග්‍රහයාගෙන් කක්ෂයට විසිවුනු ග්‍රහකයක් වන්නට ඇති බවත් අඟහරු ග්‍රහයා විසින් එය ග්‍රහණය කර ගන්නට ඇති බවටත් මතයක් පවතී. ඩෙයිමෝස්ගේ පෘෂ්ඨයේ සිට බලන කල අඟහරු ග්‍රහයා පෘථිවියේ සිට චන්ද්‍රයාගේ දිස්වන දීප්තිය මෙන් හාරසිය ගුණයක් දීප්තිමත් වන අතර දහස් ගුණයක් විශාලව පෙනේ. අඟහරුගේ සිට බලන කල ඩෙයිමෝස්ට 2.5 කට අඩු කෝණාකාර විෂ්කම්භයක් ඇති අතර එබැවින් එය තරුවක් ලෙස බොහෝ දුරට පියවි ඇසට දිස්වේ.ඩෙයිමෝස්ගේ දීප්තිමත්ම අවස්ථාවේ දී එය පෘථිවියේ සිට සිකුරු තරුව දිස්වන තරම් දීප්තියක් දිස්වුනු ඇත. දින 1.2648 ක් ගත වන ඩෙයිමෝස්ගේ අවධි කුඩා දුරදක්නයක් මගින් අගහරු නිරීක්ෂණය කරන්නෙකු ට දැකගත හැකිය. ඉතා වේගයෙන් කක්ෂගත වන ෆෝබෝස් බටහිරෙන් නැග නැගෙනහිරෙන් බැස ගියත්. ඩෙයිමෝස් නැගෙනහිරෙන් නැග බටහිරෙන් බැසයයි. ඩෙයිමෝස්ගේ කක්ෂය අඟහරු ග්‍රහයාට සාපේක්ෂව ඉතා ආසන්න බැවින් සහ අඟහරුගේ සමකයට කුඩා ආනතියකින් පිහිටන බැවින් එය අඟහරැගේ 82.70 කට වැඩි අක්ෂාංශ වලදී දැක ගත නොහැකිය. මූලාශ්‍ර
|
Portal di Ensiklopedia Dunia